.. අසිහියෙන් ලියමි ..
<3 <3 <3 ..dear love.. <3 <3 <3 නුබට කෙසේ ද? මම නම් සුවෙන් සිටිමි. ඔහාට වහිනවාද ? සමාන්යෙන් එහෙම අසන නිසාවෙන් අසමි. මා මේ ලිපිය ලියන්නට හිටියේ මීට පෙරය. නමුත් it's better to be late than never ය. ඔබේ අතක රන් මුදුවක් පලදවන තුරු නුබේ අතකින් වත් අල්ලන්නට මට උවමනා නැත.නමුත් ඒ දිනය සහ ඉන් පසු අපේ ජීවිත මා මෙලෙස සැලසුම් කලෙමි.(සැලසුම් කිරීම යනු මාගේ පුරුදු වලින් එකක් නොවන බව නුබ දන්නේ යැයි සිතමි.) අවුරුදු විසි පහක් විසිහයක් වන විට මට බදින්නට ඕනෑ ය. නුබත් ඒ අදහසට කැමති යැයි සිතන්නෙමි.. අකැමති නම් කියන්න.. තව වසර කිහිපයක් බලාහිදීමේ හැකියාව මා තුල ඇත.නමුත් ඒ දිනය මට මැවි මැවී පෙනෙයි.. මංගල ශාලාව ලස්සනට සකසා තිබිය යුතු ය.නමුත් උඩරට සාරිය නුබට ගෙනෙන හැඩ පරදන්නට නම් එයට නොහැකි වනු ඇත.. නුබ නොදන්නවා වුනත් නුබගේ සිනහවත් සමග ඇස් වලින් අහින්සකත්වය ගලා බසි.ඒ අහින්සකත්වයට මම ප්‍රේම කලෙමි.. කරන්නෙමි..අපේ අම්මාගේ සහ මල්ලිගේ මුහුනු සතුටින් පිරෙනු ඇත.. නුබ තුල ඇති ගුන ඔවුන් දන්නෝ ය..තාත්තානම් හැගීම් ප්‍රකාශකිරීමට නොදනී.. සැර පරුශ පෙනුමක් තිබුනාට ඔහු තුල ඇත්තේ ගල් සිතක...