Posts

Showing posts from August 3, 2012

" කෙටි කතා එක ඉන් දඹදිව " --- කෙටි කතා සීරිස් එක..

Image
"මචං ඔය බෝතලේ පාස් කරපන් බන්" " ඔච්චර බොන්න එපා බන්..පිස්සෙක්ද උබ..මැරිලා යාවි බන්.." "i know my limits dude.. please pass the bottle" "ඉදා ඕන රෙද්දක් කරගනින්.." කලු පැහැ පල්සර් 180ය අධික වේගයෙන් පැමින "ක්‍රීස්" හඩින් නතර වීය.. ෆුල් ෆේස් හෙල්මටයෙන්  අවුරුදු දහ අටක පමන තරුනයෙක් එලියට ආවේය ... " අඩෝ චුට්ටා වරෙන් වරෙන්.. " " ආහ් අනූශ්ක අයියා...උබලව දකින්න තියෙන අමාරුවක් බන්..කවද්ද ලංකාවට ආවේ..?" " ගිය සදුදා .. " " ඒ මොකෝ..." "මොනවා කරන්නද බන්.. මැනේජරයගේ කටින් වැරදි වචනයක් පැන්නා..මම උගේ දත් දෙකක් කැඩුවා..පහුවෙනිදා ඕන කුදයක් කියලා..ආවා ලංකාවට... දාගනින් ශොට් එකක්" " ආයෙත් යනවද බන්" "නෑ බන්. ඉතුරු කරපුවා ටිකක් තියෙනවා..family business එක කරගෙන යනවා බන්... තව restaurant එකක් දාන්න ඉන්නේ.. දීපන් සප් එකක්... " "අනිවා ලොක්කා .. අපෙන් සප් නැත්නම් කාගෙන්ද???" "මල්ලී .. ගනින් බයිට් ටිකක්.." " මලයො.. උබ මූව දන්නවනේ.. මූ රොශාන්.