යමින් ගමන් සටහන්
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්‍රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා. ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු මිනිස්සු එකතු කරනවා. මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක. යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න...