Posts

Showing posts from February 22, 2016

පණ්හිද තාම තරුනයි 001

බරාම් බරාම් හඩ නගන බයිසිකල් හඩ පොඩ්ඩක් ඇහැ පියාගන්නට දෙන පාටක් නැත. හයිවේ සීතලත් පැයෙන් කොලබ යාමේ නැති කික් එක නිසා ගාලු පාරේ දුර ගමන් බස් එකක ආ මට වෙනදා නැති තෙහෙට්ටුවක් දැනෙනුයෙන් පොඩ්ඩක් ඇලවෙන්නට සිතා  ගත්තෙමි. එය මා හා මාගේ මිතුරන් කිහිපදෙනෙක් එකතු වී කුලියට ගත් ඇනෙක්සියකි. සොච්චම් වේතනයක් ලබන මා හට නිදාගන්නට ඇදක් ගෙන ඒමට තරම් උන්න්දුවක් නොවීයෙන් පුරුද්දක් ලෙස මෙට්ටයක් බිම දමා ඒ මත සුව නින්දක් සකසා ගන්නෙමි. නෙතු පියාගත් කලෙක තෙවනැසට ඇදෙන්නා වූ ඉමක් නැති නවකතා බීජයන් එකිනෙක වෙන් කරගත යුතු ය. ඉතා හොද නවකතාවක් ලියවීමට නම් අග්‍රගණයේ බීජයත් ඒ හා බැදුනු කිසියම් මතකයනුත් තිබීම අනිවාර්‍යය.. එම නිසා මට හුරු පුරුදු බීජ කිහිපයක් තෝරා කතාවක් ලියන්නට සිතා ගතිමි..