Posts

Showing posts with the label මා ලිවූ ලිපි

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

විර0ගි අවසානය

Image
ට්‍රීන් ට්‍රීන් , හෙලෝ... ආහ් මේහ්.. මම මේ ටවුමෙන් බස් එකට නැග්ගා.. ඔයා කොහෙද ඉන්නෙ මම.... නෑ අපි තාම මග.... ඔයා එතන ඉන්නකොට මම එතන... හා හා එනව හෙමින්... ඉගිල්ලෙන්නෙ නැතුව... හා හා... එන්නම් හෙමින්... හැබැයි බොරුවට බනින්න එපා පරක්කු වුනා කියලා.. හොදද මැඩමි.. එනවා පිස්සා ඉක්මනට... ඕකේ බායි... මා තවමත් නිහාල් අයියාගේ කඩය අසලය... දුම් වැටියේ භාගයක් ඉතුරු ය.. නමුත් ..කරන්නට දෙයක් නැත. දැන්නම් යන්නට සිද්ධවෙනවා මය.... මම ඉතිරි කොටස පසෙක කානුවට විසික්කර ස්කූටරය පනගන්වා ගතෙමි... ************************** මා කේඑෆ්සී එක ලගය.. නමුත් තවමත් ඇය එන පාටක් නැති ය.. මගේ හිතට පුන්චි ආනන්දයක් ඇදුනි.. ඒ අද බැනුම් අහන්නට ඕනා නැති නිසාය..  ඈතින් බස් රියක් ඇවිත් නතරවී ය... සුදු පැහැති සරසවියේ ටී ශර්ටය ඇයට වඩා නම් සුදු නැත.... එය හැදි නිල් ඩෙනිමට ද මැච් වෙයි... පිටු පසට බැදි කොන්ඩය මා වඩාත් පෙම් කරනා ඇගේ අහින්සක පෙනුම ඔපනන්වයි... ට්‍රීන් ට්‍රීන් හෙලෝ ... ඔයා කොහෙද... මම එහා පැත්තේ හෝල්ට් එකෙ.. මම පාරෙ අනිත් පැත්තෙ... පොඩ්ඩක් දකුනට හැරෙන්න... හා හා දැක්කා දැක්කා... ඉ...

ඔහු ....

ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..  ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට.. ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට... ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට... මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි.. මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි... ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි... මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි... පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති... ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක... එදා නුබ බසයට  නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක.. ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට... මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට.. ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට.. වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත.. යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම ...

විරංගි 003

Image
"සදරූ... සදරූ..." විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි... " ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී " " කකුල රිදෙනවද රත්තරං... " "නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ.." "ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්" "එපා" මා ඇගේ අතින් අල්ලාගතිමි... "මෙතනින් වාඩිවෙන්න පැටී" ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි.... " මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී" " කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...." කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය... " මේ මොනවටද... පිස්සි?" " නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න..." "මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ..." "මැට්ටෝ... කවුරුහරි ආවොත්... " " දොර වහලා එන්නකෝ" ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිස...

ගිටාර්යේ කැඩුනු තත්

Image
ගිටාරයේ කැඩුනු තත් අතරින්.. සිතින් නුබට ගී .. ලියැවෙනවා... යටිහිතේ... මතකයන් ... අස්සෙන්... සොදුරු ඔය හිනහව .. සිහිවෙනවා... නැහැදිච්ච දඩබ්බර.. මද පවනේ... ඔය නිල් වරලේ.. පුසුබ විහිදෙනවා... වියලුනු සම පුලුසන.. හිරු කිරනේ... නුබෙ කුඩයේ අඩුව... තේරෙනවා... ආදරයේ... නිම් කඩුලු එපිටින්.. නුබේ ලෝකය එලිය වෙලා.. මම නැති පාලුව දැනුනෝතින්... වැදලා කියන්නෙමි එන්ට එපා...

"සිහින"-- මොනවද මේ "DREAMS"

Image
මම ලගකදි දැක්ක පුදුමාකාර හීනයක් ගැන විස්තරයක බාගයක් අහගෙන හිටපු මගේ බාල සහෝදරය කියනව.. "ඕක උබෙ හිතේ තිබ්බ එකක්. ටිකක් වෙනස් විදියට උබට ඔය පෙන්නන්නෙ..." ඒ කියන්නෙ ඔහු කියන විදියට හීනයක් කියන්නෙ " යටි හිත තුල තැම්පත් වන්නාවූ සිතුවිල්ලක ප්‍රතිනිර්මානයක්"  ඒත් අපි සමහර හීනවලට කොච්චර ආදරය කලත්, ඒ හිනයම නොවුනත් අඩුමගානේ ඒ ආකාරයේ හීනයක්වත් ආයෙමත් දැකගන්නේ කොහොමද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.චිත්‍රපටියක් බලන්න වගේ අපිට ඕන හීන පුන පුනා බලන්න පුලුවන්නම් ඒක කොච්චර එකක්ද නේද? සමහර හීන කොයි තරමටම ප්‍රායෝගිකයිද කියනවා නම්. ඒ හීනය දකින අවස්තාවෙදී අපි නින්දේ පසුවන බවක් වත් අපට දැනෙන්නේ නෑ..ඒ හීනය තුල තියෙන්නාවූ හැගීම්. වේදනාවන්, ඒ වගේම චේතනාවන් අපේ යටිහිතේ තැන්පත් වෙන්නේ සාමාන්ය ආකාරයටමයි. තැන්පත් වුනාට අනතුරුව මතකයන් කියන ඒවා එකිනෙක වෙන්කරගන්න අපේ මනසට හුගක් අපහසුයි..සමහර හීනයන්හිදී අපිට, ඉන්පෙර දැකපු හීනයක හීවත්වුන අතාත්වික චරිතයන් ආයෙමත් දැකගන්න පුලුවන් වෙන්නේ ඒ හේතුව නිසා. සිහිනය කිසිදු භෞතික ස්වභාවක් නොමැති වුනත්, ඒ හීනයකදි උපදින්නවූ හැගීම් නම් තාත්විකයි.ඒ හින්දම හීන...