Posts

Showing posts from January, 2012

මොකක්දෝ දෙයක අඩුවක් දැනෙනවා..

Image
"හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..." 2011 කියන්නේ මටනම් හුගාක් දේවල් ගෙනල්ලා දුන්නු වර්ශයක්..මට ජීවිතේ අලුත් මාවතක්.. අලුත් හීනයක් දකින්න පුරුදු කරපු අවුරුද්දක්. ඒත්. 2011 ඇතුලෙත් මොකක්දෝ අඩුපාඩුවක් හැන්ගිලා තිබුනා කියලා හැමදාම මට දැනුනා.. ඒ දේ මොකක්ද?? මොන මගුලක්ද කියල අමතක කරන්න හිතුවත් අමතක කරන්න බැරි දෙයක් තිබුනා.. අඩුව පුරවන්න වෙන කෙනෙක් ගේන්න හිතුනත්.. වෙන කෙනෙක්ට ලන්වුනාම තව තවත් අඩුව දැනෙන්න ගත්තා... 2009 දි කෙනෙක්ගෙ ආදරයත් අරන් 2010 ට ආවා... මගේම වැරදි නිසා 2010 දි ඔයා මාව ගැටගහගෙන ඉදපු බැම්ම ලිහලා දාලා,, මට යන්න කිවුවා... 2010 දි ඔයාගේ අඩුවත් අරන් 2011 ට ආවා... 2011 දි මට ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරන්න පුලුවන් වුනා.. ඒත් එතකොට මම පරක්කු වැඩිද කියලත් හිතුනා...පලවෙනි පාරට මේ ගමන එන්න කලින් එයාර් පෝට් එකේදි ඔයාගෙන් කෝල් එකක් ආවා... "අදුරගන්න පුලුවන්ද මාව?" ඇස් වලට කදුලු ආවා.. මගෙ හිතට ගෙදර මිනිස්සු දාලා යන එක ගැනවත්.. මගේ දේවල් වලින් ඈත් වෙන එක ගැනවත් කිසිම දුකක් දැනුනේ නෑ. අවුරුදු දෙකකට පස්සේ ඔයාගේ කෝල් එකකට ආන්සර් කරන්න පුලුවන් වෙච්ච සතුටට මට