විරංගි 001 ( කුලුදුල් නවකතා ප්‍රයත්නය )



"බ්‍ර්ර්ම්.. බ්‍ර්ර්ම්"
"හෙලෝ"
"හෙලෝ නෙමෙයි.. කොහෙද කියන්න ඉන්නේ?"
"මම පොඩි හොර ගමනක් ආවා.. ගෙදරට හොරෙන්..."
" කියන්නකො බබා... ප්ලීස්... ඇයි හෙමින් කතාකරන්නේ?"
" කියන්නම්..පැටී එන්නකෝ ඔයාලගේ උගුරැස්ස ගහ පැත්තේ තාප්පේ ගාවට.."
" මෝඩයා... විහිලු නොකර කියනව කොහෙද ඉන්නේ කියලා.. මට ඇසෙස්මන්ට් එකක් තියෙනව හෙට සබ්මිට් කරන්න.."
"විහිලු නෙමෙයි පැටී.. මම තාප්පේ ගාව ඉන්නේ ... එනවකො ඉක්මනට.."
"හ්ම්... පොඩ්ඩක් ඉන්න බබා"

වෙලාව රාත්‍රී 11:55 ය. ඇයව බලන්නට ඇති ඕනෑකම නිසාම කලුවරේ ඇයව ගෙන්වා ගතිමි. මා ඉන්නාතැනට කුස්සිය පැත්තේ දොර හොදහැටි පෙනෙයි... හොර වැඩකටනම් ඇය ගෙදරින් පිටවෙන්නේ එතැනිනි.. කුස්සිය ඇගේ කාමරය ගාවමය.. ඇගේ කාමරයේ ලයිට් නිවෙනවා පෙනෙයි... පෝය පසු වී දින දෙකක් වුනත් හදේ දගකාරකම් නම් තවම අඩුවක් නැත...
" සද එලිය එපා ඇයව වෙලා ගන්නට... ඈ අයිති මට විතරයි"
හිත කරන තරවටු සද නම් අසන්නේ නැත.. මා පසුකරමින් ගිය සිසිල් සුලන් දහරක් ඇගේ නිදහස් වරල් ගෙනයන්නට තැත් කරයි... රෝස පැහැ නියිටිය සහ හවුස් කෝට් එකත් රබර් සෙරෙප්පු දෙක පැලැදි ඈ පසුපස බලබලා ඇදෙන්නේ මා සිටිනා උගුරැස්ස ගස දෙසටයි..

" ස්..ස්.."
"ඔහොම ඉන්න.". ඇය අතින් සිග්නල් කලාය..

" මොකද පිස්සෝ හදිස්සියෙම මේ මහ රෑ"
"මට ඕන වුනා මේ ලෝකෙ හැමෝටම කලින් ඔයාට විශ් කරන්න"
"ඇයි දැන් වෙලාව කීයද"
"දොලහයි පැටී"
"අයියෝ... දොලහත් වුනාද ??..ශිට් .. මම හිතුවෙ දහය විතර වෙලා ඇති කියලා"
"පොඩ්ඩක් ඉන්නකෝ"

පිට රැදි බෑග ඉදිරියට ගත් මම ඔතන ලද තෑගි පාර්සලය ඇය අත තැබීමි.
"මේක හෙටම දෙන්න තිබ්බනේ බබා"
"නෑ... මට මේක දැන්ම දෙන්න ඕන වුනා.. නැත්නම් මේ කලුවරේ මගෙ පැටීව මම එලියට ගෙන්න ගන්නවද?"


පාර්සලය එක අතකට ගත් ඈ බලෙන් මෙන් මා බාහු අතරේ ගුලි වුනා ය...

" හැපි බර්ත් ඩේ පැටී"
"තැන්ක් යූ බබා"

හීතල රාත්‍රියක පෙම්වතියගේ උනුසුම තරම් ප්‍රේමාන්විත කිසිවක් නැත.. ඇගෙන් සමන කානේශන් සුවද මා ගත සිහිසුන් කරවන්නේ ය.. බහිරවයන් රාග වස්තු බදාගෙන ඉන්නවායැයි මම අසා ඇත... මේ ලෝකයේ මා සතු එකම වස්තුව ඇයයි .... නිදාගන්නා කොට්ටයත් ඇයත් හැරුනු කොට මා හට තුරුලු කරගන්නට වෙනත් කිසිවෙකු නොමැත...

" දැන් යන්න මගෙ පැටී "
"මොකෙන්ද ආවේ.."
"බයික් එකෙන්... සද්දේ ඇහෙන හින්දා මම ඒක හන්දියෙ කඩේ ගාව දාල මේ ටික පයින් ආවා"
" හා පරිස්සමෙන් යන්න බබා.. ගිහිල්ලා කෝල් එකක් දෙන්න... යනගමන් කෝල් කරන්න එපා... ගුඩ් නයිට්.."
"ගුඩ් නයිට් පැටී "

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *  * * * * * * * * * * * * * * * * * * * ** * * * * * *

ලිව්වේ : ----       යසියා

Comments

  1. තවත් එක ආදර කතාවක්...

    අවසානය විරහවද ? බලමු නේ

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02