ආව එවුන්

Friday, June 8, 2012

ගුබ්බෑයමේ ඈ

"ඇයි මාව බලන්න හැමදාම එන්නේ"
"පන්සලකට එන අයගෙන් එහෙම අහන සිරිතක් තියෙනවද?"
" ඉදා මේක පන්සලක්යැ?..ගුබ්බෑයමක් මිස.."
තෙල්පාට කම්මුල් වල ගැසුනේ ය. ඇස් පුන්චි වූයේ ය. ඈ හදවතින් සිනාවූවා ය.
"ඔයාගේ උපන්දිනේ කවද්ද?"
"ජාතක කරපු අම්මව දන්නේ නැතුව මම කාගෙන්ද මල්ලී ඒක අහගන්නේ"
මා මුව ගොලු වී ය. සමහරක් ප්‍රශ්න වලට උත්තර සෙවීම හුදෙක් කාලය කා දැමීමක්ම  පමනි. 

අගල් පාලහෙන් පාලහ කවුලුවෙන් මුලු පරිසරයම අපූරුවට දිස්වෙයි. ආන්ඩුවෙන් සෑදූ ගල්බැම්ම නොවෙන්නට  මේ පැල්පත තිබිය හැකිද?. තිබෙන්නටත් පුලුවන.. 

" සල්ලි නැත්නම් යකෝ .. මොන රෙද්දකට *** ලොවින්න එනවද..."
දිය රෙද්දකින් පමනක් සැරසුනු වැඩිහිටි කතක් බෙරිහන් දෙයි. මගේ සියොලග හිරිගඩු පිපුනි.ඇයට නම් ගානක් වත් නැත.
" ඕක මේ පැත්තට සාමාන්ය දෙයක්.."
ඈ ට පරසිත් කියවිය හැකිද? මා අසන්නට හිටි ප්‍රශ්නයට අසන්නටත් පෙර ඈ පිලිතුරු දෙන්නේ කෙසේ ද?. දයිවයේ තවත් මායාවක් වන්නට ඇත.

"අදවත් කරනවද මොනවහරි"
"නෑ..මුකුත් එපා"
"එහෙනම් සල්ලි වියදම් කරගෙන එන්නේ මොන මගුලකටද?"
" දන්නෙ නෑ"

"ආයෙත් මෙහෙට එන්න එපා බුදු මල්ලි"
"අකමැත්තෙන් නේද කියන්නේ?"
"ජීවිතේ සමහර තීරන අකමැත්තෙන් වුනත් ගන්න සිද්ද වෙනවා.."
"ඒ ගන්න තීරනය වැරදි එකක් වුනොත්?"
"අවලන්ගු කාසියක මුද්‍රිත වටිනා කමේ මොන පලක්ද?"
" ඇයි එහෙනම් ඇස්වලට කදුලු ආවේ.. මම අහලාතියෙන විදියටනම් ඔය ඇස්වල කදුලු නෑ කියල.."
"කලුවරේ ඉන්න ගෑනියෙකුට කලාමැදිරි එලියෙනුත් පුදුම ආලෝකයක් ලැබෙනවා. ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලැබෙනවා.. ඒත් කොච්චර ලස්සනට හීන දැක්කත් මම ඉන්න මඩවගුරෙන් ගොඩ ඒමක් නෑ.."
" ඉතින් ..."
" ඔයා ඔය සිදු ශර්ට් එකේ මඩගාගන්න එපා. ඒකයි කියන්නේ.."
"එතකොට ඔයාට කස්ටමර් කෙනෙක් අඩුවෙනවනෙ"
"ඔයා මට කස්ටමර් කෙනෙක් නෙමෙයි. පහුගිය ආත්මෙ ඔයට මම දුන්න නය මොකක්ද?"
"මම කාගෙන්වත් නය ගන්නෙ නෑ"
පැත්තක වූ සටහන් පොතත් පෑනත් බෑගයට ඔබාගතිමි.
" මෙතනට එන අනිත් හැම එකාම කොපුවක් අරන් ඇවිත් වේදනාවක් දීලා යනවා. ඒත් ඔයා චොකලට් එකක් අරන් ඇවිත් ඒ වේදනාවල් ඔක්කෝම අරගෙන යනවා."
"පරිස්සමෙන් ඉන්න. මම යන්නම්.. ගොඩක් වෙලාවට මම ආයෙත් එන එකක් නෑ"

ඈට දැන් විසි පහක් ය. අවුරුදු තිස් පහක පෙනුම මේ ගුබ්බෑයමෙන් ඈ හිමි කරගත් එකම දෙය නොවෙයි. මීලග සති අන්ත පුවත්පතේ මාගේ නමට ඉහලින් ඇගේ කතාව පලවෙනවා ඇත. නමුත් හුදෙක් එවන් පිටුවකින් ඇය වන් දහසකුත් කාන්තාවන්ගේ ආත්මය පවිත්‍ර වේවිද?? නැත. ඇය වෙනුවෙන් අපට කරන්නට කියා කිසිවක් නැත. ඇය නම් මියගොස් හමාරය. ඇය වැන්නවුන් සමාජයෙන් සම්පූර්නයෙන් නෙරපා දැමිය නොහැක, නමුත් මා පියා නොදැන ඉපදෙන්නට ඉන්නා පුන්චි උන් ගනන අඩු කීමෙන් ඇය මෙන් දුක් විදින්නියන් ප්‍රමානය අඩු කරගත හැකි ය.

(මෙය හුදෙක් මන්ඃකල්පිත අපුකල්පනයක් ඇසුරෙන් ලියන ලද්දක් පමනය)