මතකයි මන්දා....
දයාබර පූජා:;
සොදුරු සැදෑවක අතැගිලි පටලාලා
සෙනග පිරිච්ච මංමාවත් දිගේ යන්නකොට...
තනකොල එලපු උද්යානයක හාන්සිවෙලා
නිල් සුදු අහස දිහා බලාගෙන ඉන්නකොට...
මුහුද පෙනෙන මායිමේ ගලක් උඩට වෙලා..
ඉනවටේ අතදාලා උනුහුමට තුරුල් කරගන්නකොට...
දෙන්නගෙම හදවත් නැවතුනා...
මතකයිද දන්නේ නෑ.........
සාරියක් ඇදගෙන මුලින්ම වැඩට ගිහින් ඇවිත්..
ගාලුපාර අයිනේ වැටකෙයියා ගහක් යටටවෙලා..
"මම ආයෙත් මේ කෙහෙල්මල් රස්සාවට යන්නෙ නෑ"
මුහුන රතු කරගෙන ඇඩුවාම ඔය නලල් පරිස්සමට ඉම්ඹා...
පලවෙනි පඩියට, මගේ අතේ පාලුව මකන්න, රොලැක්ස් ඔරලෝසුවක් ගෙනාවාම..
"මොන එකකට සල්ලි නාස්තිකලාද? . මම ඔරලෝසු බදින්නේ නෑ"
මම බැන්නා.. දවස් දෙක තුනක් යනකල් කතාකලෙත් නැතුවා..
මතකයිද මන්දා..........
ගෙවල්වලට ආරංචි වෙලා.. දෙපැත්තෙන්ම ගිනිගෙඩි පහත් වෙද්දී...
ඔයා යන එන හැම තනකටම දන්න අය පස්සෙන් එද්දී...
"අනේ අපි පැනල යමු .. තියෙන විදියකට ජීවත්වෙමු"
මගේ අත්දෙක පපුවට තුරුලු කරගෙන කියපු හැටි,
ඇස් රතුකරන් හඩපු හැටි... :) :) :) :) :)
එදා මම බලෙන් ගෙදර එක්කගෙන ගියේ...
ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අපි බැනුම් අහපු හැටි...
මත්කයිද මන්දා...........
කොහොම මතක් වෙන්නද...
ඒ අපි එකට ඉපදුනේ පෙර ආත්මෙදිනේ..
අද ලෝකය දියුනුයි... හුගක් දේවල් තියෙනවා..
ආදරය පෙන්නන්න... ආදරය විදින්න...
කෙල්ලෙක් කොල්ලෙක්ව සිපගන්න එක අද ලංකාවේ සදාචාරාත්මකයි...
ඉස්සර දේවල් ආයෙත් මතක් කරගන්න...
එනවද කොටුවෙ ස්ටේශන් එක ගාවට...
මම ඉන්නවා මග බලාගෙන හොදද...
මීට...
ආදරනීය සාගර
අන්දුන් කුන්දුන් වෙන සිදුවිම උනාට පස්සේ කොල්ලාට ටිකක් අතීතේ මතක් කරන්න ඔනි වෙලාද මන්දා..බලන්න කෙනෙක් ඉන්න හන්දා.. be happy always.. :)
ReplyDeleteඅනේ මන්දා ඔව්වා රට්ටු කියන කතා.. ;)
වෙන්විලා ගියාට
ReplyDeleteතාමත් මගේහිත
හිතනවා හැමවිටම
අපිට අපේ වෙන්න
තිබුනා නේද කියලා ....
@ නිම්ශා: අපෝ ඒව්ව මගේ අත්දැකීම් නෙමෙයි...
ReplyDelete@ රොබින්: වෙන්න තිබ්බානම් ඇයිද එක්වුනේ ... ???
මරු ලිපිය !!
ReplyDeletecheeeers for this...!!
ReplyDelete