Posts

Showing posts with the label අසම්මත

ඔහු ....

ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..  ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට.. ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට... ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට... මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි.. මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි... ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි... මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි... පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති... ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක... එදා නුබ බසයට  නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක.. ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට... මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට.. ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට.. වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත.. යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම ...

ගුබ්බෑයමේ ඈ

Image
"ඇයි මාව බලන්න හැමදාම එන්නේ" "පන්සලකට එන අයගෙන් එහෙම අහන සිරිතක් තියෙනවද?" " ඉදා මේක පන්සලක්යැ?..ගුබ්බෑයමක් මිස.." තෙල්පාට කම්මුල් වල ගැසුනේ ය. ඇස් පුන්චි වූයේ ය. ඈ හදවතින් සිනාවූවා ය. "ඔයාගේ උපන්දිනේ කවද්ද?" "ජාතක කරපු අම්මව දන්නේ නැතුව මම කාගෙන්ද මල්ලී ඒක අහගන්නේ" මා මුව ගොලු වී ය. සමහරක් ප්‍රශ්න වලට උත්තර සෙවීම හුදෙක් කාලය කා දැමීමක්ම  පමනි.  අගල් පාලහෙන් පාලහ කවුලුවෙන් මුලු පරිසරයම අපූරුවට දිස්වෙයි. ආන්ඩුවෙන් සෑදූ ගල්බැම්ම නොවෙන්නට  මේ පැල්පත තිබිය හැකිද?. තිබෙන්නටත් පුලුවන..  " සල්ලි නැත්නම් යකෝ .. මොන රෙද්දකට *** ලොවින්න එනවද..." දිය රෙද්දකින් පමනක් සැරසුනු වැඩිහිටි කතක් බෙරිහන් දෙයි. මගේ සියොලග හිරිගඩු පිපුනි.ඇයට නම් ගානක් වත් නැත. " ඕක මේ පැත්තට සාමාන්ය දෙයක්.." ඈ ට පරසිත් කියවිය හැකිද? මා අසන්නට හිටි ප්‍රශ්නයට අසන්නටත් පෙර ඈ පිලිතුරු දෙන්නේ කෙසේ ද?. දයිවයේ තවත් මායාවක් වන්නට ඇත. "අදවත් කරනවද මොනවහරි" "නෑ..මුකුත් එපා" "එහෙනම් සල්ලි වියදම් කරගෙන එන්නේ...