ආව එවුන්

Sunday, May 22, 2011

සෙක්සි කෙල්ලෙක්

පුස් කාපු කෙස් දැක්ක ඇස් දෙකම ගැස්සිච්චි
නුබෙ කින්ඩි හිනාවෙන් හදවතම නැවතිච්චි
තද කරන් පා ඩෙනිම් පලනුකුල ඇබරිච්චි
ගැසූ විලවුන් වලින් මගේ හිත් මත් වෙච්චි


සුන්දරයි පිරිසිදුයි දකින්නට ආසයි
සිබින්නට දෙනවාද නාස්පිඩු ලෝබයි
සිනිදු මුදු කෙහෙරැල් එහේ මෙහේ පාවෙයි
"නැගිටපන් මී හරකො දැන් හයයි කාලයි"


කොයි කාට කියන්නද ඒ හීන ලෝකේ
හිටි සෙක්සි කෙල්ලක් තව සිතේ කැරකේ
අත්තම්ම දැක්කොතින් ඇයව මහ පාරේ
"අනේ තුහ් නොදොමකින් මුන් හැදෙන තාලේ"



අවන්හල





ඒ අවන්හලමයි
එදා මේසයමයි
පුරුදු මාතෘකාවමයි
ඒත් ඒ අපි නොවෙයි....

අතිනත ගන්නා දිනය
කලින් සැලසුම් කල ලෙසම
සුර කුමාරියක් වගේ
තිබුන විදියටම නුබෙ හිතේ


අපේ බලාපොරොත්තුව
නුබට හැකිද තනිවම පුරවන්න
කිසිම දෙයක් මම නැතිව නොකල ඔයා
අපේ සිහිනය ඔයාගෙ විතරක් කරගෙන....

අවසර ගන්න නෙමෙයි ආවේ
මම හොදට දන්නව ඒක
මට දැකගන්න ආරාදනා කරන්නයි
නුබේ සහ ඔහුගේ විවාහ උත්සවය........