වජිරපානි 05

වජිරපානි 05

"හෙල්ලෝ. සදුන්"
"යෙස් ඩියර්. අදත් ඔෆිස් ද?"
"නෑ මම ආච්චි අම්මලගෙ ගෙදර ආවා. ඉරිදා හින්දා කසින්ස්ලටත් නිවාඩු නේ. ඒ හින්දා ෆෝර්ට් පැත්තට ආවා"

"හෝ හෝ ගාන මුහුදු රැල්ල වේගෙන් ඇවුත් දඩස් ගාලා කොටු තාප්පෙ වදිනවා. තීව්‍රතාවය අඩු වැඩි වුනාට උදේ රෑ නොබලා මේ නද දෙන්නේ , නිසසල ගල් සිමෙන්ති මහා ලුණුවතුරයි එක්ක තියෙන ආදරේ කතන්දරේද?"

"සෝ කියුට්.ඒයි පිස්සා. මොකෝ නිවාඩුවත් ආවාද?"

"හ්ම්. ඔයා කොහෙද ඉන්නෙ. මම එන්නම්. මමත් ෆෝර්ට් ඉන්නෙ."

"ඕකේ. මිඩ්ල් ස්ට්‍රීට් එකේ අර කොෆී ශොප් එක පැත්තට එන්න."

********************************************

කරිජ්ජ හුලග කොටු තාප්පෙ උඩින් පැනලා ඔහේ කඩා දාපු රිලැක්ස් කරපු කොන්ඩෙ හොයාගෙන එන්න ඇත්තෙ සෙල්ලන් කරන්න හිතාගෙන වෙන්න ඇති. ඒක නිසාද එයත් කොන්ඩෙට ඕන දෙයක් කරගන්න කියලා මං එන කැට අල්ලපු මාවත දිහා බලාගෙන ඉන්නෙ.
ඔෆිස් කිට් එකට වඩා අමුතු ලස්සනක් දනිසට අගල් දෙකක් උඩට වැටුනු අත් නැති සුදු පාට මල් අල්ලපු දම්පාට ගවුමෙන් මේ තලෙලු කෙල්ලට ගෙනත් දුන්නා. නිල් ඇස් වහපු දුබුරු පාට පොල් අඩි අව් කන්නාඩි හිරු එලියත් එක්ක දිලිසුනා.
එක එක ස්කින් ටෝන් වලින් එක එක අවුට්ෆිට් වලින් ඉරිදා කොටුව පිරිලා තිබුනාට මගේ කොටුවෙ එදා හිටියෙ ඇයත් මාත් විතරයි.

"හෙයි. කොහොමද?"
"කෝ කසින්ස්ලා?"
"ආහ්. කසින්ස්ලා එන්නෙ මොකටද ඔයාට හායි කියලා යන්න. මං ආවම මදියි ද?"
"හහ්. මම නිකන් ඇහුවෙ. උදේ ද ආවේ?"
"ඔව්. හවස් වෙලා යනවා. හෙට ඔෆිස් නේ. ඔයා නිවාඩුද?"

"ඔව්. නෙක්ස්ට් ෆ්‍රයිඩේ යනවා."

"ඇයි කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ"
"මම හිතුවා එදයින් පස්සෙ ආයෙ කතා කරන එකක් වත් නෑ කියලා. අම් රියලි සොරි ෆො දැට්"

"ඉතින් ලමයෝ. එහෙම වුනා නම් එදා යනකොට කෝල් මී කියාගෙන යනවද. එදා පිස්සා මයි තාම නේද?"

"මෙහ්. කොෆී එකක් බොනවද?"
"ඔකේ. බට්. මට ෆිෆ්ටීන් මිනිට්ස් වලින් යන්න ඕන."

"දෙයි හෑව් ඔව්සම් කැපෑචීනෝස් හියර්"

********************************************

"බොස්. ටූ රෙගුලර් කැපෑචීනෝස් ප්ලීස්"


මතු සම්බන්ධයි.

Comments

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02