පස්සේ දවස
අවුරුදු ගානකට පස්සේ, ඉස්සර ආවගිය ඒ මංමාවත් වලින් යනකොට දෙපා පටලැවෙන්න පටන් ගත්තා.. මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තා... මේ ජනපදය කොයිතරම් දියුනු වෙලාද?? හිතාගන්නවත් බැරි තරම්. කාගේ හරි උසස් පෙල පංතියක් ඉවරවෙලා.. ඇලපාර දිගේ පෝලිමට බස් නැවතුම්පොල දිහාවට කොල්ලො කෙල්ලෝ ඇදෙනවා...ඉස්සර පුරුද්දට ඒ මූනු අතරේ ඉස්සර හෙව්ව මූනක් හොයන්න ගත්තා.. අපි ඇවිදිද්දී කාලය දුවනවා කියාඅ තේරුම් ගන්න විනාඩියක් විතර යන්න ඇති.. මූන දිහා බලාගෙන ඉදිද්දි පුංචි කෙල්ලෝ ඔරවගෙන යන හැටි.... :) මේ හරියෙ ඉස්සර නිතර ගියපු කඩයක් තියෙනවා. හෙමිහිට ඒ කඩය ඇතුලට ගොඩ වැදුනා..පුරුදු වේටර් අයියා නම් පෙනෙන්න නෑ.. කැශියර් එක ගාවට ගියා මම... "අයියේ ලයිට් එකක් දෙන්න" "හතලිස් හයක් දෙන්න... ආ මෙන්න... හැබැයි කඩේ ඇතුලෙ බොන්න එපා" "හරි අවුලක් නෑ" "ඔයා කොහෙද කලින් දැකලා නෑ" "මම මේ පැත්තේ නෙමෙයි. අයියා" මම ගත්තු එකත් පත්තු කරගෙන එලියට ඇවිත් පාරෙ යන ලමයින්ට නොපෙනෙන්න ගහකට මුවා වුනා.. ඉස්සර පංති යනකාලේ ට හිත දුවලා ගියා... මුලු පංතියෙන්ම අහිංසකම කෙල්ලට මම කොයිතරම් වදයක් වෙන්න...