Posts

Showing posts from October, 2010

අයියේ අපිට උඹ ගැන පපුවෙ කැක්කුමක් ඇත..

    යුද්ධය කලේ රණවිරුවාය.නමුත් මාධ්‍ය කියන ආකාරයට වැඩිපුරම ජීවිත පරදුවට තබා ඇත්තේ රූවාහිණියේ ඇත්තෝය.උන් උතුරට ගියවග අපද දන්නෙමු.යථාර්තය නම් උන් රණවිරුවා මාකට් කලේය.උණු උණුවේ විකිනුන රණවිරුවා නවතම ආකාරයෙන් වෙළදපොලට එන්නේ පට්ටගසනලද පිටකවරයකිනි.එය හෙලාදැකීම මා වැනි කණිෂ්ථ මාධ්‍යවේදියකුගේ වගකීමය.මෙය නන්නත්තාර දේශපාලන ලිපියක් නොවනවගනම් කිවයුතුමය.රණවිරුවා සැමදා දේවමානය.ඹහු දුටුතැන ගෞරවකරමු.නැතිතැන අගයකරමු.අප කලගුණ සලකන ජාතියක්යැයි බැනර් ගසන්නෙමු.ගීතගයන්නෙමු.නමුදු අතීතය කෙසේවෙතත් වර්තමානයේ නම් එය මුසාවක්ය.විහිලුවක්ය.විහිලුව යථාර්ථයක් වීමට යාමට   නිමිත්තක් ඊයේ පෙරේදා කණවැකූනි.                             එදා මෙදාතුර බුද්ධිමත් අපට ගොන් ආතල් දෙන රූපවාහිණිය අද නටන්නට තනනුයේ මෙලෝ රහක් නැති,නාඩගමකි.මොණරා රඟනයක යෙදෙන උන්ගැන කතාකර ඒ තැනට සමවීමට මම නොයන්නෙමි.මීට වසර කීපයක සිට ස්ටාර්ලා ලංකාවේ බිහිවුනි.නමුත් ඔවුන්ගෙන් බහුතරය අද හදිස්සියකට හොයාගන්නද නැත.කිරුලු පැලදි පසු අම්බානකට හම්බකරගත්තද සමහරකගේ බිරින්දෑද පිටයන්නට වීය.රූපවාහිණිය වරක් දෙවරක් තරු පෙන්නුවද අද උන්ගේ නම් දන්නේ ඔවුනොවුන්ග