ආව එවුන්

Wednesday, July 13, 2011

නමක් නැති කෙටි කතා පෙල....

විසි හතර පැය පුරා සිනහවෙන් ගතකලා වූ සමය ගැන ආවර්ජනාවක් නගන්නට සිත පිවිසියේ මා හටත් නොදන්වාය..අමාවකක් වූයෙන් වෙනදා නොපෙනෙන්න තිබූ තරු පන්ති පියවි නෙතට පැහැදිලිව පෙනෙන්නට තිබුනි...
" අද අහස හරි ලස්සනයි නේද?"
තේ කෝප්ප යුවලක් දෙඅතේ රදවාගෙන ඈ මා පසක සිටගෙන හිදී...හාන්සි පුටුවේ ඇන්ද මතින් තබාගෙන සිටි මාගේ දෙපය පොලොවට තබා රිසි සේ තේක පානය කරන්නට සැරසුනෙමි...ඇගේ දකුනතේ වූ කෝප්පය මාගේ පපුවට නුදුරේදී මා සන්තක විය...
" හද පායලා තියෙන දවසට ,හද එලියට ඔය තරු රටා සේරම හේදිලා යනවා නේද තිවංක..????"
"හ්ම්"
ඈ සමග පෙම් බස් දොඩන්නට හිතක් නොවූ නිසාවෙන්... මුව වසාතබාගෙන නාසයෙන් පිලිතුරු සැපයීමි.....
ඇය  තවම උලුවස්සට උරහිසින් හේත්තු වී මා දෙස නෙත් යොමාගෙන සිටිනවා විය යුතුය..ආපසු හැරී බලන්නට හිත කීවත්... මම අසීරුවෙන් මුහුන නිසල කරගතිමි...

" මොකද බකමූනෙක් වගේ ඔරවගෙන ඉන්නේ??.. සති ගානකින් ගෙදර ආවාම පොඩ්ඩක් කතා කරන්න බැරිද?"
"කතාකරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවද තරින්දි?..."
" කොහොමද අලුත් තැන එහෙම?"
"මගේ ගෙදරත් මට නුපුරුදු නම් ඉතින් අනිත් තැන් ගැන මොන කතාද?"
" මගේ වැරැද්දක් නෙමෙයිනෙ අනේ....අනික දැන් ඕවා ගැන කතාකරන්න කතා කරන්හ්න වෙන්නෙ ප්‍රශ්න තවත් දුරදිග යන එක මිසක් ඒවා නැති වෙන එක නෙමෙයි..."
"ඔයාට මේවා ප්‍රශ්න වුනාට මට ඒවා මතකයන් විතරයි"
මුව සෙලවුනද ඇස් දෙක තාමත් අන්දකාරය මැද්දෙන් යාන්තමින් පෙනෙන කදු පන්තිය දිහා බලාගෙනමය...

අවසාන වතාවට මා මේ දොරකඩින් පිය මැන්නේ දිවිය ඇති තුරාවට මේ නිවහනට ආයෙත් එන්නට නොලැබේවා යැයි ප්‍රාර්තනාවෙන් ය.. නමුත් මොකක්දෝ සරදමකට දයිවය විසින් මා නැවතත් මේ ඉසව්වට රැගෙනවිත් ඇත.උපන්දා සිට සම්පූර්නයෙන් මාගෙ පාලනයෙන් ඔබ්බෙහි වූ  දයිවය ඉදිරියේ කුමක් කරන්නට සූ දානම් වන්නේද?

...පලමු කොටස අවසානයි...