Posts

Showing posts from February 29, 2016

එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...

Image
ඔවුන් ඇයට අසීමිතව ප්‍රේම කලහ.. ඇගෙ තරු වන් ඇස් දෙක බොහෝ රචකයන්ට මහ මෙරක් වනු ඇත.. ඇගේ කෝකිල කටහඩ බොහෝ සන්ගීතවේදින්ට නිදානයක් වනු ඇත... ඇය ලියනා වචන කටු කොල කැබලි පත් තිරප්පු කරනු ඇත... ඇගේ සිනහව ලෝකයක් සිත් සතන් පිනවනු ඇත... ඇය මනුස්ස දුවක් නොවේ.. ඇය සුරන්ගනාවියකි... ඇය ප්ලාස්ටික් මලක් නොවේ.. ඇය සමන් මල් යායකි... ඇය කවුද?? ඇය ආවේ කොහිබකින්ද?? බොහෝ දෙනා ඔබෙන් අසාවි... එවිට ඔබ ඔවුන්ට කියන්න ඔබට ඇය කොහිබදී හමු වුනාදැයි අමතක බව.. එවිට ඔවුන්ට කියන්න සංසාර ගමනේ බොහෝ දුර ඔබ ඇය නිසා ආ බව.. එවිට ඔබ කියන්න කල්ප ලක්ෂ  ගානක් ඇය ඔබව අතින් අල්ලාගෙන එක්කන් ආ බව.. ඔවුන් ඔබට අසීමිතව වෛර කරාවි... ඔවුන් ඔබව නිහඩ කරන්නට මාන බලාවි... එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...   සුරන්ගනා ලෝකය...