විරංගි 002



සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු  දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත..

"රෙද්ද..."
 දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය..

ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි.

" හෙලෝ"
දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය..
" ගෙදර ගියා ද බබා"
" නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ"
" මෙච්චර වෙලා"
" ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ"
" පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. "
" ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි"
" හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. "
 " අයි ලව් .."
" ඩෝන්"

ඉදිරියෙන් ආ වැලිලොරිය මුහුනට ආ මාගෙ බයිසිකලය සිම්බා ය.. මා අඩි දහයක් පමන උඩ දුරින් බුම පතිත වී ය...

" බබා... බබා... කතා කරන්න රත්තරන්"

මාගේ දකුනු අතට මදක් එපිටින් ජන්ගම දුරකතනය ඇත... මා ජංගම දුරකතනය දෙසට අත දිගු කරන්නට සැරසීමි... මුලුලොවම අන්දකාර වී ගියේ ය.

*******************************************************************************





" ලොකු පුතේ"

ඔලුව පැලෙන්නට වාගේ ය.. මම අපහසුවෙන් දෙනෙත් හැරීමි...

" අම්මේ... ඔලුව රිදෙනවා.."
බොදවූ රූපයක් වුවද මම අම්මාව හදුනා ගතිමි..

" දුවේ... නර්ස්ට ගිහින් කියනවද ... පුතා ට සිහිය ආවා කියලා"
"හා ආන්ටි.."

ඒ විරංගි ගේ කටහඩයි... ඈ අම්මාව දන්නේ කවදා ඉදන්ද?.. දින කීයක් මා මෙසේ සිහි සුන්ව සිටියා ද? සිතෙහි දහසක් ප්‍රශ්න මතුවෙයි..

" කකුල හුගක් රිදෙනවද මයෙ පුතේ?"

මගේ හිස ආදරයෙන් පිරිමදිමින් අම්මා අසන්නී ය.. දකුනු කකුල හුගාක් රිදෙයි..  අමාරුවෙන් හිස එසවූ මා ප්ලාස්ටර් දමා ඇති කකුල දෙස බැලීමි..

" චන්ඩියට සිහිය ඇවිල්ලා එහෙනම්"
 නර්ස් කෙනෙකු සමග ඩොක්ටර් ආවේ ය.. '=
"බලන්න ඩොක්ට මම මෙයාට කොච්චර කියලා තියෙනවද රෑ ගමන් යද්දි ගෙදර තියෙන වාහනයක් ගෙනියන්න කියල..."

හර්ද ස්පන්දනය සහ විකාර ගොඩක් ඔහු චෙක් කල ඔහු නලාව කරේ එල්ල ගත්තේ ය..

" දැන් ඕන දෙයක් කන්න .. සති දෙකක් යනකන් කකුල හොලවන්න එපා.. මහ ලොකු තුවාල නම් නෑ.. ඒත් ඉක්මනට අස්ති හොදවෙන්න බෙහෙත් වගයක් දුන්නා.. ඒවට ඔලුව රිදෙන්න ගනීවි"


" තෑන්ක්ස් ඩොක්ටර්"

මගේ උරහිසට තට්ටුවක් දැමූ ඔහු යන්න ගියේ ය..


" විරංගි "

කාමරයේ මුල්ලකට හේත්තු වී ඇය හඩන්නී ය... ඇය ඇයටම බැන වදිනවා ඇත.. මා ලගට එන ලෙස මම ඇයට සන්යා කලෙමි ...

" ලොකූ ට කන්න මොන වද ඕන?"

" අම්මේ ෆෘට් ජූස් එකක් ගේන්නකෝ "

" දුවා මෙයත් එක්ක කතා කර කර ඉන්නකෝ.. මම අරගෙන එන්නම් "

" හා ආන්ටි"

අම්මා පිටව ගියා ය...

" ඇයි රත්තරන් අඩන්නේ? "
" නෑ සදරු ඔයා ට මේ සේරම වුනේ මගේ පව්කාරකම හින්දා "
" පැටී මම කියන දේ අහන්න කෙල්ලේ... වෙන්න තියෙන වෙලාවට සක්කරයට වුනත් නවත්තන්න බෑ .. අඩන්න එපා.. ඔයා කීයෙ ඉදන්ද ඉන්නේ?"

" දැ වෙලාව උදේ දහයයි බබා... මම අටට විතර ආවේ... ඔයාගෙ ඇක්සිඩන්ට් එක මට ෆෝන් එකෙන් ඇහුනා... මම ඒ පාර ඔයාගෙ ගෙදරට කතා කරලා කිව්වා... ආයෙමත් උදේ ඔයාගෙ අම්මට කතා කරද්දි තමයි රූම් නම්බර් එක අහගත්තේ.. "

" කොහොමද ටෙඩියා"

" පිස්සා... මම හරි ආසයි ඒකට.. මම එයාට නමකුත් තිබ්බා...බ්‍රවුනි කියලා හොදයිනේ? "

" හොදයි.. මේ පැටී.. ඔයාගෙ කොන්ඩෙ අද හුගාක් ලස්සනයි.."

" අනේ සදරු බොරු කියන්න එපා.. කලබලේට පීරන්නෙවත් නැතුව එහෙම්ම දුවගෙන ආවේ.. "

" අම්මා අපේ සීන් එක දන්නවද?"
"හ්ම්... අම්මා මගෙන් ඇහුවා.. මම සේරම කිව්වා.."
" අම්මා බැන්නද?"

" ඔයාගෙ අම්මා හුගක් හොද කෙනෙක් සදරු... මම පැත්තකට වෙලා අඩ අඩ ඉදිද්දි මගෙ කදුලු පිහිදලා ඔලුවත් අතගෑවා.."

" අම්මට එහෙනම් ලේලිව හිතට අල්ලලා වගේ.. "
ඇය අහින්සකව හිනා වුනා ය...


" ලොකූ මේ ජූස් එක බොන්න"

ස්මැක් බෝතලයෙන් ටිකක් වීදුරුවට වක්කල ඈ වීදුරුව මගේ මුවට ලන් කලාය... මම බීගෙන බීගෙන ගියෙමි..

" ඇති අම්මේ "

" ලොකූ ... ඇයි පුතේ මෙහෙම දෙයක් වත් අම්මට නොකිව්වේ... "

" අම්මට කියන්න හිටියෙ මම..."

" ආන්ටි මම ගිහිලා හවසට එන්නද?"

" හා දුවා... පරිස්සමෙන් යන්න හොදද... කොහොමද යන්නේ?"

"ආන්ටි මම ඩ්‍රයිවර්ට එන්න කිව්වා"

" හොදයි දුවා"

" සදරු මම යන්නද ? "

" හා. ගිහින් කෝල් එකක් දෙන්න.."

" දුවේ .. මම මෙතන ඉන්නවා හවසට අන්කල් එනකන්... මගේ ෆෝන් එකට කෝල් කරන්න... මෙයාගෙ ෆෝන් එක කුඩු වෙලා තිබුනා"

අම්මාගේ කකුල් දෙක අල්ලා වැන්ද විරංගි කාමරයෙන් පිටව ගියා ය..

" ලොකු පුතේ...  ලොරියෙ මෑන් කිව්වා ඔයා වැරදි පැත්තෙන් හයියෙන් ඇවිත් නවත්තලා තිබ්බ වාහ්නේ හැප්පුනාලු...  පූරුවෙ වෙලාවටලු ඔහොම බේරුනේ... මිනිහා දැනුයි ගියේ.. "

" මම වෙන සිහියක අම්මේ ආවේ... තාත්තා කෝ"

" අද වත්තේ පඩි දවසනේ පුතා.. පඩි සල්ලි ටික ලියන මහත්තයට දීල එන්න කියල ගියා.. දෙයියනේ කියලා හවස්වෙන්න කලින් ඒවි... තාත්තටත් මාර අප්සෙට්..."

අතේ ඉන්ජෙක්සන් එකක්ද සහිතව හෙදියක් කාමරය ඇතුල් වූවා ය...

" මේක පෙයින් කිලර් එක ගැහුවම නින්ද යාවි"

*********************************************************************************

ලිව්වේ යසියා



Comments

  1. ඔව් ඔව්...ගැහුවම නින්ද යාවි...චන්ඩියා ......අඩෝ යසියා හෙන සල්ලි කාරයෙක්නෙ බලන් යනකොට...

    ReplyDelete
  2. විරංගි 003 එන්නේ කවදාද???

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

ගුබ්බෑයමේ ඈ