Posts

Showing posts from August, 2011

උදව්වක් අවශ්‍ය වී ඇත..."දැන් ඉතින් මා කුමක් කරන්නද??"

Image
" මායාවත් යතාර්තයත් අතර තියන වෙනස වටරාගනු නොහැකිව, තනාගත් මිත්‍යා මිටියාවතක සිරවී සිටි මා හට..නුබේ සොදුරු රූපය දුටු ප්‍රතම දිනයේ සිටම ලයෙහි කොනක සැගවුනාවූ කුමක්දෝ වටහාගත නොහැකි හැගීමක්....." "මේ මොකක්ද ?? මේක නිකන් කුනුහර්ප වගේ..ලිව්ව මටත් තේරෙන්නෙ නැතිනම්......" මෙච්චර වෙලා ලිය ලිය හිටපු ලා නිල් පාට A 4 කොලය ගුලි කරල මේසෙට යටින් තිබ්බ කුනු කූඩෙට විසික් කලා... " මොකද බන් හෙලයේ බිහිවූ සිරාම රචක ඩයල් එක හිරවෙලා තියෙන්නෙ..මොලේ නහර හිර වෙලාද???.. ඔය කොල උබට වැඩිනම්  දීපන් මට ගනන් හදන්න...." "නෑ...මම මේ බ්ලොග් එකට දාන්න කියල පෝස්ට් එකක් ලියනව බන්... තාම පට්ට එකක් ලියවුනේ නෑ..." "ඒයි කවදා ඉදලද උබ ඔය කොලවල ලිය ලිය බ්ලොග් එකට දාන්නේ???.. මම නම් දන්න විදියට උබට හෙනම චේතනාවක් ආවම කරන්නේ දවස් දෙක තුනක් පැත්තකට වෙලා කල්පනා කර කර ඉදලා... ගෙදර කාටවත් ඇහුවම කියන්නෙත් නැතුව...තනියම සින්දු අහන එකනේ.... ඊට පස්සෙ හිතේතියෙන කුනු සේරම බ්ලොග් එකට දාලා අන්තර්ජාලයේ රෙදිගලව ගන්නවා..." "අනේ පලයන් උබේ වැඩක් බලාගෙන.." "උබ කොහෙද යන්නේ

"සිහින"-- මොනවද මේ "DREAMS"

Image
මම ලගකදි දැක්ක පුදුමාකාර හීනයක් ගැන විස්තරයක බාගයක් අහගෙන හිටපු මගේ බාල සහෝදරය කියනව.. "ඕක උබෙ හිතේ තිබ්බ එකක්. ටිකක් වෙනස් විදියට උබට ඔය පෙන්නන්නෙ..." ඒ කියන්නෙ ඔහු කියන විදියට හීනයක් කියන්නෙ " යටි හිත තුල තැම්පත් වන්නාවූ සිතුවිල්ලක ප්‍රතිනිර්මානයක්"  ඒත් අපි සමහර හීනවලට කොච්චර ආදරය කලත්, ඒ හිනයම නොවුනත් අඩුමගානේ ඒ ආකාරයේ හීනයක්වත් ආයෙමත් දැකගන්නේ කොහොමද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.චිත්‍රපටියක් බලන්න වගේ අපිට ඕන හීන පුන පුනා බලන්න පුලුවන්නම් ඒක කොච්චර එකක්ද නේද? සමහර හීන කොයි තරමටම ප්‍රායෝගිකයිද කියනවා නම්. ඒ හීනය දකින අවස්තාවෙදී අපි නින්දේ පසුවන බවක් වත් අපට දැනෙන්නේ නෑ..ඒ හීනය තුල තියෙන්නාවූ හැගීම්. වේදනාවන්, ඒ වගේම චේතනාවන් අපේ යටිහිතේ තැන්පත් වෙන්නේ සාමාන්ය ආකාරයටමයි. තැන්පත් වුනාට අනතුරුව මතකයන් කියන ඒවා එකිනෙක වෙන්කරගන්න අපේ මනසට හුගක් අපහසුයි..සමහර හීනයන්හිදී අපිට, ඉන්පෙර දැකපු හීනයක හීවත්වුන අතාත්වික චරිතයන් ආයෙමත් දැකගන්න පුලුවන් වෙන්නේ ඒ හේතුව නිසා. සිහිනය කිසිදු භෞතික ස්වභාවක් නොමැති වුනත්, ඒ හීනයකදි උපදින්නවූ හැගීම් නම් තාත්විකයි.ඒ හින්දම හීන

කවුද මේ ලෝකෙ මම දැකපු ලස්සනම කෙල්ල???

Image
 මේ ලෝකෙන්ම ලස්සන කෙල්ල කවුද? "ට්‍රිශා ක්‍රිශ්නන්" ඇයි එහෙම කිව්වෙ?.. ආහ්.. එයා මගේ ආසම නිලිය නිසානේ... එයා නෙමෙයි මගේ ඇස් දෙකට ලස්සනම කෙල්ල... එහෙනම් කවුද? "ආහ් එයා නෙමෙයිද?" "නෑ" "එයා නෙමෙයිද?" "නෑ" "එයා නෙමෙයිද?" "නෑ" " එහෙනම් කවුද?" " :D" " එහෙනම් මේ පින්තූරෙ ඉන්න Kristen Stewart ද?" "අනේ නෑ.. එයා නෙමෙයි" "එහෙනම් එයා මොනවගේ කෙනෙක්ද?" "ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තියෙන කොට මහත නාහයක් තියෙන.. යන්තමට තඹ ටිකක් දිග කෙස් තියෙන.. අහින්සකම අහින්සක යුවැතියක්" " අපෝ ඔච්චරම අහින්සකද?" "අනේ නෑ.. වෙලාවකට නපුරුයි" "එහෙනම් අර කිව්වේ අහින්සකායි කියලා" "ආහ් ඒ... ලෝකෙටම හොරා අමාරුවෙන් දුක හිතුනම ඒක හංගගෙන..තනියම පැත්තකට වෙලා..මූන කදුලෙන් පුරෝගෙන අඩන හින්දා.." "ආ ඒන් මේන් මට කියන්නත් අමතක වුනා... මම එයාට සින්දුවකුත් ලිව්වා...." කියන්නකෝ බලන්න" "දන්නවනේ මට සින්දු කියන්න බැහැයි කි

සද නුබට ඇහෙනවාද??

Image
කාමරයේ කවුලුවෙන් එබිලා අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට මටත් නොදැනිම මගේ ඇස් දෙක රෑ අහසේ තනියම ඉන්න සද දිහාවට ඇදිලා යනවා.. වෙලාවකට නපුරුම නපුරු වලාකුලක් ඇවිල්ලා  මගේ ඇස්වලින් ඔයාව වෙන් කරනවා...... ඒත් ටික වෙලාවකින් ඔයා මගේ ඇස් ඉස්සරහට ආයෙමත් එනවා.... ඔව්.. හරියට මායාවක් වගෙයි... මම විතරද ඔයාට ආදරේ කරන්නෙ....?? මේ ලෝකෙ ඉන්න ගොඩක් දෙනා ඔයා ගැන වර්ණනා කරනවා..එච්චරම ලස්සන දේකට ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි නේද??? වෙලාවකට හීනයක් වගේ ලස්සනයි....තව වෙලාවකට ලස්සනයි.... හැන්දෑවට අහසට එනකන් කවුලුව ගාවට වෙලා මම බලාගෙන ඉන්නවා... ඒත් ඔයා නොයෙන අමාවක දවසට .. මගේ හිතට හුගාක් දුක් හිතෙනව..... අනිත් දවස් වලට මට පාලු කාමරයේ නින්ද යනකන් මගේ පාලුව නැතිකරන්න ඈත ඉදන් ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා....මගේ ලගට එන්න බැරිවුනත් ඔයාගෙ හද එලිය මගේ දිහාට එවනවා... ඒත්... උදේට මම නැගිටිනකොට ඇයි ඔයාව මට පෙන්නෙ නැත්තේ?... ඒ වෙලාවට කොහෙද හැන්ගෙන්නේ....?? ආදරිණීය සද..ඇයි හැමදාම මාව බලන්න න්ඓන්නේ......????

නමක් දෙන්නට නොහැකි බැදීමක් ගැන..

Image
හිත කියන්නෙ පුදුමාකාර දෙයක් නේද.. එක එක කාලෙට් එක එක මායාවලින් අපිව නොමග යවල ටික දවසකට පස්සෙ ආයෙමත් අපිව හරි මගට ගන්නවා...ඒ හිත කියන දේ අස්සෙම මොකක්දෝ තැනක මතකයන් ගබඩා කරලා තියාගෙන වෙලාවකට සංතෝසයකුත් වෙලාවකට වේදනාවකුත් ගෙනත් දෙනවා... ගැහැනියක් සහ පිරිමියෙක් අතර තියෙන්න පුලුවන් මොනවාගේ බැදීමක්ද? * යාලුකමක්? *සහෝදරකමක්? *ප්‍රේමයක්..??? ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ හැටි අනුව වෙනස් වෙනවා... කවමදාකවත් අපිට මෙච්චර ලන්වේවි කියල නොහිතපු අය පොඩි දිනගානකදි හිතේ ස්තිර පදින්චිය අරගෙන ඈත්වෙලා ගියාම පුදුමාකාර දුකක් ඇතිවෙනවා...ඒත් ඒ අන්තර් සම්බන්දතාවය මොකක්ද කියල නමක් දෙන්න නොහැකි වුනාම...අපි කොච්චරක් නම් අතරමන් වෙනවද??? පිරිමියෙක් එක ගැහැනියකගෙ තුරුලෙ තියෙන උනුහුමට ආසා කලාම.. රූපයක් දකින්න ලෝබ වුනාම... මත්ද්‍රවයක් වගේ අපේ ස්නායු පද්දතිය ඒව හොයාගෙන යන්න අපිව අසරන කරනව..සමහර වෙලාවට නොයෙකුත් හේතුන් හින්දා ඒ හැගීම හිත ඇතුලෙම හංගාගත්තට ඒ උත්තේජනයන් සිහිනවලින් අපිම ලබාගන්නවා. . නුපුරුදු මිනිස්සු මිතුරන් කරන්නත්...දන්න හදුනන උදවියව ආගන්තුකයන් කරන්නත් හිතක ඇතිවෙන හැගීමක් ප්‍රමානවත්. ඇස්දෙක දිහා බලාගෙන