ආව එවුන්

Thursday, July 5, 2012

.. සුරන්ගනාවක් හීනෙන් ඇවිත් ..

"සංසාරේ පුරාවට ආදරේ පතාගෙන ආපුවාම කොහොමවත්ම එයාලව වෙන්කරන්න බැරිලු අසංක"
"ඇත්තට.. කවුද ඕවා දැන් ඔයාට කිව්වේ?"
"මම බ්ලොග් එකක කියෙව්වා"
"ඔයාට පොඩ්ඩක් පිස්සු කියල දැනගෙන හිටියා..ඔයා මෙච්චර බොලදයි කියලා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ දිනූ"
"එන්න එපා මට බොලදයි කියන්න හරිද?"
"එහෙම නොකියන්න එක හොද හේතුවක් දෙන්න.."
" හේතුවක්ද? හ්ම්... පොඩ්ඩක් ඉන්න.."
" මොනවද හිතන්නේ.. දැන් පන්ඩිතයා වගේ කිව්වේ මම බොලද නෑ කියලා.."
" මම බොරු පොරොන්දු දෙන්නේ නැති එක.."
"මොන වගේ පොරොන්දුද??"
"ඔයාට ගොඩක් දුක හිතෙයි ඒත් අහගෙන ඉන්න... හුගාක් කලක් ගියා මට ඔයාට මේ ටික කියන්න තරම් දහිරියක් හිතට ගන්න.."

මගේ මුලු ඇගම හීතල වෙලා තවම..නෑ ඇගට කිසිම දහිරියක්.. උත්සාහ කලත් බැරිවුනා ඇග හොලවන්න... ඇහිබෝල දෙක විතරක් එහෙ මෙහේ දුවනවා...හිරිගඩු පිපිලා...ඒත් සිද්ද වෙන්නේ කුමක්ද මේ ... හිත වේගෙන් එහා මෙහා දුවන්න පටන්ගත්තා...

"ඇයි හැමදාම ඇස් පියාගත්තාම මගේ නම කියලා කෑ ගහන්නේ?"

ලස්සන සුදු ගවුමක් ඇදගත්ත ඈ මගේ කකුල් දෙක ලගින් ඈදිගත්තා..හතරවටේ කරකැවෙන ෆෑන් එකට ඇගේ වරල සෙලවුනේ නෑ.. ඇයි මේ ලස්සන කෙස් මේ තරම් කීකරු?..

"මම ආසයි දිනූ ඔයත් එක්ක කතාකර කර ඉන්න.."

"ඔයා මේ කරන දෙයින් අන්තිමට වෙන්නේ ඔයා අකාලේ මැරිලා යන එක විතරයි අසංක. අතාත්වික මම ඔයාගේ යටිහිතේ ඇදපු චිත්‍රයක් විතරයි..ඔයා ටිකෙන් ටික වයසට යාවි.. ඒත් ඒකට මම හැමදාම මේ විදියට ඉදීවි.. හිම වැටෙන කාලෙට හීතල වැටේවි.ඒවෙලාවට මට ඔයාව තුරුලුකරගන්න බැරි වේවි.."

ඇහිපිය නොගැහෙන ඒ නිල්පාට ඇස් ගල්ගැහුන මගේ මූන දිහා බලාගෙන හිටියා..මොකක්ද මේ වෙන්න යන්නේ..

"ඉක්මනට හොද කෙල්ලෙක් බලලා යාලුවෙන්න. ජීවිතේ තව හුගාක් දුරයන්න තියෙනවා.. මොන පාරෙන්ද යන්න ඕන කියන එක තීරනය කරගන්න."

"එතකොට ඔයා? ඔයා මම ගාව ඉන්නවද?"

"නෑ.. මම ආයෙත් එන්නේ නෑ..කොච්චර කෑ ගැහුවත් ඔයා , මේ ඔයා මාව දකින අන්තිම දවස වේවි,.. අහසේ පාවෙන්න ඕනම නම් .. ඔය ජීවත් වෙන විදියට ජීවත් වෙන්න.. හැමදාම අහසේ පාවෙන්න පුලුවන්..මුකුත් උරන්න ඕන වෙන්නේ නෑ..මතක තියාගන්න දවසක ඔයාට හීන ලෝකයයි ඇත්ත ලෝකයයි දෙක හොයාගන්න බැරුව අතරමන් වේවි...."


"මට ඕන නෑ මේ ජීවිතය.. මා ඕන වීරයෙක් වගේ මැරෙන්න.. මට ඕන වටිනා මරනයක්"

"යන්න ඉස්සෙල්ල මම එක දෙයක් කියන්නම්. කවුරුවත් කොච්චර හීන මැවුවා කියලා වත්, කොච්චර කැපවීම් කලත් බලාපොරොත්තුවෙන කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.. ඒකට ලැබීම තියෙන්නත් ඕණ"


"මට දැන් ඔයා වගේ මනුස්සයෙක් එක්ක මේ බොරුවට රගපාලා ඇතිවෙලා. ඔයා මාව මවපු එක ඇත්ත අසංක ඒත්...තවදුරටත් ඔයා මාව පාලනය කරන්න දෙන එකෙන් වෙන්නේ ඔයාට පිස්සු හැදෙන එක විතරයි.."

"ඒත් අපි දෙන්න කොච්චර දේවල් මැවුවද?? කොච්චර නවකතා කොච්චර පරිච්චේද අපිදෙන්න එකතුවෙලා මැවුවද?"

"හැමදේකටම සීමාවක් තියෙනවා.. ඉස්සරහට නොයෑමයි එකතැන ඉදීමයි අතරේ ප්‍රායෝගිකව වෙනසක් නෑ..මම යනවා පරිස්සමට ඉන්න.. මම ආයෙත් දකින එකක් නැහැ.. එත් ඔයාට දවසක මේ ඔයාගේ ඇගිලි තුඩුවලින් ටයිප් කරපු විදියේ කෙනෙක් අහම්බෙන් මුනගැහෙනවා.. එදාට මේ මනංකල්පිත සියල්ල යතාර්තයක් වෙනවා... "

ඇය මගේ පපුව ආසන්නයේ යහනේ වාඩිවෙලා, ආදරෙන් මගේ නලල සිම්බා..ඒත් එක්කම දෙයක් කිව්වා.. මගේ ඇස් දෙකම පියවෙලා ගියා... කාමරේ කරකැවෙන්න වගේ ගත්තා...


"අපේ ජීවිතවලින් එක දෙයක් ඈත් වෙද්දී තවත් දහසක් බලාපොරොත්තු ජීවිතේට එනවා..ඒ හීන සැබෑ කරගෙන ඒ යතාර්තයට ආදරේ කරන්න.."


ලිව්වේ යසියා