ආව එවුන්

Thursday, March 10, 2016

සමුගනිමි. මීට රෝමියෝ

"ජීවිතේ දිනුම් කනුව අඩි දෙකක් ඉස්සරහින් තියෙද්දි... මම ආපසු හැරුන, කකුල් දෙකේ කොච්චර හයියක් තිබ්බත්, හිත හයියක් දුන්නෙ නෑ, බ්‍රේක් එක ගහන්න ඇක්ස්ලේටරෙන් අඩිය ඉස්සුනෙ නෑ, හෑන්ඩ් බ්‍රේක් එක බර වැඩියි වගේ දැනුනා, ඒක උස්සගන්න බැරි වුනා, ඉස්සරහින් ආපු කන්ටේනරේ ලයිට් ගහ ගහ හෝන් ගහද්දි, මම අන්ද වුනා, මම බීරි වුනා. ඉස්සර මගේ හිත වගේ කාර් එකේ කෑලි කීයක්ද මන්දා , හතර කොනේ විසික් වෙලා තිබ්බා, හතර වටේ මිනිස්සු අතින් කට වහගෙන සුස්ම් හෙලනව මම දැක්කා. කාකි කෝට් කාරයෝ වගයක් කහ පටි අදිනවා දැක්කා, ට්‍රොලියක් ශේප් එකේ මාවත් අරන් මාරු වුනා. මට මහන්සියි මචන්. මම ඇස් දෙක පියාගත්තා. කිලෝ අසූවක ශරීරෙ බර මට නොදැනී යන්න පටන් ගත්තා. මට පුදුම ඉස්පාසුවක් දැනුනා"

" අවුල් වෙච්ච කොන්ඩෙ, නොමැදපු සුදු ටී ශර්ට් එක, මේකප් නොදාපු පොඩි පොඩි දුබුරු ස්පොට් වැටුන සුදු මූන, කවදාවක් නැති තරමට මලානික වෙලා තිබුනා. කලු කෝට් එක අස්සෙන් ඔලුව  දාලා සුදු ශර්ට් එකට උඩින් අමාරුවෙන් කලු ටයි එක උබ දිහා බලන් හිනාවෙන්න හෙන ගේමක් දුන්නා. අපෙ අම්මගෙ උරේට ඔලුව තියාගෙන අඩන කදුලු පුරෝගෙන කදුලු පුරව ගත්ත වැහුනු ඇස් දෙකට ඒක පෙනුනෙ නෑ. කාලෙකින් යාලුවෙක් ආවෙ නැති ගෙදර සෙනග පිරිලා. කැරම් බෝඩ් වටේ ගමේ කොල්ලො ඉත්තන් අස්සෙ රාත්‍රියේ බින්දුව බින්දුව හන්ගන්න හදනවා. ලොකු ලොකු කාර් ජීප් වලින් ලොකු ලොක්කො විනාඩියක් මගෙ ලග නිසොලමනේ බලන් ඉදලා ආපහු ගියා. ලොකු නංගියි චූටි නංගියි ඉන්න කට්ටියට බිම අල්ලනවා. චූටි මල්ලි සෙල්ලන් කරන්න ලොක්කයියා හොයනවා. පර්චස් තිහ පුරාම ටෙන්ට් ගහලා. පිලිකන්නෙ ටෙන්ට් එකක දුම් කාගෙන නිසාර් උයනවා. තිලකුයි පුතයි චූටියයි චමින්දයයි කදයක් ගහගෙන ලූනු සුද්ද කිරනවා. " ඉස්සර නම් මම හැමදාම බේබි මහත්තයට කජු ටිකක් තියනවා" මං දුම් පොදක් අරන් ඇවිත් උගේ කදුලු අහක් කරලා දැම්මා. කවුද එක්කෙනෙක් මාලු ටැංකියෙ මාලුන්ට කන්න පොඩ්ඩක් දැම්ම"

"දුවේ හුගක් රෑ උනා ගිහින් එන්න"
"යන්න හිතක් නෑ ආන්ටි"
"ගිය එකා ගියා දුව. දූ දැන් ගෙදර ගිහිලා හෙට එන්න"

අම්ම එයාගෙ ඔලුව අතගානවා. එයා අමාරුවෙන් ප්ලාස්ටික් පුටු ඇන්දට වාරු දීලා නැගිට්ටා. හෙමින් හෙමින් අඩිය තිය තිය මං හාන්සි වෙලා හිටි තැනට ආවා. ඇස් දෙකේ කදුලු පුරවගෙන මගෙ අලු පාට වෙච්ච මූන දිහා බලන් හිටියා. දකුනත දික් කරල මගේ කකුලක් ඇල්ලුවා.
"අනේ මට සමාවෙන්න රෝමියෝ"
එක පාරක් ආයෙ මගේ කනට කරලා මිමිනුවා නම් පත්තිනි අම්මා පල්ලා මම ආයෙ නැගිටලා ඔය කදුලු පිහිදානවා. ඒත් නැගිට්ටත් කවුරු වෙනුවෙන්ද. ආයෙ කානු පල්ලෙ කානු ගප්පි අල්ලන්නද. වත්තෙ වතුර බැස්සම මඩේ බැහලා මාලු පැටව් අල්ලන්නද. මහපාරෙ පුස් බයිසිකලෙන් බැහැලා අතපය ලෙලි යවා ගන්නද. ආයෙ කිසි මැණිකෙ කෙනෙක්ගෙ ෆොටෝ එකකට වහන් වෙලා ආදරේ කරන්නද. ආයෙ ලෝකෙට වෙස් මූනු බැදන් බෝරින් ජීවිතේ හිනාවෙවී ගෙවන්න්ද. ආයෙ හැමදාම හවසට ගල් භාගයක් ගහලා බෝඩිමේ නිදාගන්නද. ආයෙ උදේට නැගිටලා දූවිලි කාගෙන වැඩට යන්නද?. දැන් පරක්කු වැඩී මචන්. මගේ මුලු ජීවිතේම මට තිත්ත වෙලා තිබුනා. දුක හිර කරන් අඩන අම්මගෙ කකුල් දෙක අල්ලලා වැදල,
"අම්මෙ මම එහෙනම් යන්නම් කියන්න තිබ්බනම්"
කාපට් කරපු පාරවල් දිගේ ආයෙ පාරක් මෝටර් සයිකල් පදින්න තිබ්බනම්.
"කොටු තාප්පෙ මුල්ලකට වෙලා සික්කො එනවද බල බල එක සිගරට් එකක් බොන්න තිබ්බනම්"
"කට්ට සම්බල් පැකට් එකක් එක්ක රා බෝතලයක් බොන්න තිබ්බානම්"

අතීතය ටික ටික මතකයට එන්න පටන් ගත්තා. වැරදුනු තැන් කොච්චර තිබ්බත් හිනාවෙච්ච තැන් වලට ආයෙ යන්න හිත් දුන්නා. හාමුදුරුවො තුන්නමක් වැඩලා සුදු රෙදි දාපු ස්තෝප්පුවෙ සැටියක් උඩ හිදගෙන හිටියා. පදුරු උඩ නෑදෑයෝ මැටි ජෝග්ගුවකට අත තියල කෝප්පෙකට වතුරවක් කලා. ඒ වතුර ටිකෙන් ටික යටතිබ්බ පිගාන පිරෙව්වා. ටිකෙක් ටික නොතෙත් නෙත් තෙත් වෙන්න පටන් ගත්තා. කලු පාට දිග වැගන් එකක් රිවස් එකේ ඇතුලට දැම්මා...

"පඩත්තල උනාට හිතෙන් හොද එකා"
කවුද කිව්වා.
"ඕකා ඉස්සර මාර චන්ඩියා. ඒත් පස්සෙ ටික ටිකවෙනස් වුනා"
තව එකෙක් කිව්වා.

........................................................

"පින් වතුනි. පැයක් වගේ කාලයක් තුල, අප මහා සම්බුදු රජාණන් වහන්සේගෙ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න අමාරුයි. ඒක නිසා මත්වතුරේ ආදීනව අද දේශනා කරපු දේ ඔය පිරිමි ඇත්තො හැමදෙනාම ඔලුවෙ තියාගන්න ඕන. ජීවිතේ අනිත්‍යබව  සත්තයි. එත් රත්තරන් වලට වඩා වටින මේ මනුස්ස ජීවිතේ නිරපරාදේ නාස්ති කරගන්න ඕනද.? ...................."

"කෑම උයලා තියෙන්නෙ අයියේ. කාලම ගියානම්.."

නිමි..

No comments:

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක