යමින් ගමන් සටහන්
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්.
යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්.
ජීවිතේ ජයග්‍රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා.
ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා.
සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු මිනිස්සු එකතු කරනවා.
මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක.
යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න.
මිනිස්සු ලෝකෙ දකින්නෙ තමන් දැකපු ලෝකෙන්, තමන් අහපු ලෝකෙන්, ඊට එහාට යන්න කිසිම හේතුවක් නෑ. කිසිම අවකාශයක් නෑ. එදා අම්මා තාත්තා දැක්ක සුරපුරේ මටත් පෙන්නන්න ඕන වුනාට හැමදාම මගේ ස්වර්ගය තිබුනේ වෙනම දනව්වක.
ජීවිතේ තමන්ට ඕන කෙනා වෙන්න කලවයසක් නැහැයි කියලා දාර්ශනිකයො ලොකු ටෝක්ස් දුන්නට ඇත්තටම කලවයස ඒකට බලපානවා කියලා දන්න එකාල දන්නවා.
කලින් මොලේට ඕන විදියට වැඩකරලා ගිය ගමන කොහේ අරගෙන ගියාද, ඊට පස්සෙ හදවතට එකගව වැඩකරලා නන්නත්තාර වෙන්න සිද්ධ වුනාද මන්දා, නමුත් ජීවිතේ ඉගෙන ගන්න ගොඩක් දේවල් හම්බවුනා.
ජීවිතේ ගත්ත හැම තීරණයක් ඇතුලෙම ඒ ඇතුලෙ ඉන්න ඩයල් ජිවිතේ මොන මොනව හරි ඉගෙන ගත්තට, අද වෙනකොට කවුරුහරි පුතා උබ මොකක්ද කරන්නෙ කියලා ඇහුවොත් දෙන්න හරිහමන් උත්තරයක් නැති කම ඉදල හිටලා හිතට මහ මුස්පේත්තුවක් ඇති නොකරනවා නෙමෙයි.
ජීවිතේ හැම මනුස්සයෙක් ගේම ලෝකෙට සිද්ධවෙන්න යමක් තියෙන එක දේවවාදය ලොකුවට පිලිනොගන්න කෙනෙක් වුනත් මම විස්වාස කරනවා.
මටත් ඔටුන්නක් ඇති, මේ සූදානම මාව රජකරවන්න වෙන්න ඇති, යුද්ධෙයක් නැති ජයක් තුලින් ඉතිහාසයට ඇති අර්ථය කුමක්ද..
ජීවිතේ කවුරු වෙන්න වුනත් මේ අභිප්‍රාය මැරෙන්න මොහොතකට කලින් හරි වීරයෙක් වෙලා මැරෙන එක..

Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක