Posts

Showing posts with the label අමුනපු අකුරු

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

විර0ගි 004

Image
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න​ " ට්‍ර්න් ට්‍රීන්" ගෙදර බෙල් එක නාදවුනි... "පොඩී... පොඩී" මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත​. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද​.. මම මටම කියා ගැතිමි.. "වෙයිට් අ සෙකඩ්" ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි.. " මොනවද මනුස්සයො කර කර හිටියේ..." මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි... "සොරි පැටී" මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය​.. එය හුගාක් අහින්සකය​... පවිත්‍රය​... "එන්න ඇතුල ට​" වාඩිවෙන්න​... දකුනතින් කවිච්චිය පෙන්වීමි... "පොඩී.. පොඩී" "කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ??" "දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල​.." මම දක් මිටි කමින් පැවසීමි.. "මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ??" "තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න " "ඔයාගෙ කකුල රිදෙනවද ?? " "ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි." "තියාගන්න එහෙනම් .. කෝ...

ඔහු ....

ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..  ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට.. ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට... ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට... මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි.. මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි... ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි... මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි... පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති... ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක... එදා නුබ බසයට  නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක.. ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට... මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට.. ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට.. වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත.. යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම ...

විරංගි 002

Image
විරංගි 001 මෙතනින් කියවන්න සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු  දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.. "රෙද්ද..."  දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය.. ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි. " හෙලෝ" දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.. " ගෙදර ගියා ද බබා" " නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ" " මෙච්චර වෙලා" " ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ" " පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. " " ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි" " හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. ...

ගිටාර්යේ කැඩුනු තත්

Image
ගිටාරයේ කැඩුනු තත් අතරින්.. සිතින් නුබට ගී .. ලියැවෙනවා... යටිහිතේ... මතකයන් ... අස්සෙන්... සොදුරු ඔය හිනහව .. සිහිවෙනවා... නැහැදිච්ච දඩබ්බර.. මද පවනේ... ඔය නිල් වරලේ.. පුසුබ විහිදෙනවා... වියලුනු සම පුලුසන.. හිරු කිරනේ... නුබෙ කුඩයේ අඩුව... තේරෙනවා... ආදරයේ... නිම් කඩුලු එපිටින්.. නුබේ ලෝකය එලිය වෙලා.. මම නැති පාලුව දැනුනෝතින්... වැදලා කියන්නෙමි එන්ට එපා...

සින්ගල් ඔබේ උදෑසන

Image
කුකුලා හඩලන්න පැය විස්සකට කලින් කන්නට දෙයක් සොයමින් ආවෙම් ගෙදරින් කුඩයක් යටින් දෙබිඩිව යන කපල් දුටින් යන්නේ කවදාද මේ ලෙස හඩමි සිතින්.. කදු දෙක මැදින් ගලනා ඇල්ලකි ඈගේ ඇසි බැමි දෙකම ඇත ඇද කැපුවා වාගේ ඉටියෙන් අබපු හොලිවුඩ් නිලියක් වාගේ කට හැර බලන් ඉන්නෙමි රූපය ඈගේ පෙනුමෙන් කියන්නම් ඈ හරි කට කාරයි ඩෙනිමක සිටියාට සාරිය හැඩය මවයි කටකින් අත්වලින් මුහුනෙන්  කතාකරයි පිස්සුද හැටිද මම ඈතක සිහින මවයි රෝස සදුන් ජෙස්මින් සුවදක් හමනා සෙන්ට් පුසුඹ ඇයගෙන් එන්නට ඕනා දිග හැරි කෙස් කලබ සුලගේ රගපානා ඈ සනසන්න රැකියා හතරක් ඕනා බස්නැවතුමේ ඈ කොල්ලෙක් එක්ක සිටී කොල්ලා මැයට වැඩියෙන් පොඩ්ඩක්ය මිටී මමයි ඇයයි මැච් වෙයි ලස්සනට හිටී සිපයියන්ට පොශ් බඩු දෛවයේ හැටී ඉවසනු හැකිය තනිකම දුක මේරීම බැහැ ඉවසන්න කුසගින්නේ දලුලෑම හොද කල ආව දවසට දෙන්නෙමි ගේම වේටර් මල්ලි මොනවද උදයට කෑම                                                 ...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ...

කාලකන්නියෙකුගේ කතාව

Image
ගලා යන්න ඉඩදෙන්න... අපිට අපේ විදියට නුබ නොදන්නවා වුනාට අපිට තියෙනවා අපේම ආගමක් ජාතියක් හීනයක්....... හදවතේ තැන්පත් වෙච්ච නුබට නොතේරෙනා දර්ශනයක් ඉදල හිටලා දවසකදී බිව්වාට අපි දුම් උගුරක් යාලුවෝ ටිකක් සෙට් වී බිව්වාට කරටි කැඩෙනකන්. කාටවත් නෑ කරදරයක් අපෙන් කවදාවත්. ඔරවන්නෙ ඇයි ස්ර් මැඩම් මේකයි අපේ යෞවනය අහින්සක ජීවිතය චෙක් ශෝට ගහලා රබර් කටු දැම්මාට.. අපි නෙමෙයි නන්නත්තාර ලෝකෙම කරදර ඔලුවට අරගෙන ජීවිතය අපායක් කරගත්ත ඔයාල ...... හූ හූ හූ                                                                                           ...

ඒයි තඩි කෙල්ලේ

Image
උසයි මහතයි ඔයා තලෙලුයි මගේ පාටමයි කොන්ඩයනම් ටිකක් අමුතුයි ඒත් ඒ සේරටම මම නම් ආසයි කතාකරද්දී නම් කනට ගහන්න වගෙයි කියන කතාවලට දුක හිතුනු වාර අනන්තයි උබේ හිතෙත් මම ඉන්නවා සත්තයි පිටට නොපෙන්නුවට ඒක මම දන්නවා අපෝ අපෝ අපෝ මටනම් අහන්න බයයි මතකෙයි? ඔයා මට කිව්වා දවසක් "ගහනව ගෙම්බාගැහුවා වගේ පොලොවේ" කමක් නෑ දෙයියනේ මම අහනවා මේ........................................ ඒයි......................................... තඩි කෙල්ලේ.......... ඔයා කැමතිද මගේ ලේලිගෙ නැන්දම්මා වෙන්න???                                                                                      ...

සෙක්සි කෙල්ලෙක්

Image
පුස් කාපු කෙස් දැක්ක ඇස් දෙකම ගැස්සිච්චි නුබෙ කින්ඩි හිනාවෙන් හදවතම නැවතිච්චි තද කරන් පා ඩෙනිම් පලනුකුල ඇබරිච්චි ගැසූ විලවුන් වලින් මගේ හිත් මත් වෙච්චි සුන්දරයි පිරිසිදුයි දකින්නට ආසයි සිබින්නට දෙනවාද නාස්පිඩු ලෝබයි සිනිදු මුදු කෙහෙරැල් එහේ මෙහේ පාවෙයි "නැගිටපන් මී හරකො දැන් හයයි කාලයි" කොයි කාට කියන්නද ඒ හීන ලෝකේ හිටි සෙක්සි කෙල්ලක් තව සිතේ කැරකේ අත්තම්ම දැක්කොතින් ඇයව මහ පාරේ "අනේ තුහ් නොදොමකින් මුන් හැදෙන තාලේ"

Image
සුසිනිදු දගකාර සුකොමල කෙස් වැටිය නටනා අපූරුව විඩාබර දෙනෙතින් යුතුව දෙනෙතු සොරකම් කරන සුරගන චාම් සාරියකින් හැඩව කනෙහි සිරකල හීන් කරාබු පාට පාට ගලින් එල්වූ මාලය ගෙලට වදයක්ද? ඇගිලි තුඩු වලින් ඉස්සී ඉස්සී ඔය බලන්නේ මම එන්නේ කොයි වෙලාවෙද කියලා. උදේ ඉදලා වැඩම හින්දා සුන්දර මුහුනත් අදුරු පැහැ වීලා "මොකද අද පරක්කු?" මව් අසන හින්දා හැකි ඉක්මනින් නිවසට ඇරලවිය යුතුයි... අක්කා  

අපි

Image
කප්පරක් ප්‍රේම කර කෙදිනවත් එක් නොවී එකිනෙකා වෙනුවෙන් සදා දිවි ගෙවන ඔයයි මමයි අනුරාදපුරයේ ගිලුනු කූට්ටම් පොකුනු දෙක වගෙයි නේද?

දේව්දාස්

Image
‎අනඞගයා: "දේව්දාස් උබ මැවූ සිහින මැදුරේ දොරකදත වෙල නිදන්නෙ ඇයි?" දේව්දාස්:   "උබ එකම ගැහැනියකට ඊතල දෙකක් විද්දා.ඇගේ විලාපය අසනු බැරිව මා මට වෙන්වූ ඊතලය ගලවා දැමුවා." අනඞගයා: "මම උබට වෙන ගෑනියක් සොයා දෙන්නම්." දේව්දාස්:    "එපා එපා. මම මෙහෙමම ඉන්නම්." (අරක්කු බොතලයක් දෙයි) අනඞගයා: "ඕන උනොථ් මේක පාවිච්චි කරපන්.." දේව්දාස්: "ස්තුතියි මහත්මයා" අනඞගයා:"හැබැයි මට උබට සුබ පතන්න බෑ."