මොකක්දෝ දෙයක අඩුවක් දැනෙනවා..

"හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..."

2011 කියන්නේ මටනම් හුගාක් දේවල් ගෙනල්ලා දුන්නු වර්ශයක්..මට ජීවිතේ අලුත් මාවතක්.. අලුත් හීනයක් දකින්න පුරුදු කරපු අවුරුද්දක්. ඒත්. 2011 ඇතුලෙත් මොකක්දෝ අඩුපාඩුවක් හැන්ගිලා තිබුනා කියලා හැමදාම මට දැනුනා..

ඒ දේ මොකක්ද??
මොන මගුලක්ද කියල අමතක කරන්න හිතුවත් අමතක කරන්න බැරි දෙයක් තිබුනා..
අඩුව පුරවන්න වෙන කෙනෙක් ගේන්න හිතුනත්.. වෙන කෙනෙක්ට ලන්වුනාම තව තවත් අඩුව දැනෙන්න ගත්තා...
2009 දි කෙනෙක්ගෙ ආදරයත් අරන් 2010 ට ආවා...
මගේම වැරදි නිසා 2010 දි ඔයා මාව ගැටගහගෙන ඉදපු බැම්ම ලිහලා දාලා,, මට යන්න කිවුවා...
2010 දි ඔයාගේ අඩුවත් අරන් 2011 ට ආවා...
2011 දි මට ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරන්න පුලුවන් වුනා.. ඒත් එතකොට මම පරක්කු වැඩිද කියලත් හිතුනා...පලවෙනි පාරට මේ ගමන එන්න කලින් එයාර් පෝට් එකේදි ඔයාගෙන් කෝල් එකක් ආවා...
"අදුරගන්න පුලුවන්ද මාව?"
ඇස් වලට කදුලු ආවා.. මගෙ හිතට ගෙදර මිනිස්සු දාලා යන එක ගැනවත්.. මගේ දේවල් වලින් ඈත් වෙන එක ගැනවත් කිසිම දුකක් දැනුනේ නෑ. අවුරුදු දෙකකට පස්සේ ඔයාගේ කෝල් එකකට ආන්සර් කරන්න පුලුවන් වෙච්ච සතුටට මට එන්න කලින් අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ලලා වදින්නත් අමතක වුනා..මම කොයි තරම් ඔයාට ආදරය කලාද කියල මට වැඩිපුරම දැනුනු දවසක් තමයි ඒ..
"මෙහේ දි වගේ පිස්සු නටන්න එපා ...ඉගන ගන්න එක හරියට කරන්න.අනේ ප්ලීස් ... බොන්න එපා යසිත..."
තව කොච්චර දේවල් කිව්වාද?...ඒ කටහඩමයි පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ...
ජීවිතෙ එකපාරක් විතරක් දැක්ක..ඒත් අවුරුද්දක් විතර උදේ හවස දැහුනු කටහඩකට මෙච්චර ආදරය කරන්න පුලුවන්ද?...
ඔහොමින් කොහොම මාසයක් දෙකක් ගෙවිලා ගියා.. ගොඩක් බිසී දවස් ටිකක්..සැප්තැම්බර් 25.. මගෙයි .. මල්ලිගෙයි උපන්දිනය.. මට මෙහේ නම්බර් එකට මැසේජ් එකක් ආවා... විශ් කරලා....
ඇයි මාව අමතක නොකලේ?????...
මම  එයාගෙන් කීපාරක් ඇහුවද??... මම හිතන්නේ ඒක මේ ලෝකෙ තියෙන උත්තරයක් නැති ප්‍රශ්නවලින් එකක්...

අගෝස්තු වල සති දෙකකට ආයෙමත් ලංකාවට යනවා මම.. ආයෙත් ආපහු එනකොට නැවතත් එයාර් පෝර්ට් එකේදි කෝල් එකක් එනවා...එදානම් පැයක් විතර කතාකරනවා..
" අනේ ප්ලීස් මට බනින්න .. ප්ලීස්"
මම කාගෙන් වත් බැනුම් අහන්න ආස කෙනෙක් නෙමෙයි.. ඒත් ඔයාගෙන් බැනුමක් අහන්න කොච්චර ආසා කලාද?
"මැට්ටා.. මෝඩයා...පිස්සා"
කියලා බනිනකොට කොච්චර ස්වීට් ද?.

මට මගේ ජීවිතේ හුගාක් දේවල් ලැබුනේ පරක්කු වෙලා.. ඒත් ....

ඇයි හැම තිස්සෙම එකම කෙනෙක් ගැන විටින් විට හිතට එන්නේ...???

ඔයාට සුභ අලුත් අවුරුද්දක් යසින...මේ අවුරුද්දෙවත් පාඩම් වැඩටික  හරියට කරන්න...

ෆේස් බුක් එකට එයාගෙන් මැසේජ් එකක් ඇවිල්ල තිබුනා...

ඔන්න මම සේරම දේවල් අමතක කරලා .. 2011න් ඔයාගේ මතකයන් විතරක් අරගෙන 2012 අවා...
2012 ත් 2011 වගේම පපුවේ හිස්කමක් එක්ක ගතකරන්න සිද්ද වේවිද???

ඔයාටත් ඔය හිතේ තියෙන පන්ඩිතකම් නැති සුභ අලුත් අවුරුද්දක් වේවා...
පරිස්සමෙන් ඉන්න මගෙ කෙල්ලෙ...

Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02