Posts

Showing posts from February, 2020

චිරංසීන්-02 මෙතක් ආ මඟ

Image
අවකාශය නම් අප්‍රමාණය. කෙලෙවරක් සොයා ගිය නොහැක. මන්දාකිණි ක්ෂීරපථ සෞරග්‍රහ මණ්ඩල ග්‍රහවස්තු අනේකවිධ අප්‍රමාණ සංඛ්‍යාවකින් සැදි අවකාශය තුල වර්ථමාන මිනිසා යනු ඉතා කුඩා සරල සත්වයෙක් පමණකි. සියලු යථාර්ථයන්ගේ උපත කවදා කෙදිනක සිදු වූවේදැයි එකෙහෙනින්ම විස්තර කල නොහැක. එම නිසා අපට වැදගත්වූ මිලියනාදික වර්ෂ ප්‍රමාණයක වූ වර්ථමානයේ පෘථිවිය නම් අංශු මාත්‍ර වපසරියක් තුල මිනිසා කෙසේ ඇති වී ද?  ජීවය උපත ලබන්නේ ඇසට නොපෙනෙනා තැනක ය. ඒ ද්‍රවමය පරිසරයක වුවද එකී ද්‍රවාරූපය සෑදෙන්නේද අප්‍රමාණ අහබු සිදුවීම් වල ප්‍රථිඵලයක් ලෙසට ය. ඉන් මත්තට වසර දස දහස් මිලියන ගනණාවකට පසුව පිහිනනා සංකීර්ණ මත්ස්‍යාකාර සත්ව රූපයක් ඇහැබිව හටගන්නා අතර පාද මෙන් යමක් ඇති එක්තරා සත්වයෙක් ජලයෙන් ඔබ්බෙන් වූ ලෝකය සොයා දුවයෙන් වාතයට හිස ඔසවා තබන්නේ ය. සබුද්ධියේ පලමු සත්වයා වන්නේ එයයි. එකී ගමන අහබූන් කිහිපයක එකතුවකි. පලමුව ජලයෙන් හිස ඔසවා ගොඩට එන ජීවියාය විශේෂ තැනක් ලැබුනද එදා මෙදාතුර වසර මිලියන ගනණාවක කාලය තුලදී එකී මඟම ආ සත්වයන් බොහෝ ය. එම සත්වයාට ප්‍රථමවද එම සත්වයාය පසුවද අනේකවිද එවන් සබුද්ධික ජීවීන් අප්‍රමාණ අසංඛ්‍ය ප්‍රමාණයක් ජලයෙන්

චිරංසීන් - 01 හැදින්වීම

Image
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු වෙති. නමුත් නැසීම නම් නොනසිනා යතාර්ථයකි. වැලලූ මල සිරුරකට යටින් වලලා ඇති මල සිරුරු බොහෝ ය. සතුන් විසින් පානය කරන්නා වූ සියලු ජල කෝප්පයකම කිසියම් සිරුරක පෙර ගලා ගිය පරමාණු ඇත. ආහාරයට ගන්නා සෑම කටකම මල පහක වූ ප්‍රභවයන් සංයුක්තව ඇත. ලොව සියලු ප්‍රභවගන් තුල වර්ශ මිලියන ගණනක මතකය සංක්ෂිප්තව පවතී. නමුත් එය කියවීමට තරම් මිනිසා විසින් දියුණු කරනා ලද තාක්ෂණය තවමත් දියුණුවට විත් නොමැත. මිනිසාද ඉතා ඉක්මනින් අතීතයට එක්වන්නේ ය. කිසිදා වැරදී නැති පාරිශුද්ධ පරිකල්පනීය ප්‍රමූලානුරූපකව නම් මිනිසා නම් සත්ව විශේෂය පවතින්නා වූ කාලය තවත් වසර තුන් දහසක් තරම් සාපේක්ෂව අවම කාලයකි. නමුත් මීට වසර දහසක පසුව දිනය නම් මිනිසා විසින්ම ආරූඩ කරගන්නා ලද මිම්මේ ප්‍රමාණය හීනවනු ඇත. දහවල දිගුව පෙනෙනු ඇත. රාත්‍රිය දිගුව පෙනෙනු ඇත. උතුර දකුණට වන්නේ ය. මෙම ශතවර්ශය තුලදී මිනිසා විසින් උත්ප්‍රේරණය කරගන්නා ලද සියලු ඒකකයන් සාවද්‍ය වන අතර ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි නොපෙනී යනු ඇත. මිනිසා ශාරීරික වශයෙන් පරිනාමය වී අවසානය. නමුත් මීට වසර පන්දහසකට පමණ පෙර පලමු නව ලෝකයේ මිනිස් විශේෂයේ නිර්මාණය සිදුවී ය

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට මනුස්සකම