Posts

Showing posts from March, 2016

සමුගනිමි. මීට රෝමියෝ

Image
"ජීවිතේ දිනුම් කනුව අඩි දෙකක් ඉස්සරහින් තියෙද්දි... මම ආපසු හැරුන, කකුල් දෙකේ කොච්චර හයියක් තිබ්බත්, හිත හයියක් දුන්නෙ නෑ, බ්‍රේක් එක ගහන්න ඇක්ස්ලේටරෙන් අඩිය ඉස්සුනෙ නෑ, හෑන්ඩ් බ්‍රේක් එක බර වැඩියි වගේ දැනුනා, ඒක උස්සගන්න බැරි වුනා, ඉස්සරහින් ආපු කන්ටේනරේ ලයිට් ගහ ගහ හෝන් ගහද්දි, මම අන්ද වුනා, මම බීරි වුනා. ඉස්සර මගේ හිත වගේ කාර් එකේ කෑලි කීයක්ද මන්දා , හතර කොනේ විසික් වෙලා තිබ්බා, හතර වටේ මිනිස්සු අතින් කට වහගෙන සුස්ම් හෙලනව මම දැක්කා. කාකි කෝට් කාරයෝ වගයක් කහ පටි අදිනවා දැක්කා, ට්‍රොලියක් ශේප් එකේ මාවත් අරන් මාරු වුනා. මට මහන්සියි මචන්. මම ඇස් දෙක පියාගත්තා. කිලෝ අසූවක ශරීරෙ බර මට නොදැනී යන්න පටන් ගත්තා. මට පුදුම ඉස්පාසුවක් දැනුනා" " අවුල් වෙච්ච කොන්ඩෙ, නොමැදපු සුදු ටී ශර්ට් එක, මේකප් නොදාපු පොඩි පොඩි දුබුරු ස්පොට් වැටුන සුදු මූන, කවදාවක් නැති තරමට මලානික වෙලා තිබුනා. කලු කෝට් එක අස්සෙන් ඔලුව  දාලා සුදු ශර්ට් එකට උඩින් අමාරුවෙන් කලු ටයි එක උබ දිහා බලන් හිනාවෙන්න හෙන ගේමක් දුන්නා. අපෙ අම්මගෙ උරේට ඔලුව තියාගෙන අඩන කදුලු පුරෝගෙන කදුලු පුරව ගත්ත වැහුනු ඇස් දෙකට ඒක පෙනුන