Posts

Showing posts from August 23, 2011

"සිහින"-- මොනවද මේ "DREAMS"

Image
මම ලගකදි දැක්ක පුදුමාකාර හීනයක් ගැන විස්තරයක බාගයක් අහගෙන හිටපු මගේ බාල සහෝදරය කියනව.. "ඕක උබෙ හිතේ තිබ්බ එකක්. ටිකක් වෙනස් විදියට උබට ඔය පෙන්නන්නෙ..." ඒ කියන්නෙ ඔහු කියන විදියට හීනයක් කියන්නෙ " යටි හිත තුල තැම්පත් වන්නාවූ සිතුවිල්ලක ප්‍රතිනිර්මානයක්"  ඒත් අපි සමහර හීනවලට කොච්චර ආදරය කලත්, ඒ හිනයම නොවුනත් අඩුමගානේ ඒ ආකාරයේ හීනයක්වත් ආයෙමත් දැකගන්නේ කොහොමද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.චිත්‍රපටියක් බලන්න වගේ අපිට ඕන හීන පුන පුනා බලන්න පුලුවන්නම් ඒක කොච්චර එකක්ද නේද? සමහර හීන කොයි තරමටම ප්‍රායෝගිකයිද කියනවා නම්. ඒ හීනය දකින අවස්තාවෙදී අපි නින්දේ පසුවන බවක් වත් අපට දැනෙන්නේ නෑ..ඒ හීනය තුල තියෙන්නාවූ හැගීම්. වේදනාවන්, ඒ වගේම චේතනාවන් අපේ යටිහිතේ තැන්පත් වෙන්නේ සාමාන්ය ආකාරයටමයි. තැන්පත් වුනාට අනතුරුව මතකයන් කියන ඒවා එකිනෙක වෙන්කරගන්න අපේ මනසට හුගක් අපහසුයි..සමහර හීනයන්හිදී අපිට, ඉන්පෙර දැකපු හීනයක හීවත්වුන අතාත්වික චරිතයන් ආයෙමත් දැකගන්න පුලුවන් වෙන්නේ ඒ හේතුව නිසා. සිහිනය කිසිදු භෞතික ස්වභාවක් නොමැති වුනත්, ඒ හීනයකදි උපදින්නවූ හැගීම් නම් තාත්විකයි.ඒ හින්දම හීන