Posts

Showing posts from August 26, 2011

උදව්වක් අවශ්‍ය වී ඇත..."දැන් ඉතින් මා කුමක් කරන්නද??"

Image
" මායාවත් යතාර්තයත් අතර තියන වෙනස වටරාගනු නොහැකිව, තනාගත් මිත්‍යා මිටියාවතක සිරවී සිටි මා හට..නුබේ සොදුරු රූපය දුටු ප්‍රතම දිනයේ සිටම ලයෙහි කොනක සැගවුනාවූ කුමක්දෝ වටහාගත නොහැකි හැගීමක්....." "මේ මොකක්ද ?? මේක නිකන් කුනුහර්ප වගේ..ලිව්ව මටත් තේරෙන්නෙ නැතිනම්......" මෙච්චර වෙලා ලිය ලිය හිටපු ලා නිල් පාට A 4 කොලය ගුලි කරල මේසෙට යටින් තිබ්බ කුනු කූඩෙට විසික් කලා... " මොකද බන් හෙලයේ බිහිවූ සිරාම රචක ඩයල් එක හිරවෙලා තියෙන්නෙ..මොලේ නහර හිර වෙලාද???.. ඔය කොල උබට වැඩිනම්  දීපන් මට ගනන් හදන්න...." "නෑ...මම මේ බ්ලොග් එකට දාන්න කියල පෝස්ට් එකක් ලියනව බන්... තාම පට්ට එකක් ලියවුනේ නෑ..." "ඒයි කවදා ඉදලද උබ ඔය කොලවල ලිය ලිය බ්ලොග් එකට දාන්නේ???.. මම නම් දන්න විදියට උබට හෙනම චේතනාවක් ආවම කරන්නේ දවස් දෙක තුනක් පැත්තකට වෙලා කල්පනා කර කර ඉදලා... ගෙදර කාටවත් ඇහුවම කියන්නෙත් නැතුව...තනියම සින්දු අහන එකනේ.... ඊට පස්සෙ හිතේතියෙන කුනු සේරම බ්ලොග් එකට දාලා අන්තර්ජාලයේ රෙදිගලව ගන්නවා..." "අනේ පලයන් උබේ වැඩක් බලාගෙන.." "උබ කොහෙද යන්නේ