Posts

Showing posts from 2012

කතාවට මගේ කිසිම සම්බන්දයක් නොමැත.. (18 + )

Image
තොල් පෙත්තට තොල් පෙත්ත ලංවෙද්දී ඇගේ නිල් ඇස් දෙක පිය වුනා. පාට කරපු ඇහි බැමි දෙකට බයවෙලාද කොහෙද කීරි කරපු වරලසේ සුවදට මගේ නාස් පුඩු මත් වුනා.. ගෙලින් ගෙල කනින් කන දහඩියත් එක්ක එකතු වෙද්දී කොයි තරම් සුමුදුද . " ඔහොම ටික වෙලාවක් ඉන්න අසංක" ඇය මගේ බාහු වල තුරුලු වෙද්දී මුහුදු සුලග චන්ඩියෙක් වගේ ඇවිත් අපි දෙන්නවම තුරුලු කරගත්තා.. " ඇයි ලමයෝ මම මේ ලෝකේ දාල යන එකක් යැ... " "අනේ එහෙම කියන්න එපා ප්ලීස්.. පොරොන්දු වෙන්න ආයෙත් කවදාකවත් එහෙම හිතන්නේ වත් නෑ කියලා" " බලමු බලමු" මම කට කොනකින් හිනාවුනා.. "ප්ලීස්.."  මේ කෙල්ල කොච්චර බොලදයිද? පුන්චිම පුන්චි දේකටත් පොරොන්දු ගන්න.. මට බයයි පොරොන්දු වෙන්න.. කවදා හරි මගේ අතින් පොරොන්දුව කැඩුනොත්..... " අපි තුන් හිතකින් වත් හිතන්නෙ නැති දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා බබා.. ඒත් කවදා හරි ඔයා මාව දාලා ගියොත්? " "මම මැරුනත් ඔයාව දාලා යන්නේ නෑ අසංක" කකුලක් අනිත් කකුල උඩින් තියාගෙන ඉදිද්දී... කෙලින් කරපු කෙස් ඔලුගෙඩිය දාලා හුලගත් එක්ක දුවන්න හදනවා. නිකටට අතක් තියාගෙන කටත් පො

සන්දි

Image
යායුතු තැනක් නොමැතත් කොහුවලින් නුගේගොඩ දෙසට යතුරු පැදිය හැරවූවෙමි. කෙතරම් සිත කීවත් වේගය වැඩි කල නොහැක.. රැකියාස්තානයෙන් නික්ම නිවෙස් වෙත දුවන දහසකුත් මිනිසුන් මැද නිවහනක් නොමැති එකම පුද්ගලයා මම ද?? ලානිල්  තද නිල් බ්ලවුසයක් සහ නිල් ඩෙනිමකින් සැරසුනු අඩි පහයි පහක පමන තරුනියක් රිදී පැහැ කුඩයක යටින් කලබලයෙන් ඉදිරියට ඇදෙයි. මා යතුරු පැදියේ වේගය අඩු කර තවත් පාරේ වම්පසින් ඉදිරියට ඇදුනෙමි. වම අතට හැරුනු ඈ අසල පිහිටි නිමි ඇදුම් වෙලදසැලකට පිවිසියාය. මම ද වමට සිග්නල් දමා යතුරු පැදිය පාරෙන් ඉවතට කලෙමි.. " ස්‍ර්.. බයික් එක අතනින් පාර්ක් කරනවද?" " ඕකේ.." විගහින් යතුරු පැදිය තාප්පයක මුල්ලට කල මා.. හැඩලය ලොක් කර .. වෙලෙද සැල වෙතට දීවෙමි.. "ස්‍ර් හෙල්මට් එක" හෙල්මටය තබා ටෝකනය ගත් මම කාන්තා ඇදුම් ඇති පලමු මහල වෙතට දිවීමි..ඇය එහි විය යුතුය... හතරවටින් එල්ලූ නිමි ඇදුම්ය. තැනින් තැන කාන්තාවන් නිමි  ඇදුම් තෝරයි.නමුත් ඈ දකින්නට නොමැත.. දෙවන මහලක් ඇතත් එහි ඇත්තේ පිරිමි ඇදුම්ය... නමුත් මා ඉහල මහලට ගියෙමි.. ඈතින් පෙනෙන ඉගටිය තෙක් දිග කෙලින් කෙස් කලබ නම් ඇයගේම ව

මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ..

Image
පොත පත පෑන් පැන්සල් නම් ඇත අවට, සිසිලස ලබා දෙන පංකා යමින් වට, ටියුට් ඇසෙස්මන්ට් ඇත නිම කරන්නට, බෙහෙතක් හොයන් නැත ඔය කම්මැලි කමට, තරු මල් තිබෙයි සද නැහැ අද අමාවක.. සයනේ නෙත වසා ඇලවූ වෙලාවක.. නුබ මට තවම පෙම් කරැතැයි මුලාවක.. ලියා එවන් නුබෙ පෙම වැහි වලාවක... යසියා  ලියන ලදි ..

" කෙටි කතා එක ඉන් දඹදිව " --- කෙටි කතා සීරිස් එක..

Image
"මචං ඔය බෝතලේ පාස් කරපන් බන්" " ඔච්චර බොන්න එපා බන්..පිස්සෙක්ද උබ..මැරිලා යාවි බන්.." "i know my limits dude.. please pass the bottle" "ඉදා ඕන රෙද්දක් කරගනින්.." කලු පැහැ පල්සර් 180ය අධික වේගයෙන් පැමින "ක්‍රීස්" හඩින් නතර වීය.. ෆුල් ෆේස් හෙල්මටයෙන්  අවුරුදු දහ අටක පමන තරුනයෙක් එලියට ආවේය ... " අඩෝ චුට්ටා වරෙන් වරෙන්.. " " ආහ් අනූශ්ක අයියා...උබලව දකින්න තියෙන අමාරුවක් බන්..කවද්ද ලංකාවට ආවේ..?" " ගිය සදුදා .. " " ඒ මොකෝ..." "මොනවා කරන්නද බන්.. මැනේජරයගේ කටින් වැරදි වචනයක් පැන්නා..මම උගේ දත් දෙකක් කැඩුවා..පහුවෙනිදා ඕන කුදයක් කියලා..ආවා ලංකාවට... දාගනින් ශොට් එකක්" " ආයෙත් යනවද බන්" "නෑ බන්. ඉතුරු කරපුවා ටිකක් තියෙනවා..family business එක කරගෙන යනවා බන්... තව restaurant එකක් දාන්න ඉන්නේ.. දීපන් සප් එකක්... " "අනිවා ලොක්කා .. අපෙන් සප් නැත්නම් කාගෙන්ද???" "මල්ලී .. ගනින් බයිට් ටිකක්.." " මලයො.. උබ මූව දන්නවනේ.. මූ රොශාන්.

.. අසිහියෙන් ලියමි ..

Image
<3 <3 <3 ..dear love.. <3 <3 <3 නුබට කෙසේ ද? මම නම් සුවෙන් සිටිමි. ඔහාට වහිනවාද ? සමාන්යෙන් එහෙම අසන නිසාවෙන් අසමි. මා මේ ලිපිය ලියන්නට හිටියේ මීට පෙරය. නමුත් it's better to be late than never ය.  ඔබේ අතක රන් මුදුවක් පලදවන තුරු නුබේ අතකින් වත් අල්ලන්නට මට උවමනා නැත.නමුත් ඒ දිනය  සහ ඉන් පසු අපේ ජීවිත මා මෙලෙස සැලසුම් කලෙමි.(සැලසුම් කිරීම යනු මාගේ පුරුදු වලින් එකක් නොවන බව නුබ දන්නේ යැයි සිතමි.) අවුරුදු විසි පහක් විසිහයක් වන විට මට බදින්නට ඕනෑ ය. නුබත් ඒ අදහසට කැමති යැයි සිතන්නෙමි.. අකැමති නම් කියන්න.. තව වසර කිහිපයක් බලාහිදීමේ හැකියාව මා තුල ඇත.නමුත් ඒ දිනය මට මැවි මැවී පෙනෙයි.. මංගල ශාලාව ලස්සනට සකසා තිබිය යුතු ය.නමුත් උඩරට සාරිය නුබට ගෙනෙන හැඩ පරදන්නට නම් එයට නොහැකි වනු ඇත.. නුබ නොදන්නවා වුනත් නුබගේ සිනහවත් සමග ඇස් වලින් අහින්සකත්වය ගලා බසි.ඒ අහින්සකත්වයට මම ප්‍රේම කලෙමි.. කරන්නෙමි..අපේ අම්මාගේ සහ මල්ලිගේ මුහුනු සතුටින් පිරෙනු ඇත.. නුබ තුල ඇති ගුන ඔවුන් දන්නෝ ය..තාත්තානම් හැගීම් ප්‍රකාශකිරීමට නොදනී.. සැර පරුශ පෙනුමක් තිබුනාට ඔහු තුල ඇත්තේ ගල් සිතක් නම්

සොදුරු සැදෑව

Image
"මොනවද කන්නේ?" "ඔයාට මොනවද ඕන?" "මටනම් ඕනම දෙයක්.. ඔයාගෙ චොයිස් එක.. සෙලෙක්ට් කරන්නකෝ" "ඔයාගෙ අතේ කීයක් තියෙද සුරංග?" "පිස්සි.. ඕන දෙයක් ඕඩර් කරන්න .. අද මගෙ අතේ සල්ලි තියෙනවා" "ඔව් ඔව්. ඔයා ජොබ් එකක් කරනවනේ.. අම්මලගෙ සල්ලි නික බොරුවට නාස්ති කරන්න එපා සුරංග.. අනික මට අද ගෙදර උයලා.. අනේ අපි දෙන්නා පොඩි දෙයක් කමු." "මල්ලි එග් ෆ්‍රයිඩ් රයිස් එකයි .. වෙගිටබල් චොක්සි එකයි ගේන්න.." "ඇයි අද ඔයා චිකන් කන්නේ නැත්ද?" "නෑ.. ඔය කන්නෙත් නැහැනේ.. ඒකයි" "ඔයා කන්නේ මගේ කටින්යැ. කමක් නෑ ඔයා ඕඩර් කරන්න.." "නෑ.. මම අද එජිටේරියන්" ආඩම්බර මුහුන සිනහවෙන් බරවුනි. තවමත් නෙත් යුව මා නෙතු එල්ලයේය.. ලා නිල් සහ කලු දෙවර්ණයෙන් පැහැගත් බ්ලවුස් එක සහ නිල් ඩෙනිම ඇයට මැනවින් මැච් වීය. " මොනවද බොන්නේ? කෝක්.. සෙවනප්.." "කෝක් එකක්.. .. ඒකෙත් භාගයක් ඔයාටයි බොන්න වෙන්නේ.." " ශ්.. ශ්.. මල්ලී..." "ඔව් සර්.." "කෝක් බඩි දෙකකුත්." රාත්‍රී ආහාරයට වේල

.. සුරන්ගනාවක් හීනෙන් ඇවිත් ..

Image
"සංසාරේ පුරාවට ආදරේ පතාගෙන ආපුවාම කොහොමවත්ම එයාලව වෙන්කරන්න බැරිලු අසංක" "ඇත්තට.. කවුද ඕවා දැන් ඔයාට කිව්වේ?" "මම බ්ලොග් එකක කියෙව්වා" "ඔයාට පොඩ්ඩක් පිස්සු කියල දැනගෙන හිටියා..ඔයා මෙච්චර බොලදයි කියලා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ දිනූ" "එන්න එපා මට බොලදයි කියන්න හරිද?" "එහෙම නොකියන්න එක හොද හේතුවක් දෙන්න.." " හේතුවක්ද? හ්ම්... පොඩ්ඩක් ඉන්න.." " මොනවද හිතන්නේ.. දැන් පන්ඩිතයා වගේ කිව්වේ මම බොලද නෑ කියලා.." " මම බොරු පොරොන්දු දෙන්නේ නැති එක.." "මොන වගේ පොරොන්දුද??" "ඔයාට ගොඩක් දුක හිතෙයි ඒත් අහගෙන ඉන්න... හුගාක් කලක් ගියා මට ඔයාට මේ ටික කියන්න තරම් දහිරියක් හිතට ගන්න.." මගේ මුලු ඇගම හීතල වෙලා තවම..නෑ ඇගට කිසිම දහිරියක්.. උත්සාහ කලත් බැරිවුනා ඇග හොලවන්න... ඇහිබෝල දෙක විතරක් එහෙ මෙහේ දුවනවා...හිරිගඩු පිපිලා...ඒත් සිද්ද වෙන්නේ කුමක්ද මේ ... හිත වේගෙන් එහා මෙහා දුවන්න පටන්ගත්තා... "ඇයි හැමදාම ඇස් පියාගත්තාම මගේ නම කියලා කෑ ගහන්නේ?" ලස්සන සුදු ගවුමක් ඇදගත්ත

දවසක ආදරයේ හිරවෙනවාලු

Image
"කොට්ටෝරුවත් කෙහෙල් කොටේට ඇන්න දවසට හොට පටලගන්නාවාලු" ඕක අපි පුංචි කාලේ අපෙ ආච්චි සීයලාගෙන් අහපු පරණ කතාවක්.. නමුත් ඒකාලෙදි නම් ඔය කියන්නේ මම ගැන කියලා හය හතර නොතේරුන මට නම් හාන්කවිසියක අදහසක් තිබුනේ නෑ.  කොටනවා  කියලා කොලුකමට කියන කෙටීම නොකලත් , මම ඔය කෙටීම කියන එක මෙන්න මෙහෙම අර්තකතනය කරනවා. නව යොවුන් වියේ පසුවෙන තරුණ්යෙක්, පාරෙදි දකින ගැටිස්සියක් එක්ක පෙමින් බැදෙන එක එහෙමත්ම නැත්නම් ඇතිවෙන ආකර්ශණය කියනේ මනුශ්ය ලෝකෙට පොදු සාමන්ය දෙයක්.. ඔය වයසෙදී girl friend කෙනෙක් ඕනය කියලා හැගෙන්නේ තමන් දන්න කියන අයියා කෙනෙක්ට හරි , තමන්ගෙ යාලුවෙක්ට හරි ගෑණුලමයෙක් ඉන්න නිසා මිසක් තමන්ගේ පරපුර පවත්වා ගැනීම සදහා ශක්තිමත් සහකාරියක් හොයාගන්න ඕන කියන කාරණය නිසා නෙමෙයි.. එක කෙල්ලෙක් බෑ කිව්වම තවත් කෙල්ලෙක් ගෙන් කැමතිද අහපු කාලයක් ඉස්කෝලේ ගියපු නැති නැම ගැටයෙක්ගෙම අතීතයෙ තියෙනවා..ඔන්න ඔහොම දකින දකින කෙල්ලගෙන් කැමතිද අහන එකයි මම කොටනව කියපු එකෙන් දැක්කේ.. හැමගෑනු ලමයෙක්ගෙම ඔලුවෙ තියෙනවා හීනයක්. මොකක්ද මේ.. රන්සලු , රන් මාල ඇදලා දෝලාවකින් ගුන යහපත් කුමාරයෙක් එක්ක දීග යන එක..නමුත් ඔය හීනෙ

මට මේ ගිහාන් පල්ලා පොරොන්දුවක් වෙන්න

Image
******************************************************************************** "කොච්චර වෙලා බලාගෙන හිටියද??" "වැඩිය නෑ.. විනාඩි දහයක් විතර..මොකද පරක්කු වුනේ?" "පොඩි වැඩක් තිබුනා.." "ඔෆිස් එකේ වැඩක්ද?.." "නෑ වෙන වැඩක්..ප්ලීස් අහන්න එපා" "එපා කියනවනම් මට ඕනත් නැහැ. තියගන්න එකයි ඇත්තේ...මහලොකු රහස් ඔයා ලගම.." ඒ විනාඩි පහක නිහැඩියාව මගේ ජීවිතේ දිගම විනාඩි පහද කොහෙද..  "තරහ ගියාද?" මම නොබිදුනු නිහැඩියාව බින්දා.. "නෑ.. දුක හිතුනා.." ඇස් පුරවලා කදුලු.. මම දිග හුස්මක් ගත්තා.. "පොඩ්ඩක් ලගට එන්න රහසක් කියන්න.." "තියාගන්න එකයි ඇත්තේ ඔය බොරු ආදරේ.. මම ආයේ එන්නෙම නෑ හම්බ වෙන්නවත්. බොරුකාරයා.." දෙතුන් පාරක්ම අත්වලින් පපුවට ගහලා..පරිස්සමට තුරුලු වුනා.. මගෙ පපුව නැවතුනා.. මේ පාර විතරක් නෙමෙයි.. ඒ කෙස් වල සුවද නාහෙන් ඇතුල් වෙන හැම පාරම ඔයදේ වෙනවා.. මම ඇස් දෙක පියාගත්තා.. ********************************************************************************* "ඔයා මේක ලස්සනට ලියලා තිය

සින්ගල් ඔබේ උදෑසන

Image
කුකුලා හඩලන්න පැය විස්සකට කලින් කන්නට දෙයක් සොයමින් ආවෙම් ගෙදරින් කුඩයක් යටින් දෙබිඩිව යන කපල් දුටින් යන්නේ කවදාද මේ ලෙස හඩමි සිතින්.. කදු දෙක මැදින් ගලනා ඇල්ලකි ඈගේ ඇසි බැමි දෙකම ඇත ඇද කැපුවා වාගේ ඉටියෙන් අබපු හොලිවුඩ් නිලියක් වාගේ කට හැර බලන් ඉන්නෙමි රූපය ඈගේ පෙනුමෙන් කියන්නම් ඈ හරි කට කාරයි ඩෙනිමක සිටියාට සාරිය හැඩය මවයි කටකින් අත්වලින් මුහුනෙන්  කතාකරයි පිස්සුද හැටිද මම ඈතක සිහින මවයි රෝස සදුන් ජෙස්මින් සුවදක් හමනා සෙන්ට් පුසුඹ ඇයගෙන් එන්නට ඕනා දිග හැරි කෙස් කලබ සුලගේ රගපානා ඈ සනසන්න රැකියා හතරක් ඕනා බස්නැවතුමේ ඈ කොල්ලෙක් එක්ක සිටී කොල්ලා මැයට වැඩියෙන් පොඩ්ඩක්ය මිටී මමයි ඇයයි මැච් වෙයි ලස්සනට හිටී සිපයියන්ට පොශ් බඩු දෛවයේ හැටී ඉවසනු හැකිය තනිකම දුක මේරීම බැහැ ඉවසන්න කුසගින්නේ දලුලෑම හොද කල ආව දවසට දෙන්නෙමි ගේම වේටර් මල්ලි මොනවද උදයට කෑම                                                                                         පැද ගැලපීම යසියා                                                                    

ඉරිසියාවටද????

Image
ජීවිතය කියන්නේ පටු මාවතක්.. ඕකෙ ඉස්සරහට ගම් දනව් පහුකරගෙන යද්දී අපේ ඇසට හම්බ වෙන සමහර පුද්ගලයන් අපි හිතුවේවත් නැතිව පුදුමාකර විදියට අපේ හිතට ඇතුලු වෙනවා.. සමහරවෙලාවට එයාල අරගෙන එන හුගාක්ම පුංචි මත්කයන් වලින් අපි යන දිශාවම වෙනස් කරනවා..ජීවිතය එක තැන නවතින්නෙත් නෑ. හම්බවෙන හැමදෙනාම අපියන මාවත තෝරාගන්නෙත් නෑ..දෙදෙනෙක්ගෙ අවසාන නැවතුම එකම වුනත් ඒ දෙන්නා එකම මාර්ගයක් තෝරාගන්න ඕනම කියලා එකකුත් නෑ. නමුත් ඒ අතීතය නිසා වර්තමානය විදවන්නත් බෑ.අපි ඉස්සරහට යන්න ඕන.. ඒ හිතේ ලැගුම් ගන්න අය එකම මාවතක නොගිහින් සමාන්තර මාර්ගයක ගමන් කරලා ආයෙමත් වතාවක් එකට හම්බවුනාම දැනෙන මානසික සතුට කොහොමද?? හුගාක් විසාලයි නේද??.. මතක තියාගන්න ලෝකේ කිසිම කෙල්ලෙක් (ගොඩක් අඩුවෙන්) හිතේ තියෙන දෙයක් කියාගන්න බැරුව එහෙමත් නැත්නම් කොන්ද පණ නැතුව ඉන්න එකෙක් i love you කියනකන් බලාගෙන ඉන්නේ නැතිබව.. ඈතින් ඉදන් හැංගි හැංගි කෙල්ලෙක් දිහා බලාගෙන හිටියට... කවදාවත් ඒ කෙල තමන්ගේ කරගන්න බැහැ.. අමාරුයි... "පමාව පසුතැවිල්ලට මුලක්ලු" "වෙලබ ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න හදන්න එපා" මොකද ඔය වෙලබ ආයෙමත් ජීවිතේටම ආයෙත්

මතකයි මන්දා....

Image
දයාබර පූජා:; සොදුරු සැදෑවක අතැගිලි පටලාලා සෙනග පිරිච්ච මංමාවත් දිගේ යන්නකොට... තනකොල එලපු උද්යානයක හාන්සිවෙලා නිල් සුදු අහස දිහා බලාගෙන ඉන්නකොට... මුහුද පෙනෙන මායිමේ ගලක් උඩට වෙලා.. ඉනවටේ අතදාලා උනුහුමට තුරුල් කරගන්නකොට... දෙන්නගෙම හදවත් නැවතුනා... මතකයිද දන්නේ නෑ......... සාරියක් ඇදගෙන මුලින්ම වැඩට ගිහින් ඇවිත්.. ගාලුපාර අයිනේ වැටකෙයියා ගහක් යටටවෙලා.. "මම ආයෙත් මේ කෙහෙල්මල් රස්සාවට යන්නෙ නෑ"  මුහුන රතු කරගෙන ඇඩුවාම ඔය නලල් පරිස්සමට ඉම්ඹා... පලවෙනි පඩියට, මගේ අතේ පාලුව මකන්න, රොලැක්ස් ඔරලෝසුවක් ගෙනාවාම.. "මොන එකකට සල්ලි නාස්තිකලාද? . මම ඔරලෝසු බදින්නේ නෑ" මම බැන්නා.. දවස් දෙක තුනක් යනකල් කතාකලෙත් නැතුවා.. මතකයිද මන්දා.......... ගෙවල්වලට ආරංචි වෙලා.. දෙපැත්තෙන්ම ගිනිගෙඩි පහත් වෙද්දී... ඔයා යන එන හැම තනකටම දන්න අය පස්සෙන් එද්දී... "අනේ අපි පැනල යමු .. තියෙන විදියකට ජීවත්වෙමු" මගේ අත්දෙක පපුවට තුරුලු කරගෙන කියපු හැටි, ඇස් රතුකරන් හඩපු හැටි... :) :) :) :) :) එදා මම බලෙන් ගෙදර එක්කගෙන ගියේ... ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අපි බැන

මවාගත් ලෝකයක ජීවත්වන ඇයට ලියන්නමි

Image
යුවතියක් තමන් මේ ලෝකේ අන්තිමටම විශ්වාස කරන්න සූදානම් පිරිමියා ගැන මේ තරම් කුතුහලයක් ඇයි?? අපේ ජීවිත හරියට මම මුහුද වගෙයි. ඈතින් දැක්කාම මහ මුහුදෙ උනුහුමට ගිලෙන්න හිතෙනවා..ඒත් ගිලුනාම ආයෙත් ඈතට එන්න පුලුවන්ද? වාසනාවයි දයිවයයි මත වෙනස් වෙනවා... "මම කලාකාරයෙක් මිසක් ජනමාඳ්යවේදියෙක් නෙමෙයි..." මේ දෙන්නාගේ තියෙන්න ඕන වෙනස මොකක්ද? ජනමාද්යවේදියා තමන් දකින් දේ ඒ විදියටම තවත් තැනක නිරූපනය කරනවා.. ඒත් කලාකාරයා: තමන්ට අතට අසුවන අමුද්‍රව්ය  ඇසට දකින්න ප්‍රියයි කියලා තමන්ට හැගෙන ආකාරයට වෙනස් කරනවා... ඒ නිර්මානයත් හරියට තේකක් වගෙයි.. කොච්චර කිරි ඕනෑද.. කොච්චර සීනි ඕනෑද කියන එක... බොන පුද්ගලයා මත වෙනස් වෙනවා... සමාජයයේ ගොඩක් කලාකාරයන්ට පිස්සු ඇයි?? ඒ එයාලා අනිත් අය සම්මත කරගත්ත ඇස් වලින් නැතුව තමන්ගේ ඇස්වලින් ලෝකය බලන හින්දා... අද මහා ලොකුවට අපි ඉගෙන ගන්න බර වචන කිව්ව ගොඩාක් විද්යාකාරයොත් ඒකාලේ පිස්සෝ කියලා හංවඩුගැහුනාලු... ඒත් කලාකාරයා සර්වසම්පූර්නයි කියන්න මම උත්සාහකරන්නේ නෑ.. කලාකාරයත් මනුස්සයෙක්.. මිනිස්සු වැරදි කරනවා.. වැරදි කරන්නේ මිනිස්සු විතරයි...ඒ උන්ට තර්කාන්විත

ගුබ්බෑයමේ ඈ

Image
"ඇයි මාව බලන්න හැමදාම එන්නේ" "පන්සලකට එන අයගෙන් එහෙම අහන සිරිතක් තියෙනවද?" " ඉදා මේක පන්සලක්යැ?..ගුබ්බෑයමක් මිස.." තෙල්පාට කම්මුල් වල ගැසුනේ ය. ඇස් පුන්චි වූයේ ය. ඈ හදවතින් සිනාවූවා ය. "ඔයාගේ උපන්දිනේ කවද්ද?" "ජාතක කරපු අම්මව දන්නේ නැතුව මම කාගෙන්ද මල්ලී ඒක අහගන්නේ" මා මුව ගොලු වී ය. සමහරක් ප්‍රශ්න වලට උත්තර සෙවීම හුදෙක් කාලය කා දැමීමක්ම  පමනි.  අගල් පාලහෙන් පාලහ කවුලුවෙන් මුලු පරිසරයම අපූරුවට දිස්වෙයි. ආන්ඩුවෙන් සෑදූ ගල්බැම්ම නොවෙන්නට  මේ පැල්පත තිබිය හැකිද?. තිබෙන්නටත් පුලුවන..  " සල්ලි නැත්නම් යකෝ .. මොන රෙද්දකට *** ලොවින්න එනවද..." දිය රෙද්දකින් පමනක් සැරසුනු වැඩිහිටි කතක් බෙරිහන් දෙයි. මගේ සියොලග හිරිගඩු පිපුනි.ඇයට නම් ගානක් වත් නැත. " ඕක මේ පැත්තට සාමාන්ය දෙයක්.." ඈ ට පරසිත් කියවිය හැකිද? මා අසන්නට හිටි ප්‍රශ්නයට අසන්නටත් පෙර ඈ පිලිතුරු දෙන්නේ කෙසේ ද?. දයිවයේ තවත් මායාවක් වන්නට ඇත. "අදවත් කරනවද මොනවහරි" "නෑ..මුකුත් එපා" "එහෙනම් සල්ලි වියදම් කරගෙන එන්නේ

පස්සේ දවස

Image
අවුරුදු ගානකට පස්සේ, ඉස්සර ආවගිය ඒ මංමාවත් වලින් යනකොට දෙපා පටලැවෙන්න පටන් ගත්තා.. මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තා... මේ ජනපදය කො‍යිතරම් දියුනු වෙලාද?? හිතාගන්නවත් බැරි තරම්. කාගේ හරි උසස් පෙල පංතියක් ඉවරවෙලා.. ඇලපාර දිගේ පෝලිමට බස් නැවතුම්පොල දිහාවට කොල්ලො කෙල්ලෝ ඇදෙනවා...ඉස්සර පුරුද්දට ඒ මූනු අතරේ ඉස්සර හෙව්ව මූනක් හොයන්න ගත්තා.. අපි ඇවිදිද්දී කාලය දුවනවා කියාඅ තේරුම් ගන්න විනාඩියක් විතර යන්න ඇති.. මූන දිහා බලාගෙන ඉදිද්දි පුංචි කෙල්ලෝ ඔරවගෙන යන හැටි.... :) මේ හරියෙ ඉස්සර නිතර ගියපු කඩයක් තියෙනවා. හෙමිහිට ඒ කඩය ඇතුලට ගොඩ වැදුනා..පුරුදු වේටර් අයියා නම් පෙනෙන්න නෑ.. කැශියර් එක ගාවට ගියා මම... "අයියේ ලයිට් එකක් දෙන්න" "හතලිස් හයක් දෙන්න... ආ මෙන්න... හැබැයි කඩේ ඇතුලෙ බොන්න එපා" "හරි අවුලක් නෑ" "ඔයා කොහෙද කලින් දැකලා නෑ" "මම මේ පැත්තේ නෙමෙයි. අයියා" මම ගත්තු එකත් පත්තු කරගෙන එලියට ඇවිත් පාරෙ යන ලමයින්ට නොපෙනෙන්න ගහකට මුවා වුනා.. ඉස්සර පංති යනකාලේ ට හිත දුවලා ගියා... මුලු පංතියෙන්ම අහිංසකම කෙල්ලට මම කොයිතරම් වදයක් වෙන්න

මොකක්දෝ දෙයක අඩුවක් දැනෙනවා..

Image
"හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..." 2011 කියන්නේ මටනම් හුගාක් දේවල් ගෙනල්ලා දුන්නු වර්ශයක්..මට ජීවිතේ අලුත් මාවතක්.. අලුත් හීනයක් දකින්න පුරුදු කරපු අවුරුද්දක්. ඒත්. 2011 ඇතුලෙත් මොකක්දෝ අඩුපාඩුවක් හැන්ගිලා තිබුනා කියලා හැමදාම මට දැනුනා.. ඒ දේ මොකක්ද?? මොන මගුලක්ද කියල අමතක කරන්න හිතුවත් අමතක කරන්න බැරි දෙයක් තිබුනා.. අඩුව පුරවන්න වෙන කෙනෙක් ගේන්න හිතුනත්.. වෙන කෙනෙක්ට ලන්වුනාම තව තවත් අඩුව දැනෙන්න ගත්තා... 2009 දි කෙනෙක්ගෙ ආදරයත් අරන් 2010 ට ආවා... මගේම වැරදි නිසා 2010 දි ඔයා මාව ගැටගහගෙන ඉදපු බැම්ම ලිහලා දාලා,, මට යන්න කිවුවා... 2010 දි ඔයාගේ අඩුවත් අරන් 2011 ට ආවා... 2011 දි මට ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරන්න පුලුවන් වුනා.. ඒත් එතකොට මම පරක්කු වැඩිද කියලත් හිතුනා...පලවෙනි පාරට මේ ගමන එන්න කලින් එයාර් පෝට් එකේදි ඔයාගෙන් කෝල් එකක් ආවා... "අදුරගන්න පුලුවන්ද මාව?" ඇස් වලට කදුලු ආවා.. මගෙ හිතට ගෙදර මිනිස්සු දාලා යන එක ගැනවත්.. මගේ දේවල් වලින් ඈත් වෙන එක ගැනවත් කිසිම දුකක් දැනුනේ නෑ. අවුරුදු දෙකකට පස්සේ ඔයාගේ කෝල් එකකට ආන්සර් කරන්න පුලුවන් වෙච්ච සතුටට මට