Posts

Showing posts from November 2, 2010

අන්තර් සෘතුව {mekata wiwaranayak denna puluwan ekkenek innawanam plz do that.. mama meka tiakak hithala liwwa ekak..

වසන්තය නිමා වෙලාද? සුදු ඇදුම ඇගලා පොත් හතර අතට ගෙන තෙල් බේරෙන කොණ්ඩය අතින් හදමින්,ඉරුන සපත්තු දෙක දාගෙන බයෙන් බයෙන් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල්වෙච්ච කාලය අහවරයි.ආයෙත් ඉස්කෝලෙ යන්න ඕන වුනත් නිල ඇදුම තවත් අදින්න බෑ.ආයෙත් ඉස්කොලෙට ගියත් අපි උන් තැන්වල අපේ උන් අද නෑ.කවුරුවත් අපේ කොන්ඩ රැවුල් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ.. අපි නාකි වෙලාද? එකේ ඉදල එකොලහ වෙනකන් බුද්ධාගම මිස් කියන්න හැදුවෙ ඕක වෙන්න ඇති..හැමදෙයක්ම අනිත්‍යයිලු.ඒකියන්නෙ වෙනස් වෙනවලු.අපිත් එක්ක ඉදපු එවුන් අද කැම්පස් වල,අපේ එවුන් ගැන ලොකුකමට කතාකරන්න නම් හුගක් දේවල් තියෙනව.උන් ගැන කථාකරද්දිත් පපුවට මාර සතුටුයි.. කාලයත් එක්ක අපි රේස් දිව්වා,ඒත් කාලය අපිව පහුකරල හුගක් දුර ගිහිල්ල,අපි අතරමං වෙලාද?වෙන්න බෑ අපි දන්නවා කොහෙටද යන්න ඕන කියල.ප්‍රේම නවකතා,සඟරා වල ඉන්න ප්‍රේමවන්තයව ඇගට ආරූඩ කරගෙන කථාව ඇතුලෙ අපි ජීවත් වෙනව,දැන් මට අවුරුදු 20ක් වෙනව,හොද කෙල්ලක් හොයං පලහිලව්වක් පටන්ගන්න කාලෙ නම් හරි,නැත්තම් නාකිවෙලා ලව් කරන්නද බං? හෙට අනිද්ද රිසල්ට් ඒවි.හෙට එනවයි කියල නිච්චියටම කියලත් සතියක් යනව රිසල්ට් එන්න.මොකක් ආවත් ආයෙමත් විභ