-----තරුනයෙක් අසයි-----

-----තරුනයෙක් අසයි-----
මා දන්නා දේශපාලනයක් නොමැත. මධ්‍යම මැද පන්තියේ මට එයින් ඇති වැදගැම්මකුත් නැත. නමුත් ව්‍යවස්තාව යනු කුමක් දැයි මටද හැගීමක් ඇත. හිට්ලරයන් ගඩාෆීන් ගැන මමද අසා ඇත්තෙමි. නමුත් උන් කිමැක් කලදැයි මා දුටුවේ නැත. උන් කුමක් කලත් මට කිසි කමකුත් නැත.නමුත් දේශපාලන පලිගැනීම් නම් මම හොදින් දැක ඇත්තෙමි. මීට වසර පහ හයකට පෙරතක් ධනපති පන්තියට වෛර කලේ පීඩිත පන්තිය පමනි. නමුත් අද මමද ඒ පන්තියට වෛර කරන්නට හුරු වී සිටින්නෙක්මි. මා දුගී වී ඇත්තේද නැතිනම් මා දුගී කර ඇත්තේද? එයද මා නොදනිමි. දේශය බේරාගත් රනවිරුවන් වෙනුවෙන් ලියූ ලිපි , කාව්‍යන් මගේ බ්ලොගයේද පලවුනි. නමුත් හදවතින් කියන්නේනම් අද උන් සිටින්නේ වෙඩි නොවදිනා ගානට ය. උන් උඩින් ඩ්ෆෙඩර් වල ඉගිලයද්දී අපි බඩගාන්නෙමු. ඉදිරියෙන් ඩිෆෙන්ඩර කිහිපයකි පසුපසින් තවත් කිහිපයකි. මැදින් තවත් තඩි කාර් දෙක තුනක් ඇත. වීදුරු කලුකර තිබේ. ඇතුලේ කවුරුදැයි මට කිසි අදහසක් නොමැත. මා දන්නේ මෙපමනකි. මමද මේ රටේ නිදහස් වැසියෙක්මි. ඇතුලේ යන්නන් ද වැසියකු විය යුතු ය. නමුත් මා වේගයෙන් ගියොත් මට හිමිවන්නේ දඩ කොලයක් ය. නැත්නම් නොතීසියක් ය. මට මෙසේ වෙන්නටත් උන් එසේ යන්නටත් මා කල වැරැද්ද කුමක් ද ?. මගේ හද ගැස්ම වැඩිවෙයි . මට මගේ වරදක් තේරෙන්නෙ නැත. මා වසලයෙක්ද නොවෙමි, මා උසස් පෙලද සමත්‍ ය. සුදුවූයේ කුමක්ද?. මට වැරදුනේ කොතැනකද?. පොහොය දා බැතිසිතින් මමද පන්සල් ගියෙමි. සෙනෙග බොහෝමය. ඈතින් සෙනග පීරමින් සුදුඇදන් කිසිවෙකු බුදුගෙය දෙසට පැමිනෙයි. කවුරුදැයි මට පෙනෙන්නේ නැත. කිමද වීරයන් ඔහු වට කරන් ය. පන්සලේ කපු මහත්තයා වත්ද.. යාතිකාවක් කරගන්නට සිතන් මමද ඒ දෙසට ගියෙමි. තවත් වීරයෙක් මා පසකට තල්ලු කර උන්ට මග සෑදුවේ ය. ඒ කපුමහත්තයා නම් විය නොහැක. නමුත් උන් කිමෙක් වුනත් උන් දිවියලොකේ යනවා විය යුතුය. වීරයන් මා තල්ලු කර දැමුවේ මා කිලි නිසා විය යුතු ය. මා මත්පැන් බී නැත. ඌරුමස් හරක් මස්ද කැවේ නැත. කිසි හිරිකිත කමක් කලේද නැත . මට වැරදුනේ කොතැනකද ? එයද මට නොතේරේ..
යතුරු පැදියෙන් මා නගරයට ආවෙමි. පාරේ වීරයන් දෙදෙනෙක් මට නතරවෙන්නට ඉගි කලේය. මම නතර කලෙමි. මට බැස එන්නට ඉගි කලේ ය. මම ලගට ගියෙමි. අර කොල බලයි මේ කොල බලයි. රටේ නීතිය ය. යටත් විය යුතු ය. යන්නෙ කොහෙද අසයි. උත්තරද දුන්නෙමි. ඉදිරියෙන් තඩි ජීප් රියක් එයි. නොම්මරේ රතු ය. ඉදිරිපස වීදුරුවේ යමෙකුගේ ලොකු පින්තූරයක් ඇත. වීරයන් අත වනනි. නලාවක් නාද කර උන් යයි. මා නතර කරන්නටත්. උන්ට යන්නටත් මා කල වරද කුමක්ද? මා හොරකම් නොකලෙමි. කුඩු කන්සා නොවික්කෙමි. කිසිවෙක් සමග ගහමරා ගෙනද නැත. මා සැක කරුවෙකු වුනේ කෙලෙසද . එය මට තේරෙන්නෙ නැත. ඔව් මම ඉරිසියා කරන්නෙමි. උන් ලද දෙයට මා නොලද්දට කුහක වෙන්නෙමි. ලොක්කන් පදින ලැඹෝගිනි දැක පදින යතුරු පැදියට වෛර කරන්නෙමි. මටම වෛර කරන්නෙමි. නමුත් කිමදයි තේරුමක් නොමැත. පාසල් කාලයේ ඇදුරන් කීවේ, නෑයන් කීවී, ගමේ උන් කීවේ ඉගෙන ගැනීමෙන් ලොක්කන් විය හැකි බවකි. මා දන්නා උගත්තන් බොහෝය. නමුත් උගත් ලොක්කන් ඇත්තේ අතලොස්සකි. උන්ට වැරදුනේ කොතැනද? එය මට නොතේරෙයි. වරද කාගෙද..? වරද කොතැනකද?? වරද නිවැරදි කරන්නේ නම් ඒ කෙලෙසකද???
-----තරුනයෙක් අසයි-----

Comments

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02