Posts

Showing posts from May, 2011

පුංචි කෙටි කතාවක්--01

Image
"ගුඩ් මෝර්නින්ග්" "මෝර්නින්ග්" "කාලෙකින් නේද ?" "හ්ම්" "මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ" "නෑ ඒ මගෙ හැටි" "හා..සමාවෙන්න.." "මොකටද සමාව? "උදේ පාන්දරම කරදරයක් වුනාට" "පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"                                                                                                       "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"                                                                            "අපෝ ඒවටද ගාල්ල පැත්තේ බනිනවා කියන්නේ"                                                                "මම ගමේදි බැනුම් අහන විදියට වැඩ කරන්නේ නෑ" "ඒ කියන්නේ මනුස්සයා වැරදි වැඩ කරනවා" "ඒවා වැරදි වැඩ වෙන්න පුලුවන්.. ඒත් ඒවායින් කාටවත් කරදරයක් නෑ" "කොලින් අන්කල් නොකිව්වානම් අපේ අම්මල කීයටවත් ඔයාවමෙහේ නවත්තගන්නේ නෑ" "ඒ මොකද?" "අපේ අප්පච්චිට ඔය පොලිස් කාරයන්ව පෙන්නන්න බෑ" "පගාව ගහනවා.. ජරා වැඩ කරනවා...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ

හිටියානම් අද ඔයා මගේ ලගින්.. සමහර විට සුරන්ගනා ලෝකය මෙච්චර ලස්සන නොවෙන්න තිබුනා

Image
දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච නිසා මොකක් හරි කෙහෙල් මලක් සුරන්ගනා ලෝකෙට වඩම්මන්න තරම් යසියා දෙකේ කොලේට වැටිලා නෑ. අන්තිමට ලියපු පෝස්ට් තුනම එකම කතාවක් හැටියට ගියා වුනාට ඒක තනිකරම කුපාඩි කම පෙන්නන්න ලියවුන ඒවා.. මගේ බ්ලොග් එක වෙනසක් කලා කියලා ඔයාලට පේනවනේ... ඉතින් එහෙනම් මගේ හිත කාටහරි කියන්න ඕනය කියල කියන දේවල් හුගාක් දැන් මම සුරන්ගනා ලෝකයට ගොඩ බස්සන්න හදන්නේ...... ගොඩ කාලෙක ඉදන් මගෙ යාලුවො කියනවා යසියට  "නවකතාවක් ලියපන්...නව කතාවක් ලියපන්" දවස් ගානක් මම ටයිප් කරලා නෝට්ස් වල සේව් කලාට සේව් වෙන්නේ කුනුහර්ප නිසා මට සිද්ද වුනා ඒ අදහස අයින් කරන්න... හේතුව වුනේ සේව් කිරීමට තැනක් නැති කම.. මගෙ ටිකිරි මොලේ යොදාගෙන මම තීරනය කලා මගේ මේල් එකේ ඩ්‍රාෆ්ට්ස් වල නව කතාව තැන්පත් කරලා තියන්න... ඒක නිස මේ දවස් ටිකේම ටිකක් ඒව ගැන හිතන්න වෙලාව යොදවන්න වුනා.... "සන්දීපනී" ඔයා මේක කියවනවා නම් කරුනා කරලා සමාවෙන්න. මොකද මට අයිතියක් නැති ඔයාට අයිති මම ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන කතාවක් ලියනවා කියල මම ඔයට පොරොන්දු වෙනවා.... සමහරු කියනවා "නැතිවෙච්ච ආදරය සිතින් අමතක කරන්න ඕන

xxxxxxxකතාව 3---අවසානයක් xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Image
ඕන් මේන් යසියා ගියා . ලැබ් එකට.. ඒකෙනම් හිටියෙ ටිකක් කලු අක්ක කෙනෙක්... හැබැයි ඉතින් කලු උනත් දැකුම් කලුයි කියල දෙයක් තියෙනවනේ... (කබරගොයා බඩගින්නට තලගොයා වෙන්න වගේ) "ආ මල්ලි මෙතනින් වාඩි වෙන්න" අක්ක අතින් අල්ලලා කුශන් පුටුවක වාඩි කලේ නැතැයි මාව.. පෙට්ටියක් ඇතුලෙන් මොනවදෝ කහපාට දෙයක් ඇදල ගත්ත එයා ඒවා අත් දෙකේම දාගත්තා..(ග්ලවුස් කියන්නේ) අනේ යකෝ මාර කෙලියක්නේ.. මුන් හිතාගෙන ඇති අපි කොරියාවෙය... නාන්නේ නැතියැ කියලා...බැරිද දන්නේ නෑ නේ අපිව නාවන්න..... නෑ මෙයා දන්නවා මම පිරිසිදුයි කියලා.. ඒකයි මේ එයාගේ කුනු මගේ ඇගේ ගෑ වෙනවට ඔය.. මම තරහව අමාරුවෙන්....(එච්චරම අමාරුවක් වුනෙත් නෑ) නිවා ගත්තා..... බුදුන්ට මල් පූජා කරන්න වාගේ හෙමීට හෙමීට මගෙම අතින් අල්ලලා අත මිට මොලවපු එයා.... \ ගත්තේ නැතෑ සිලින්ජරයක් අතට..... අම්මෝ මේකේ දිග විතරක්... එහා පැත්තෙන් එයිද මන්දා..... "මොකෝ දගලන්නේ .....බයයි නේ චන්ඩියා වගේ හිටියට?" "පිස්සුද මම දෙපාරක්ම ලේ දීලා තියෙනවා" "එහෙනම් හොද දරුවා වගේ දගලන්නේ නැතිව ඉන්නකෝ පොඩ්ඩක්" "හා" "තව පො

- ආදරය -

Image
සුපුරුදු බොලද හිනාවෙන් සුරන්ගනාවියක් ලෙසින්. දිගු කෙසග සගවා රෙදි කඩින් කුඩ සෙවනෙ වී ආදරෙන්.... හිරු රස්මෙ නෑ පින් කලේ සිබින්නට සියුමැලි වත නුබේ සුසිනිදු ඇගිල්ලේ රැදුනු මුදුව වෙන්නම් යැයි සිතුනු අයෙක් දැන්දෝ හමුවුනේ හිරු රස්මෙ නෑ පින් කලේ උදෑසනෙන් පා තබමින් සෙමින් සෙමින් සිනහ වූවා අමුත්තකින්.. මතකයි  සිතුනා සැකයක්.... නුබේ සිත නුබ ලග  නෑ... කලින් ගෙදර එන්නෑ අම්මටත් හොරයක් සිතිලාදෝ.... මා එව්වේ විපරමට පොඩි නන්ගියේ...

උපාදි අපේක්ශක පොඩි හාමුදුරුවෝ

Image
සරසවියට    පාන්දරින්    වඩින්නටම    ඕනෑ කලින් දවසෙ නිබන්දනය තව අහවර නම් නෑ ටිකක්   කලින්   ගිලම්පසය වලදන්නට  ඕනෑ සම්දුට පූජා කරන්න නැවුම්  දානේ  නම්  නෑ මාස  දෙකක්  වැඩහිටියයි    නේවාසික    එකට ගමේ  පන්සලට  වඩින්න මහපොල නැත  තවම පියෙක් ලෙසම කෝටු පාර ලැබු හින්දා හොදට සියුරු පතේ අගය දැනුනි ලොකු හිමි පින් මහිම හතර   කේන්දරය   පාලු    වුනි   පෙර  කල පිනට සරසවි  යන්නට    ලැබුනයි   පූරුවෙ  කල    පවට "පොඩි ඇත්තෝ වඩින්නෝනැ" නාහිමි  අදහසට බද්දේගම     ඤාණතිස්ස     B. A.        එයි අගට එක බන්කුවෙ ශිල්ප දැරූ අශෝක පොඩි හිමියෝ රූපපෙට්ටියේ  දුටීමි  බන     කියන්ට      රුසියෝ පොත පත හිත යන බව ලොකු හාමුදුරුවො දුටුවෝ පන්සල තුල වැඩහිටියා නම්   කියලත්    හිතෙනෝ බැචාලාට මම හිමියෙක් බව සිහිවෙන කලනම් පහන් කූඩුවට   ජාතක  කවි ඕනෑ    වේ     නම් ගිහිකල මා වැදුව මවුන්  ලිපියක් එවු  දින  නම් නෙතගට  කදුලක්  වැඩියයි  ඈ සිහිවී පොඩ්ඩක් නා හිමියන් වයසයි හරියට අමතක වෙනවා ගම වඩින්න ඕන බැචාලගෙන් මුදල් ඉල්ලා රූම් මේට් පොඩි හිමි හට සියුරු බහුල හින්දා වැඩිපුර ඇති සියුරු පතක් ඇද වඩි

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Image
මම ඊයෙ කියල ගිය විදියට     ඉස්පිතිතාලෙදී සහ ඊට පස්සෙදී වෙච්චදේ ලියන්නයි මේ යන්නේ යසියා .... හේමාස් කියාලා පුද්ගලික ඉස්පිතිතාලයක් තියෙනව ගාල්ලේ... අපේ අම්මි රජයේ බැන්කුවක ලොකු පුටුවක් නිසා(ඇඩ් එකක්ය. බැන්කුවල අයට පවුලේ උදවියගේ මෙඩිකල් කියලා බර ගානක් දෙනවනේ) අපි කැස්සටත් බේත් ගන්න ඕකට යනවා නිතරම. ඉතින් මට කලින් ඩොකා නිර්දේශ කරපු x-ray එකයි full blood count එකයි චෙක් කරන්න මමයි අම්මයි ගියා ඕකට... සල්ලි ගෙවලා කවින්ටරෙන් රිසිට් එකත් අරගෙන ගියේ නැතයි එක්ස් රේ රූම් එකට හුරේ කියලා..... "මැඩම් බැන්කුවේ නේද?" මලා කවුදෝ අම්මගේ යාලුවෙක්, දැන් හුටා තමයි.. දීපන්කෝ ප්‍රශ්න වලට උත්තර....මෙන්න අනිවා අහන ලිස්ට් එක...... *ආහ් මේ පුතාද? *මොනවද කරන්නේ? *කැම්පස් තාම පටන් ගත්තේ නැත්ද? *අර ආමි ට්‍රේනින් ආවෙ නැත්ද? *ආ... අපරාදෙනේ ඇයි ගියේ නැත්තේ? ................................................ නිකන් මොකටද කුනුහර්ප මතක් කරගන්නේ...නිදහසේ සිගරට් එකක් වත් බොන්න තියෙන නිදහසනේ නැති වෙන්නේ....   :P මම රිසිට් එකත් අරගෙන දිව්වා රූම් එකට... දන්නවනේ අම්මල කතාවට අහුවුනාම ... ස්ටිකර් නේ.... ඉ

‍x x x x කතාව x x x x

Image
යසියා ටික කලක ඉදන් මේ අවකාශේ සැරි සරද්දී පුදුම සැනසීමක් ලැබුනා.යසියට ජීවිතේ ගැන හුගාක් දේවල් ඉගෙන ගත්තා.. ඒ නිසාමද කොහෙද යසියා මේකට ඇබ්බැහි වුනා.. ඒත්............................................   :( අද මම මගේ ගැනම බයෙන් ඉන්නේ. මගේ අනාගතේ ගැන පුදුම බයෙන් ඉන්නේ. මගේ ජීවිතේ තනිකරම දෙගිඩියාවෙන් ඉන්නේ... මේක කියන්න කවුරුවත් හිටියානම් කියල හිත හිත ඉදිද්දී තමයි සුරන්ගනා ලෝකය යසියට මතක් වුනේ. මම කවුද කියල බ්ලොග් මිතුරන්ට දැන ගන්න පුලුවන් නිසා. මේක දානවද නැත්ද කියලත් මම ට්ක වෙලාවක් කල්පනා කරනවා. නෑ මොකක් වුනත් කමක් නෑ මම දන්න තීරනය කලා..... යසියා මේ දවස් වල ලොකූ කොන්දේ අමාරුවකින් ඉන්නේ... මට කැම්පස් යන්න කලින් එන මගුල ආවේ තලාවේ.. ඒකට යන එකත් ගෙදර අයගේ දැඩි විරෝදය මැද්දේ නතරකලේ යසියට මේක මහාම වදයක් නිසා...සමහරවිට යසියා අමාරුවෙන් ගත්ත ඒ ලෙවෙල් ප්‍රතිපලේ අකුරු වැඩක් නැති වෙන්නත් පුලුවන්... කොන්ද කොච්චර අමාරුයිද කියනවනම් මට මෙගා බෝතලයක් වත් (මම කියන්නේ ෆ්‍රිජ් එකේ තියෙන වතුර බෝතලේ ගැන) බොන්න බෑ වේදනාවක් නැතුව. මේක කොටද්දිත් මාර වේදනාවක් තියෙන්නේ... හවසට යන්න ඕන x ray එකක් ගන්න.. මට ප

කාලකන්නියෙකුගේ කතාව

Image
ගලා යන්න ඉඩදෙන්න... අපිට අපේ විදියට නුබ නොදන්නවා වුනාට අපිට තියෙනවා අපේම ආගමක් ජාතියක් හීනයක්....... හදවතේ තැන්පත් වෙච්ච නුබට නොතේරෙනා දර්ශනයක් ඉදල හිටලා දවසකදී බිව්වාට අපි දුම් උගුරක් යාලුවෝ ටිකක් සෙට් වී බිව්වාට කරටි කැඩෙනකන්. කාටවත් නෑ කරදරයක් අපෙන් කවදාවත්. ඔරවන්නෙ ඇයි ස්ර් මැඩම් මේකයි අපේ යෞවනය අහින්සක ජීවිතය චෙක් ශෝට ගහලා රබර් කටු දැම්මාට.. අපි නෙමෙයි නන්නත්තාර ලෝකෙම කරදර ඔලුවට අරගෙන ජීවිතය අපායක් කරගත්ත ඔයාල ...... හූ හූ හූ                                                                                                                                        ලිව්වේ යසියා

අවාසනාවට ඇත්ත කතාවක්

Image
අද දවසට දාන්න පෝස්ට් එකක් ලියන්න මාර විදියට අමාරුවුනා. වෙනදානම් පෑන අතට ගත්තාම මොනොවාම හරි ලියවෙනවා මම දන්නේත් නැතුව."1st true love is unforgettable" කියල කවුරු හරි බූට් කාපු එකෙක් ඇත්ත කතාවක් කියල තියෙනවානේ..ආහ් අමතක වුනා ඕයි... මචන් රත්ගමයා නුබ මගේ මොන්ටිසෝරි කාලේ ඉදන් මිත්‍රයෙක්.. මාව බ්ලොග් එකට එක්කරන් ආවට උබට හුගක් පින් මචන්. දැන් බ්ලොග් එක මගේ ජීවිතය වෙලා... එයාව එක්කරගෙන ආව නගා ත් මට ඊයෙ බුකියෙදි හම්බ වුනා. ඕන් එහෙනම් කතා පොජ්ජ පටාන් ගන්නවා පින්වතුනී එහෙම නැත්නම් පව්කාරයිනි..:P මගේ බ්ලොග් එක මුලින්ම ඉදන් කියවපු අය දන්නවා ඇති මන් කොච්චර නාහෙන් අඩ අඩ කතා ලිව්වද කියලා. කෙල්ල වෙන කෙනෙක් බදින ඒවා නැත්නම් ඒ වගේ දුක හිතෙන ඒවා... ,මතකයි නේ ( ;) නෑ කියල මම දන්නවා). අන්න ඒ කෙල්ල වෙනුවෙන් මම ජීවත් වෙන්න හිතුවා. එයා මගේමයි කියල හිතුවා....මගුල තමයි.. එහෙම නෙමෙයි අන්තිමට දෙවෙනි වතාවටත් එයා මගෙන් ඈත් වුනා..මොනා කරන්නද හලො?.... ලෝකේ ඉන්නේ එක කෙල්ලද????? ඒත් ඒකිගෙන් බැනුම් අහන්නේ නැතුව මට ඉන්න බෑනේ... එයා ආයෙත් මගේ යාලුවෙක් වෙන්න නම් එයා කොන්දේසි දෙකක් දැම්මා.......ඒවත් ඕන

ඒයි තඩි කෙල්ලේ

Image
උසයි මහතයි ඔයා තලෙලුයි මගේ පාටමයි කොන්ඩයනම් ටිකක් අමුතුයි ඒත් ඒ සේරටම මම නම් ආසයි කතාකරද්දී නම් කනට ගහන්න වගෙයි කියන කතාවලට දුක හිතුනු වාර අනන්තයි උබේ හිතෙත් මම ඉන්නවා සත්තයි පිටට නොපෙන්නුවට ඒක මම දන්නවා අපෝ අපෝ අපෝ මටනම් අහන්න බයයි මතකෙයි? ඔයා මට කිව්වා දවසක් "ගහනව ගෙම්බාගැහුවා වගේ පොලොවේ" කමක් නෑ දෙයියනේ මම අහනවා මේ........................................ ඒයි......................................... තඩි කෙල්ලේ.......... ඔයා කැමතිද මගේ ලේලිගෙ නැන්දම්මා වෙන්න???                                                                                                                                                                                                                   ලිව්වේ යසියා

"LTTE ත්‍රස්තවාදීන් AIR LANKA ගුවන්යානයක් පැහැරගනියි"

Image
ස්තානය: පැහැරගත් ගුවන් යානය චරිත: සිත්ති: හදවත් සැත්කමකින් පසුව සුවය ලබා නැවත යාපනය බලායන දස අවුරුද්දක් වයසැති ගැහනු දැරුවෙක් ක්‍රිශ්නා: දිගු කලක් LTTE ය සමග වැඩකල තරුනයෙක්. සිදුවීම: ගුවන්යානයේ ශීට් පේලි අතර සක්මන් කරන ක්‍රිශ්නා බිම වැටී ඇති කුඩා ටෙඩියා අහුලා සිත්ති අතට දෙයි.. සිත්ති: ස්තුතීයි අයියා. අහින්සක සිනාවකින් ඇගේ මුව සැරසෙනු දුටු ඔහු ඇගේ හිස පිරිමදී.. සිත්ති: අයියාගෙ නම මොකක්ද? ක්‍රිශ්නා: මට නමක් නෑ න0ගී.මම විමුක්තියට ජීවිතය පූජකරන්නෙක් සිත්ති: ඇයි අයියලා මෙච්චර නපුරු? ක්‍රිශ්නා: මේ සි0හලයා ඔක්කෝම අපිට හතුරුකම් කරනවා.මෙහෙම නැතුව අපිට අපේ අයිතිය දිනාගන්න බෑ. සිත්ති: ඒත් අයියා ඉස්පිතිතාලෙදි සේරම මට හොදට සැලකුව දොස්තර මාමලා සි0හලනේ? ක්‍රිශ්නා: දොස්තරලා හැමෝම හොදයි න0ගී ජාති බේද එයාලට නෑ සිත්ති: ඇයි අයියා ඔයා දොස්තර කෙනෙක් නොවුනේ? ප:ලි: අවසාන දෙබස සම්පූර්න කිරීම නුබට බාරයි                                                                              ලියූවේ යසියා

සෙක්සි කෙල්ලෙක්

Image
පුස් කාපු කෙස් දැක්ක ඇස් දෙකම ගැස්සිච්චි නුබෙ කින්ඩි හිනාවෙන් හදවතම නැවතිච්චි තද කරන් පා ඩෙනිම් පලනුකුල ඇබරිච්චි ගැසූ විලවුන් වලින් මගේ හිත් මත් වෙච්චි සුන්දරයි පිරිසිදුයි දකින්නට ආසයි සිබින්නට දෙනවාද නාස්පිඩු ලෝබයි සිනිදු මුදු කෙහෙරැල් එහේ මෙහේ පාවෙයි "නැගිටපන් මී හරකො දැන් හයයි කාලයි" කොයි කාට කියන්නද ඒ හීන ලෝකේ හිටි සෙක්සි කෙල්ලක් තව සිතේ කැරකේ අත්තම්ම දැක්කොතින් ඇයව මහ පාරේ "අනේ තුහ් නොදොමකින් මුන් හැදෙන තාලේ"

අවන්හල

Image
ඒ අවන්හලමයි එදා මේසයමයි පුරුදු මාතෘකාවමයි ඒත් ඒ අපි නොවෙයි.... අතිනත ගන්නා දිනය කලින් සැලසුම් කල ලෙසම සුර කුමාරියක් වගේ තිබුන විදියටම නුබෙ හිතේ අපේ බලාපොරොත්තුව නුබට හැකිද තනිවම පුරවන්න කිසිම දෙයක් මම නැතිව නොකල ඔයා අපේ සිහිනය ඔයාගෙ විතරක් කරගෙන.... අවසර ගන්න නෙමෙයි ආවේ මම හොදට දන්නව ඒක මට දැකගන්න ආරාදනා කරන්නයි නුබේ සහ ඔහුගේ විවාහ උත්සවය........

මග බලාගෙන

Image
නුබේ තුරුලේ සැගවී සුදු මුහුන සිබින්නට.... අද සෙනසුරාදා එනවා නේද අදත් රෑට... වෙනදා වගේම මගේ ලස්සන හීනයට........ වෙනදා අපි හම්බ වෙ‍ච්ච නොදන්නා මිටියාවතේ අහි0සක තොටුපල මතකද? මම තාම එතන ඉන්නේ ඔයා එනකන් මග බලාගෙන.........

නුබ

Image
හැගුම්බරයි නුබ සතු  සුපෙම්බර මුව කමල මුකුලිත කරන සිනහව වස් දොස් සියල් දුරු වන සිනිදුයි ඔබේ පොඩි අත ලපටි අතැගිලි තුඩු වලාකුලු වර්න නියපොතු මගේ අත් අස්සේ රදවගන්නට ආසාවේ බෑ මට... හැදුනු කම සහ ගතිගුන ෆර්දාවෙන් ඔතා සුරකිව ආගම් වෙනස අමතක කර ජාති බේද දිය කර හැර එක්කන් එන්න හිතෙනවා  මගේ පු0චි ගෙපැලට  පරිස්සමට...ලගදීම......!! ..........හදාගන්න දරුකමට..............

ඔබ ආදරේ කරන්නේ ඇයි???

Image
ශ්‍රී ලා0කයිය බුද්දිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්?? (පුරුද්ද නේ MCQ ???   එකක් තෝරන්න,) 1 :විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට. 2 :කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න. 3 :facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න 4 :film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා 5 :classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න. 6 :ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා 7 :රති සුව විදින්න (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???) 8 :වෙනත් (උබලට උබලිලට ඕන දෙයක් කොටන්ට.) "අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක් විරල කල, විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට  ගස් ගල් පොලු මුගුරු නින්දා අපවාද ගැරහුම් චෝදනා චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්  දූරීම්භූත වේවායයි පතමි..."

GooD FriendS GooD TimeS-----> යාලුවෝ

Image
අලිය ගෙදර (Elephant house ) ඇඩ් එකක් දාන්න නෙමෙයි ඕන් යසියගෙ වෑයම.දවස් ගානක් බිසී වෙච්ච යසියාට අද මොකක් හරි එකක් බ්ලොග් එකට ඔබන්න හිතිච්චි නිසා ඕන් ලියාගෙන ලියාගෙන යනවා...පජාත වෙවිද මන්දා... :P කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් (ඇත්තටම කීවොත් කෙල්ල එක්ක ආදරයක් තිබ්බ කියල දැනගත්තෙත් එයා ගියාම තමා...) සති ගනනක් මුහුනු පොතේ සහ මේ බ්ලොගේ නාහෙන් අඩපු යසියා අද වෙනකොට යතා තත්වයට පත්වෙල ඉන්නවා.(ඒ කියන්නෙ ආයෙත් පිස්සු) මාව ඒ තත්වෙට ගෙනිච්ච ඒ මගේ ෆ්‍රෙන්තෝ ටිකට තැන්ක්ස් කරන්න තමා මේක කොටන්නේ  හොදේ.. හැබැයි දුකින්දෝ සොමියෙන්දෝ මන්දා .... කියන්නේ ඒ එකෙක් වත් ඉස්කෝලේ යනකාලේ (ඔව් අවුරුදු දා හතරක්ම ගියානේ මමත් ඉස්කෝලෙකට) එක බත් එක කාගෙන හිටි උන් නෙමෙයි.. සේරම පාසලෙන් පස්සේ සෙට් වෙච්චි උන්.. අම්මපා මුන් එතකන් කොහේ හිටියද මන්දා... :P හොදට කොයිල් වෙච්ච සති දෙක තුනක කාලයක් පුරාවට මට උදව් කල එවුන්ට ස්තුති කොරන්නයි ඕන් මේ තනන්නේ ...... මුලින්ම මගේ තම්බි බොක්කට ඌ හෙනම ගේමක් දුන්න මාව ආයෙමත් අමාරුවෙ දාන්න.. හූ හූ හිකේ උබලා කොහෙද එහෙම මාව අමාරුවෙ දාන්නේ?? දැන්ම ආයෙත් ඩබල් වෙන්න හිතක්

එනවානම් එන්න

Image
අහින්සක ආදරේ කඩුලු බින්දු ඉතිරීලා දෙනෙතගින් දෝරේ ගලනවා මොනවාදෝ මටත් මතක්කරවමින්...... මගේ මුලු ලෝකෙටම වැඩියෙන් නුබ මගේ පණටත් වඩා වටිනවා නුබට තාමත් මතකයිද මන්දා..... ආදරේට "මෝඩයා" කිව්වාම "එහෙනම් ඇයි මෝඩයෙක්ට ආදරේ මෙච්චර?" ගොලුවුනා මතකයිද දවසක්???? මිටියි, යාන්තම් මහතයි, සුදුයි. දැක්කාම කාටත් ආදරේ හිතෙයි..... ෆේස්බුකියෙන් නුබ මාව හමුවුනේ රුවට පෙර ගතිගුනට ආදරේ හිතුනේ මන් මුරන්ඩුයි දගකාරයි තමයි එත් හැමදාම මම නුබට ආදරේ කලා ඇයිද නුබ ඒක නොදන්නේ??? ආදරේ මට නම් භයානක හීනයක් එක එක විදියට එක එක දවසට පේන තවමත් අපි අපේමයි අපි දන්නවා තවමත් මම ඔය හදවතේ ඉන්නවද? ආයෙමත් ආදරය ඉස්සර වගේම හුවමාරු කරගන්ට තාමත් හදවතේ ඉන්නවා නුබ  එනවනම් එන්න.... ( one|zero|zero අඩවියට  යසියා විසින් ලියූවකි)

Image
සුසිනිදු දගකාර සුකොමල කෙස් වැටිය නටනා අපූරුව විඩාබර දෙනෙතින් යුතුව දෙනෙතු සොරකම් කරන සුරගන චාම් සාරියකින් හැඩව කනෙහි සිරකල හීන් කරාබු පාට පාට ගලින් එල්වූ මාලය ගෙලට වදයක්ද? ඇගිලි තුඩු වලින් ඉස්සී ඉස්සී ඔය බලන්නේ මම එන්නේ කොයි වෙලාවෙද කියලා. උදේ ඉදලා වැඩම හින්දා සුන්දර මුහුනත් අදුරු පැහැ වීලා "මොකද අද පරක්කු?" මව් අසන හින්දා හැකි ඉක්මනින් නිවසට ඇරලවිය යුතුයි... අක්කා  

මා සතු ආයු ගෙන ඈ ජීවත් වේවා

Image
සිත තුල දග කරන ඔබගේ ආදරය කිසි දින ලැබේදෝ පැතු ඒ ජීවිතය යනු කෙලෙසකද මා තවමත් තනිකඩය ඔබ සතු මිහිරි වදනට මා කෑදරය පැය කිහිපයකි දෙනෙතින් පෙම් කලේ අපි ගනුදෙනු වුනා සිය ගනනක් ප්‍රේම වැකී මා සතු නොවූ වරදක් නුබෙ කනට එබී බැල්ලිගෙ පුතෙක් කවුරුන් හෝ කියන්නැතී හිරු සදු තිබෙන තුරු ආලය බැබලේවා යන එන සෑම තැන ඒ රුව සුරැකේවා සැමටම වඩා ඇය ඉසුරින් නැහැවේවා මා සතු ආයු ගෙන ඈ ජීවත් වේවා කදුලින් ඉපිද කදුලින් පරලොව යන්න මා ලද ප්‍රේමයට විරහව මුසුවන්න කාලය හොද නැත්ද මාගේ පවසන්න අපලය ඉවරවිය ආපසු පැමිනෙන්න වියලුනු සිතක පෙම් සිතුවිලි උපදේවී රිද්දන පපුව සදහට සුවපත් වේවී සුරගන ලෙසින් දිනයක ඈ සැරසේවී බවයෙන් බවේ ඈ සොද බිරිදක් වේවී ඉර හද තියෙන තුරු විශ්වය පවතීනම් ගහ කොල තිබෙන තුරු ජීවය පවතීනම් සසරින් සසර අප නිරතුරු හමුවේනම් පපුවේ උනුහුමින් නුඹ හ0ගාගන්නම්