Posts

Showing posts with the label අමුතු කතා

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

යමින් ගමන් සටහන්

Image
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්‍රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා. ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු  මිනිස්සු එකතු කරනවා. මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක. යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න...

ඔහු ....

ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..  ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට.. ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට... ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට... මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි.. මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි... ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි... මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි... පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති... ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක... එදා නුබ බසයට  නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක.. ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට... මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට.. ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට.. වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත.. යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම ...

විරංගි 002

Image
විරංගි 001 මෙතනින් කියවන්න සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු  දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.. "රෙද්ද..."  දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය.. ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි. " හෙලෝ" දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.. " ගෙදර ගියා ද බබා" " නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ" " මෙච්චර වෙලා" " ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ" " පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. " " ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි" " හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. ...

විරංගි 001 ( කුලුදුල් නවකතා ප්‍රයත්නය )

Image
"බ්‍ර්ර්ම්.. බ්‍ර්ර්ම්" "හෙලෝ" "හෙලෝ නෙමෙයි.. කොහෙද කියන්න ඉන්නේ?" "මම පොඩි හොර ගමනක් ආවා.. ගෙදරට හොරෙන්..." " කියන්නකො බබා... ප්ලීස්... ඇයි හෙමින් කතාකරන්නේ?" " කියන්නම්..පැටී එන්නකෝ ඔයාලගේ උගුරැස්ස ගහ පැත්තේ තාප්පේ ගාවට.." " මෝඩයා... විහිලු නොකර කියනව කොහෙද ඉන්නේ කියලා.. මට ඇසෙස්මන්ට් එකක් තියෙනව හෙට සබ්මිට් කරන්න.." "විහිලු නෙමෙයි පැටී.. මම තාප්පේ ගාව ඉන්නේ ... එනවකො ඉක්මනට.." "හ්ම්... පොඩ්ඩක් ඉන්න බබා" වෙලාව රාත්‍රී 11:55 ය. ඇයව බලන්නට ඇති ඕනෑකම නිසාම කලුවරේ ඇයව ගෙන්වා ගතිමි. මා ඉන්නාතැනට කුස්සිය පැත්තේ දොර හොදහැටි පෙනෙයි... හොර වැඩකටනම් ඇය ගෙදරින් පිටවෙන්නේ එතැනිනි.. කුස්සිය ඇගේ කාමරය ගාවමය.. ඇගේ කාමරයේ ලයිට් නිවෙනවා පෙනෙයි... පෝය පසු වී දින දෙකක් වුනත් හදේ දගකාරකම් නම් තවම අඩුවක් නැත... " සද එලිය එපා ඇයව වෙලා ගන්නට... ඈ අයිති මට විතරයි" හිත කරන තරවටු සද නම් අසන්නේ නැත.. මා පසුකරමින් ගිය සිසිල් සුලන් දහරක් ඇගේ නිදහස් වරල් ගෙනයන්නට තැත් කරයි... රෝස පැහැ නියිටිය සහ හව...

උදව්වක් අවශ්‍ය වී ඇත..."දැන් ඉතින් මා කුමක් කරන්නද??"

Image
" මායාවත් යතාර්තයත් අතර තියන වෙනස වටරාගනු නොහැකිව, තනාගත් මිත්‍යා මිටියාවතක සිරවී සිටි මා හට..නුබේ සොදුරු රූපය දුටු ප්‍රතම දිනයේ සිටම ලයෙහි කොනක සැගවුනාවූ කුමක්දෝ වටහාගත නොහැකි හැගීමක්....." "මේ මොකක්ද ?? මේක නිකන් කුනුහර්ප වගේ..ලිව්ව මටත් තේරෙන්නෙ නැතිනම්......" මෙච්චර වෙලා ලිය ලිය හිටපු ලා නිල් පාට A 4 කොලය ගුලි කරල මේසෙට යටින් තිබ්බ කුනු කූඩෙට විසික් කලා... " මොකද බන් හෙලයේ බිහිවූ සිරාම රචක ඩයල් එක හිරවෙලා තියෙන්නෙ..මොලේ නහර හිර වෙලාද???.. ඔය කොල උබට වැඩිනම්  දීපන් මට ගනන් හදන්න...." "නෑ...මම මේ බ්ලොග් එකට දාන්න කියල පෝස්ට් එකක් ලියනව බන්... තාම පට්ට එකක් ලියවුනේ නෑ..." "ඒයි කවදා ඉදලද උබ ඔය කොලවල ලිය ලිය බ්ලොග් එකට දාන්නේ???.. මම නම් දන්න විදියට උබට හෙනම චේතනාවක් ආවම කරන්නේ දවස් දෙක තුනක් පැත්තකට වෙලා කල්පනා කර කර ඉදලා... ගෙදර කාටවත් ඇහුවම කියන්නෙත් නැතුව...තනියම සින්දු අහන එකනේ.... ඊට පස්සෙ හිතේතියෙන කුනු සේරම බ්ලොග් එකට දාලා අන්තර්ජාලයේ රෙදිගලව ගන්නවා..." "අනේ පලයන් උබේ වැඩක් බලාගෙන.." "උබ කොහෙද යන්නේ...

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

Image
අන්තර්ජාලගත වෙන්න තිබ්බ අපහසුතානුයි...කම්මැලිකම්යි නිසා.. ෆයර්ෆො‍ක්ස් අමතකම වෙලා හිටියෙ.. දැන් හරි හොදේ... මතක් වුනා..... මම ආයෙත් ලියනෝ.... මේක ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් අතරෙ ගිය කතාබහක්.... "ඔයා අන්තිමට හිනාවෙච්ච දවස මතකද?" "නෑ..ඇයි?" "ඔයා අන්තිමට අඩපු දවස මතකද??" "අපොයි ඔව්..  ඒදා අමතක වෙන්න මම මැරිලා ඉපදුනාද?" "කවදද ඒ??" "අනේ මේ... දන්නේ නෑ වගේ අහන්න එපා හොදද.." "ඔයා වැඩියෙන් ආස අඩන්නද හිනාවෙන්නද???" "අඩලා හිනාවෙන්න" "ආහ්.. එහෙනම් හිනාව කදුලට සාපේක්ශව අර්තකතනය කරන්නද හදන්නේ?" "ඔයාට වගේ මට පිස්සු නෑ එහෙම කරන්න" "එහෙනම් හේතුව කියන්නකෝ" "කියන්නම් හැබැයි හිනාවෙන බෑ හොදේ" "සත්තයි හිනාවෙන්නේ නෑ... කියනකෝ ඉතින්" " ඔයා මාව හිනස්සන වෙලාවට මාව ආර්මාර්තකාමී වෙනවා..ඔයාගෙ අහින්සක හදවතින් කියන දේවල් කන් දෙකෙන් පිටවෙලා යනවා... ඒත්. ඔයා මාව අඩවන වෙලාවට ඔයා මාව සංතෝසෙන් තියන්න කොච්චර දේවල් කාලද මතක් වෙලා මට ඔයා ගාවට දුවගෙන එන්න හි...

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

Image
..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න.. මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා.. අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ.. නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා... "මොකෝ බන් උබට වෙලා තියෙන්නේ " කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි.. කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා    ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි.. මට ඕන කසිනයෙක් නෑ මම චැට් කරන්න ගියාම.. "සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ" පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා හිටපන් ඔහාටම වෙලා.. උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ.. සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්. මට අක්...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ...

උපාදි අපේක්ශක පොඩි හාමුදුරුවෝ

Image
සරසවියට    පාන්දරින්    වඩින්නටම    ඕනෑ කලින් දවසෙ නිබන්දනය තව අහවර නම් නෑ ටිකක්   කලින්   ගිලම්පසය වලදන්නට  ඕනෑ සම්දුට පූජා කරන්න නැවුම්  දානේ  නම්  නෑ මාස  දෙකක්  වැඩහිටියයි    නේවාසික    එකට ගමේ  පන්සලට  වඩින්න මහපොල නැත  තවම පියෙක් ලෙසම කෝටු පාර ලැබු හින්දා හොදට සියුරු පතේ අගය දැනුනි ලොකු හිමි පින් මහිම හතර   කේන්දරය   පාලු    වුනි   පෙර  කල පිනට සරසවි  යන්නට    ලැබුනයි   පූරුවෙ  කල    පවට "පොඩි ඇත්තෝ වඩින්නෝනැ" නාහිමි  අදහසට බද්දේගම     ඤාණතිස්ස     B. A.        එයි අගට එක බන්කුවෙ ශිල්ප දැරූ අශෝක පොඩි හිමියෝ රූපපෙට්ටියේ  දුටීමි  බන     කියන්ට      රුසියෝ පොත පත හිත යන බව ලොකු හාමුදුරුවො දුටුවෝ පන්සල තුල වැඩහිටියා නම්   කියලත්    හිතෙනෝ බැචාලාට මම හිමියෙක් බව සිහිවෙන කලනම් පහන් කූඩුවට   ජාතක ...

"LTTE ත්‍රස්තවාදීන් AIR LANKA ගුවන්යානයක් පැහැරගනියි"

Image
ස්තානය: පැහැරගත් ගුවන් යානය චරිත: සිත්ති: හදවත් සැත්කමකින් පසුව සුවය ලබා නැවත යාපනය බලායන දස අවුරුද්දක් වයසැති ගැහනු දැරුවෙක් ක්‍රිශ්නා: දිගු කලක් LTTE ය සමග වැඩකල තරුනයෙක්. සිදුවීම: ගුවන්යානයේ ශීට් පේලි අතර සක්මන් කරන ක්‍රිශ්නා බිම වැටී ඇති කුඩා ටෙඩියා අහුලා සිත්ති අතට දෙයි.. සිත්ති: ස්තුතීයි අයියා. අහින්සක සිනාවකින් ඇගේ මුව සැරසෙනු දුටු ඔහු ඇගේ හිස පිරිමදී.. සිත්ති: අයියාගෙ නම මොකක්ද? ක්‍රිශ්නා: මට නමක් නෑ න0ගී.මම විමුක්තියට ජීවිතය පූජකරන්නෙක් සිත්ති: ඇයි අයියලා මෙච්චර නපුරු? ක්‍රිශ්නා: මේ සි0හලයා ඔක්කෝම අපිට හතුරුකම් කරනවා.මෙහෙම නැතුව අපිට අපේ අයිතිය දිනාගන්න බෑ. සිත්ති: ඒත් අයියා ඉස්පිතිතාලෙදි සේරම මට හොදට සැලකුව දොස්තර මාමලා සි0හලනේ? ක්‍රිශ්නා: දොස්තරලා හැමෝම හොදයි න0ගී ජාති බේද එයාලට නෑ සිත්ති: ඇයි අයියා ඔයා දොස්තර කෙනෙක් නොවුනේ? ප:ලි: අවසාන දෙබස සම්පූර්න කිරීම නුබට බාරයි                               ...

සිහිනය

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ.වෙලාව උදේ නමයයි.අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්. වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද? හෙමීට දොර ඇරියා. "මතකයට මගේ ඔබ ඇ." "හුටා" "මෙහෙ එනවා..කෝ බලන්න..නෑ තව ලගට එනවා" "නෑ.. මේ..  මං.. මේ..අර..." "අපෝ තමුසෙ ගාව ගද විතරක්.රස්තියාදුවයි ජරාවයි.චික් මල්ලි" අක්ක අඩනවා. "සොරි අක්කෙ ආයෙ නෑ.ප්ලීස්" අක්කා මගේ කනෙන් ඇල්ලුවා. "ඌයි." "ආයෙමත් ජරාව බොනවකෝ මම කරන දේ බලාගන්න"   ***************************************** "නැගිටපං බන්.අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්." ****************************************** "අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ඉබාගාතේ ලියම්

Image
+දවසක් ඔයා දැක්කා හිඟන මනුස්සයෙක්ව. ඔයා කවද හරි මෙහෙම හිතලා තියෙනවද?   ඇයි මේ මනුස්සයා හිඟා කන්නේ?  මෙයාට කවුරුවත් ඉන්නවද?  මම මෙයාට හොද කෑම එකක් ගෙනත් දෙන්නද? මතක තියාගන්න එයාගෙ ජීවිත කතාව අස්සෙ වටින පාඩම් ගොඩක් තියෙනවා.. +ඔයාට ඉන්නව නේද හැමතිස්සෙම විහිඵු කරන යාලුවෙක්?    මමත් දන්නව ඌ ඔයාට මාර වදයක්.ඒත්,      ඌ ඇයි හැමතිස්සෙම මිනිස්සු හිනස්සන්නේ?   හැබැයි ඔයා කවදාවත් ඌව තඹේකට විස්වාස කරන්නෙ නෑ. ඒක ඌ දන්නෙ නෑයි කියලා ඔයා හිතාගෙන හිටියට ඌ ඒක හොදට දන්නවා.    ඔයාට ලෝකෙන්ම කරදර වුනත් අන්තිමට ඔයා ගාව ඉතුරු වෙන ඌවත් ඔයා දැන්ම අයින් කලාම ඔයා ලෝකෙ අසරණ වෙනවා,ඌ ඔයාලව හිනස්සන්නෙ ඌ හොදට අඩලා දුක්විදපු එකෙක් හින්දා. ඔයා ඒක දැනගෙන හිටියද? +දැන් මම කියනදේ අදාල වෙන්නෙ කෙල්ලනේ උඹලට.... ඔයාගෙ ගෙදර වටේ දැන් අවුරුදු දෙකක් තිස්ස එකෙක් බයිසිකලයකින් කරකැවෙනව නේද? ඔයාට එයාව පුංචි කාලෙ ඉදන් දන්නවා නේද? ඒත් ඔයා එයාව අදුනන්නෙ නැහැ වගේ රගපානව, ඌ ඔයා දිහා බුදු පිලිමයක් දිහා වගේ පන්තියෙදි බලාගෙන ඉදිද්දි ඔයා ගස්සලා අහක බලාගන්...