Posts

Showing posts from July 21, 2018

වජිරපානි 06

Image
වජිරපානි 06 ජීවිතේ හැමදේම හීන වුනාට ආදරේ කියන දේ සිහිනයක් නෙවෙයි. ප්‍රේමය හැමදාම ප්‍රත්‍යක්ෂයි. කෙල්ලෙක් හා කොල්ලෙක් අතර බැදීමක් වේදනාවකින් නිමාවෙන්නෙ යම් හෙයකින්ද අපි තේරුම්ගන්න ඕන අනන්තයේදී එකතුවෙන ලැදියාවක් කිසිදාක සංසාරේ පතාගෙන ආපු ආදරයක් නොවෙන විත්තිය. පායන හදට තරු මොකටද කවි ලියන්නෙ. නුබට මම ඉන්නකොට හැන්දෑවට මොකටද සදක්? පැය දහයක එකොලහක ට්‍රැෆිල් ඩියුටියෙන් පස්සෙ වොශ් එකල් දාන් බැරැක්කෙට වැව ිත් පොඩ්ඩක් ඇලවුනා. ************************** ***************** "හෙලෝ වජිරපානි. ඔයා ෆ්‍රී ද?" "මේ රෑ නවයට යුනිෆෝම් කාරයො ඇරෙන්න මුලු ලෝකෙම ෆ්‍රී සදුන්. කියන්න. අද කී දෙනෙක් ලිව්වද?" "ඔයා ඉතින් දන්නවනේ ඕඅයිසී ගෙන් බැනුම් අහගෙන හරි මමයි අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකෙ අඩුවෙන්ම දඩකොල ලියන්නෙ කියලා. ඉතින් ඔයාට මොනවද අද අලුතින් ආව ප්‍රොජෙක්ට්ස්" "අලුතින් නම් මුකුත් ආවෙ නෑ සදුන් ඒත් පරන කරපු ටෙන්ඩර් එකකට ඩිස්කවුන්ට් එකක් ඉල්ලල තිබ්බ. ඒක දැම්ම. ගොඩක් වෙලාවට එවි මගෙ හිතේ. මේ අද මම ලස්සන ෆිල්ම් එකක් බැලුවා" "ආශිකී ටූ" "අර ආදරේට වඩා බෝතලේ උනුහුමට ආස

වජිරපානි 05

Image
වජිරපානි 05 "හෙල්ලෝ. සදුන්" "යෙස් ඩියර්. අදත් ඔෆිස් ද?" "නෑ මම ආච්චි අම්මලගෙ ගෙදර ආවා. ඉරිදා හින්දා කසින්ස්ලටත් නිවාඩු නේ. ඒ හින්දා ෆෝර්ට් පැත්තට ආවා" "හෝ හෝ ගාන මුහුදු රැල්ල වේගෙන් ඇවුත් දඩස් ගාලා කොටු තාප්පෙ වදිනවා. තීව්‍රතාවය අඩු වැඩි වුනාට උදේ රෑ නොබලා මේ නද දෙන්නේ , නිසසල ගල් සිමෙන්ති මහා ලුණුවතුරයි එක්ක තියෙන ආදරේ කතන්දරේද?" "සෝ කියුට්.ඒයි පිස්සා. මොකෝ නිවාඩුවත් ආවාද?" "හ්ම්. ඔයා කොහෙද ඉන්නෙ. මම එන්නම්. මමත් ෆෝර්ට් ඉන්නෙ." "ඕකේ. මිඩ්ල් ස්ට්‍රීට් එකේ අර කොෆී ශොප් එක පැත්තට එන්න." ************************** ****************** කරිජ්ජ හුලග කොටු තාප්පෙ උඩින් පැනලා ඔහේ කඩා දාපු රිලැක්ස් කරපු කොන්ඩෙ හොයාගෙන එන්න ඇත්තෙ සෙල්ලන් කරන්න හිතාගෙන වෙන්න ඇති. ඒක නිසාද එයත් කොන්ඩෙට ඕන දෙයක් කරගන්න කියලා මං එන කැට අල්ලපු මාවත දිහා බලාගෙන ඉන්නෙ. ඔෆිස් කිට් එකට වඩා අමුතු ලස්සනක් දනිසට අගල් දෙකක් උඩට වැටුනු අත් නැති සුදු පාට මල් අල්ලපු දම්පාට ගවුමෙන් මේ තලෙලු කෙල්ලට ගෙනත් දුන්නා. නිල් ඇස් වහපු දුබුරු පාට පොල් අඩි අව් කන්නාඩි හ

වජිරපානි 04

Image
වජිරපානි 04 වාහන තදබදය කෙමෙන් අඩුවෙත්ම මංසන්ධිය රථවාහන රාලහාමි කෙනෙකුට බාරදී මා බස්නැවතුම යටට වී මුදල් පසුම්බියෙන් ඈ විසින් මා අත රදවන ලද කාඩ් පත දෑස් ඉදිරියට ගතිමි. සිතාරා අතුකෝරල නම එදා මා හදවත ගැහෙන්නා ව තිබූ වකවානුව නැවත මා මතකයට නගන්නට සමත්ව තිබීය. එයට යටින් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු යන පදය සටහන්ව තිබින. තත්පරයකට ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් ඊ හිසක ස්පර්ශය දනවන්නෙ යම් වේදනාවක්ද ඒ හා සමාන වේදනාවක ින් මා හර්දය වස්තුව රිදුම් දෙන්නට වීය. දහඩියෙන් පෙගි කාකි ලෝගුව කදුලින් තෙත් වීමට නොදී මා විගස දෙනෙත් පිසදා ගත්තෙමි. මා ඈ හට ඇමතුමක් ලබාදිය යුතුද? පාදයේ ලපටි ඇගිල්ලෙන් පටන්ගෙන හිස කේ අග දක්වා මා ශරීරකූඩුවේ සියලු සෛලයක්ම පවසන්නේ එවැන්නක් වීය. "හෙලෝ. සිතාරා" ""යෙස්. හූ ඉස් දිස්." "කුඩ්න්ට් යූ ඊවන් රෙකොග්නයිස් මී" "විල් යූ ප්ලීස් සෙයි යුඅර් නේම්" "අයි ඈම් ද වන් හූ යූ ගේව් යුඅර් නම්බර් ටොඩේ" "ඔහ් මයි ගෝඩ්. සදුන් ඉස් දිස් රියලි යූ" "යෙහ්. ඉට්ස් මී සිතාර" "ඉට්ස් සෝ ගුඩ් ටු හියර් යුඅර් වොයිස් මේට්.තොඋට් අයි වුඩ් නෙවර් හිය

වජිරපානි 03

Image
වජිරපානි 03  අමයුරට වසනා කුහුබවන් මෙන් පාර වාහන වලින් පිරී ගොසිනි. ආයුර්වේද මංසන්දියෙන් කෙනෙක් කෙලින් යන අතර තවකෙකු වමට හරවා ගමන් කරයි. රතු කහ කොල බුබුලු මෙවන් තදබදයකට කෙතරම් යෝගීදැයි දන්නා නිසාවෙන් රථවාහන කොස්තාපල් වරයෙක් මග මැද සිට දෙඅත් විහිදුවමින් දහඩියෙන් හෙම්බත්ව උත්සාහයක් දරන්නේ රියෙන් යන්නන්ට මොහිතකට හෝ කලෙයින් ගෙදර යෑමට ය. කන්තෝරු හැරී ඇති නිසා කඩුවෙල දෙසට පටන්ගත් රිය පෝලිම රෑ අට නව ය වෙනතුරු නිමක් දකින්නේ නැත. රියදුරන් දඩබ්බරය. කහ ඉර මැද මා නොමැති නම් පදිකයන්ට පාරෙන් පැනගන්නට අවැසක් ලැබෙන්නේ නැත. උදේ හවා දහසක් මිනිසුන් ගැහැණුන් මා පසුකර එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් පාර මාරුවන්නේය. ඉන් කොපමනකට මේ දහඩිය පෙරුනු මුහුනතට දහඩියෙන් පෙගුනු කාකි ඇදුමෙන් ගෙනෙනා ගාම්බීරත්වය මතකද?. එහා මෙහා යන ලදුන් අතරින් හැමවිටම හමන්නේ විවිධ මල් වල සුගන්ධයන්‍ ය. විටක සුවදකට මා ආසා කරන අතර තවත් සුවදක් මගේ නා පිඩු පිනවන්නේ නැත. හදුනනා මුහුණතක් ඇස ගැටුනහොත් මා කතා නොකර සිටින්නේ නැත. මේ කාර්‍යබහුල කොලඹ නගරය තුල ගමෙන් කොලබ ආ හදුනනා මුහුනු අල්ප නැත. "එක්ස්කියුස් මී සදුන්. ඉස් දැට් රියලි යූ?" ක

වජිරපානි 02

Image
වජිරපානි 02 හීන ඇහැගැහුනම නින්දටම ආස හිතෙනවා. ඇස් පියාගන්න හැම තප්පරේම පේන්නෙ ඒ රූප පෙලම. ආදරේ හීන තිතෙන් තිත පාට කරපු ඒ අපුරු රූපයම ජීවිතේට කොච්චරක් නම් දුක් දෙන්න ඇත්ද? සංසාර ගමනේ මතු භවයක සක්වලෙන් එහා පොඩි දොල පාරක් අයිනේ පැලක් අටවගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙමු නේද සදුන් කියලා අහිංසක විදියට හිනාවෙච්ච ඒ හිනාව අද කොච්චර ලස්සන ඇත්ද? අවුරුදු දෙකත් කල්ප කාන්තරයක් වගේ දැනෙන්නෙ පැය කට්ට අප ි තනිවෙච්ච වෙලාවට වේගෙන් කැරකෙන හින්දද කොහෙද?, ඉර බැහැගෙන යන පැයට දියවන්නාවේ බන්කුවක් උඩට වෙලා අත් අස්සෙ අත් හන්ගගත්තු ජෝඩු දිහා මම හැමදාම බලාගෙන ඉන්නෙ පුදුමාකාර ආදරයකින්. දෙයියනේ මටත් මේ වගේ සවස් ඕනෑ තරම් තිබුනා නේද කියලා හිතෙනකොට පවනැල්ල ඉබේම පොඩ්ඩක් හීතල වෙලා සියොලග ඇගේ උණුහුම හොයන්න ගන්නවා. මම ආයෙ එන්නෙ නෑ කියලා ගියනම් සමහරක් විට මේ තරම් මගබලාගෙන නොඑන්න තිබ්බා. ඒත් මොනවා කරන්නද ජීවිතේ හැටිද ආදරේ හැටිද කියලා හිතාගන්න බැරුව මම පුංචි ගල් කැටයක් අරන් දියවන්නාවට විසික් කලා. "අනේ පව් සදුන්. දියවන්නාවට රිදුනද මන්දා?" ලගක උන්නා නම් වජිරපානි කියලා හිනාවෙනවා සත්තයි. ගව් ගානක් දුරින් උන්නට හිත

"වජිරපානි 01"

Image
"වජිරපානි 01" වැහැල පෑව්වාම හරි රස්නෙයි. දාඩිය දාන්න ගන්නවා. ඒ දාබිදු තුරුලු කරගත්ත මගේ කලු මූණ කොලඹ නගරෙ හතර අතේ දිව්වේ සැප වාහන දිහා බලන්න. ඒ සැප වාහන වල ඒසී එකේ ටයි කෝට් දාගෙන යන පින් ඇති තරුණ ගැටවුන්ට ඉරිසියා කරන්න. ඒ ඉරිසියාව ඇතුලෙන් අහිමි වෙච්ච සුර ලෝකෙ දෝමනස්සය මකා ගන්න. මනුස්සයෙක්ට කොච්චරක් කියලා නම් මානසිකව වැටෙන්න පුලුවන්ද? ටොන් ගනණක දොබකරයකින් වැටුන අලියෙක් ඉස්සුවත් මානසිකව වැටුණු මනුස්සයෙක්ව උස්සන්න පුලුවන් සතුටකින් විතරයි. ඒ සතුට කියන්නෙ මොකක්ද? ඇත්තටම හිතෙනවා වෙ ලාවකට හිනාවෙන්න අමතක වෙච්ච හර්දයවස්තුවෙ මෙලෙක මගහැරිච්ච මනුස්සයෙක් කොහොම කියලා සන්තෝස වෙන්නද කියලා. ටයර් එක චැසියෙ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන සෙනග පිරුණු බස් එකක තනිකමක් දැනෙන මනුස්සයෙක්, කාමරේ අදුරු මුල්ලක වෙලා ජීවිතේ පෙරලිච්ච පිටුවක් පිටුවක්ගානෙ ලියැවිච්ච දේවල් අනේ වෙනස් විදියකට ලියැවුනා නම් කියලා හූල්ලන මනුස්සයෙක් මීවිත පිරුණු හෙට දවසක සුබ සිහින දකින්නෙ කොහොමද? පන්හිදෙන් ලියැවිච්ච පෙම් වදන් හෝ ගාලා යාලුවො අතරෙ මාකට් වෙච්ච ඉස්කෝල කාලෙ, බස් ස්ටෑන්ඩ් එකේ බිත්ති කොටේක වාඩිවෙලා යාලුවො පිරිවරාගෙන

ෆැන්ටසි ලෝකෙක ආදරණීය වෘතාන්තය - "වජිරපානි"

Image
මේක මීට ටික කලකට කලින් මගේ අතින් ලියැවෙන්න පටන්ගත්ත කථාවක්, ජීවිතේ අනෙක් හීනවගේ මේ හීනෙත් අතර මැද්දෙ මිලිනවෙලා යන්න දෙන්නෙ මොකටද කියලා හිතිලම ආයෙ මේකෙ අකුරු අස්සෙ ආදරේ හංගලා ගෙත්තම් කරන්න හිතුනා.. ෆැන්ටසි ලෝකෙක ආදරණීය වෘතාන්තය - "වජිරපානි"