ආව එවුන්

Tuesday, June 26, 2012

මට මේ ගිහාන් පල්ලා පොරොන්දුවක් වෙන්න

********************************************************************************
"කොච්චර වෙලා බලාගෙන හිටියද??"
"වැඩිය නෑ.. විනාඩි දහයක් විතර..මොකද පරක්කු වුනේ?"
"පොඩි වැඩක් තිබුනා.."
"ඔෆිස් එකේ වැඩක්ද?.."
"නෑ වෙන වැඩක්..ප්ලීස් අහන්න එපා"
"එපා කියනවනම් මට ඕනත් නැහැ. තියගන්න එකයි ඇත්තේ...මහලොකු රහස් ඔයා ලගම.."

ඒ විනාඩි පහක නිහැඩියාව මගේ ජීවිතේ දිගම විනාඩි පහද කොහෙද.. 

"තරහ ගියාද?"
මම නොබිදුනු නිහැඩියාව බින්දා..
"නෑ.. දුක හිතුනා.."
ඇස් පුරවලා කදුලු.. මම දිග හුස්මක් ගත්තා..
"පොඩ්ඩක් ලගට එන්න රහසක් කියන්න.."
"තියාගන්න එකයි ඇත්තේ ඔය බොරු ආදරේ.. මම ආයේ එන්නෙම නෑ හම්බ වෙන්නවත්. බොරුකාරයා.."

දෙතුන් පාරක්ම අත්වලින් පපුවට ගහලා..පරිස්සමට තුරුලු වුනා.. මගෙ පපුව නැවතුනා.. මේ පාර විතරක් නෙමෙයි.. ඒ කෙස් වල සුවද නාහෙන් ඇතුල් වෙන හැම පාරම ඔයදේ වෙනවා.. මම ඇස් දෙක පියාගත්තා..
*********************************************************************************

"ඔයා මේක ලස්සනට ලියලා තියෙනවා ගිහාන්"
"නිකන් බොරු කියන්න එපා හලෝ.. මම දන්නවා මම මාර්ටින් වික්‍රමසිංහ නෙමෙයි කියලා"
"අපේ මාරවැඩේ මට මෙයාට බොරු කියන්න."
"තෑන්ක්ස්"
මම කට පැත්තකින් හිනාවුනා..
"මම දෙයක් අහන්න කෑ ගහන්නේ නැතුව උත්තරයක් දෙනවද?"
"හ්ම්.. මොකක්ද අද ප්‍රශ්නේ...හරි උත්තරය දුන්නම මට මොනවද දෙන්නේ?"
"ඉස්සෙල්ල උත්තරේ දෙන්නකෝ"

" අර හග් එකක් දෙන සීන් එකක් ලියලා තිබුනේ . ඇත්තටම මට හග් එකක් දෙනකොට ඔයාට එහෙම වෙනවද?"

"ඇත්තම කියනව නම් ඒක හග් එකක් දෙනකොට ව්තරක් නෙමෙයි. ඔයා මගෙ හිත හොරකම් කරන ඕණම වෙලාවක සිද්ද වෙනවා"

ඉදගෙන හිටිය බෙන්ච් එකෙන් මම එහ මුල්ලට වුනා..

" ඔයා මූන බෙරි කරගන්නේ නැත්තම් දෙයක් කියන්නද?"
"මොකක්ද?"
"මට ඔයාව බදින්න ඕන නෑ "
ඇස් වල කදුලු. නාහෙන් හොටු...ගලන්න තියෙන හැම එකක්ම ගලනවා.. වැහි අහස වගේ මූනත් කලුවෙලා..
"ඇයි කියල විතරක් කියන්න"
ඒ මූනෙ පුදුමයක් නෑ.ඒත් මොකක්දෝ අහන්න බලාපොරොත්තුවක් නම් තියෙනවා..
" මම දන්නවා මේ කතාව අහගෙන ඉන්න පොඩ්ඩක් අමාරු වෙයි කියලා.. ඒත් මැද්දට පනිනේ නැතුව අහගෙන ඉන්න..

එදා FB එකේ මුලින්ම අපි chat කල වෙලාවේ මම තුන් හිතකින්වත් හිතුවේ නෑ ඔයා මගේ හිත හොරකම් කරයි කියලා. මතකද ඔයාගෙන් number එක හොයාගන්න මම කොච්චර ගේමක් දුන්නාද. මම ඔය කටහඩට ආස කලා.. ඒ හින්දයි හම්බවෙන්න ආවේ.. දන්නවද අදත් මම නුගේගොඩින් යද්දී මගේ පපුව රිදෙනවා..
  අපි දෙන්නා ගැලපෙන්නේ නෑ ගිහාන්
කොච්චර  ලේසියෙන් කිව්වද ඔයා.. මම 138 න් කොටුවට යනකන්වත් හිටියද? නෑ ..
හේතුව ඇහුවම මොකද කිව්වේ ... නෙලුම් කියපු හින්දලු..ඔයා මට වඩා හුගක් උසයිලු..
 මගුල තමයි.. එහෙනම් නෙලුම්ගේ boy friend එයාට වඩා කොච්චර උසයිද?

මම කවදාවත් පිලිගත්තේ නෑ එදා ඔයා කියපු හේතුව.. මොකද මම දැනගෙන හිටියා ඔයා ගෙ නියම හේතු.
*ඔයා මට වඩා මාස හයක් වැඩිමල් එක
*මම බොන එක

මට කැමති නැහැ කිය කිය ඇයි මගේ ජීවිතේට අයිතිකාරකමක් අරගත්තේ. ඇයි මම ගැන හෙව්වේ.. මට මතකයි එදා රිසල්ට්ස් ආව දවස.. මුලු ලෝකෙම බනිද්දී..
අය්යෝ... ගනන් ගන්න එපා ගිහාන්..  මේ පාර කොහොම හරි ඉන්ජිනියරින් යන්න බලාගෙනම එක්සෑම් කරන්න.. මම දන්නවා ඔයාට පුලුවන්.

කොහේ තිබ්බ අදහස්ද ඒවා. එද ඔයා මාත් එක්ක ඉදපු එක ගැන මම සංතෝසවුනා.

මතකද ඔයා ගත්ත පොරොන්දුව... ඒකත් දිවුරන්න කිව්වේ ඔයා ගැන.. මොකද මම මට ආදරේ නැති බව ඔයා දැනගෙන හිටියා..

මතකද රිසල්ට්ස් ආව දවස..  කවුද මුලින්ම රිසල්ට්ස් බලල මට කිව්වේ..මම රිසල්ට්ස් විස්වාස නොකලට ඔයා ඒවා විස්වාස කලා.
ඔයාට එක හිතක් නැහැ ගිහාන්

කොච්චර ලේසියෙන් කිව්වද ඔයා..

ඔයාව හම්බ වෙන්න කලින් මගේ අතීතය අතෑරලා දාමු...
 ඔයා කවදාවත් මට i love you කියලා කිව්වද??
ඔයාගේ හැගීම් ඔයාගේ හිතේ තියාගෙන හිටියට මම පලිද??
ඔයා කියන්නේ , ඔයාගෙන් නොලැබුනු ආදරේ වෙන කෙනෙක්ගෙන් හොයාගෙන ගිය එක වැරැද්ද නම්.. ගෙනාපු හුස්ම ටික ඉවර වෙනකන් තනිකඩව ඉන්න ඕන කියලද?

බොරු කියන්න එපා ගිහාන් . ඔයා කරන කියන හැම දෙයක්ම මම දන්නවා.

කියලා ඔයා කිව්වට ඔයා හින්දා මම මට ලංවෙන කෙල්ලෝ කීදෙනෙක්ගෙන් ඈත් වුනාද??
ආයෙත් කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා මම තීරණය කලා. ගෙදරින් ගැලපෙන කෙනෙක් හොයලා දෙනකන් බලාගෙන හිටියා.

ඔන්න ඔය අතරේ තමයි ඔයාට ආයෙත් නැට්ට පෑගිලා මම කියන දේවල් පිලිල්ගත්තේ. මගේ ආදරේට වටිනා කමක් දුන්නේ.. කොටින්ම කිව්වොත් හන්ගගෙන හිටිය හැගීම් එලියට දැම්මේ..

මට සමාවෙන්න ගිහාන් . මට ඔයාගේ හැටි වැරදියට තේරුම් ගත්තේ.. මම එක එක්කෙනා කියපු දේවල් අහලා එක එක විකාර ඔලුවේ මවා ගත්තා..

සන්දීපනී මට හුගක් සංතෝසයි ඔයාට ඇත්ත තේරිච්ච එක ගැන . ඒත් අවුරුදු ගානක් බල්ලෙක් වගේ ඔයා පස්සෙන් ආව එකට.. අවුරුදු ගානක් මිනී මරුවෙක්ට වගේ මට කතා කරපුවට.. මොකද වෙන්නේ කියන්න..
බොරු කියන්න ඕන නෑ.. මට ඔයාව අමතක කරන්න බෑ.. මම හුගාක් උත්සාහ කලා පහුගිය අවුරුදු 4 ඇතුලේදී මට බැරි වුනා.. ඒත් මම එක දෙයක් ඉගෙන ගත්තා.. ඒ ඔයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන..

මේ ලෝකෙ තියෙන හැම දේකටම වඩා මම ඔයාට ආදරේ.. මේ මොරටුව කැම්පස් එක ඇතුලේ මට ඔයා වෙනුවට ආදේශ කරන්න කෙනෙක් හම්බවුනේ නෑ, ඒත් සමාවෙන්න මට..

ඔයාගේ ආදරේ ලබන්න මම මෙච්චර දුක්වින්ද එක අපතේ නොයන්නයි මම ඔයාට ආයෙහ් ලංවුනේ..මට  මම හැමදාම හීන මවපු ඒ ආදරේ මාසයකට හරි විදින්න ආසාවක් තිබුනා.. මම හැමදාම ඔයාට ආදරෙයි. මම ඔයාට බොරුවක් කලේ නෑ.. ඒත් අපි මේක නවත්තමු..

ඒකට හේතු තුනක් තියෙනවා...

* ඔයා මට වඩා වැඩිමල් නිසා ඔයාගෙ ගෙදරින් මට කැමති වෙන එකක් නෑ..
*මම බේබද්දෙක් නිසා බීලා ඔයාට ගහවි.
*මට එක හිතක් නෑ. ඔයාට මට වඩා හොද කොල්ලෙක් හම්බවෙන එක අනිවාර්යයි..

මම මටත් වඩා ඔයාට ආදරෙයි... අපි අදින් මේක නවත්තමු...මට මෙ ගිහාන් පල්ලා එක පොරොන්දුවක් වෙන්න....

"ඔයා වෙනුවෙන් මම එදා වින්ද වේදනාව ඔයාටත් දැනෙන්න පටන්ගත්ත දවසට ජීවිතය නැතිකරගන්නේ නෑ කියලා"


ලිව්වේ... යසියා

Monday, June 25, 2012

සින්ගල් ඔබේ උදෑසන



කුකුලා හඩලන්න පැය විස්සකට කලින්
කන්නට දෙයක් සොයමින් ආවෙම් ගෙදරින්
කුඩයක් යටින් දෙබිඩිව යන කපල් දුටින්
යන්නේ කවදාද මේ ලෙස හඩමි සිතින්..

කදු දෙක මැදින් ගලනා ඇල්ලකි ඈගේ
ඇසි බැමි දෙකම ඇත ඇද කැපුවා වාගේ
ඉටියෙන් අබපු හොලිවුඩ් නිලියක් වාගේ
කට හැර බලන් ඉන්නෙමි රූපය ඈගේ


පෙනුමෙන් කියන්නම් ඈ හරි කට කාරයි
ඩෙනිමක සිටියාට සාරිය හැඩය මවයි
කටකින් අත්වලින් මුහුනෙන්  කතාකරයි
පිස්සුද හැටිද මම ඈතක සිහින මවයි


රෝස සදුන් ජෙස්මින් සුවදක් හමනා
සෙන්ට් පුසුඹ ඇයගෙන් එන්නට ඕනා
දිග හැරි කෙස් කලබ සුලගේ රගපානා
ඈ සනසන්න රැකියා හතරක් ඕනා

බස්නැවතුමේ ඈ කොල්ලෙක් එක්ක සිටී
කොල්ලා මැයට වැඩියෙන් පොඩ්ඩක්ය මිටී
මමයි ඇයයි මැච් වෙයි ලස්සනට හිටී
සිපයියන්ට පොශ් බඩු දෛවයේ හැටී


ඉවසනු හැකිය තනිකම දුක මේරීම
බැහැ ඉවසන්න කුසගින්නේ දලුලෑම
හොද කල ආව දවසට දෙන්නෙමි ගේම
වේටර් මල්ලි මොනවද උදයට කෑම

                                                                                        පැද ගැලපීම යසියා
                                                                          

                                                                                                       



Thursday, June 21, 2012

ඉරිසියාවටද????

ජීවිතය කියන්නේ පටු මාවතක්.. ඕකෙ ඉස්සරහට ගම් දනව් පහුකරගෙන යද්දී අපේ ඇසට හම්බ වෙන සමහර පුද්ගලයන් අපි හිතුවේවත් නැතිව පුදුමාකර විදියට අපේ හිතට ඇතුලු වෙනවා.. සමහරවෙලාවට එයාල අරගෙන එන හුගාක්ම පුංචි මත්කයන් වලින් අපි යන දිශාවම වෙනස් කරනවා..ජීවිතය එක තැන නවතින්නෙත් නෑ. හම්බවෙන හැමදෙනාම අපියන මාවත තෝරාගන්නෙත් නෑ..දෙදෙනෙක්ගෙ අවසාන නැවතුම එකම වුනත් ඒ දෙන්නා එකම මාර්ගයක් තෝරාගන්න ඕනම කියලා එකකුත් නෑ.

නමුත් ඒ අතීතය නිසා වර්තමානය විදවන්නත් බෑ.අපි ඉස්සරහට යන්න ඕන.. ඒ හිතේ ලැගුම් ගන්න අය එකම මාවතක නොගිහින් සමාන්තර මාර්ගයක ගමන් කරලා ආයෙමත් වතාවක් එකට හම්බවුනාම දැනෙන මානසික සතුට කොහොමද?? හුගාක් විසාලයි නේද??..

මතක තියාගන්න ලෝකේ කිසිම කෙල්ලෙක් (ගොඩක් අඩුවෙන්) හිතේ තියෙන දෙයක් කියාගන්න බැරුව එහෙමත් නැත්නම් කොන්ද පණ නැතුව ඉන්න එකෙක් i love you කියනකන් බලාගෙන ඉන්නේ නැතිබව..
ඈතින් ඉදන් හැංගි හැංගි කෙල්ලෙක් දිහා බලාගෙන හිටියට... කවදාවත් ඒ කෙල තමන්ගේ කරගන්න බැහැ.. අමාරුයි...

"පමාව පසුතැවිල්ලට මුලක්ලු"
"වෙලබ ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න හදන්න එපා"

මොකද ඔය වෙලබ ආයෙමත් ජීවිතේටම ආයෙත් මුන නොගැහෙන්න පුලුවන්...

මට එක ප්‍රශ්නයක් තියෙනවා..

පලවෙනි පාරටම මූන දැක්කාම හදවත එලියට පනින්නට තරම් දගලපු ..
නොසිතුව විදියකට හිතේ කොනක් වෙන්කරන් රූපය ඇදපු..
"කවදා හරි මම බදින කෙනා මේ වගේ වෙන්න ඕනා" මගෙ හිත කියාපු...
ඒ ප්‍රොෆයිල් පික්චර් එකට දකුනෙන් in a relationship කියලා එකපාරටම වැටුනාම...
පපුව වේදනා දෙනවා... ඒ ඉරිසියාවටද???

ඒ වුනාට  හිනාවෙලා congradz කියන්න හිතුනේ ඇයි??


Thursday, June 14, 2012

මතකයි මන්දා....


දයාබර පූජා:;

සොදුරු සැදෑවක අතැගිලි පටලාලා
සෙනග පිරිච්ච මංමාවත් දිගේ යන්නකොට...
තනකොල එලපු උද්යානයක හාන්සිවෙලා
නිල් සුදු අහස දිහා බලාගෙන ඉන්නකොට...
මුහුද පෙනෙන මායිමේ ගලක් උඩට වෙලා..
ඉනවටේ අතදාලා උනුහුමට තුරුල් කරගන්නකොට...
දෙන්නගෙම හදවත් නැවතුනා...
මතකයිද දන්නේ නෑ.........


සාරියක් ඇදගෙන මුලින්ම වැඩට ගිහින් ඇවිත්..
ගාලුපාර අයිනේ වැටකෙයියා ගහක් යටටවෙලා..
"මම ආයෙත් මේ කෙහෙල්මල් රස්සාවට යන්නෙ නෑ"
 මුහුන රතු කරගෙන ඇඩුවාම ඔය නලල් පරිස්සමට ඉම්ඹා...
පලවෙනි පඩියට, මගේ අතේ පාලුව මකන්න, රොලැක්ස් ඔරලෝසුවක් ගෙනාවාම..
"මොන එකකට සල්ලි නාස්තිකලාද? . මම ඔරලෝසු බදින්නේ නෑ"
මම බැන්නා.. දවස් දෙක තුනක් යනකල් කතාකලෙත් නැතුවා..
මතකයිද මන්දා..........


ගෙවල්වලට ආරංචි වෙලා.. දෙපැත්තෙන්ම ගිනිගෙඩි පහත් වෙද්දී...
ඔයා යන එන හැම තනකටම දන්න අය පස්සෙන් එද්දී...
"අනේ අපි පැනල යමු .. තියෙන විදියකට ජීවත්වෙමු"
මගේ අත්දෙක පපුවට තුරුලු කරගෙන කියපු හැටි,
ඇස් රතුකරන් හඩපු හැටි... :) :) :) :) :)
එදා මම බලෙන් ගෙදර එක්කගෙන ගියේ...
ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අපි බැනුම් අහපු හැටි...
මත්කයිද මන්දා...........


කොහොම මතක් වෙන්නද...
ඒ අපි එකට ඉපදුනේ පෙර ආත්මෙදිනේ..
අද ලෝකය දියුනුයි... හුගක් දේවල් තියෙනවා..
ආදරය පෙන්නන්න... ආදරය විදින්න...
කෙල්ලෙක් කොල්ලෙක්ව සිපගන්න එක අද ලංකාවේ සදාචාරාත්මකයි...
ඉස්සර දේවල් ආයෙත් මතක් කරගන්න...
එනවද කොටුවෙ ස්ටේශන් එක ගාවට...
මම ඉන්නවා මග බලාගෙන හොදද...


මීට...
ආදරනීය සාගර





මවාගත් ලෝකයක ජීවත්වන ඇයට ලියන්නමි

යුවතියක් තමන් මේ ලෝකේ අන්තිමටම විශ්වාස කරන්න සූදානම් පිරිමියා ගැන මේ තරම් කුතුහලයක් ඇයි??

අපේ ජීවිත හරියට මම මුහුද වගෙයි. ඈතින් දැක්කාම මහ මුහුදෙ උනුහුමට ගිලෙන්න හිතෙනවා..ඒත් ගිලුනාම ආයෙත් ඈතට එන්න පුලුවන්ද?
වාසනාවයි දයිවයයි මත වෙනස් වෙනවා...

"මම කලාකාරයෙක් මිසක් ජනමාඳ්යවේදියෙක් නෙමෙයි..."

මේ දෙන්නාගේ තියෙන්න ඕන වෙනස මොකක්ද?
ජනමාද්යවේදියා තමන් දකින් දේ ඒ විදියටම තවත් තැනක නිරූපනය කරනවා..
ඒත් කලාකාරයා: තමන්ට අතට අසුවන අමුද්‍රව්ය  ඇසට දකින්න ප්‍රියයි කියලා තමන්ට හැගෙන ආකාරයට වෙනස් කරනවා... ඒ නිර්මානයත් හරියට තේකක් වගෙයි.. කොච්චර කිරි ඕනෑද.. කොච්චර සීනි ඕනෑද කියන එක... බොන පුද්ගලයා මත වෙනස් වෙනවා...

සමාජයයේ ගොඩක් කලාකාරයන්ට පිස්සු ඇයි??

ඒ එයාලා අනිත් අය සම්මත කරගත්ත ඇස් වලින් නැතුව තමන්ගේ ඇස්වලින් ලෝකය බලන හින්දා...
අද මහා ලොකුවට අපි ඉගෙන ගන්න බර වචන කිව්ව ගොඩාක් විද්යාකාරයොත් ඒකාලේ පිස්සෝ කියලා හංවඩුගැහුනාලු...

ඒත් කලාකාරයා සර්වසම්පූර්නයි කියන්න මම උත්සාහකරන්නේ නෑ.. කලාකාරයත් මනුස්සයෙක්.. මිනිස්සු වැරදි කරනවා.. වැරදි කරන්නේ මිනිස්සු විතරයි...ඒ උන්ට තර්කාන්විත මොලයක් තියෙන හින්දා... අනිත් සත්තු බොහොමයක් උපතින්ම දැනුම අරගෙන එනවා... මනුස්සයා දැනුම කාගෙන්හරි උකහාගන්නවා..ඒකනේ සත්තු ස්කෝලේ යන්නේ නැත්තේ....

අපි ලියන හැමදෙයක්ම 100%ට 100ක් මනඃකලිපිත නෑ.. එහෙම වුනාම ඒකේ කිසිරහකුත් නෑ.. ඒත් ජීවිතේ යම්කිසි අත්දැකීමක් එක්ක ලියන දෙයක් ඒ විදියට අපි ලියන්නෙත් නෑ,, සමහර වෙලාවට අනුන්ගෙන් හොරකම් කරගත්ත ලෝක වල අපිට ජීවත්වෙන්න සිද්ද වෙනවා...අපිට කොච්චර තිබුනත් අනුන්ගෙ පිච්චියක තියෙන වටිනාකම අපේ පිච්චියට වඩා වැඩියි..


අවසානයට මම මෙහෙම ලියනවා...
ඔයා නැතුව මේ ලොකේ ඕනම කෙනෙක් මම ලියන මොකක්හරි ඇත්තක් හැටියට හිතනවා නම් මම දෙආකාරයකින් සංතෝස වෙනවා...
* මගේ හිගන බ්ලොග් එක කියවන එක ගැන..
* මට කියන්න ඕන වුන එයාලට ඇසීම ගැන..

ඒත් ඔයා මම ලියන ලිපියකින් මගේ personality එක අර්තකතනය කරන්න යනවානම් වැරදි විදියකට.. මම සංතෝසවෙන්නේ එක අකාරයකින් විතරයි...

""ඒ ඔයා මගේ බ්ලොග් එක කියවන එක ගැන"







..ලෝකේ හොදම සහ නරකම මනුස්සයා නොවන මම..

යසියා



Friday, June 8, 2012

ගුබ්බෑයමේ ඈ

"ඇයි මාව බලන්න හැමදාම එන්නේ"
"පන්සලකට එන අයගෙන් එහෙම අහන සිරිතක් තියෙනවද?"
" ඉදා මේක පන්සලක්යැ?..ගුබ්බෑයමක් මිස.."
තෙල්පාට කම්මුල් වල ගැසුනේ ය. ඇස් පුන්චි වූයේ ය. ඈ හදවතින් සිනාවූවා ය.
"ඔයාගේ උපන්දිනේ කවද්ද?"
"ජාතක කරපු අම්මව දන්නේ නැතුව මම කාගෙන්ද මල්ලී ඒක අහගන්නේ"
මා මුව ගොලු වී ය. සමහරක් ප්‍රශ්න වලට උත්තර සෙවීම හුදෙක් කාලය කා දැමීමක්ම  පමනි. 

අගල් පාලහෙන් පාලහ කවුලුවෙන් මුලු පරිසරයම අපූරුවට දිස්වෙයි. ආන්ඩුවෙන් සෑදූ ගල්බැම්ම නොවෙන්නට  මේ පැල්පත තිබිය හැකිද?. තිබෙන්නටත් පුලුවන.. 

" සල්ලි නැත්නම් යකෝ .. මොන රෙද්දකට *** ලොවින්න එනවද..."
දිය රෙද්දකින් පමනක් සැරසුනු වැඩිහිටි කතක් බෙරිහන් දෙයි. මගේ සියොලග හිරිගඩු පිපුනි.ඇයට නම් ගානක් වත් නැත.
" ඕක මේ පැත්තට සාමාන්ය දෙයක්.."
ඈ ට පරසිත් කියවිය හැකිද? මා අසන්නට හිටි ප්‍රශ්නයට අසන්නටත් පෙර ඈ පිලිතුරු දෙන්නේ කෙසේ ද?. දයිවයේ තවත් මායාවක් වන්නට ඇත.

"අදවත් කරනවද මොනවහරි"
"නෑ..මුකුත් එපා"
"එහෙනම් සල්ලි වියදම් කරගෙන එන්නේ මොන මගුලකටද?"
" දන්නෙ නෑ"

"ආයෙත් මෙහෙට එන්න එපා බුදු මල්ලි"
"අකමැත්තෙන් නේද කියන්නේ?"
"ජීවිතේ සමහර තීරන අකමැත්තෙන් වුනත් ගන්න සිද්ද වෙනවා.."
"ඒ ගන්න තීරනය වැරදි එකක් වුනොත්?"
"අවලන්ගු කාසියක මුද්‍රිත වටිනා කමේ මොන පලක්ද?"
" ඇයි එහෙනම් ඇස්වලට කදුලු ආවේ.. මම අහලාතියෙන විදියටනම් ඔය ඇස්වල කදුලු නෑ කියල.."
"කලුවරේ ඉන්න ගෑනියෙකුට කලාමැදිරි එලියෙනුත් පුදුම ආලෝකයක් ලැබෙනවා. ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලැබෙනවා.. ඒත් කොච්චර ලස්සනට හීන දැක්කත් මම ඉන්න මඩවගුරෙන් ගොඩ ඒමක් නෑ.."
" ඉතින් ..."
" ඔයා ඔය සිදු ශර්ට් එකේ මඩගාගන්න එපා. ඒකයි කියන්නේ.."
"එතකොට ඔයාට කස්ටමර් කෙනෙක් අඩුවෙනවනෙ"
"ඔයා මට කස්ටමර් කෙනෙක් නෙමෙයි. පහුගිය ආත්මෙ ඔයට මම දුන්න නය මොකක්ද?"
"මම කාගෙන්වත් නය ගන්නෙ නෑ"
පැත්තක වූ සටහන් පොතත් පෑනත් බෑගයට ඔබාගතිමි.
" මෙතනට එන අනිත් හැම එකාම කොපුවක් අරන් ඇවිත් වේදනාවක් දීලා යනවා. ඒත් ඔයා චොකලට් එකක් අරන් ඇවිත් ඒ වේදනාවල් ඔක්කෝම අරගෙන යනවා."
"පරිස්සමෙන් ඉන්න. මම යන්නම්.. ගොඩක් වෙලාවට මම ආයෙත් එන එකක් නෑ"

ඈට දැන් විසි පහක් ය. අවුරුදු තිස් පහක පෙනුම මේ ගුබ්බෑයමෙන් ඈ හිමි කරගත් එකම දෙය නොවෙයි. මීලග සති අන්ත පුවත්පතේ මාගේ නමට ඉහලින් ඇගේ කතාව පලවෙනවා ඇත. නමුත් හුදෙක් එවන් පිටුවකින් ඇය වන් දහසකුත් කාන්තාවන්ගේ ආත්මය පවිත්‍ර වේවිද?? නැත. ඇය වෙනුවෙන් අපට කරන්නට කියා කිසිවක් නැත. ඇය නම් මියගොස් හමාරය. ඇය වැන්නවුන් සමාජයෙන් සම්පූර්නයෙන් නෙරපා දැමිය නොහැක, නමුත් මා පියා නොදැන ඉපදෙන්නට ඉන්නා පුන්චි උන් ගනන අඩු කීමෙන් ඇය මෙන් දුක් විදින්නියන් ප්‍රමානය අඩු කරගත හැකි ය.

(මෙය හුදෙක් මන්ඃකල්පිත අපුකල්පනයක් ඇසුරෙන් ලියන ලද්දක් පමනය)

Friday, June 1, 2012

පස්සේ දවස



අවුරුදු ගානකට පස්සේ, ඉස්සර ආවගිය ඒ මංමාවත් වලින් යනකොට දෙපා පටලැවෙන්න පටන් ගත්තා..
මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තා...

මේ ජනපදය කො‍යිතරම් දියුනු වෙලාද?? හිතාගන්නවත් බැරි තරම්.
කාගේ හරි උසස් පෙල පංතියක් ඉවරවෙලා.. ඇලපාර දිගේ පෝලිමට බස් නැවතුම්පොල දිහාවට කොල්ලො කෙල්ලෝ ඇදෙනවා...ඉස්සර පුරුද්දට ඒ මූනු අතරේ ඉස්සර හෙව්ව මූනක් හොයන්න ගත්තා..
අපි ඇවිදිද්දී කාලය දුවනවා කියාඅ තේරුම් ගන්න විනාඩියක් විතර යන්න ඇති..
මූන දිහා බලාගෙන ඉදිද්දි පුංචි කෙල්ලෝ ඔරවගෙන යන හැටි.... :)

මේ හරියෙ ඉස්සර නිතර ගියපු කඩයක් තියෙනවා. හෙමිහිට ඒ කඩය ඇතුලට ගොඩ වැදුනා..පුරුදු වේටර් අයියා නම් පෙනෙන්න නෑ.. කැශියර් එක ගාවට ගියා මම...

"අයියේ ලයිට් එකක් දෙන්න"
"හතලිස් හයක් දෙන්න... ආ මෙන්න... හැබැයි කඩේ ඇතුලෙ බොන්න එපා"
"හරි අවුලක් නෑ"
"ඔයා කොහෙද කලින් දැකලා නෑ"
"මම මේ පැත්තේ නෙමෙයි. අයියා"

මම ගත්තු එකත් පත්තු කරගෙන එලියට ඇවිත් පාරෙ යන ලමයින්ට නොපෙනෙන්න ගහකට මුවා වුනා..

ඉස්සර පංති යනකාලේ ට හිත දුවලා ගියා...
මුලු පංතියෙන්ම අහිංසකම කෙල්ලට මම කොයිතරම් වදයක් වෙන්න ඇත්ද? ඒ අහින්සක ඇස් මම හින්දා කොච්චර තෙත්වෙන්න ඇත්ද?

මගේ මූනට පුංචි හිනාවක් ආවා.

ඒ ඇස් මගේ ඇස්  අහම්බෙන් හම්ඹවුන දාට දෙනම විනාඩි කීපයකට ගල් වෙච්ච හැටි. උදෙන්ම ඇවිත් පන්තිය ඉස්සරහට වෙලා එයා එනකම් බලගේන හිටිය හැටි..
මගේ මූන දැක්කම ඒ මූණ බිම බලාගෙන පන්තිය ඇතුලට යන හැටි?..
මැවිලා වගේ පේන්න ගත්තා...
ඉදලා හිටලා පන්තියට නාවම කොච්චර නම් දුක හිතුනද?
ඈතින් ඈ එනව දැක්කම චන්ඩිකම් බල්ලට ගිහිල්ලා මුලු ඇගම යකඩයක් වෙලා යනවා...
උස්සගෙන ඉන්න ශ්‍ර්ට් අත් ඉබේම පල්ලෙහාට යනවා...

පංති ඇරෙන්න ඉස්සෙල්ල ඒ මූන  බලන්න ඕනවට පංතිය ඉවරවෙන්න විනාඩ් දහයකට කලින් පංතියෙන් නැගිටල එද්දි යාලුවො හූ තියන හැටි..කාටද හූ තියන්නේ කියාලා බලන්න එයා හැරිලා බලද්දි ඒ දිහා බලලා හිනා වුන හැටි ... මේ පපුවෙ පන තියෙනකම් අමතක වෙන එකක් නම් නෑ..

ගොම්මන් කලුවරේ එයාගේ ගෙදර තාපේ අයිනට වෙලා ඒ මූනෙ හෙවනැල්ලක් වත් දකින්න පෙරුම් පිරුව හැටි...

කොච්චර නන්නත්තාර වෙලා හිටියත් ඒ කාලේ පුදුමාකර සුන්දරත්වයක් හැංගිලා තිබ්බා.ආකර්ශනයක්ද ආදරයක්ද නොදැන පිස්සෙක් වෙලා හිටියා.. එයාගෙ නමේ මුල් අකුර අතේ කපාගෙන ප්ලාස්ටර් ගහගෙන හිටිය හැටි..:)

දෙවන වර උසස්පෙල පන්තිවල අවසාන දවසෙන් පස්සෙ ඒ මූන දැක්කෙම නෑ.මොනවා කරනවාද කියල දන්නෙත් නෑ..ඒත් අඩුගනනේ වචන දෙකක් එයාත් එක්ක අවසන් දවසේ කතා කලා...
"පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද:?"
"සොර් අද බෑ ... තාත්තා එනවා.. පස්සේ දවසක කතා කරමු"

අවුරුදු තුන හතරක් ගතවුනා.. ඒ පස්සේ දවස අද වෙනකම් උදාවුනේ නෑ...

(පස්සේ දවසක් උදාවෙනකන් බලා ඉන්න මම යසියා)