Posts

Showing posts from February, 2013

විරංගි 002

Image
විරංගි 001 මෙතනින් කියවන්න සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු  දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.. "රෙද්ද..."  දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය.. ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි. " හෙලෝ" දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.. " ගෙදර ගියා ද බබා" " නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ" " මෙච්චර වෙලා" " ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ" " පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. " " ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි" " හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. &q

විරංගි 001 ( කුලුදුල් නවකතා ප්‍රයත්නය )

Image
"බ්‍ර්ර්ම්.. බ්‍ර්ර්ම්" "හෙලෝ" "හෙලෝ නෙමෙයි.. කොහෙද කියන්න ඉන්නේ?" "මම පොඩි හොර ගමනක් ආවා.. ගෙදරට හොරෙන්..." " කියන්නකො බබා... ප්ලීස්... ඇයි හෙමින් කතාකරන්නේ?" " කියන්නම්..පැටී එන්නකෝ ඔයාලගේ උගුරැස්ස ගහ පැත්තේ තාප්පේ ගාවට.." " මෝඩයා... විහිලු නොකර කියනව කොහෙද ඉන්නේ කියලා.. මට ඇසෙස්මන්ට් එකක් තියෙනව හෙට සබ්මිට් කරන්න.." "විහිලු නෙමෙයි පැටී.. මම තාප්පේ ගාව ඉන්නේ ... එනවකො ඉක්මනට.." "හ්ම්... පොඩ්ඩක් ඉන්න බබා" වෙලාව රාත්‍රී 11:55 ය. ඇයව බලන්නට ඇති ඕනෑකම නිසාම කලුවරේ ඇයව ගෙන්වා ගතිමි. මා ඉන්නාතැනට කුස්සිය පැත්තේ දොර හොදහැටි පෙනෙයි... හොර වැඩකටනම් ඇය ගෙදරින් පිටවෙන්නේ එතැනිනි.. කුස්සිය ඇගේ කාමරය ගාවමය.. ඇගේ කාමරයේ ලයිට් නිවෙනවා පෙනෙයි... පෝය පසු වී දින දෙකක් වුනත් හදේ දගකාරකම් නම් තවම අඩුවක් නැත... " සද එලිය එපා ඇයව වෙලා ගන්නට... ඈ අයිති මට විතරයි" හිත කරන තරවටු සද නම් අසන්නේ නැත.. මා පසුකරමින් ගිය සිසිල් සුලන් දහරක් ඇගේ නිදහස් වරල් ගෙනයන්නට තැත් කරයි... රෝස පැහැ නියිටිය සහ හව