Posts

Showing posts from June 3, 2011

පුංචි කෙටිකතාවක්--05--අවසානය

Image
"මොකද තනියම හිනාවෙන්නේ?" "නෑ..ඔයා මට නංගි නංගි කියනවනේ ඒකයි" "ඒකේ ඇති වැරැද්ද මොකක්ද?" "නෑ..කිසිම වැරැදක් නෑ" "එහෙනම්..." "ඔයා දෙදාස් හතේ ඒලෙවල් කලාට මම කලේ දෙදාස් හයේ" "ඉතින් අවුරුද්දක් වැඩිමල් වුනා කියල මක්කා වෙනවාද?" "ඔව් ඉතින්.. ගෙදර බෝඩිම් කාරයෙක් නවත්ත ගනිද්දී වයස බලන්නෙ හිරයක් දෙන්නයැ?" "කාලා ඉවරද?" "හ්ම්.පොඩ්ඩක් ඉන්න..සචිනි නංගි තාම කනවානේ" "එහෙනම් මම ගිහින් අත හෝදගෙන එන්නම්." "ඉතින් හෝදගන්න..මගෙ අත නෙමෙයිනේ" ******************************************************************************* "අක්කේ  අක්කේ" "මොකද සචියෝ කෑ ගහන්නේ" "ආන් මාමලා එනවා" "අපෝ හතාමාරවත් වෙද්දි ආව එකත් ලොකු දෙයක්." "ඔව් ඒත් ඔය පාරා ගාව ඉදන් එන්න තව පැයක් වත් යාවි" "මොකද අප්පච්චිලා එනවා කිව්වම මෙච්චර සන්තෝස?" "පස්සේ දැනගන්න ලැබෙයි.." "ඒකත් එහෙමද..."\ "හ්ම්" "සචිනි නංගිය

පුංචි කෙටිකතාවක්--04

Image
"මොකද මේ බය වෙලා. මූනත් එල්ලගෙන.." "නෑ.. මේ....මායි ඔයයි ඉන්න එක..ගමේ කවුරුහරි දැක්කොතින් එහෙම.." "මම ඉන්නවනම් මොකටද ඔයා බය වෙන්නේ?" "එහෙම නෙමෙයි.. මම කියන්නෙ..." "එහෙනම් කොහොමද?" "දන්නවනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ගෙදරක ඉස්තෝප්පුවෙ හිනාවෙවී ඉන්නකොට.." "ඔව් ඉන්නකොට." "අනේ විහිලු නෙමෙයි හලෝ" "එහෙනම්..." "නංගී මම වැඩක් කියන්නද?" "ඒපාර මොකක්ද? ඇයි බඩගිනිද?" "නෑ මේකයි. දැන් ඔයා අප්පච්චිට කෝල් කරලා අහන්න කොහෙද ඉන්නේ කියලා..ඊට පස්සේ රෑ වෙනවනම් කියන්න කෑම ගේන්න එපා..ඔයා කඩෙන් කන්නම්...මමත් තාම ආවෙ නෑ..." "එතකොට මම තනියම ඉන්නව කියල හිතාවිනේ" "ඒකත් එහෙමද?..වැඩේ සීන් නේ. එහෙනම්" "අපෝ බෑ.. බෑ අප්පච්චිට පපුවේ අමාරුව හැදේවි" "ඒකනේ...වෙනදා මෙහෙම රෑ වෙනවනම් මොකද කරන්නේ.." "එහා ගෙදර සචිනි නංගියව ගෙන්න ගන්නවා තනියට" "එහෙනම් එයාට එන්න කියන්න" "බෑනේ හලෝ.. එතකොට එයා මායි ඔයයි දැන් පැයක් විතර කතා කර කර හ