හිටියානම් අද ඔයා මගේ ලගින්.. සමහර විට සුරන්ගනා ලෝකය මෙච්චර ලස්සන නොවෙන්න තිබුනා

දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච නිසා මොකක් හරි කෙහෙල් මලක් සුරන්ගනා ලෝකෙට වඩම්මන්න තරම් යසියා දෙකේ කොලේට වැටිලා නෑ. අන්තිමට ලියපු පෝස්ට් තුනම එකම කතාවක් හැටියට ගියා වුනාට ඒක තනිකරම කුපාඩි කම පෙන්නන්න ලියවුන ඒවා..
මගේ බ්ලොග් එක වෙනසක් කලා කියලා ඔයාලට පේනවනේ...
ඉතින් එහෙනම් මගේ හිත කාටහරි කියන්න ඕනය කියල කියන දේවල් හුගාක් දැන් මම සුරන්ගනා ලෝකයට ගොඩ බස්සන්න හදන්නේ......

ගොඩ කාලෙක ඉදන් මගෙ යාලුවො කියනවා යසියට 

"නවකතාවක් ලියපන්...නව කතාවක් ලියපන්"

දවස් ගානක් මම ටයිප් කරලා නෝට්ස් වල සේව් කලාට සේව් වෙන්නේ කුනුහර්ප නිසා මට සිද්ද වුනා ඒ අදහස අයින් කරන්න... හේතුව වුනේ සේව් කිරීමට තැනක් නැති කම..

මගෙ ටිකිරි මොලේ යොදාගෙන මම තීරනය කලා මගේ මේල් එකේ ඩ්‍රාෆ්ට්ස් වල නව කතාව තැන්පත් කරලා තියන්න... ඒක නිස මේ දවස් ටිකේම ටිකක් ඒව ගැන හිතන්න වෙලාව යොදවන්න වුනා....

"සන්දීපනී"
ඔයා මේක කියවනවා නම් කරුනා කරලා සමාවෙන්න. මොකද මට අයිතියක් නැති ඔයාට අයිති මම ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන කතාවක් ලියනවා කියල මම ඔයට පොරොන්දු වෙනවා....

සමහරු කියනවා "නැතිවෙච්ච ආදරය සිතින් අමතක කරන්න ඕන" කියලා.. ඒත් මමනම් විස්වාස කරන්නේ නෑ ඒ කතාව...කොල්ලෙක්ව මිනිහෙක් කල කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයක් එහෙම ලෝකෙට හොරා බූමිදානය කිරීම හරියට පන පිටින් මිනිහෙක් වලලනවා වගේ දෙයක්..
මට බෑ දෙවියනේ ඒ දේ කරන්න....

කොන්දේ අමාරුව නම් තවම තියෙනවා. යසියා තම බිමට රෙද්ඩක් දාගෙන සාලෙ මැද්දේ නිදියාගන්නේ ඒකෙන් ටිකක් සුවයක් තියෙන නිසා...

"ඔච්චර නිදිමරන්න එපා මැට්ටෝ"
"ඔය බ්ලොග් මගුල කියවන උන් ඒවි ලෙඩ වුනාම ඔයාව සනීප කරන්න"
"රෑට නාන්න එපා යසියා"
ඔහොම ඔයාගෙන් අහපු බැනුම් තාම කන් අස්සේ දෝන් කාර දුන්නට ඇත්තම ඒව මට ආයෙත් අහන්න ලැබෙන වචන නෙමෙයි...
ඒත් ඔයාගෙ මතකයට මම ආදරෙයි සන්දීපනී හැමදාමත්....
මගේ අන්තිම හුස්ම පොද තියෙන කල්......

"මම සන්දීපනී නමට ආසම නෑ යසියා"
ඔයා ඒ නමට ආදරේ නොකලට මම මගේ පමනටත් වඩා ඒකට ආදරෙයි..මොකද ඒකෙන් ඔය දිග කෙස් අස්සෙ හැන්ගිලා තියෙන හැදිච්චකම...කරුනාව නිරූපනය වෙනවා....

හැමදාම ඉස්සර අහපු ඔයාගෙ ලස්සන වචන ඔච්චර මිහිරිනම්...මම කවමදාකවත් නාල්ලපු ඔය අගිලි තුඩු සේද රෙද්දක් වගේ ඇති නේද?

"හ්ම්"

"පිස්සෙක්"

මට කමෙන්ට් වට්ටගන්න ඕන නැහැ..මට බ්ලොග් එකේ පොරක් වෙන්න ඕන නැහැ...

මොකද...මට වඩා වැඩ්ඩෝ මේකේ ඉන්න නිසා..මම සුරන්ගනා ලෝකය පටන් ගත්ත සදමඩලක් විදියට...මට ඒ පරාසය තවත් ඈතට විහිදවන්න ඕන වුන නිසා මම ඒක සුරන්ගනා ලෝකයක් කලා....

මම අද සේරම දේවල් ලිව්වේ  "කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ" 

මෙලෝ තේරුමක් නැහැ නේද මම අද ලියපු විදිය???


"ආදරනීය සන්දීපනී "
ජී මේල් චැට් එකේ මට එපාම කරපු කෙල්ල ඔයා කියල අගවන්න මම උත්සාහකරනවා තමයි..

ඒත් ඒත් අහිමි වෙච්ච ආදරේ ගැන පසුතැවෙනකොට මම කොච්චර පිස්සු වැටෙන බව දන්නවානම්...\

යසියා කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ....


ඔයා හිතාගෙන ඉන්නේ මම අහන එකම කෙල්ලෙක්වත් මට කැමති නැති නිසා මම තාම සින්ගල් කියලා...
ඒත් ඒක එහෙම නෙමෙයි සන්දීපනී..
මට කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න
\පනටත් වඩා ආදරෙයි කියන්න...
එදා මම ගාව තිබ්බ සල්ලාල කම....
ප්‍රේමයේ මායාවෙන් ඔයා කැලනි ගගට පා කරාලා දැම්මේ...

සක්කරයටවත් ආයෙමත් හොයාගන්න බැරි විදියට......

මැරෙන තුරා නුබව අමතක නොකරන මම....
 

 

Comments

  1. නැතිවෙච්ච ආදරේ කියන්නේ විහිදිච්ච හදවතක දිගුවක්..ඒකෙන් ගොඩක් දෙනෙක්ට ඉගනගන්න ගොඩක් දේවල් තියේවි සහෝදරයා..ලියන්න..මුලින්ම ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර සහෝදරයාගෙන් සුබ පැතුම්

    ReplyDelete
  2. දේවසුරේන්ඩ්‍ර සහෝදරයා: එකම දේ දෙපාරක් තිබ්බ නිසා සමාවෙන්න මා එකක් පැත්තකට කලා..හා හා පුරාවට සුරන්ගනා ලෝකයට ආවට ස්තූතියි..ඇත්ත ආදරෙන් ජීවිත වෙනස් කරන්නේ සමහරු බොලදයි කියන ෆිල්ම් වල විතරක් නෙමෙයි... එහෙම ඇත්තවල් සාමාන්ය ජීවිතෙටත් පොදුයු...

    ඉඩක් තිබුනොත් ආයෙත් එන්න....මොනවා හරි නැවුම් යමකින් සුරන්ගනා ලෝකය සැරසිලා තියේවි.....

    ReplyDelete
  3. එක ආදරයක් හින්දා මුලු ජීවිතේම අවුල් කර ගන්න තරම් ඔයා මානසිකව පහලට යයි කියලා මම හිතන්නෙ නැහැ .........

    ජීවිතේ ගැන ඔයිට වඩා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ...........

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02