!!කොන්ඩයට වුනු වින්නැහියක්!!!

පොශ් කොල්ලෙක් වෙන්නට හිතාගෙන යසියා ඊයෙ උදයෙන් ගියාලු සැලෝන් එකකට.... ගිහින් ඇහුවම මොනරු තොගයක් ඉල්ලපි ... "හෙට එන්නාන් අයියා" කියාගෙන මම ආවා එන්න.. මගදි දන්න කියන බුවෙක් සෙට් වුනාලු නේ? "මචන් කොන්ඩේ ස්ට්‍රේට් කරන ක්‍රීම් එකක් දන්නවද" ඌ කියපි නමක්...මොනරබාගෙකින් ශේප් ගනනම්.. "අතන කඩේ තියෙනවා මගේ නම කියපන් අඩු කරලා දේවි" ගුටි කන්නත් හරි ගිහින් අල්ලුවා... ඌ මොකක්ද පෙට්ටියක් ගෙනත් දුන්නා.. ආහ් කියල මමත් ඕක අරගෙන ගෙදර ආවා... ඕන් කොල්ල ගෙදර දොරත් වහගෙන තුවායට බැස්සා.. (කැතවිදියට හිතන්නෙපා ඕයි) අර පෙට්ටියෙ තිබ්බ ටියුබ් එකකුයි තව මොකක්දෝ ක්‍රීම් පැකට් දෙකකුයි.. මුලින් කරන්න ඕන ටියුබ් එක ඔලුවේ උලලා ... මට ඕන විදියට කොන්ඩේ හදාගෙන හිටියා මිනිත්තු හතලිස් පහක්ම... ආන් කියන්න අමතක වුනා... ඒ විනාඩි පහේදි මම උනුවතුර බාල්දියක් හදාගත්තනේ... ඔන්න ඒකෙන් අර ටියුබ් එකෙන් ගාපු එව්වා හෝදලා, පිහිදාගත්තා,, ඊ ලගට අර ක්‍රීම් එකටත් ඔය වින්නැහියම කොලා.... "අඩේ එල එල" මම ඉතින් ඔය වීරක්‍රියාව සේරම කලේ කොන්ඩේ වගේද පන්සීය කියල බලාගෙන.. වැඩේ ගොඩ ...