Posts

Showing posts with the label චාරයක් නැති විචාර

ඔහු ....

ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..  ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට.. ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට... ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට... මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි.. මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි... ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි... මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි... පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති... ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක... එදා නුබ බසයට  නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක.. ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට... මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට.. ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට.. වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත.. යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම ...

ඔබ ආදරේ කරන්නේ ඇයි???

Image
ශ්‍රී ලා0කයිය බුද්දිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්?? (පුරුද්ද නේ MCQ ???   එකක් තෝරන්න,) 1 :විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට. 2 :කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න. 3 :facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න 4 :film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා 5 :classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න. 6 :ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා 7 :රති සුව විදින්න (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???) 8 :වෙනත් (උබලට උබලිලට ඕන දෙයක් කොටන්ට.) "අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක් විරල කල, විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට  ගස් ගල් පොලු මුගුරු නින්දා අපවාද ගැරහුම් චෝදනා චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්  දූරීම්භූත වේවායයි පතමි..."

sri lankan cricket සාර්තකත්වයට හේතු

Image
ලසිත් මාලිංග බලෙන් ශ්‍රී ලංකා කන්ඩායමට ඇතුල් වූවේ නැත. ඔහුගේ හැකියාව දැක පව් යයි සිතී ස්වාධීනය ඔහු ගෙනාවේය.ලසිත්ත කනට පැත්තෙන් පන්දු යවන්නට කියා දුන්නේ දේශප්‍රේමී මහින්ද අබේසුන්දරය. ඊයේ ස්වාධීනය මාලිංගගේ ඇත්ත පෙන්වූයෙන් මම ඔවුන්ට ස්තුතිය පුදකරමි. ඒ නිසා මාලිංග ස්වාධීනය කියනා තරම් කලක් ක්‍රිකට් ගැසිය යුතුය. බ්ලාස්ට්‍ර් ප්ලාස්ටර් කරන්නේද සංගා ඩොංගා කරන්නේද එහි සත්කාරයක් වශයෙනි. තේරීම් කමිටුවෙන් මාලිංග ප්‍රතික්ශේප කල දවසට ඔහු දේශපාලනයට ආ යුතුය. ගරු මහින්ද අබේසුන්දරයන්ගේ මාධ්‍ය හැකියාවත් සමග සසදන කල මාලිංග තවම ඇච්චෙකි.ඔහු තරම් ලසිත් ලෝකයේ ප්‍රුසිද්ද වීත් නොමැත. ලොවපුරා ජනයා අබේගේ තට්ටය අනුකරනය කරමින් සිටීම ශ්‍රී ලාංකික අපට මහගු භාග්‍යකි. අබේ සහ ඒලි ශ්‍රී ලාංකිකයන්ට  කල දේ ලාංකිකයන්ට අමතකව නැත.  1996 දී ආන්දෝලනාත්මකව කාසියේ වාසීන්ගේ තීරන වගකීමෙන් ගන්නට රනතුංගට ද ඉගන්නුවේ ඔවුන් දෙදෙනාය.එදා අපට කුසලානය හිමිවූයේ දක්ශ්‍යතවයට නොව දුටුගැමුනුවන් ඉපදුනූ රත වීම නිමිත්තෙන්‍ ය. ලෝක කුසලානය පුරාවටම ලෝකයට ක්‍රිකට් උගන්නන්නට යන්නට තරම් ලාංකික රනතුංග දේශද්‍රෝහීවීම ගැන අප සැම ලැජ්ජා විය යුතුය...

කාලකන්නයින් අවශ්‍ය කරතිබේ

Image
අර්ථාන්විත කාලකන්නයිනි උබලට නෙමෙයි මේ ආරාධනය. සමාවෙන්න. උබලගෙ කරේ "කාලකන්නියෙක්" "චාටෙර් එකෙක්" කියල බලෙන් බෝඩ් එල්ලාද?? ...එහෙනම් මේ උබ ගැනයි මේ...... නෑ නෑ මේක යසියාගේ බොලද කතාවක් නෙමෙයි. තරුනයෙක් මීට අවුරුදු හතරකට විතර ඉස්සර ටවුමට යනවා ශෝටයි ටී එකයි රබර් කෑලි දෙකයි දාගෙන. ඌට අහුවෙනවා ඌගේ බොක්කක්(එහෙම එකෙක් නෙමෙයි කියලා ඌ දැනගන්නේ) අරූව දැක්ක ගමන් උගෙ මූන රතු වෙනවා. අරූ වට පිට කවුරුවත් ඉන්නවද කියලා බලලා..... "චාටාර් බන්" මූත් මී හරකා වගේ "යන්නාන්" කියාගෙන එනවා. එදා ඌට ටිකක් අප්සෙට්. ඒත් අද බලහල්ලකෝ.. බලපු බලපු අත අරක තමා ෆැශොන්... මේක උදාහරනයක් විතරයි.... අනිත් උන් මේ යකාව අනුකරණය කරල නෙමෙයි..     ඌට අනාගතය පෙනිලද?? නැහැ ඌට අනාගතය දැනිලා ... අපි හදන්නේ ආසියාවේ ආශ්චර්‍යය  වෙන්ඩනේ ...ඒක නිසා...  රට ගොඩ නගන්න "කාලකන්නයින් බොහොමයක් අවශ්‍ය කර තිබේ"

අයියේ අපිට උඹ ගැන පපුවෙ කැක්කුමක් ඇත..

    යුද්ධය කලේ රණවිරුවාය.නමුත් මාධ්‍ය කියන ආකාරයට වැඩිපුරම ජීවිත පරදුවට තබා ඇත්තේ රූවාහිණියේ ඇත්තෝය.උන් උතුරට ගියවග අපද දන්නෙමු.යථාර්තය නම් උන් රණවිරුවා මාකට් කලේය.උණු උණුවේ විකිනුන රණවිරුවා නවතම ආකාරයෙන් වෙළදපොලට එන්නේ පට්ටගසනලද පිටකවරයකිනි.එය හෙලාදැකීම මා වැනි කණිෂ්ථ මාධ්‍යවේදියකුගේ වගකීමය.මෙය නන්නත්තාර දේශපාලන ලිපියක් නොවනවගනම් කිවයුතුමය.රණවිරුවා සැමදා දේවමානය.ඹහු දුටුතැන ගෞරවකරමු.නැතිතැන අගයකරමු.අප කලගුණ සලකන ජාතියක්යැයි බැනර් ගසන්නෙමු.ගීතගයන්නෙමු.නමුදු අතීතය කෙසේවෙතත් වර්තමානයේ නම් එය මුසාවක්ය.විහිලුවක්ය.විහිලුව යථාර්ථයක් වීමට යාමට   නිමිත්තක් ඊයේ පෙරේදා කණවැකූනි.                             එදා මෙදාතුර බුද්ධිමත් අපට ගොන් ආතල් දෙන රූපවාහිණිය අද නටන්නට තනනුයේ මෙලෝ රහක් නැති,නාඩගමකි.මොණරා රඟනයක යෙදෙන උන්ගැන කතාකර ඒ තැනට සමවීමට මම නොයන්නෙමි.මීට වසර කීපයක සිට ස්ටාර්ලා ලංකාවේ බිහිවුනි.නමුත් ඔවුන්ගෙන් බහුතරය අද හද...