Posts

Showing posts from December 9, 2014

-----තරුනයෙක් අසයි-----

-----තරුනයෙක් අසයි----- මා දන්නා දේශපාලනයක් නොමැත. මධ්‍යම මැද පන්තියේ මට එයින් ඇති වැදගැම්මකුත් නැත. නමුත් ව්‍යවස්තාව යනු කුමක් දැයි මටද හැගීමක් ඇත. හිට්ලරයන් ගඩාෆීන් ගැන මමද අසා ඇත්තෙමි. නමුත් උන් කිමැක් කලදැයි මා දුටුවේ නැත. උන් කුමක් කලත් මට කිසි කමකුත් නැත.නමුත් දේශපාලන පලිගැනීම් නම් මම හොදින් දැක ඇත්තෙමි. මීට වසර පහ හයකට පෙරතක් ධනපති පන්තියට වෛර කලේ පීඩිත පන්තිය පමනි. නමුත් අද මමද ඒ පන්තියට වෛර කරන්නට හුරු වී සිටින්නෙක්මි. මා දුගී වී ඇත්තේද නැතිනම් මා දුගී කර ඇත්තේද? එයද  මා නොදනිමි. දේශය බේරාගත් රනවිරුවන් වෙනුවෙන් ලියූ ලිපි , කාව්‍යන් මගේ බ්ලොගයේද පලවුනි. නමුත් හදවතින් කියන්නේනම් අද උන් සිටින්නේ වෙඩි නොවදිනා ගානට ය. උන් උඩින් ඩ්ෆෙඩර් වල ඉගිලයද්දී අපි බඩගාන්නෙමු. ඉදිරියෙන් ඩිෆෙන්ඩර කිහිපයකි පසුපසින් තවත් කිහිපයකි. මැදින් තවත් තඩි කාර් දෙක තුනක් ඇත. වීදුරු කලුකර තිබේ. ඇතුලේ කවුරුදැයි මට කිසි අදහසක් නොමැත. මා දන්නේ මෙපමනකි. මමද මේ රටේ නිදහස් වැසියෙක්මි. ඇතුලේ යන්නන් ද වැසියකු විය යුතු ය. නමුත් මා වේගයෙන් ගියොත් මට හිමිවන්නේ දඩ කොලයක් ය. නැත්නම් නොතීසියක් ය. මට මෙසේ වෙන්නටත් උන්