චිරංසීන්-02 මෙතක් ආ මඟ

අවකාශය නම් අප්‍රමාණය. කෙලෙවරක් සොයා ගිය නොහැක. මන්දාකිණි ක්ෂීරපථ සෞරග්‍රහ මණ්ඩල ග්‍රහවස්තු අනේකවිධ අප්‍රමාණ සංඛ්‍යාවකින් සැදි අවකාශය තුල වර්ථමාන මිනිසා යනු ඉතා කුඩා සරල සත්වයෙක් පමණකි. සියලු යථාර්ථයන්ගේ උපත කවදා කෙදිනක සිදු වූවේදැයි එකෙහෙනින්ම විස්තර කල නොහැක. එම නිසා අපට වැදගත්වූ මිලියනාදික වර්ෂ ප්‍රමාණයක වූ වර්ථමානයේ පෘථිවිය නම් අංශු මාත්‍ර වපසරියක් තුල මිනිසා කෙසේ ඇති වී ද?
 ජීවය උපත ලබන්නේ ඇසට නොපෙනෙනා තැනක ය. ඒ ද්‍රවමය පරිසරයක වුවද එකී ද්‍රවාරූපය සෑදෙන්නේද අප්‍රමාණ අහබු සිදුවීම් වල ප්‍රථිඵලයක් ලෙසට ය. ඉන් මත්තට වසර දස දහස් මිලියන ගනණාවකට පසුව පිහිනනා සංකීර්ණ මත්ස්‍යාකාර සත්ව රූපයක් ඇහැබිව හටගන්නා අතර පාද මෙන් යමක් ඇති එක්තරා සත්වයෙක් ජලයෙන් ඔබ්බෙන් වූ ලෝකය සොයා දුවයෙන් වාතයට හිස ඔසවා තබන්නේ ය. සබුද්ධියේ පලමු සත්වයා වන්නේ එයයි. එකී ගමන අහබූන් කිහිපයක එකතුවකි. පලමුව ජලයෙන් හිස ඔසවා ගොඩට එන ජීවියාය විශේෂ තැනක් ලැබුනද එදා මෙදාතුර වසර මිලියන ගනණාවක කාලය තුලදී එකී මඟම ආ සත්වයන් බොහෝ ය. එම සත්වයාට ප්‍රථමවද එම සත්වයාය පසුවද අනේකවිද එවන් සබුද්ධික ජීවීන් අප්‍රමාණ අසංඛ්‍ය ප්‍රමාණයක් ජලයෙන් ඉවතට පැමිණියද එකී ජීවී ස්වභාවයෙන් වෙනසකට ලක් වූයේ ඉතා ස්වල්ප කොට්ඨාසයකි. එකී ස්වල්පයද සංඛ්‍යාත්මකව මෙපමණැයි කිව නොහැක.  බුද්ධි අපගමනයේ පලමු අවස්ථාව මෙය යැයි එකෙහෙනින්ම කිව නොහැකි වුවත් විස්තර කිරීමේ පහසුව තකා එසේ යොදාගන්නෙමි.
වර්ථමානයට වඩා මෙම යුගයේ සූර්‍යයා තරුණය ජවාසම්පන්නය. වාතය සහ ජලය වෙන් කරනා පොදුස්ථරය තුලින් දෘඩ හිරු කිරණ තරංග වල සංඛ්‍යාතයන් අඩුවී ජලය තුල පහසු පරිසරයක් නිර්මාණය වූවද එකී සුව පහසු වපසරියෙන් ඔබ්බටත් නැවත ඝන කිරණ හමුවේ ද්‍රවරාමුව තුලටත් ආර්ථවනයට පතවත්ම වසර ලක්ෂ ගනණාවකදී උඩු සම දෘඩ වන්නේ කෙමෙන් කෙමෙන් ය. මේ සමගම සූර්‍ය කිරණ ශක්තිය කෙමෙන් කෙමෙන් අඩුවන අතර ඒ සමගම ඝණ සමක් හෙබි සත්වයෙක් නිර්මාණය වෙයි. මෙසේ සම ඝණ වීමට ලක්වූ ප්‍රථම සහ අවසාන සබුද්ධික සත්වයාද මේ නොවන අතර අදටත් ඇතැම් සතුන් මෙකී ක්‍රියාවලියට භාජනය වෙමින් පවතියි.
සත්වයා ඕනෑවූ විට දියටත් ගොඩටත් යන්නේ ය. ඇතැමෙක් කෙමෙන් කෙමෙන් ගොඩබිම සිටිනා කාලය වැඩි කරගන්නා අතර ඉන් යමෙක් ගොඩබිම මත කුමක් ඇත්දැයි සොයාබැලීමට ජලාරූප ප්‍රභවයෙන් කෙමෙන් කෙමෙන් ඈතට ඇවිද යයි. එම සත්ව ගණයම යම් යම් දුර ප්‍රමාණ වලදී තමාගේ ගමනාන්තය සටහන් කරගනියි. විටක යම් ජීවියෙක් නතරවන අතර එතැනින් ඉදිරියට එම ජීවී ගහණයේම කොටසක් පරිග්‍රමණය වන්නේ යම් මොහොතකද එම කොටස එම සංධිස්ථානයේ සිය නව විශේෂයක් බවට පත්වෙයි. මෙම වෙනස් වූ බුද්ධිමය ස්වරූපයද ඊට සමාන්තර වූ භෞතික ස්වරූපයද මේ මොහොතේදීද සිදුවෙමින් පවතින්නකි. ලෝකය සෑම තත්පරයකදීම වෙනස් වෙයි. වර්තමාන මිනිසා විසින් ලොකු වටිනාකමක් යොදවන්නා වූ කාලය අවකාශය තුල ඕනෑ තරම් ඇත. මේ හේතුවෙන්ම කාල රාමුව අමතක කර සිදුවූවේ කුමක්දැයි පමණක් ගැන අවධානය යොමු කරමු.
ජලයෙන් ගොඩබිමට ආ සත්වයින් ටිකෙන් ටික දියෙන් ඈතට ගවේශනයේ යෙදෙයි. කදු ගැටි බෑවුම් හේතුවෙන් දිග කකුල් හෝ නම්‍යතාවය ඇති කරගත්තාවූ සත්වයින් මග නැවතී අලුත් විශේෂ ඉදිරියට ඇදෙයි. සීතල ඉහල යෑමත් සමගම රලු වූ සම පුරා ලොම්ද පා අග නියපොතුද මැවෙන්නට පටන් ගනියි. එක වෙනස් කමක් සිදුවීමට වසර දහසක් ලක්ෂයක් හෝ මිලියනයක් ගතවීය. ඒ එක් එක් දිනයේ පරිනාමයෙන් නැවතුනා වු සත්ව විශේෂ බොහෝමයක් ය. යම් සතුන් ඉතා ක්ෂණයෙන් මියගියේ අදාල පරිසරයට සහ එහි ගතානුගතිකව සැරිසැරූ සත්වයන් සමග මූලික අවශ්‍යතා හේතුවෙන් ඇතිවූ තරගයෙන් පරාජය වීමෙනි. මේ ආකාරයෙන් ටිකෙන් ටික විවිධ දිශා ඔස්සේ විවිධ වේගවලින් සිදුවූ වෙනස් වීම නොනැවතී අදටත් සිදුවෙමින් පවතියි. යම් යම් කාලගුණික භූගෝලයීය රසායනික සහ බොහෝ විපර්‍යාස හේතුවෙන් ඒ ඒ පරිසරයට අනුගතව ජීවයක් වශයෙන් පැවත ඒම සදහා සිදුවූ වෙනස්කම් හේතුවෙන් විටක ජීවී කාණ්ඩයේ උන්නතියද විටක වදවීමද තවත් විටක කිසිදු බලපෑමක් නොමැති වීමටද හේතු කාරණා වීය.
කෙසේ හෝ ඔහොමින් ඔහොම වදුරා දක්වාද ඉන් අනතුරුව වදුරා දෙපයින් වාරුගෙන ඉස්සී ඈත දෙ බැලීම කෙරෙහිද යොමු නොවීනම් අද මේ මිනිසා මේ ආකාරයේ නොවෙන්නට වීය.
පරිනාමය නම් කෙටියෙන් සදහන් කලහොත් "ජීවයේ පැවැත්ම වෙනුවෙන් පරිසරයට අනුගත වීමය". ඒ ඒ ජීවියා ඒ ඒ ජීවී විශේෂය කෙරෙහි මෙකී අනුගතවීම අදටත් එයාකාරයෙන් ම සිදුවන්නේ ය. එනම් ලොව වෙනස්වන්නේ ය. කාලය සදහා යොදාගන්නා මිනුම් දඩු ද වෙනස් වන්නේ ය. මේ නිසා පවතිනා සමාජයෙන් හෝ ජීවී කොට්ඨාසයෙන් සබුද්ධිකව වෙනස් මාවතක් හොයන ජීවීන්ගෙන් යමෙක් ජීවය ඉදිරියට ඇදෙන්නේ ය. යමෙක් මොය යන්නේ ය. යමෙක් කිසිදු වෙනසක් නොවී පවතින්නේ ය. මා මෙහිදී ජීවීන් වශයෙන් හදුන්වන්නේ විටක එකෙක් දෙදෙනෙක් හෝ මිලියන ගනණාවකට විය හැකි ය. සිද්ධියක් අවබෝධ කරගැනීමට නම් එහි දත්ත මතට වැඩි අවධානයක් යොමු නොකල යුතු ය. පලමුව දත්ත එකලස් කොට ඒ අවසාන ප්‍රතිඵල ලගුව සදහා පමණක් අවධානය නාභිගත කල යුතු ය. කෙටියෙන් කියතොත් කාලයේ කෙටිම කොටසෙත් කෙටිම කොටසකය බ්‍ර්දිය හැකි නම් ඒ සෑම එවන් වූ කොටසකින්ම ජීවයට සිදුවූ සියලු වෙනස් කම් නිසා ඉතා සංකීර්ණ ක්‍රියාදාමයකට පසුව  මිනිසා නම් ජීවියා සෑදිනි. ඔහුද දිනෙන් දින වෙනස් වෙමින් පවතී.

Comments

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

ගුබ්බෑයමේ ඈ