ආව එවුන්

Friday, December 30, 2011

කී දෙනෙක් කියවාවිදැයි නොදැන දිගුකලක් හගවාලනු ලැබූ ඒ පුරුද්ද නැවත ආරම්බ කරන්නෙම් ...

2011/අගෝස්තු/26

මා මාගේ සුපුරුදු බ්ලොගය වෙතට එන්නේ අදය.. ඒ මාස හතරකට පසුවය..
2011/අගෝතු/27

හැන්දෑවේ 6ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන අමතුමකට.. මා 2011/අගෝස්තු/30 වන දින ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ සුරාට් නම් සුන්දර නගරයට පැමිනෙන්නේ වැඩිදුර අද්යාපනය සදහාය...
භාශා වෙනස , අලුත් පරිසරයට හැඩගැසෙන්නට මාස හතරක් ගතවුනා නොවෙයි..නමුත් විභාගයට බියෙන් සිටීමි.. දෙවියන්ගේ පිහිටෙන් එයද ගොඩ ය... නමුත් තවමත් යමක් මගහැරී ඇත.
ඒ කුමක්ද.. මා එය තවමත් සොයන්නෙමි...






නොදන්නා  දේශයක  නොදන්නා මිනිසුන් මැද සිට සුපුරුදු පුරුද්ද ඇරබීමි...

Friday, August 26, 2011

උදව්වක් අවශ්‍ය වී ඇත..."දැන් ඉතින් මා කුමක් කරන්නද??"

"මායාවත් යතාර්තයත් අතර තියන වෙනස වටරාගනු නොහැකිව, තනාගත් මිත්‍යා මිටියාවතක සිරවී සිටි මා හට..නුබේ සොදුරු රූපය දුටු ප්‍රතම දිනයේ සිටම ලයෙහි කොනක සැගවුනාවූ කුමක්දෝ වටහාගත නොහැකි හැගීමක්....."


"මේ මොකක්ද ?? මේක නිකන් කුනුහර්ප වගේ..ලිව්ව මටත් තේරෙන්නෙ නැතිනම්......"
මෙච්චර වෙලා ලිය ලිය හිටපු ලා නිල් පාට A 4 කොලය ගුලි කරල මේසෙට යටින් තිබ්බ කුනු කූඩෙට විසික් කලා...

" මොකද බන් හෙලයේ බිහිවූ සිරාම රචක ඩයල් එක හිරවෙලා තියෙන්නෙ..මොලේ නහර හිර වෙලාද???.. ඔය කොල උබට වැඩිනම්  දීපන් මට ගනන් හදන්න...."

"නෑ...මම මේ බ්ලොග් එකට දාන්න කියල පෝස්ට් එකක් ලියනව බන්... තාම පට්ට එකක් ලියවුනේ නෑ..."

"ඒයි කවදා ඉදලද උබ ඔය කොලවල ලිය ලිය බ්ලොග් එකට දාන්නේ???..
මම නම් දන්න විදියට උබට හෙනම චේතනාවක් ආවම කරන්නේ දවස් දෙක තුනක් පැත්තකට වෙලා කල්පනා කර කර ඉදලා... ගෙදර කාටවත් ඇහුවම කියන්නෙත් නැතුව...තනියම සින්දු අහන එකනේ....
ඊට පස්සෙ හිතේතියෙන කුනු සේරම බ්ලොග් එකට දාලා අන්තර්ජාලයේ රෙදිගලව ගන්නවා..."

"අනේ පලයන් උබේ වැඩක් බලාගෙන.."

"උබ කොහෙද යන්නේ ඔය.."

"හා.. උබත් උබේ වැඩක් බලාගනින්.."

ආහ්... ෆට්ට ෆට්ට... මම විතරයි දැන්හ් ගෙදර.. තනියම...

"රජා මමයි අපේ රාජ්ජේ...
නෑ නෑ නෑ..
රජා මමයි මගේ රාජ්ජේ"


කරන්නනම් හුගාක් දේවල් තියෙනවා.. මොනා කරන්නද කියල හිතාගන්නත් බෑ අප්පා..

+හැංගිමුත්තම් මුත්තම් කරනවද? (single player mood)
+කාඩ් ගහනවද? (ඒකත් single player mood)
+movie එකක් බලනවද?
+නිදා ගන්නවද?
+කනවද?

බලන්න යලුවා මගේ life එක කොච්චර complicated ද කියල...... මම මොනවා කරන්නද හිතාගන්න බෑ....

Tuesday, August 23, 2011

"සිහින"-- මොනවද මේ "DREAMS"

මම ලගකදි දැක්ක පුදුමාකාර හීනයක් ගැන විස්තරයක බාගයක් අහගෙන හිටපු මගේ බාල සහෝදරය කියනව..
"ඕක උබෙ හිතේ තිබ්බ එකක්. ටිකක් වෙනස් විදියට උබට ඔය පෙන්නන්නෙ..."

ඒ කියන්නෙ ඔහු කියන විදියට හීනයක් කියන්නෙ "යටි හිත තුල තැම්පත් වන්නාවූ සිතුවිල්ලක ප්‍රතිනිර්මානයක්" 


ඒත් අපි සමහර හීනවලට කොච්චර ආදරය කලත්, ඒ හිනයම නොවුනත් අඩුමගානේ ඒ ආකාරයේ හීනයක්වත් ආයෙමත් දැකගන්නේ කොහොමද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.චිත්‍රපටියක් බලන්න වගේ අපිට ඕන හීන පුන පුනා බලන්න පුලුවන්නම් ඒක කොච්චර එකක්ද නේද?

සමහර හීන කොයි තරමටම ප්‍රායෝගිකයිද කියනවා නම්. ඒ හීනය දකින අවස්තාවෙදී අපි නින්දේ පසුවන බවක් වත් අපට දැනෙන්නේ නෑ..ඒ හීනය තුල තියෙන්නාවූ හැගීම්. වේදනාවන්, ඒ වගේම චේතනාවන් අපේ යටිහිතේ තැන්පත් වෙන්නේ සාමාන්ය ආකාරයටමයි. තැන්පත් වුනාට අනතුරුව මතකයන් කියන ඒවා එකිනෙක වෙන්කරගන්න අපේ මනසට හුගක් අපහසුයි..සමහර හීනයන්හිදී අපිට, ඉන්පෙර දැකපු හීනයක හීවත්වුන අතාත්වික චරිතයන් ආයෙමත් දැකගන්න පුලුවන් වෙන්නේ ඒ හේතුව නිසා.

සිහිනය කිසිදු භෞතික ස්වභාවක් නොමැති වුනත්, ඒ හීනයකදි උපදින්නවූ හැගීම් නම් තාත්විකයි.ඒ හින්දම හීනයකින් මනුස්සයෙක්ට හිතන ආකාරය පවා වෙනසකට පත් කරන්න පුලුවන්.. එයට හේතුව අපි නින්දේ පසුවෙන්නවූ මොහොතෙදි අපේ උඩු සිත එහෙමත්ම නැත්නම් අපේ ශරීරය පාලනය කරන කොටසත් විවේකයට පත්වෙනවා. එතකොට අපේ යටිහිත ශරීරයේ සියලු කොටස් වල පාලනය සියතට ගන්නවා.සිහින වලදි අපේ හැගීම් කෙලින්ම අපේ යටි හිතත් එක්ක ගනුදෙනු කරන නිසා ඒවායේ ප්‍රබලත්වය අපේ සාමාන්‍ය මතකයකට වඩා දහස් ගුනයක් වැඩී.

සාමන්‍ය වේලාව ගමන් කරන ආකාරයට වඩා ඉතාමත් ඉක්මනින් සිහින වලදි කාලය ගතවෙනවා.ඒක නිසා කෙටි නින්දකදි වුනත් ඉතා දීර්ඟ සිහිනයක් දකින්නට පුලුවන්. හැමදාම හෝ හැමෝටම හෝ සිහින දකින්නත් බැහැ. එයට යම්දුරකට යම් සිතුවිල්ලකින් චංචල මනසක් අවශ්‍යයි.මත්ද්‍රව්‍යක් එහෙමත් නැත්නම් නම් සදහන් කල නොහැකි දුම් වැටි භාවිතාකිරීමෙනුත් අපේ යටි හිතේ තියෙන සිතුවිල්ලක් ඉතා හොදට දැක ගැනීමේ ඉහල සම්භාවිතාවයක් පවතිනවා..

නින්දෙදී සමහරපුද්ගලයන් තමන් ජීවිතේදි කාටවත් නොකියපු දේ තනියම කියවනවා නේද???

ඒක යටි හිත අපේ ශරීරයේ සම්පූර්න පාලනය ගන්නවා කියන තර්කය සනාත කරන්න හොද උදාහරනයක්... 

Sunday, August 21, 2011

කවුද මේ ලෝකෙ මම දැකපු ලස්සනම කෙල්ල???


 මේ ලෝකෙන්ම ලස්සන කෙල්ල කවුද?
"ට්‍රිශා ක්‍රිශ්නන්"
ඇයි එහෙම කිව්වෙ?..
ආහ්.. එයා මගේ ආසම නිලිය නිසානේ...
එයා නෙමෙයි මගේ ඇස් දෙකට ලස්සනම කෙල්ල...
එහෙනම් කවුද?
"ආහ් එයා නෙමෙයිද?"
"නෑ"
"එයා නෙමෙයිද?"
"නෑ"
"එයා නෙමෙයිද?"
"නෑ"
" එහෙනම් කවුද?"
" :D"


" එහෙනම් මේ පින්තූරෙ ඉන්න Kristen Stewart ද?"
"අනේ නෑ.. එයා නෙමෙයි"
"එහෙනම් එයා මොනවගේ කෙනෙක්ද?"
"ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තියෙන
කොට මහත නාහයක් තියෙන..
යන්තමට තඹ ටිකක් දිග කෙස් තියෙන..
අහින්සකම අහින්සක යුවැතියක්"

" අපෝ ඔච්චරම අහින්සකද?"
"අනේ නෑ.. වෙලාවකට නපුරුයි"

"එහෙනම් අර කිව්වේ අහින්සකායි කියලා"




"ආහ් ඒ... ලෝකෙටම හොරා අමාරුවෙන් දුක හිතුනම ඒක හංගගෙන..තනියම පැත්තකට වෙලා..මූන කදුලෙන් පුරෝගෙන අඩන හින්දා.."

"ආ ඒන් මේන් මට කියන්නත් අමතක වුනා... මම එයාට සින්දුවකුත් ලිව්වා...."
කියන්නකෝ බලන්න"
"දන්නවනේ මට සින්දු කියන්න බැහැයි කියලා"

හොදයිද බලන්න...

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන බොරුවක් කියන්න බෑ සත්තයි..
සියුමැලි කම්මුල් යුවල හිනාවෙන වෙනතක බලන්න බෑ ලෝබයි..

නුබෙ සුවදට හිත ඇදිලා...
ඔය වන් පුසුබක් සෙවූතරම්...
හසරැල්ලට මත් වීලා..
ඔබ වගේ රූපයක් සෙවූ තරම්...

සිහින දිගන්තේ... තුරුල් වෙලා...
දේදුනු සේද ගත දවටා..
මැවූ ලෝකය නුබ මා හා....
කොහේ තනන්නද...මා...

දෙනෙත්හරින්නට ඉඩදෙන්න...
හිතේ හැගුම් හන්ගාගන්න......
සියුම් පියාපත් සවිනැති දෝ...
නුබ මායාවක් එය නොදැනෙයි දෝ.....

පෙරදිගින් හිරු එනවා....
තවදුරටත් නුබ වෙලා ගන්න බෑ...
සිහින නිමා වෙනවා....
හීන බොද වෙනවා.......

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන බොරුවක් කියන්න බෑ සත්තයි..
සියුමැලි කම්මුල් යුවල හිනාවෙන වෙනතක බලන්න බෑ ලෝබයි..



Saturday, August 20, 2011

සද නුබට ඇහෙනවාද??

කාමරයේ කවුලුවෙන් එබිලා අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට
මටත් නොදැනිම මගේ ඇස් දෙක රෑ අහසේ තනියම ඉන්න සද දිහාවට ඇදිලා යනවා..
වෙලාවකට නපුරුම නපුරු වලාකුලක් ඇවිල්ලා  මගේ ඇස්වලින් ඔයාව වෙන් කරනවා......
ඒත් ටික වෙලාවකින් ඔයා මගේ ඇස් ඉස්සරහට ආයෙමත් එනවා....
ඔව්.. හරියට මායාවක් වගෙයි...

මම විතරද ඔයාට ආදරේ කරන්නෙ....??
මේ ලෝකෙ ඉන්න ගොඩක් දෙනා ඔයා ගැන වර්ණනා කරනවා..එච්චරම ලස්සන දේකට ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි නේද???

වෙලාවකට හීනයක් වගේ ලස්සනයි....තව වෙලාවකට ලස්සනයි....
හැන්දෑවට අහසට එනකන් කවුලුව ගාවට වෙලා මම බලාගෙන ඉන්නවා...
ඒත් ඔයා නොයෙන අමාවක දවසට .. මගේ හිතට හුගාක් දුක් හිතෙනව.....

අනිත් දවස් වලට මට පාලු කාමරයේ නින්ද යනකන් මගේ පාලුව නැතිකරන්න ඈත ඉදන් ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා....මගේ ලගට එන්න බැරිවුනත් ඔයාගෙ හද එලිය මගේ දිහාට එවනවා...

ඒත්...
උදේට මම නැගිටිනකොට ඇයි ඔයාව මට පෙන්නෙ නැත්තේ?...
ඒ වෙලාවට කොහෙද හැන්ගෙන්නේ....??



ආදරිණීය සද..ඇයි හැමදාම මාව බලන්න න්ඓන්නේ......????

Friday, August 19, 2011

නමක් දෙන්නට නොහැකි බැදීමක් ගැන..



හිත කියන්නෙ පුදුමාකාර දෙයක් නේද.. එක එක කාලෙට් එක එක මායාවලින් අපිව නොමග යවල ටික දවසකට පස්සෙ ආයෙමත් අපිව හරි මගට ගන්නවා...ඒ හිත කියන දේ අස්සෙම මොකක්දෝ තැනක මතකයන් ගබඩා කරලා තියාගෙන වෙලාවකට සංතෝසයකුත් වෙලාවකට වේදනාවකුත් ගෙනත් දෙනවා...

ගැහැනියක් සහ පිරිමියෙක් අතර තියෙන්න පුලුවන් මොනවාගේ බැදීමක්ද?
* යාලුකමක්?
*සහෝදරකමක්?
*ප්‍රේමයක්..???

ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ හැටි අනුව වෙනස් වෙනවා...

කවමදාකවත් අපිට මෙච්චර ලන්වේවි කියල නොහිතපු අය පොඩි දිනගානකදි හිතේ ස්තිර පදින්චිය අරගෙන ඈත්වෙලා ගියාම පුදුමාකාර දුකක් ඇතිවෙනවා...ඒත් ඒ අන්තර් සම්බන්දතාවය මොකක්ද කියල නමක් දෙන්න නොහැකි වුනාම...අපි කොච්චරක් නම් අතරමන් වෙනවද???

පිරිමියෙක් එක ගැහැනියකගෙ තුරුලෙ තියෙන උනුහුමට ආසා කලාම.. රූපයක් දකින්න ලෝබ වුනාම... මත්ද්‍රවයක් වගේ අපේ ස්නායු පද්දතිය ඒව හොයාගෙන යන්න අපිව අසරන කරනව..සමහර වෙලාවට නොයෙකුත් හේතුන් හින්දා ඒ හැගීම හිත ඇතුලෙම හංගාගත්තට ඒ උත්තේජනයන් සිහිනවලින් අපිම ලබාගන්නවා.

.
නුපුරුදු මිනිස්සු මිතුරන් කරන්නත්...දන්න හදුනන උදවියව ආගන්තුකයන් කරන්නත් හිතක ඇතිවෙන හැගීමක් ප්‍රමානවත්. ඇස්දෙක දිහා බලාගෙන දහසකුත් දේවල් හිත අස්සෙ කියාගන්න බැරිව හිරකරගෙන ඉන්න කෙනෙක් කොච්චර වේදනාවක් විදිනව ඇත්ද?
ඒ වේදනාව මිහිරක් කරගන්න හේතුවක් තියෙනවා...

ඒ සිතුවිල්ල ඔහුට පමනක් සිතුන එකක් නම්.. ඒ කියන්නෙ ඇය ඔහු ගැන ඒ ආකාරයෙන් නොහිතනවානම්...

ඇගෙන් ඈත් වෙන්න සිද්ද්වේවි කියලා හිතෙන බයට...
ඒත්...
ඇය ඈතට යනව කියල දැන දැනම දුක් විදින්නෙ ඇයි??
ඇගේ හිතේ ඔහුට හිමි තැනින් ඇය අයින්වෙන්න කියාවි කියල හිතෙන නිසාද???

Friday, July 29, 2011

නමක් නැති කෙටි කතාවක් 03

අහස කරුවල කරගෙන එන්නේ වහින්නට සේය. දවල් තිස්සේ ගතට වදදෙන චන්ඩ හිරු රැස් ගතට පීඩා කිරීම නවත්වා දමා ඇත.
"මොහු අහිංසකයෙක්"
ඉරට මා කවුරුන්දැයි වැටහිලා තියෙන්නේ දැන්ය..
කුඩා කලසිට මා  විනෝදයට කරන්නට දෙයක් පුරුදුව හිටියානම් එනම් මහ මග ගමනාන්තයක් නොදැන සැරිසරීම පමනි. මා නෙත ගැටෙනා සියල්ලෙන් සුවයක් ලබාගන්නේ කෙසේදැයි මා දැන සිටීමි.
"සර්"
"මොකෝ පියසේන."
"සර් එකෙක්ව ඇල්ලුවා ලයිසන් නැතුව. උගෙ අයියා පොලීසියෙලු"
"මොකෙක්ද පොලීසියෙ"
"සාජන් කෙනෙක්ලු"
"ඌට හෙල්මට් තියෙද?"
"ඔව් සර්"
"එහෙනම් ඕකව යවපන් බන්.. අපෙ එවුන්ට උදව් කරන්නෙ නැත්නම් කාට උදව් කරන්නද බන්"

මමත් කුඩා කල බලපත්‍ර නොමැතිව මෝටර් බයිසිකලය පදිනා අවදියේ මෙලෙස පොලීසියෙන් නැවැත්තූ අවස්තා අනන්තය.. එකල ප්‍රදාන පොලිස් පරීක්ශකයෙකු වශයෙන් සිටි මාගේ බාප්පාට ඇමතුමක් දී ඒ සියලු අවස්තාවන්හිදී දඩ නොගෙවා බේරුනෙමි.ජීවිතය යනු විදීමකි.වින්දනය කිරීම ගතට
පමනක් නොව සිතින්ද කල යුත්තකැයි මා පෞද්ගලිකව විස්වාස කලේමි. පාසල් අවදියේ රචකයෙකු වශයෙන් කටයුතු කලද.. ආර්තික වශයෙන් මෙහ්ම සමාජීය වශයෙන් ද ඒ තුල කිසිදු දනවත් බවක් නුදුටුවෙන් මා සතු වූ හැකියාව යටපත් කලෙමි.

වාහන ශබ්දයන්ගෙන් මා සවන් පත් පිරී ඇත. දුහුවිල්ලෙන් කාකි නිලාඇදුම නැහැවී ගියද කිසිවෙකුට එය නොපෙනෙයි.කිසිවෙකු මා දුටුවිට සැලියුට් කරයි.. මා තවත් ඉහල නිලදාරියෙකු දුටුවිට සැලියුට් කලෙමි.මහ මගට සැමදා පෙම් බැදි මා තාර පාර සහ පැය විසිහතරේ සේවය මනාලිය කරගත්තෙමි.සති අන්තයට හොදහැටි මත් වීමි. නමුත් මා වැනි වැනී නාවෙමි.. සැමදෙයකම සීමාවක් ඇත..සීමාවන් සොයා යමින් සීමාවන් වලට කොටු වෙමින් ජීවිතය ගත කලෙමි.රාජකාරිය තුල ජීවත් වීමි. නමුත් ඒ ජනතා සේවය නිසා නොවනා බව මා දනිමි.

නිවස මා හට නිවසක් නොවූයෙන් මා මේ රැකියාව තෝරා ගත්තෙමි.නමුත් ගෙදරින් මා වෙත අඩුපාඩුවක් කලා යැයි කියා කිසිවක් මා හට මතකයේ නැත.අහේතුවට නිවස එපා වුනාද නොවේ.
" උබව අරගෙන ඇවිත් උස්මහත් කරාට උබ අපිට සලකන්නේ මෙහෙමද?"
 එය නිකම් වචන නමයක් නොවෙයි අවුරුදු විසි හතරක මාගේ ජීවිතයේ ආරම්බය ගැන මා නොදන්නා රහසක් එතුල ගැබ්ව ඇත.මා ඒ රහස සෙවීමට දින ගනන් ගත කලෙමි. මාස ගනනාවකට පසු එය මා දැන ගත්තත් එය එතරම් සොදුරු දෙයක් නොවෙයි.

තුන්හිතකින් වත් නොපැතු සරසවිය මාහට අතවනනා විට මා එයට පිටුපෑමට ගත් මුරන්ඩු තීරනයත් සමගම මාගෙ ජීවන කතාව වෙනස් වුනේ නොසිතූ අයුරින්ය.

" ඔහෙලට ඕන මගුලක් කරගන්න"
මා සතුවුනාවූ ඇදුම් කෑලි කීපයද දමාගෙන මා නිවැසින් පිටවෙන්නට ඒ ලිපිය එනතුරු බලාහිටියෙමි.
" මම යනවා අම්මේ"
" කොහෙද යන්නේ"
" පොඩි ගමනක් .. අහන්න එපා මට එන්න ඕන දවසට එන්න ඔන වුනොත් මම එන්නම්.."
"ඔච්චර මුරන්ඩු වෙන්න එපා ලමයෝ"
"මුරන්ඩු නෙමෙයි මම මගෙ ජීවිතෙ තීරනයක් ගත්තා අම්මේ"
" ඕන දෙයක් කරගන්න එහෙනම්"
අම්මා නැගිට ගෙට ගියා මිස මා යන මග දෙස වත් ඈ බල උන්නා නොවේ.මාද ආපසු හැරී නොබැලුවෙමි.

නමුත් තවමත් ඈ දිවි හිමියෙන් රකින්නට උත්සාහ කරන්නාවූ ඒ රහස මා දැන සිටිනා බව තවමත් නොදන්නා ඇය , කවදා සත්ය කියාවිද? මා නොදනිමි.. එය කෙදිනකවත් නොවෙන්නට පුලුවන...
නමුත් ඈ සහ ඔහු නොවන්නට මා කවරෙකු වේවිද??
කන්න බොන්න ඉගෙන ගන්නට අඩුපාඩුවක් නොපෙනෙන්නට ඔවුන් කෙතරම් දුක් විදින්නට ඇත්ද?මුදල් හම්බකරන්නට කොතරම් දුක් විදින්නට ඕනෑද?
මා හට එය වැටහෙන්නේ අදය...

Friday, July 22, 2011

නමක් නැති කෙටි කතා පෙල....02

" දිය ඇල්ල හරිම ලස්සනයි නේද අයියේ?"
" ඔව් ලස්සනට පෙනෙන්න තිබ්බට මේක කොච්චර නපුරුයිද?"
"ඇයි එහෙම කිව්වේ? මගෙ ජීවිතේට මම ඔය වගේ කතාවක් ඇහුවාමයි"
"නංගි දන්නවාද? මේ දිය ඇල්ලේ උඩ ඉදන් වැටිලා අහිංසක මුරන්ඩු තරුන ජීවිත කොච්චරක් නැතිවෙලා තියෙනවාද කියලා?"
"මුරන්ඩු නම් කොහොමද හලෝ අහිංසක වෙන්නේ?"
"මුරන්ඩු කියල කියන්නේ නංගි හදවතට එකගව වැඩ කරන මිනිස්සුන්ට...අනිත් උන්ට එයාල මෞතු වෙන්න පුලුවන් ඒත් ඒ මිනිස්සු ජීවිතෙ හුගක් සන්තෝසෙන් ගෙවනවා.."
"ඔයා කොහොමද ඔච්චර මුරන්ඩු මිනිස්සු ගැන දන්නේ?"
"මොකද මමත් මුරන්ඩ් කෙනෙක් හින්දා?"
"අප්පේ බයේ බැහැ ලගින් ඉන්න...බැරිවෙලාවත් ඔයාගෙ හදවත මාව මරන්න කිව්වොතින්..."
"අන්න එතනයි නංගි ඒ අයට වැරදුන තැන.. හැගීම් සේරම ක්‍රියාවට යොදවන්න ඕනමද?"
" නෑ මම හිතන්නේ"
"ඉතින් ඒකනේ?"
"කවද්ද නංගිට කැම්පස් ඉවර වෙන්නේ?"
"තව අවුරුද්දක් තියෙනවනේ"
"අපෙ මලයව එහෙම හම්බ වෙනවද?"
"සමහර දවසට හම්බවෙනවා අයියා.. එයාලා අපේ කැම්පස් එකේ වුනාට අපේ ෆැකල්ටියේ නෙමෙයි නේ?"
"මේ දවස් වල කැම්පස් නැත්ද?"
"සෙමෙස්ටර් එක ඉවරයි. අයියට නිවාඩුයිද?"
" ඔව් දවස් පහක් නිවාඩුයි.. මම ඊයෙ උදේ ගෙදර ආවේ..අම්ම කතාකලා යමුද කියලා.. ගෙදර ආවම පුදුමාකාර පාලුවක් දැනෙන්නේ.. ඒක නිසා මම ආවා...."
"දැන් කොහේද අයියා වැඩ කරන්නේ?"
" තලාවේ"
"ඒ කොහෙද?"
"අනුරාදපුරේට පොඩ්ඩක් එහා.. එහේ දන්නවනේ?"
"මේ එන්න එපා නෝන්ඩි කරන්න හරිද.. මම කැම්ප්ස් කෙල්ලෙක්... "
" ඇයි පිකට් කරන්නද?.. ඒවා කොහෙද ගහනවා වතුර.."
"අපෝ බයේ බෑ"
"කට්ටිය යන්න හදනවා අයියා...යමු නේද?"
"හ්ම්"
කටකාර ඇයට ඇයගෙ පාඩුවේ යන්නට දී මා මදක් මන්දගාමී වූයෙමි..මොහොතක සුන්දරත්වයක් විදගත්තද හැදවතේ මතුවූ හැගුම් ගැටගසා යලිත් නොනැගේනා සේ යට ගසන්නට වග බලා ගත්තෙමි..ජීවිතයට පැමින හෝරා කිහිපයක් සවන්පත් කුල්මත් කාලාවු ප්‍රතම යුවතිය ඈ නොවේ.. නමුත් හැගීම් වලට වඩා සම්භාවිතාවට මුල්තැන තැබූ මා එවන් සබදතාවයන් දුරදිග ගෙන ගියාද නොවේ.

බස් රතයේ අසුන් පුරා සෙනග හිටියාට පුදමාකාර පාලුවක් මා වටා පැවතිනි..මා තාත්වික ජීවියෙක් දැයි විමර්ශනය කලා වූ අවස්තාද නැතුවා නොවෙයි...ඔවුනොවුන් ඔවුන්ගේ කතාවලය.. බලෙන් කට දමා කාටවත් කරදරයක් වීමට මාහට වුවමනා නැත..මා යුනිෆෝම් කාරයෙක් නොවුනා නම් මා හැදු මවුන් වුවද මේ ගමනට මා හට ඇරයුම් කරනුයේ නැත..නමුත් මා කෙසේ හෝ මේ දිනක චාරිකාව පැමින ඇත.. ආවේ කෙසේදැයි සිහිකිරීම කිසිදු පලක් නොවූයෙන්.. පුරුදු පරිදි වර්තමානය විදීමට තීරනය කලෙමි...

අදෘශ්යමානව ජීවත් වීමට කුඩා කල සිට කැමැත්තෙන් සිටි මා හට ඔවුන් මේ හැසිරෙන්නාවූ ආකාරයෙන් පුදුමාකාර සුවයක් දැනෙයි...ගොදුරක් වෙලා ගිලගන්නට සැකසෙන පිබුරෙක් මෙන් වූ ඇල්ල වැල්ලවාය මාර්ගය දිගේ පහලට බසිනා බස් රතයේ අසුනට හේත්තු වූ මා පහලින් පෙනෙන්නට වූ සුන්දරත්වයට නෙත යොමු කලෙමි..




Wednesday, July 13, 2011

නමක් නැති කෙටි කතා පෙල....

විසි හතර පැය පුරා සිනහවෙන් ගතකලා වූ සමය ගැන ආවර්ජනාවක් නගන්නට සිත පිවිසියේ මා හටත් නොදන්වාය..අමාවකක් වූයෙන් වෙනදා නොපෙනෙන්න තිබූ තරු පන්ති පියවි නෙතට පැහැදිලිව පෙනෙන්නට තිබුනි...
" අද අහස හරි ලස්සනයි නේද?"
තේ කෝප්ප යුවලක් දෙඅතේ රදවාගෙන ඈ මා පසක සිටගෙන හිදී...හාන්සි පුටුවේ ඇන්ද මතින් තබාගෙන සිටි මාගේ දෙපය පොලොවට තබා රිසි සේ තේක පානය කරන්නට සැරසුනෙමි...ඇගේ දකුනතේ වූ කෝප්පය මාගේ පපුවට නුදුරේදී මා සන්තක විය...
" හද පායලා තියෙන දවසට ,හද එලියට ඔය තරු රටා සේරම හේදිලා යනවා නේද තිවංක..????"
"හ්ම්"
ඈ සමග පෙම් බස් දොඩන්නට හිතක් නොවූ නිසාවෙන්... මුව වසාතබාගෙන නාසයෙන් පිලිතුරු සැපයීමි.....
ඇය  තවම උලුවස්සට උරහිසින් හේත්තු වී මා දෙස නෙත් යොමාගෙන සිටිනවා විය යුතුය..ආපසු හැරී බලන්නට හිත කීවත්... මම අසීරුවෙන් මුහුන නිසල කරගතිමි...

" මොකද බකමූනෙක් වගේ ඔරවගෙන ඉන්නේ??.. සති ගානකින් ගෙදර ආවාම පොඩ්ඩක් කතා කරන්න බැරිද?"
"කතාකරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවද තරින්දි?..."
" කොහොමද අලුත් තැන එහෙම?"
"මගේ ගෙදරත් මට නුපුරුදු නම් ඉතින් අනිත් තැන් ගැන මොන කතාද?"
" මගේ වැරැද්දක් නෙමෙයිනෙ අනේ....අනික දැන් ඕවා ගැන කතාකරන්න කතා කරන්හ්න වෙන්නෙ ප්‍රශ්න තවත් දුරදිග යන එක මිසක් ඒවා නැති වෙන එක නෙමෙයි..."
"ඔයාට මේවා ප්‍රශ්න වුනාට මට ඒවා මතකයන් විතරයි"
මුව සෙලවුනද ඇස් දෙක තාමත් අන්දකාරය මැද්දෙන් යාන්තමින් පෙනෙන කදු පන්තිය දිහා බලාගෙනමය...

අවසාන වතාවට මා මේ දොරකඩින් පිය මැන්නේ දිවිය ඇති තුරාවට මේ නිවහනට ආයෙත් එන්නට නොලැබේවා යැයි ප්‍රාර්තනාවෙන් ය.. නමුත් මොකක්දෝ සරදමකට දයිවය විසින් මා නැවතත් මේ ඉසව්වට රැගෙනවිත් ඇත.උපන්දා සිට සම්පූර්නයෙන් මාගෙ පාලනයෙන් ඔබ්බෙහි වූ  දයිවය ඉදිරියේ කුමක් කරන්නට සූ දානම් වන්නේද?

...පලමු කොටස අවසානයි...

Sunday, July 10, 2011

මොනවා කියා කියන්නද??? කියවන ඔබ සමාව දේවිද??

අන්තර්ජාලයෙන් අහකට යන්න බැරුව හිටපු මට, බ්ලොග් එකෙන් ඈත්වෙන්න බැරුව හිටපු මට සිද්දවුනේ හතුරෙකුටවත් වෙන්න පතන දෙයක් නෙමෙයි...ලැප් එකෙ එන එන හැම ජනේලෙටම යෙස් දෙන මම මොකක්දෝ වින්නැහියක් වෙලා දැන් ජනෙල් 7න් මට අන්තර්ජාලයට එන්න දෙන්නෙ නැහැ.මේ එන්නෙත් නැන්දලගේ දිහා පරිගනකයෙන්....
මම දැන්නම් කොහොම හරි එනවා... ඔව් එනවාමයි....
මොකක්හරි ලියලාම යන්නම් එහෙනම්...

"නිහඩයිද කෙතරම් සදපාන...
නුබේ බැනුම් නැති රෑක...
හිනාවෙන කනාමැදිරියනේ...
උබත් තනිවෙච්ච දවසක.......
කාත්කවුරුවත් නැති දවසක...
නුබට දැනේවි ජීවිතේ කටුක බව......"

ඉක්මනින්ම මම ආයෙත් එනවා...

Sunday, June 26, 2011

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

අන්තර්ජාලගත වෙන්න තිබ්බ අපහසුතානුයි...කම්මැලිකම්යි නිසා.. ෆයර්ෆො‍ක්ස් අමතකම වෙලා හිටියෙ..
දැන් හරි හොදේ... මතක් වුනා.....
මම ආයෙත් ලියනෝ....


මේක ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් අතරෙ ගිය කතාබහක්....

"ඔයා අන්තිමට හිනාවෙච්ච දවස මතකද?"
"නෑ..ඇයි?"

"ඔයා අන්තිමට අඩපු දවස මතකද??"

"අපොයි ඔව්..  ඒදා අමතක වෙන්න මම මැරිලා ඉපදුනාද?"

"කවදද ඒ??"
"අනේ මේ... දන්නේ නෑ වගේ අහන්න එපා හොදද.."

"ඔයා වැඩියෙන් ආස අඩන්නද හිනාවෙන්නද???"

"අඩලා හිනාවෙන්න"
"ආහ්.. එහෙනම් හිනාව කදුලට සාපේක්ශව අර්තකතනය කරන්නද හදන්නේ?"

"ඔයාට වගේ මට පිස්සු නෑ එහෙම කරන්න"

"එහෙනම් හේතුව කියන්නකෝ"
"කියන්නම් හැබැයි හිනාවෙන බෑ හොදේ"
"සත්තයි හිනාවෙන්නේ නෑ... කියනකෝ ඉතින්"
"ඔයා මාව හිනස්සන වෙලාවට මාව ආර්මාර්තකාමී වෙනවා..ඔයාගෙ අහින්සක හදවතින් කියන දේවල් කන් දෙකෙන් පිටවෙලා යනවා...
ඒත්.
ඔයා මාව අඩවන වෙලාවට ඔයා මාව සංතෝසෙන් තියන්න කොච්චර දේවල් කාලද මතක් වෙලා මට ඔයා ගාවට දුවගෙන එන්න හිතෙනවා"

"ඒ කියන්නේ ඔයාට මාව ඕන වෙන්නෙ අඩන වෙලාවට නලවන්න විතරද?"

Saturday, June 18, 2011

සිහිනයක් අභියසදි ඇයි මේ තරම් වේදනා?????

අවුරුදු ගානක් ඒ ලෙවෙල් පන්තියේ දුක් වින්ද මිලියනගානක් අතරින් සිහිනයය සැබෑකරගත්ත කිහිප දහසටත් මොකට සිහින සැබෑ වුනාද කියල හිතෙන කාලයක් මේ........

අනුන්ගේ අත්දැකීම් මොකටද අප්පා... මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්න හදන්නේ... ටිකක් ඇඩ් එකක් වේවි....ගනන් ගන්න එපා හොදෙයි....


පලවෙනි පාර ගනිත අංශයෙන් විබාගය ලියලා ගියා මම SLIIT එකට... ගිහින් සතියයි... රිසල්ට්ස් ආවා.....
"SSF"
හුටා.....මැත්ස් ෆේල්....
අම්මගෙන් ඇහුවා අම්මේ මොකද කරන්නේ??
අම්ම කියපි ....
"වරෙන් පුතේ ගෙදර"
මම ආවා....ආයෙත් ඒ ලෙවල්ස් කරන්න........
(ඒ ඇත්තෝ මම ගෙවපු ගානෙන් 90% ක් ආපහු ගෙව්ව එකට පින්....)

 ඊට පස්සෙනෙ ආතල් වෙන්නේ....
"මොකද ලමයෝ වුනේ??"
"පොඩි කාලෙ කොහොම හිටිය ලමයින්ද???"
"වැටුනු යාලුවො හරි නෑ "
"පන්ති ගියේ කා ගාවටද?"
"කොහොම හරි මේ පාරවත් විබාගෙන් පාස් වෙන්න බලන්න"
"මොන දේ කරන්නත් ඒ ලෙවෙල් තියෙන්න ඕන"

ගෙදරට එන .. දකින හම්බවෙන..හැමෝම අහුවෙයි කිව්වෙයි විබාගෙ ගැනමනේ...

සිංහයෙක් වුනත් ලෝම නැතුව දිවියෙක් වගේනේ
කියන ඕන දෙයක් අහාගෙන මමත් හිටියා....

ඊ ලගට නියම ෆන් එක...
යන්න එපායැ පංති...
"හූ"
"අඩෝ අන්න ඩිග්‍රී කරන්න ගියපු එකෙක් ආයෙත් පංති එනෝ"

නස්තාර් කතා කෝටියයි.....

හැමදාම පුරුදු කොට කලිසමයි ටී ශර්ට් එකයි ඇදගෙන මහ පාරේ මාව දැක්කාම...දන්න කියන මිනිස්සු...

"අතට පයට සේරම දේවල් දීලත් අන්තිමට ඉගෙන ගත්තේ නෑ"
"රස්තියාදු කාර ලමයි"
"පවට ඉපදෙන දරුවොනේ දෙමවු පියන්ගේ  අවාසනාව"
"දුවේ... උබ එහෙම යන්නෙ නෑ ආයෙත් ඕකත් එක්ක කතාවට"


අපෝ මට ඇහෙන්න කිව්ව කතා....


හැබැයි දෙවෙනි පාර රිසල්ට්ස් ආවම බලන්න ඕන අම්මගේ කතාව....
"BBBක් ගත්ත එක හොදයි... ඒත් මදිනේ.. අපි ඒකාලේ කිව්ව දේවල් ඇහුවේ නැහැනේ...තව මහන්සි වෙන්න තිබුනා"
අම්මට පලවෙනි පාර මගෙ රිසල්ට්ස් අමතක වෙලාද කොහෙද???
පව් අප්පා ... වයසක මිනිස්සුනේ....

යාලුවොන්ට රිසුල්ට්ස් කිව්වාම...
"අනේ පලයන් බොරු කියන්නේ නැතුව"

අර ඉස්සර ගූ ටෝක්ස් දාපු මිනිස්සු...
"පුතාගෙන් ගියපාරම අපි ඔය ප්‍රතිපලේ බලාපොරොත්තු වුනා"

වෙනදා මූනවත් නොබලපු ගෑනු ලමයි..
"ආ... යසියා... කොහොමද???..."

ඔහොම ඔහොම ඉදලා ආවා යන්න දවස් දෙකක් තියලා ගෙදරට නායකත්ව පුහුනුවක්ද මොකක්ද එකක්....
"හිකේයියා... හැදුනානේ කොන්දේ අමාරුවක්...ඒකටත් පොල්ල"
එස් බී මාමා පත්තරේට කියල තිබුනා....මෙන්න මෙහෙම

"මේ අපේ රටේ දරුවෝ...නායකත්ව පුහුනුවට නොගියා කියලා විශ්ව විද්යාලයට යන්න අපි බැරිකරන්නේ නෑ"

අනේ එස් බී මාමා බුදු වේවා...

මට කැම්පස් යතෑකි...

ඊයෙ ආපි ලියුමක්....

"university of colombo"
"physical science"

එල එල...

අඩේ මමත් දැන් කැම්පස්....

ජුලි 20 වාර්තාකරන්නලු...ලියුම් කියුම් පොට්ටනියකුත් අරගෙන.....
වැඩිදුරක් නෑ 120KM නේ.....පැය තුනේ ගමන....

අඩේ ඊලගට තව මොකක්ද විබාගයක්ලු...

"කඩ්ඩයි...කොම්පූටරෙයි"
"බුකිය ගැනත් අහනවද ??"

 අනේ අප්පා.... ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ.....

"මොන කරුමෙකට කැම්පස් සිලෙක්ට් වුනාද කියලා"

මොනවා කරන්නද?... දැනට කැම්පස් යන්න වෙනවා....

පොලීසියට ආයෙත් උප පොලිස් පරීක්සකලා ගන්නේ ලබන පෙබරවාරිනේ..???

එතකන් කැම්පස් යනවා...කොහොමත් මොනව හරි කරන්නත් එපායැ.....






කැම්පස් යන්න බලන් ඉන්න මම
       යසියා


Monday, June 13, 2011

!!කොන්ඩයට වුනු වින්නැහියක්!!!


පොශ් කොල්ලෙක් වෙන්නට හිතාගෙන යසියා ඊයෙ උදයෙන් ගියාලු සැලෝන් එකකට.... ගිහින් ඇහුවම මොනරු තොගයක් ඉල්ලපි ...
"හෙට එන්නාන් අයියා"

කියාගෙන මම ආවා එන්න..

මගදි දන්න කියන බුවෙක් සෙට් වුනාලු නේ?

"මචන් කොන්ඩේ ස්ට්‍රේට් කරන ක්‍රීම් එකක් දන්නවද"
ඌ කියපි නමක්...මොනරබාගෙකින් ශේප් ගනනම්..

"අතන කඩේ තියෙනවා මගේ නම කියපන් අඩු කරලා දේවි"


ගුටි කන්නත් හරි ගිහින් අල්ලුවා...

ඌ මොකක්ද පෙට්ටියක් ගෙනත් දුන්නා..

ආහ් කියල මමත් ඕක අරගෙන ගෙදර ආවා...

ඕන් කොල්ල ගෙදර දොරත් වහගෙන තුවායට බැස්සා..
(කැතවිදියට හිතන්නෙපා ඕයි)

අර පෙට්ටියෙ තිබ්බ ටියුබ් එකකුයි තව මොකක්දෝ ක්‍රීම් පැකට් දෙකකුයි..

මුලින් කරන්න ඕන ටියුබ් එක ඔලුවේ උලලා ... මට ඕන විදියට කොන්ඩේ හදාගෙන හිටියා මිනිත්තු හතලිස් පහක්ම...
ආන් කියන්න අමතක වුනා...
ඒ විනාඩි පහේදි මම උනුවතුර බාල්දියක් හදාගත්තනේ...

ඔන්න ඒකෙන් අර ටියුබ් එකෙන් ගාපු එව්වා හෝදලා, පිහිදාගත්තා,,
ලගට අර ක්‍රීම් එකටත් ඔය වින්නැහියම කොලා....

"අඩේ එල එල"
මම ඉතින් ඔය වීරක්‍රියාව සේරම කලේ කොන්ඩේ වගේද පන්සීය කියල බලාගෙන..
 වැඩේ ගොඩ බන්....

මම ගියා නිදාගන්න...


ඔන්න කොන්ඩේ හැටි...

මොන මගුලක්ද කියලා...

හෝදගත්තා මම කොන්ඩේ...

වතුර ටිකක් දාලා පිහිදැම්මා විතරයි...
 

ආහ් ඔය ඉන්නේ කොල්ලා වගේ....


කොන්ඩෙ නම් දැන් ස්ට්‍රේට් එත් තෙතට තියෙනකන් විතරයි...

වේලුනාම පෙරද නොතිබුන ගානට කර්ල්.....


නොදන්නා මගුලක් කරන්නට ගොස් කොන්ඩය අනාගත් මම
යසියා

Saturday, June 11, 2011

!!යසියා නම් දාර්ශනිකයා මෙසේ පැවැසූ වගයි!!

"ඔබ කවුරුන්දැයි දෙවියන් වහන්සේ තීරනය කර ඇතත් ලෝකයා නුබ කවුරුන්දැයි දැන ගන්නට නම් නුබ සතු දෙවියන් වහන්සේගේ දායාදය ලෝකයාට ප්‍රදර්ශනය කල යුතුය"

පොඩි කාලෙ ඉදන් මට පුංචි පිස්සුවක් තිබුනා..
"මම හිතාගෙන හිටියෙ මම මනුශ්ය ස්වරූපයෙන් ඉන්න දෙවියෙක් කියලා"

එහෙම හිතන්න හේතුවක් තිබුනා..මට පුන්චි කාලෙ ඉදන්ම පුරුද්දක් තිබුනා. මොකක් හරි පුංචි දෙයක් දැක්කම ඒදේ මගේ කරගෙන ඉන් ඉස්සරහට ඒදේ එක්ක සම්බන්ද කරලා හිතේ කතන්දර මවන එක..

"මනෝ ගහන එක කියන්නේ"
ඒක සාමන්ය දෙයක් වුනාට මට ඒක ඕනවටත් වැඩිය තිබුනා..
නිදාගන්න ඉස්සෙල්ලා ඇස්දෙක පියාගෙන පොඩ්ඩක් මොකක්හරි පුංචි සිද්දියක් මතක් කලාම..ටිකවෙලාවකින් හීනෙන් වගේ මමත් දන්නේ නැතුව මහා දිග කතන්දරයක් මැවීගෙන යනවා...සමහර වෙලාවට පහුවෙනිදා උදේට නැගිටිනකන් එකම දිගට එකම කතාවක්...

පොඩ්ඩක් හිතන්නකෝ ෆිල්ම් එකක බලන්න වගේ..
"මේ පුරුද්ද නිසා මම දුක් වෙච්ච වතාවල් අනන්තයි.."
(වල් කමට හිතන්නෙපා හලෝ)

ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හදලා...

"මූලික වෙන සිදිදිය කෙල්ලෙක්ව දැකීම විතරයි"

"ඉතින් හැමදාම මැසේජ් කරන කෙල්ල ගැන කවර කතාද?"

අනාගතය ගැන ලස්සනට හීන මවන හින්දද කොහෙද..මම හුගාක් නින්දටම බරවෙලා.....

කාට කියන්නද ඉතින් මේවා මම.....

මට මේ බ්ලොග් කියවන ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන,

"මේ ප්‍රශ්නෙ මට විතරක් පොදුවෙච්ච දෙයක්ද??"

ඔයාලට හිතෙන දේ කියලා යන්න...

පඩත්තල ටෝකක් දීලම ලිපිය නවත්වන්නම් එහෙනම්.....

"ආදරය යනු හුදෙක් පරිත්යාගයකි..මා නුබට ආදරේ වූ පලියට නුබ මට ආදරය කල යුතුම නැත. එනිසා මාහට ආදරය නොකරන්නැයි කියන්නට නුබට අයිතියක් නැත. මන්ද... ආදරය වනාහි නුබ විස්ඩම් එකේ සිමා වලට ඉගෙන ගන්නා බිස්නස් එකක් නොවෙන බැවිනි"

දිවැතිතුරා නුබට මොකක්දෝ කරනා මම...

 (මෙතනින් මාව බුකියේ ඇඩ් කරගන්න පුලුවන්) 


Saturday, June 4, 2011

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02


"ඉතින්  එහෙනම් කොහොමද රෝමියෝට ජුලියෙට් ව හම්බ වෙන්නේ?"
ඒ කාලේ අපේ වගේ ටියුශන් ක්ලාස් තිබ්බද නෑ. මම මූලාශ කරගත්ත ග්‍රන්තයේ සදහන් වෙන විදියටනම්, සල්පිලකදි සිද්ද වෙන අකරතැබ්බකින් තමයි. මේ ප්‍රේම හුටපටේ පටන් අරගෙන තියෙන්නේ.

මෙහෙමයි ඒ සිද්දිය වුනේ..
ජුලියෙට් සහ ඇයගේ මිතුරන් සල්පිලේ කඩයක් කඩයක් ගානේ ඇවිදිද්දී තමයි..(අද කෙල්ලෝ වගේම තමයි ඒ කාලෙත් කෙල්ලො ශොපින් කියලා කරන්නෙ ජොගින් නේ)

මම මක්කද කිය කිය හිටියේ....??  :D

රෝමියෝගේ ඇවැස්ස නෑනා (නැන්දගේ දූ) ජුලියෙට් ගේ මිතුරියක්. මේහිදී රෝමියෝ ජුලියෙට් එකට මුනගැසුනත් එය හුදෙක් නෑනන්ඩියගේ උවමනාවට සීමාවූවක් වෙනවා..(love at first sight එකක් නෙමෙයි ආරම්බය)

රස්තියාදුකාරයෙක් ලෙසින් සැරසි රෝමියොන්ට පලමු දැක්මෙන් පෙම් කිරීමට තරම් මානසික අස්තාවරබවක් ජුලියට්ට තිබිලා නෑ. නමුත් සැනෙකෙලිය අවසාන වී මෙම තරුනියන් නිවසට යනවිට වීදියේ සිටි මැරවරයින් පිරිසක් ජුලියෙට් හා පිරිස නවතාගන්නවා.. අවාසනාවකට හෝ වාසනාවකට ජුලියෙට් හැර අනෙක් සියලු දෙනාම පැන ගන්නවා..ඇදුම් ඉරා ලිංගික අතවරයකට ඔන්න මෙන්න තියෙද්දී මත් වතුරක් බොමින් යන රෝමියෝ සහ පිරිසට මේ දසුන දැක්කත් රෝමියෝ පමනක් එය නවතා දැමීමට යනවා.

මෙහිදී දරුනු පිහි ඇනුමකට පවා ලක්වන රෝමියෝ වීදීකොනක වැටී සිටියදී පසුවදා උදෑසන සොයාගන්නවා.ඒත් සමගම ඒ අසලින් යන රාත්‍රී ආරක්ශක මුරයකට පින් සිද්දවෙන්න එදා ජුලිඑට්ගේ ජීවිතය බේරෙනවා.ඒත් සමගම ලෝකයක් ගොනාට ඇන්දවූ රොමීයෝ ජුලියට් කතාවස්තුවට ඌන පූරකය නිර්මානය වෙනවා..

අදික ලෙස රෝගාතුරව සිටින රෝමියෝ බැලීමට දෙතුන් වාරයක් ජුලියෙට් පැමිනියතතේ කිසිම අවස්තාවක මතකයක් තබා ගැනීමට තරම් රෝමියො යහපත් ශරීර සුවයකින් ඉදලා නෑ.ඒ එන හැම වාරයකදීම මල්පොකුරක් අරගෙන එන්න ජුලියට් අමතක කරලත් නෑ.

එහෙනම් කොහොමද මේ යුවල යාලුවෙන්නේ..
ඒක සිද්දවෙන්නේ රෝමියොගේ නෑනන්ඩිය (ජුලියට්ගෙ යාලුවාගේ අක්කා) විවාහ වන දිනයෙදි. එදා තමයි ජුලියෙට් පවසන්නෙ තමා ඔහු රෝගී අවදියෙදි බැලීමට ආව බවක්. විවාහ සාදයේ අවසානයත් සමගම ඔවුන් දෙ‍දෙනා හොදම මිත්‍රයන් වෙනවා..
පසුව නෑනන්ඩිය හරහා ලිපි මගින් මිත්‍රත්වය පවත්වාගෙන යන මොවුන් ටික කලකින් පෙම්වතුන් වෙනවා..මේ අතරදි රෝමියෝ සතු රස්තියාදුකාර ගුනාංගයන් වලින් ඇයට ඔහුව එපා වෙනවා.

කලින් ලිපියේ මා කී ලෙසම ඇගේ දෙමාපියන්..
"ගැහැනියක් ඇයට වඩා බාල මිනිසෙකු සමග විවාපත් වීම දෙවියන්වහන්සේගේ වයිරයට ගොදුරුවේ"
යන මතය තදින් එල්බ සිටිනවා.පසුකාලීනව එම සමාජයෙන් වියපත වී යන මතයක් වුනත් ඒ මොහොතේ ජුලියට් ගේ මනසට එය තදින් බලපානවා..මේ හේතුව නිසා පෙම්වතුන් මෙන් පෙම් ලිපි මගින් ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන. දරුවන් සාදන ප්‍රමානය ගැන ඔවුන්ට සලකන අයුරු ගැන කතිකාකර ගත්තත්
"i love you" ලෙසට ආදරය ප්‍රකාශ නොකිරීමට ජුලියට් වග බලාගන්නවා.....

ජුලියට් හමුවීමට ප්‍රතම රෝමියො විසින් වෙනත් තරුනියන් කිහිප දෙනෙක් සමග සම්බද්තාවයන් පවත්වාගෙන ගියත් ඒව වැඩිකලක් පැවතුන ඒවා නොවෙයි.. ඒ අතීතය ඔහු ඇයගෙන් සගවනවා.නමුත් අවාසනාවකට ඇගේ නෑනන්ඩිය විසින්ම මේ සම්බන්ද කාරනාවන් ඇත්තටත් ඔබ්බට ගිය ආකාරයෙන් ලෙස ඇයට පවසනවා ..

තමන්ටත් වඩා ආදරය කල රෝමියෝ කෙරේ ඈ වයිරයෙන් බැදෙනවා..නමුත් ඇගේ ජීවිතය බේරාදීමට උපකාරයක් වශයෙන් ඈ ඔහු සමග දිගටම ලිපි හුවමාරු කරගන්නවා.

(එහෙනම් ඇයි නෑනන්ඩිය ලිපි හුවමාරුවට උදව් කලේ?..එයට හේතුව ලිපිය අවසානයේ සදහන් කරන්නම්)

 ඒ ලිපි මගින් දෙදෙනා හට දෙවෙනි වරට හමු වීමට අවස්තාවක් යෙදෙනවා..
 දිනක දෙදෙනා නිවැසියන්ට හොරෙන් වීදියකදී හමුවෙනවා.. එහිදී ඔවුන් මිතුරන් සේ ඉදිරියට සිටිය යුතු බව ඈ ඔහුට සදහන් කරනවා..
ආදරෙන් ඈ කෙරෙහි මුසපත්ව සිටින රෝමියෝ ඇයව සිප ගැනීමට යන අවස්තාවකදී ඈ අතුල් පහරකින් ඔහුව නවතනවා.

ඉන් පසුව ඔවුන් දෙදෙනා ඒ අයුරින් හමු වූ වගක් නම් මූලාශ්‍රයේ සදහන් වෙන්නේ නෑ..නමුත් සැමවිටම පාහේ ජුලියට් සිය මිතුරියගෙන් රොමියෝ ගැන විමසනවා.තොරතුරුවල නිවැරදිබව පිලිබදව ප්‍රශ්නයක් තිබුනත්. ඇය තවම රොමියෝ ගැන සිතනා බවත් ප්‍රේම කරනා බවත් මෙහිදී අපට වැටහෙනවානේ...


කතාවේ අවසාන කොටසට අපි එනවා. ඒ දෙදෙනාගේ වෙන්වීම.

හැන්දෑවක රෝමියො ගනිකාවක සමග කතාකරමින් සිටිනායුරු දිනක් ජුලියට්ගෙ නෙත ගැටෙනවා..මේ නිසා ඈ මාසයක් ඇතුලත ඇගේ පියා සේවය කල සමාගම් අදිපතිගේ පුත්‍රයා සමග විවාහ වෙනවා.
විවාහ උත්සවය අති උත්කර්ශවත් අයුරින් සිදුවූ බවත්.. වසර කිහිපයක් යනකන් එම අවස්තාව ගැන නගර වැසියන් කතාකල බවත් මූලාශ්‍රය තව දුරටත් සදහන් කරනවා..

රෝමියෝ විවාහ උත්සවයට බලෙන් යාමට උත්සාහ කල විටක සිරගතකරනවා..
සිරෙන් පිටත් කල විටක "ඕඛ්" නම් විසක් ආහාරයට ගෙන රෝමියෝ සියදිවි හානිකරගත් වගක් අවසානයේදි සදහන් වෙනවා..නමුත් මූලාශ්‍රයම සදහන් කරනවා ජුලියට්ගේ සැමියා විසින් ඔහුව වස දී සිරේදීම ගාතනය කලා යැයි රාවයකුත් එවකට තිබුනු බව..


විලියම් ශේක්ස්පියර් යනු ජුලියට් ගේ පුතා.රෝමියෝගේ නෑනන්ඩිය පසුකාලීනව ඇගේ සේවිකාව වේනවා..
නෑනන්ඩිය තමන් කල පවට පාපෝච්චාරනයක් වශයෙන් මෙය ශේක්ස්පියර්ට සදහන් කරන්නෙ කුඩාකලසිට රචනයට ඔහු හැකියාවක් දක්වපු නිසා..
නමුත් පසුකාලීනව ඔහු මෙම ප්‍රේම කතාව වෙනස් අයුරකින් ලෝකයට ගෙන ගියේ ඇයිද කියලා මුද්‍රනය නොවූ ඔහුගේ අවසාන තිරරචනයේ සදහන් කරතිබුනේ...ඔහුට තවත් කෙනෙකු සනසාලන්නට එම කතාව වෙනස් කරන්න සිදුවුනා යනුවෙන්...
අවසානයේ ඇය දාහත් හැවැරිදි ඔහුට  මේ දේත් සදහන් කරලා තියෙනවා.....


"මා රෝමියෝට ..එනම් මාගෙ ඇවැස්ස මස්සිනාට කුඩා කලසිට පෙම්කලා..මා ඉදිරියේදීම මාගේ හොදම මිතුරියට ඔහු හිමි වීම මට දරාගත නොහැකි වුනා. එනිසා ඔවුන් වෙන්කිරීමට ම ජුලියට් රෝමියෝ කෙරෙහි බිදෙව්වා...දෙවියන් වහන්සේගෙන් මා ඒ ගැන සමාව අයදිනවා...

නමුත්..

රෝමියන්ගේ දයිවය නිසා ඔහුගේ අකල් ගාතනයේ පාපය මා බාරගන්නේ නෑ..."



ප්‍රේම්ය නම් සොදුරු වචනයෙන් වැසීගිය කුරිරු ඇත්තක් නුබට ගෙන ආ මා..

හුදෙක් සුරන්ගනාවෙක්

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--01



**විලියම් ක්ශේක්ස්පියර්ට වැරදුනු තැන(වරද්දපු තැන)**

"...රෝමියෝ සහ ජුලියට් ඇත්තටම ජීවත් වූනා..."(හිනාවෙන්න එපා ඒකයි ඇත්ත)

ඔයාල හැමෝම රෝමියෝ ජූලියට් ඉන්ග්‍රීසි ෆිල්ම් එක බාලලා තියෙනවනේ.
බොරු මොකටද මමත් බලලා තියෙනවා.ඒ කතාව විලියම් ශෙක්ස්පියර් නම් කතුවරයාගෙ නාටකයක් ඇසුරෙන් ලියලා තියෙන්නෙ.. සාහිත්ය පාඩමක් බ්ලොග් කියවන ඔයාලට උගන්නන යසියට තේරෙන්නෙ නැති බව මම දන්නවා.ඒක නිසා ලෝකෙම දන්න ප්‍රසිද්ද ප්‍රේම කතාවක් අස්සේ හැංගිච්ච කවුරුවත් නොදන්නා ඇත්තක් තව ටිකකින් අන්තර්ජාලයට එකතු වෙනවා...
"කවුරුවත් නොදන්නා ඒ ප්‍රේම කතාවක ඇත්ත.."
රෝමියෝ කියන තරුනයා ඇත්තටම ගංජා සුරුට්ටුවක් කටේ ගහගත්තු රස්තියාදුකාරයෙක් නෙමෙයි.ඔහු සාමාන්ය පවුලක වැඩුනු තලෙලු දඩබ්බර තරුනයෙක්.ඉදලා හිටලා සිගරට් එකක් බොන.බියර් එකක් අරක්කු වීදුරුවක් කටේ තියන්නෙක්..
(අද සමාජයේ ජීවත් වෙන සාමන්ය තරුනයෙක් හා සමානයි.පිස්තෝලයක් දැකලාවත් තිබ්බ කෙනෙක් නෙමෙයි)


ඒ වගේම ජුලියටුත් මහා සල්ලිකාර පැලැන්තියක කෙල්ලෙක් නෙමෙයි.ඇයත් රෝමියෝට සමාන පවුල් පසු බිමක තැනැත්තියක්..ටිකක් දඩබ්බර දැකුම්කලු ලස්සනක් තියෙන, පැහැපත් සමක් ඇති කෙල්ලෙක්.නමුත් මොවුන් දෙදෙනා හදිස්සියේ හමුවෙන්නේ කොහොමද කියන එක ඉතිහාසයේ සදහන් නැති නිසා ඒක මට කියන්න විදියක් නෑ..(සොරි හොදේ)

දකින දකින කෙල්ලන්ට විහිලු කරන ජීවිතය ගැන බරක් පතලක් නොදැනෙන. සෙල්ලක්කාර තරුනයා සහ දඩබ්බර තරුනිය අතර මිත්‍රත්වයක් ඇති වෙන එක තාමත් අබිරහසක්.. නමුත් ඒ මිත්‍රත්වය දුරදිග යන්නේ නිතර දෙදෙනා හමුව් ජීවන තොරතුරු බෙදා ගැනීමට පොදුවේ මොවුන් ප්‍රිය කිරීමත් සමගම..

කතාවේ ශේක්ස්පියර් මොවුන් දෙදෙනා අතර අහසයි පොලවයි වාගේ වෙනස් කම් රාශියක් පෙන්නන්නේ.. ඔහු හිතින් ඔවුන් දෙදෙනා කිසිදා එක් නොවියහැක්කන් කියල ඔබටත් මටත් හංගන්න..

නමුත් ඇත්තටම ජීවත් වුනු රෝමියෝ ජුලියෙට් අතර තිබුනානම් තිබුනේ අසමානකම් දෙකයි..

+ රෝමියෝ ජුලියට්ට වඩා ටිකක් උස තරුනයෙක්.(දෙදෙනා එකට සිටිනා විට ලොකු උස පරතරයක් තිබුන"

+රෝමියෝ ජුලියෙට්ට වඩා මාස හයකින් බාලයි.(ගතානුගතික අදහසින් පිරි ජුලියෙට්ගේ දෙමාපියන් පිරිමියා වසර කිහිපයකින් වැඩිමල් වියයුතුය කියන මතයේ හිටියා)

එතරම් සුලු වෙනස් කම් මේ තරම් දෙනාගේ නෙත් අග කදුලු රැදවූ ප්‍රේමාන්වුතයක් බිහිකලේ කොහොමද එහෙනම්?

**ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න**


අද ඉදන් ඔයාට ඇත්ත ආදර කතාවක් ගේන මම
                        
                       සත්‍යවාදී සුරන්ගනාවෙක්

Friday, June 3, 2011

පුංචි කෙටිකතාවක්--05--අවසානය


"මොකද තනියම හිනාවෙන්නේ?"
"නෑ..ඔයා මට නංගි නංගි කියනවනේ ඒකයි"
"ඒකේ ඇති වැරැද්ද මොකක්ද?"
"නෑ..කිසිම වැරැදක් නෑ"
"එහෙනම්..."
"ඔයා දෙදාස් හතේ ඒලෙවල් කලාට මම කලේ දෙදාස් හයේ"
"ඉතින් අවුරුද්දක් වැඩිමල් වුනා කියල මක්කා වෙනවාද?"
"ඔව් ඉතින්.. ගෙදර බෝඩිම් කාරයෙක් නවත්ත ගනිද්දී වයස බලන්නෙ හිරයක් දෙන්නයැ?"


"කාලා ඉවරද?"
"හ්ම්.පොඩ්ඩක් ඉන්න..සචිනි නංගි තාම කනවානේ"
"එහෙනම් මම ගිහින් අත හෝදගෙන එන්නම්."
"ඉතින් හෝදගන්න..මගෙ අත නෙමෙයිනේ"



*******************************************************************************

"අක්කේ  අක්කේ"
"මොකද සචියෝ කෑ ගහන්නේ"
"ආන් මාමලා එනවා"
"අපෝ හතාමාරවත් වෙද්දි ආව එකත් ලොකු දෙයක්."
"ඔව් ඒත් ඔය පාරා ගාව ඉදන් එන්න තව පැයක් වත් යාවි"
"මොකද අප්පච්චිලා එනවා කිව්වම මෙච්චර සන්තෝස?"
"පස්සේ දැනගන්න ලැබෙයි.."
"ඒකත් එහෙමද..."\
"හ්ම්"

"සචිනි නංගියෝ"
"ඇයි අක්කේ..පොඩ්ඩක් මේ අයියත් එක්ක කතා කර කර ඉන්න මම පස්සෙ ටොයිලට් එකට ගිහිල්ලා එනකන්"


**********************************************************************************
"අයියාගෙ හිතේ අක්කා ගැන මොනවහරි තියෙනවද අයියේ?"
"ඇයි නංගියො එහෙම අහන්නේ?"
"නෑ. අයියා එයත් එක්ක කතා කරන විදියටයි ඔය එයා දිහා බලන විදියටයි මට නිකමට එහෙම හිතුනා"
"අක්කා හරි හොදයි නේද නංගී"
"ඔව් හුගාක් හොදයි"
"එයාට සහෝදර සහෝදරියො නැති නිසා අක්කා මට මාර විදියට ආදරෙයි"
"අයියා පොලීසියෙ ලොක්කෙක්ලු නේද ?"
"ටිකක් ලොක්කෙක් නංගි මට වඩා ලොක්කො ඕන තරම් ඉන්නවා"
"ඒකද ඔයාව එක්කගෙන යන්න ජීප් එකකින් එන්නේ"
"හ්ම්.. මේ අන්න අන්කල් එනවා"
"අපෝ මාමා හරි හොදයි"







**********************************************************************************
"දුවේ...දුවේ..
ආහ් මේ පුතයි සචිනි දූයි නුත් ඉදලනේ.. ඒකත් හොදයි.."
"අප්පච්චි..අද බස් අඩුයිද?"

"ඔව්.
ආහ් මේ බෑග් එක මයි කාමරෙන් ගිහින් තියන්න"

"තේකක් හදන්නද?"

"දුවගෙ කටයුත්තට මේ මාසෙ නෙමෙයි ඊලග මාසෙ හොද වෙලාවක් තියෙනවලු..ඉක්මනට ඕන ඒවා ලෑස්ති කරගන්න වේවි"


*********************************************************************

"ඉතින් පුතා...ගොඩක් වෙලාද ඇවිත්?"
"නෑ අන්කල් පැය බාගයක් විතර වෙනවා"
"දානෙ ගේකට කිව්වා නේ ගියේ...කොහේද තිබුනේ"
"ආහ් මේ කෙල්ල එහෙමද කිව්වේ...
මේකනේ පුතා ගමේ කාටවත් කියන්න එපා කියලා මම කෙලීට කිවා නිසා පුතාට කියන්න නෑ එහෙනම්"
"මොකක්ද අන්කල්?"
"මේ කෙල්ලගෙ කටයුත්ත ගැන ඒ ගෙදර උදවියත් එක්ක කතාකරලා දිනයක් දාගන්න කියලා ගියේ...
දන්නවනේ අපේ ගම් වල ඇස්වහ කටවහ..."


"ඕනම උදව්වක් කියන්න අන්කල් මගෙන් කෙරෙන්න ඕන.."\
"බොහොම ස්තූතියි පුතා..ඕන වුනොත් මම කියන්නම්කෝ"



සොදුරුතම ගැහැනියකට ලෙන්ගතු වෙන්නට පැතූ සිහිනය බොද කරගත් මම..


අවාසනාවන්ත සුරන්ගනාවෙක්

පුංචි කෙටිකතාවක්--04

"මොකද මේ බය වෙලා. මූනත් එල්ලගෙන.."
"නෑ.. මේ....මායි ඔයයි ඉන්න එක..ගමේ කවුරුහරි දැක්කොතින් එහෙම.."
"මම ඉන්නවනම් මොකටද ඔයා බය වෙන්නේ?"
"එහෙම නෙමෙයි.. මම කියන්නෙ..."
"එහෙනම් කොහොමද?"
"දන්නවනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ගෙදරක ඉස්තෝප්පුවෙ හිනාවෙවී ඉන්නකොට.."
"ඔව් ඉන්නකොට."
"අනේ විහිලු නෙමෙයි හලෝ"
"එහෙනම්..."
"නංගී මම වැඩක් කියන්නද?"
"ඒපාර මොකක්ද? ඇයි බඩගිනිද?"
"නෑ මේකයි. දැන් ඔයා අප්පච්චිට කෝල් කරලා අහන්න කොහෙද ඉන්නේ කියලා..ඊට පස්සේ රෑ වෙනවනම් කියන්න කෑම ගේන්න එපා..ඔයා කඩෙන් කන්නම්...මමත් තාම ආවෙ නෑ..."
"එතකොට මම තනියම ඉන්නව කියල හිතාවිනේ"
"ඒකත් එහෙමද?..වැඩේ සීන් නේ. එහෙනම්"
"අපෝ බෑ.. බෑ අප්පච්චිට පපුවේ අමාරුව හැදේවි"
"ඒකනේ...වෙනදා මෙහෙම රෑ වෙනවනම් මොකද කරන්නේ.."

"එහා ගෙදර සචිනි නංගියව ගෙන්න ගන්නවා තනියට"
"එහෙනම් එයාට එන්න කියන්න"
"බෑනේ හලෝ.. එතකොට එයා මායි ඔයයි දැන් පැයක් විතර කතා කර කර හිටියා කියලා දැන ගන්නවානේ"
"හරි..මම යන්නම් නංගි"
"මේ වෙලාවේ කොහේ යන්නද ඔයා...තරහ ගන්න එපා අයියා"
"නෑ..මෝඩියෙ මම යන්නේ කෑම තුනක් අරගෙන එන්න"
"තුනක් මොකටද?"
"මටයි ඔයාටයි..අර එනව කිව්ව නංගිටයි"
"අයියා නම් ඉන්න තිබ්බේ රහස් පොලීසියෙ"
"හික්"
"ඇයි මාර මොලේනේ"
"ඒ නංගි ආවම මට කෝල් එකක් දෙන්න මම අහම්බෙන් වගේ ඒ වෙලාවට එන්නම්"
"මේ වෙලාවට කෑම තියෙයිද"
"දැන් හයයිනේ..එස් අයි මහත්තයට මේ වෙලාවට කොත්තුවක් නොදැම්මොත් ඒ ඉතින්.."
"හා..එහෙනම් එහෙම කරමු"
"ඔයා කොත්තු කනවනේ"
"හ්ම්..
ආහ් මේ අයියා...
කතාකරන්නෙ 119 එකටද?"

"අනේ සොරි නංගි..0714******.. අර නංගි ආවම කෝල් එකක් දෙන්න"

ඇයටත් නොදැනිම ඇගේ කටින්ම අංකය ඉල්ලවාගත් මම....

සල්ලාල සුරන්ගනාවෙක්

Thursday, June 2, 2011

පුංචි කෙටිකතාවක්--03


"ශික්... අයියෝ"
"මොකද ඒපාර"

"ගෙදර යතුර අමතක වුනානේ"
"ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?"
"ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?.
අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා"
"හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ"
"හ්ම්."


"බයයිනේ... මහ ලොකු චන්ඩියා.."
"මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී."
"එහෙමද?"
"මොකද එහෙමද අහන්නේ?"
"ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන"

"වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා"
"ඒ මොකද එහෙම කියන්නේ?"
"ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ"
"මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව"

"ඉන්න මම තේකක් හදාගෙන එන්න.."
"අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?"
"අනේ සොරි අය්යෝ.. අමතක වුනා.."
"එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.."
"අපෝ නෑ..කලුවර වැටෙනකම් නාවොත් මම යනවා කන්දෙ ගෙදරට."
"මාව තනියම දාලද?"
"නැතුව..මට වැඩේමයි පොලිස්කරයෙකුට තනි රකින්න.."


***************************************************************************

"අයියා බැදලද?"
"නෑ මේ යස අගේට ඉන්නේ.."
"එහෙම නෙමෙයි..එහෙනම් කවුරු හරි ඉන්නවද එහෙම කෙනෙක්.."
"තාම එච්චර පින් කරපු කෙල්ලව හම්බ වුනේ නෑනේ"
"පුහ්.. හම්බවෙයි හම්බ වෙයි බලාගෙන යනකොට"


"මේ...."
"ගම් පලාතට හිත ගිහින් වගෙයි නේ?"
"මොකද එහෙම ඇහුවෙ..."
"ඇයි .. ඔලුව කරකව කරකව ගම වටේ දිහා බලන්නේ ලෙඩකටද?"
"පොලිස් කාරයෙක් උනාම වට පිටේ දේවල් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන නේ"

"ඔයා ඒ ලෙවෙල්ස් වලට කලේ මොනවද?"
"මැත්ස්"
"කොයිකාලෙද විභාගෙ ලිව්වේ?"
"පලවෙනි පාරද දෙවෙනි පාරද?"
"පලවෙනි පාර.."
"අපෝ මතක් කරන්නෙපා... වැඩක් ෆේල්"
"රිසල්ට්ස් නෙමෙයි ඇහුවේ ඉයර් එක"
"දෙදාස් හත"
"එතකොට කැම්පස් අතෑරලා ආවයි කිව්වේ?"
"දෙවෙනි පාර කරාම බී තුනක් තිබ්බා"
"ඒකනේ.. මම ඔයාව දැක්ක මුල්ම දවසෙම හිතුව එක හරි එහෙනම්"

"මොකක්ද?"
"නෑ.. එක්කෝ ඕන නෑ"

"කමක් නෑ.. කියන්න හලෝ"
"හැබැයි තරහාවෙන්න බෑ ඔන්න"

"හා හා. කියන්නකෝ"

"පිස්සෙක් කියලා"




පුංචි කෙටි කතාව ඉස්සරහට අරගෙන යන මම
 පිස්සු සුරන්ගනාවෙක්

පුංචි කෙටිකතාවක්--02

"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්"
"කියන්න සාජන්"
"සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?"
"ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල"
"කෙල්ලනම් හැඩයි නේද සර්"
"සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.."
"සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ."
"බලමු බලමු අයිසේ"

"සර් අර ගෑනු ලමයා....."
"මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?"

"සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.."
"සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.."
"අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.."
"හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ"
"ඕකේ සර්"


********************************

"එක්ස්කියුස් මී මිස්"
"යෙස්"

"හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?"
"අනේ අයියා අද දවල් වෙනකන් ලෙක්චර්ස් තිබ්බා. මේක තමයි ඉතින් ගෙදර යන වෙලාව."
"නංගී ඩිප් එක පටන් අරගෙන ගොඩක් කල් ද?"
"ඔව් අයියා..අන්තිම ප්‍රොජෙක්ට් එක විතරයි තියෙන්නේ.අද ඒකෙ වැඩ වලට නැවතුනා ටිකක්"

""අන්න බස් එක එනවා"
"අයියා කොහෙද යන්නේ?"
"මම ක්‍රිකට් මැච් එකක් ගහන්න යනවා,,එනවද ඔයා"
"විකාර"
"මමත් ගෙදර තමයි යන්නේ..අද නයිට ඕෆ්."


******************************************************************
"අතන හිස් ශීට් එකක් තියෙනවා.නංගි ගිහින් වාඩිවෙන්න"
"හා,,,ඉතින් අයියත් එන්නකෝ"
"අපෝ නංගිලාගෙ අප්පච්චි දැක්කොත් මට ආයෙත් කොවාටස් එකෙ කට්ට කන්න වෙනවනේ"
"මෙහෙ එනවා මනුස්සයෝ.."
ඇය ඔහුගේ අතින් ඇද වාඩි කරවාගනියි...

"කොහාටද"
"තනපත්විල හංදියට දෙකක් දෙන්න"
"එපා අයියා මම මට ගන්නම්"
"නෑ නෑ අද මට පඩ් මම ගන්නම්කෝ."
"හිම්.මෙහෙනම් ගන්න මට මොකෝ."
"මොකද හිනාවෙන්නේ?"
"ඔහොම පොලිස්කාරයෙක් දැක්කාමයි මම"
"කොහොම එකෙක්ද?"
"ඇයි ඔයාල බස් එකේ සල්ලි දීලා යන්නේ නෑනේ..."

"එක කාලකන්නියෙක් හැසිරෙන විදියට මුලු දෙපාර්තමේන්තුවම මනින්න බැහැනේ දරුවෝ"
"අප්පේ මාර වචන සෙට් එකක් නේ අයියට තියෙන්නේ"
"තෑන්ක්ස්.."
"අයියා ඉස්සරහින් බහිමු..එතනින් තියෙනවා ගෙදරට ශෝට් කට් එකක්"

"හා එහෙනම් ඉස්සරහට යන්"
"ඉස්සරහ හෝල්ට් බහිනෝ"




                                          ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්ස මම කපටි සුරන්ගනාවෙක්

Wednesday, June 1, 2011

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න..

මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා..

අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ..

නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා...
"මොකෝ බන් උබට වෙලා තියෙන්නේ "
කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි..
කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා   ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි..


මට ඕන කසිනයෙක් නෑ
මම චැට් කරන්න ගියාම..
"සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ"
පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා

හිටපන් ඔහාටම වෙලා..
උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ..
සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්.

මට අක්කා කෙනෙකුයි නංගිලා දෙනෙකුයි හිටියා ඉස්සර...සොරි මම වැරදියට හිතාගෙන ඉන්නේ...
උබලා මට කවුරුවත් නෙමෙයි..
හිටපන් ඔහාටම වෙලා..ඕන කුදයක් ගහගනින්...
උබලට වඩා රට වල් වල ඉන්න නෑයෝ මට ඉන්නවා...
නෑ කම උබලට වඩා දුර උනත් උන්ගේ හදවත් උබලට වඩා මට ලගයි...

මට කට ඇරලා අයියා මල්ලී කියන මගේ නෑයෝ ඕන තරම් ඉන්නවා.. නිකන් උබලටත් හොරා උබලගෙන් නෑකම් අහගන්න මට ඕන නැහැ...

මම මේ පෝස්ට් එක හත් පාරක් ලියලා තරහ අඩුම වෙච්ච වෙලාවේ මේක දාන්නේ...නැත්නම් ලෝකෙම තියෙන කුනුහර්ප මේකෙ ලියවුනා...

මගේ සුරන්ගනා ලෝකය තොපි වගේ දෙලොවටම නැති නෑයෝ නිසා ගද ගස්ස ගන්න මට ඕන් නෑ...
යන්න කලින් තව හොද උදාහරනයක් දෙන්නම්කෝ..
මගේ කිසි දිනක නොදැකපු එෆ් බී මිතුරිය මම අප්සෙට් මොකද අහලා මෙහෙම එවනවා...
ඇගේ නම "මනාලි යාදව්"

"outer world is calling u yasitha...
shut ur lappyyy n go...
everything is waiting n happy 4 u...my dear.
  • no...life is very btiful...u just change ur view...
    • hahaha...:-)
    • dear...1 reason is more dan sufficient 2 bcome happy...4get all dat bloody reasons which make u sad...
    • yasitha...smile plz...
      :-)
    ..
    • tum haste huye bahut achhe lagte ho
    • thank u...so much...
      c outside...this tree also happy naw...
      • coz u shut all d doors of ur mond...
      • sorry mind
      • u closed ur mind...open ...open it...n take full chance 2 njoy d life...
      • my mom calling me...extrmly sorry dear...""""
        මට අක්කා කෙනෙක් මගේ ම කියල හිටියානම් මේ නාදුනන ඉන්දියානු තරුනිය වාගේම වෙන්න තිබුනා..

       "ආදරනීය මනාලි යාදව් අක්කේ.. උබට මේක තේරෙන්නේ නෑ..ඒත් මේ ආත්මෙ නොවුනට මට ඊලග ආත්මේදිවත් උබේ කකුල් දෙක අල්ලල දනගහලා වදින්න ඇත්නම්"

      හිතේ තියෙන සේරම ඒ විදියටම ලිව්ව මම  





Tuesday, May 31, 2011

පුංචි කෙටි කතාවක්--01

"ගුඩ් මෝර්නින්ග්"

"මෝර්නින්ග්"

"කාලෙකින් නේද ?"

"හ්ම්"
"මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ"
"නෑ ඒ මගෙ හැටි"
"හා..සමාවෙන්න.."
"මොකටද සමාව?
"උදේ පාන්දරම කරදරයක් වුනාට"
"පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"
                                                                                                      "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"
                                                                           "අපෝ ඒවටද ගාල්ල පැත්තේ බනිනවා කියන්නේ"
                                                              
"මම ගමේදි බැනුම් අහන විදියට වැඩ කරන්නේ නෑ"
"ඒ කියන්නේ මනුස්සයා වැරදි වැඩ කරනවා"
"ඒවා වැරදි වැඩ වෙන්න පුලුවන්.. ඒත් ඒවායින් කාටවත් කරදරයක් නෑ"
"කොලින් අන්කල් නොකිව්වානම් අපේ අම්මල කීයටවත් ඔයාවමෙහේ නවත්තගන්නේ නෑ"

"ඒ මොකද?"
"අපේ අප්පච්චිට ඔය පොලිස් කාරයන්ව පෙන්නන්න බෑ"
"පගාව ගහනවා.. ජරා වැඩ කරනවා....ඒවා මේවා කිය කිය බනිනවා"
"අපෝ මම ඒවට නෑ."
"අච්චර නිකන් ඉන්න පුලුවන් කොවාටස් එකක් තියාගෙන ඇයි නවතින්න බෝඩිමක් හෙව්වේ"
"මම කැම්පස් යන එක දාලා පොලීසියට ආවේ මගේ හීනයක් වෙච්ච නිල ඇදුමයි තරුවයි කරට ගන්න මිසක්...ජීවිතය විදවන්න නෙමෙයි"
"ඒක නෙමෙයි. ඔයා මේ උදේම කොහෙද යන්නේ"
"කොම්පියුටර් ක්ලාස්.. ඩිප්ලෝමා එකක් කරනවා"
"පුදුමයි අප්පච්චි තනියම යවනවා ඔයාව"

"ආහ් අයියේ.. මගේ බස් එක එනවා . මම යන්නම්... "
"ඉන්න පොඩ්ඩක්..ඊට පස්සෙ අර ජීප් එක එන්නේ"
"අයියලට කරදරයිනේ ඉතින්"
"ඕවට තෙල් ගහන්නේ ඔයාලගේ අපේ අහින්සක සල්ලී වලින්...ගියාම මක් වෙනවද?"
"මම එන්නම් හැබැයි වැරදියට හිතන්න එපා..."



"චට්ස්"
"ගුඩ් මෝර්නින්ග් ස්‍ර්"
"සාජන් මේ නෝනා මගේ නෑ කෙනෙක්.. යනගමන් ටවුමට ගිහින්.. අයි ඩී එම් එක ගාවින් බස්සගෙන යමු"
"හරි සර්"
********************************************************************


ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ



"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?"
"හ්ම්"
"ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?"
"මට බැරි නිසා"
"අහන්න අයිතියක් නැත්ද මට?"
"අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?"
"අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ"
"ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න"
"සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..."

"ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?"
"එහෙනම් මොකටද මට ආදරේ කලේ?"
"මට ඒක අමතක වුනා"
"එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?"
"මම අද ඔයා ගැන හිතුවා"

"අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු"
"මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ"
"මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා"
"මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය"
"මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි"
"ඉන්නව එහෙනම් මේකත් බලල යනවා"
"ඔය මොකක්ද?"
"පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?"
"මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙලා තියෙන්නේ"

"චික්ස්"
"මොකක්ද මැට්ටෝ අත කපාගෙන කලේ"
"මොකක් කියලද හිතන්නේ"
"මම දන්නේ කොහොමද ඕයි"
"අරූව මතක් වෙන්න තමුසෙගෙ අතේ මුද්දක් තියෙනවා...මට මැරෙනක තමුසෙගෙයි මගෙයි අන්තිම මේ හමුවීම මතක් වෙන්න මේ කැලල තියෙනවා."

"යන් තරිදු ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගන්න."

"එහෙනම් මට ඇයි මෙච්චර වෙලා ආදරේ නෑ කිව්වේ?"

"තමුසෙට ඕන මගුලක් කරගන්නවා..මැරෙනවා.. ඒත් ආයෙත් මගේ පස්සෙන් එන්න එපා.."

"ඒක කරන්න නම් ටිකක් අමාරුවේවි"
"ඉන්නව එහෙනම් මම යනවා"


"බුදු සරනයි"

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම
  නන්නත්තාර සුරන්ගනාවෙක්

හිටියානම් අද ඔයා මගේ ලගින්.. සමහර විට සුරන්ගනා ලෝකය මෙච්චර ලස්සන නොවෙන්න තිබුනා

දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච නිසා මොකක් හරි කෙහෙල් මලක් සුරන්ගනා ලෝකෙට වඩම්මන්න තරම් යසියා දෙකේ කොලේට වැටිලා නෑ. අන්තිමට ලියපු පෝස්ට් තුනම එකම කතාවක් හැටියට ගියා වුනාට ඒක තනිකරම කුපාඩි කම පෙන්නන්න ලියවුන ඒවා..
මගේ බ්ලොග් එක වෙනසක් කලා කියලා ඔයාලට පේනවනේ...
ඉතින් එහෙනම් මගේ හිත කාටහරි කියන්න ඕනය කියල කියන දේවල් හුගාක් දැන් මම සුරන්ගනා ලෝකයට ගොඩ බස්සන්න හදන්නේ......

ගොඩ කාලෙක ඉදන් මගෙ යාලුවො කියනවා යසියට 

"නවකතාවක් ලියපන්...නව කතාවක් ලියපන්"

දවස් ගානක් මම ටයිප් කරලා නෝට්ස් වල සේව් කලාට සේව් වෙන්නේ කුනුහර්ප නිසා මට සිද්ද වුනා ඒ අදහස අයින් කරන්න... හේතුව වුනේ සේව් කිරීමට තැනක් නැති කම..

මගෙ ටිකිරි මොලේ යොදාගෙන මම තීරනය කලා මගේ මේල් එකේ ඩ්‍රාෆ්ට්ස් වල නව කතාව තැන්පත් කරලා තියන්න... ඒක නිස මේ දවස් ටිකේම ටිකක් ඒව ගැන හිතන්න වෙලාව යොදවන්න වුනා....

"සන්දීපනී"
ඔයා මේක කියවනවා නම් කරුනා කරලා සමාවෙන්න. මොකද මට අයිතියක් නැති ඔයාට අයිති මම ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන කතාවක් ලියනවා කියල මම ඔයට පොරොන්දු වෙනවා....

සමහරු කියනවා "නැතිවෙච්ච ආදරය සිතින් අමතක කරන්න ඕන" කියලා.. ඒත් මමනම් විස්වාස කරන්නේ නෑ ඒ කතාව...කොල්ලෙක්ව මිනිහෙක් කල කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයක් එහෙම ලෝකෙට හොරා බූමිදානය කිරීම හරියට පන පිටින් මිනිහෙක් වලලනවා වගේ දෙයක්..
මට බෑ දෙවියනේ ඒ දේ කරන්න....

කොන්දේ අමාරුව නම් තවම තියෙනවා. යසියා තම බිමට රෙද්ඩක් දාගෙන සාලෙ මැද්දේ නිදියාගන්නේ ඒකෙන් ටිකක් සුවයක් තියෙන නිසා...

"ඔච්චර නිදිමරන්න එපා මැට්ටෝ"
"ඔය බ්ලොග් මගුල කියවන උන් ඒවි ලෙඩ වුනාම ඔයාව සනීප කරන්න"
"රෑට නාන්න එපා යසියා"
ඔහොම ඔයාගෙන් අහපු බැනුම් තාම කන් අස්සේ දෝන් කාර දුන්නට ඇත්තම ඒව මට ආයෙත් අහන්න ලැබෙන වචන නෙමෙයි...
ඒත් ඔයාගෙ මතකයට මම ආදරෙයි සන්දීපනී හැමදාමත්....
මගේ අන්තිම හුස්ම පොද තියෙන කල්......

"මම සන්දීපනී නමට ආසම නෑ යසියා"
ඔයා ඒ නමට ආදරේ නොකලට මම මගේ පමනටත් වඩා ඒකට ආදරෙයි..මොකද ඒකෙන් ඔය දිග කෙස් අස්සෙ හැන්ගිලා තියෙන හැදිච්චකම...කරුනාව නිරූපනය වෙනවා....

හැමදාම ඉස්සර අහපු ඔයාගෙ ලස්සන වචන ඔච්චර මිහිරිනම්...මම කවමදාකවත් නාල්ලපු ඔය අගිලි තුඩු සේද රෙද්දක් වගේ ඇති නේද?

"හ්ම්"

"පිස්සෙක්"

මට කමෙන්ට් වට්ටගන්න ඕන නැහැ..මට බ්ලොග් එකේ පොරක් වෙන්න ඕන නැහැ...

මොකද...මට වඩා වැඩ්ඩෝ මේකේ ඉන්න නිසා..මම සුරන්ගනා ලෝකය පටන් ගත්ත සදමඩලක් විදියට...මට ඒ පරාසය තවත් ඈතට විහිදවන්න ඕන වුන නිසා මම ඒක සුරන්ගනා ලෝකයක් කලා....

මම අද සේරම දේවල් ලිව්වේ  "කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ" 

මෙලෝ තේරුමක් නැහැ නේද මම අද ලියපු විදිය???


"ආදරනීය සන්දීපනී "
ජී මේල් චැට් එකේ මට එපාම කරපු කෙල්ල ඔයා කියල අගවන්න මම උත්සාහකරනවා තමයි..

ඒත් ඒත් අහිමි වෙච්ච ආදරේ ගැන පසුතැවෙනකොට මම කොච්චර පිස්සු වැටෙන බව දන්නවානම්...\

යසියා කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ....


ඔයා හිතාගෙන ඉන්නේ මම අහන එකම කෙල්ලෙක්වත් මට කැමති නැති නිසා මම තාම සින්ගල් කියලා...
ඒත් ඒක එහෙම නෙමෙයි සන්දීපනී..
මට කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න
\පනටත් වඩා ආදරෙයි කියන්න...
එදා මම ගාව තිබ්බ සල්ලාල කම....
ප්‍රේමයේ මායාවෙන් ඔයා කැලනි ගගට පා කරාලා දැම්මේ...

සක්කරයටවත් ආයෙමත් හොයාගන්න බැරි විදියට......

මැරෙන තුරා නුබව අමතක නොකරන මම....
 

 

Sunday, May 29, 2011

xxxxxxxකතාව 3---අවසානයක් xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඕන් මේන් යසියා ගියා . ලැබ් එකට.. ඒකෙනම් හිටියෙ ටිකක් කලු අක්ක කෙනෙක්...


හැබැයි ඉතින් කලු උනත් දැකුම් කලුයි කියල දෙයක් තියෙනවනේ...
(කබරගොයා බඩගින්නට තලගොයා වෙන්න වගේ)


"ආ මල්ලි මෙතනින් වාඩි වෙන්න"
අක්ක අතින් අල්ලලා කුශන් පුටුවක වාඩි කලේ නැතැයි මාව..

පෙට්ටියක් ඇතුලෙන් මොනවදෝ කහපාට දෙයක් ඇදල ගත්ත එයා ඒවා අත් දෙකේම දාගත්තා..(ග්ලවුස් කියන්නේ)

අනේ යකෝ මාර කෙලියක්නේ.. මුන් හිතාගෙන ඇති අපි කොරියාවෙය... නාන්නේ නැතියැ කියලා...බැරිද දන්නේ නෑ නේ අපිව නාවන්න.....

නෑ මෙයා දන්නවා මම පිරිසිදුයි කියලා.. ඒකයි මේ එයාගේ කුනු මගේ ඇගේ ගෑ වෙනවට ඔය..
මම තරහව අමාරුවෙන්....(එච්චරම අමාරුවක් වුනෙත් නෑ)
නිවා ගත්තා.....

බුදුන්ට මල් පූජා කරන්න වාගේ හෙමීට හෙමීට මගෙම අතින් අල්ලලා අත මිට මොලවපු එයා....
\
ගත්තේ නැතෑ සිලින්ජරයක් අතට.....
අම්මෝ මේකේ දිග විතරක්... එහා පැත්තෙන් එයිද මන්දා.....

"මොකෝ දගලන්නේ .....බයයි නේ චන්ඩියා වගේ හිටියට?"

"පිස්සුද මම දෙපාරක්ම ලේ දීලා තියෙනවා"

"එහෙනම් හොද දරුවා වගේ දගලන්නේ නැතිව ඉන්නකෝ පොඩ්ඩක්"

"හා"

"තව පොඩ්ඩයි හොදද"

"හොදයි"
බලන්නකෝ මෙයා මාව කින්ඩියටමයි අරගෙන කතා කරන්නේ..
"ඔයා මට ඔච්චරටම ආදරේද අක්කේ"


අපෝ ඒක අහපු ගමන් අපෙ අම්මගෙයි පූනු ඇබුල උනා..

මලා අරක පුරවලා බඩු අරගෙනනේ මෙයා.. මෙච්චර බඩු තිබ්බද මගේ ඇගේ???

තියෙන්න ඇති නේ...

"හරි හරි දැන් ඉවරයි"

අනේ මන්දා පාරෙදිවත් මම මෙයාට කියවලා තියෙනවද කියලා.. ඇද්දේ නැතෑ අරක එලියට.....

"ඌහ්.."
"සොරි පැටියෝ මම කිව්වානේද දගලන්න එපා කියලා.."

"මමයැ අක්කානේ දැගලුවේ"

"රිපෝර්ට් එක ගන්න පැයකින් එන්නකෝ"

 "ගිහින් එන්නම්"

පලි:

වාර්තා සියල්ල ඩොකාට පෙන්වූ පසුව එය හුදෙක් මා0ශ පේශී ඇදීමකින් සිදුවූවක් බව හදුනා ගන්නා ලදි....


- ආදරය -








සුපුරුදු බොලද හිනාවෙන්
සුරන්ගනාවියක් ලෙසින්.
දිගු කෙසග සගවා රෙදි කඩින්
කුඩ සෙවනෙ වී ආදරෙන්....

හිරු රස්මෙ නෑ පින් කලේ
සිබින්නට සියුමැලි වත නුබේ
සුසිනිදු ඇගිල්ලේ රැදුනු
මුදුව වෙන්නම් යැයි සිතුනු
අයෙක් දැන්දෝ හමුවුනේ
හිරු රස්මෙ නෑ පින් කලේ

උදෑසනෙන් පා තබමින් සෙමින් සෙමින්
සිනහ වූවා අමුත්තකින්..
මතකයි  සිතුනා සැකයක්....
නුබේ සිත නුබ ලග  නෑ...
කලින් ගෙදර එන්නෑ




අම්මටත් හොරයක් සිතිලාදෝ....
මා එව්වේ විපරමට පොඩි නන්ගියේ...