Posts

Showing posts from August 20, 2011

සද නුබට ඇහෙනවාද??

Image
කාමරයේ කවුලුවෙන් එබිලා අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට මටත් නොදැනිම මගේ ඇස් දෙක රෑ අහසේ තනියම ඉන්න සද දිහාවට ඇදිලා යනවා.. වෙලාවකට නපුරුම නපුරු වලාකුලක් ඇවිල්ලා  මගේ ඇස්වලින් ඔයාව වෙන් කරනවා...... ඒත් ටික වෙලාවකින් ඔයා මගේ ඇස් ඉස්සරහට ආයෙමත් එනවා.... ඔව්.. හරියට මායාවක් වගෙයි... මම විතරද ඔයාට ආදරේ කරන්නෙ....?? මේ ලෝකෙ ඉන්න ගොඩක් දෙනා ඔයා ගැන වර්ණනා කරනවා..එච්චරම ලස්සන දේකට ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි නේද??? වෙලාවකට හීනයක් වගේ ලස්සනයි....තව වෙලාවකට ලස්සනයි.... හැන්දෑවට අහසට එනකන් කවුලුව ගාවට වෙලා මම බලාගෙන ඉන්නවා... ඒත් ඔයා නොයෙන අමාවක දවසට .. මගේ හිතට හුගාක් දුක් හිතෙනව..... අනිත් දවස් වලට මට පාලු කාමරයේ නින්ද යනකන් මගේ පාලුව නැතිකරන්න ඈත ඉදන් ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා....මගේ ලගට එන්න බැරිවුනත් ඔයාගෙ හද එලිය මගේ දිහාට එවනවා... ඒත්... උදේට මම නැගිටිනකොට ඇයි ඔයාව මට පෙන්නෙ නැත්තේ?... ඒ වෙලාවට කොහෙද හැන්ගෙන්නේ....?? ආදරිණීය සද..ඇයි හැමදාම මාව බලන්න න්ඓන්නේ......????