Posts

Showing posts with the label සිංහල

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

විර0ගි 004

Image
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න​ " ට්‍ර්න් ට්‍රීන්" ගෙදර බෙල් එක නාදවුනි... "පොඩී... පොඩී" මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත​. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද​.. මම මටම කියා ගැතිමි.. "වෙයිට් අ සෙකඩ්" ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි.. " මොනවද මනුස්සයො කර කර හිටියේ..." මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි... "සොරි පැටී" මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය​.. එය හුගාක් අහින්සකය​... පවිත්‍රය​... "එන්න ඇතුල ට​" වාඩිවෙන්න​... දකුනතින් කවිච්චිය පෙන්වීමි... "පොඩී.. පොඩී" "කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ??" "දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල​.." මම දක් මිටි කමින් පැවසීමි.. "මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ??" "තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න " "ඔයාගෙ කකුල රිදෙනවද ?? " "ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි." "තියාගන්න එහෙනම් .. කෝ...

ඔහු ....

ඔහු ආදරය කලා ඔය නිල් ඇස් වලට..  ඔහු ආදරය කලා ඔය කොවුල් කටහඩට.. ඔහු ආදරය කලා ඔය කීරි කෙස් වලට... ඔහු ආදරය කලා ඔය රෝස දෙතොලට... මට මතකයි එක වැසිබර හැන්දෑවක තෙමි තෙමි ඔහු ඔබේ පස්සෙන් ආපු හැටි.. මට මතකයි ඔබට ඔහු ගැන සතපහක කුතුහලයක් නොතුබුන හැටි... ඔබ බසයේ අසුනක වාඩි වී යද්දි ඔහු පාපුවරුවේ එල්ලී නුබ දෙස බලා උන්නු හැටි... මට මතකයි බස් නැවතුමේ පැය ගානක් ඔබ එනතුරු ඔහු බලා හිටිය හැටි... පණටත් වඩා ආදරය කලා ඔහු නුබට ඔබ නොදන්නව ඇති... ඒක නිසා වෙන්ටෑ අද ඔහු නෙපෙන්නේ ලග පහතක... එදා නුබ බසයට  නගිද්දී ඔබේ ආදර පෙම්වතා එක්ක.. ඔහු නුබ පස්සෙන් ආවේ ආවේ ඔහුගේ ආදරය කරන්නට... මගේ යාලුවා ... එදා හුගක් පරක්කු වෙලා බස් එකට.. ඒක වෙන්නැති ඔහු දිව ආවේ කෙසේ හෝ ගොඩවෙන්නට.. වැස්‍ස දිනයක් නිසා ගිලිහුනා ඔහුගෙ අත.. යටවුනා ඔහු නුබ පෙම්සුව විදපු බසයට ම ...

nothing personal

Image
වෙසක් සද නැගෙයි ,, නැත ඉඩ තරු වලට... සිතුවම් මැවෙයි අඩවන් කල නෙත් වලට.. මෙතරම් කියා මිමි දිය හැකිදෝ පෙමට.. සුදු පරවියෙනි ලියමන් දුන්නේ කාට... ඇදුර ඇදෙයි හිරු සැගවෙනතුරු ඉදලා.. සුපිපුන පිච්ච මල් පුසුබට ඉව රැදිලා.. හසුනේ පිටු අතර මල් පොකුරක් තියලා.. සන්නස් ප්‍රේමයේ කොතැනක දෝ හැලිලා.. දහසක් හිස් අතර මා රුව සොයන් කෙසේ.. අමතක වුනත් මා රුව නුබ ඇත මනසේ... පැවසූ නුබට මා අමතක වුවෙද කෙසේ.... .නුබ සතුටින් ද පවසන් නෙතු පියමි කෙසේ... ප්‍රේමය දුකකි කිසිදා පෙම් කරනු එපා... හදවත තුට්ටුවට දෙකකට දෙන්න එපා... සෙවනැල්ලවත්  උබ ගාවට ගන්න එපා.. තනිවුන දිනක "i miss u " කියනු එපා.... ######nothing personal############ ලිව්වේ ... යසියා

විරංගි 003

Image
"සදරූ... සදරූ..." විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි... " ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී " " කකුල රිදෙනවද රත්තරං... " "නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ.." "ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්" "එපා" මා ඇගේ අතින් අල්ලාගතිමි... "මෙතනින් වාඩිවෙන්න පැටී" ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි.... " මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී" " කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...." කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය... " මේ මොනවටද... පිස්සි?" " නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න..." "මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ..." "මැට්ටෝ... කවුරුහරි ආවොත්... " " දොර වහලා එන්නකෝ" ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිස...

විරංගි 002

Image
විරංගි 001 මෙතනින් කියවන්න සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු  දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.. "රෙද්ද..."  දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය.. ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි. " හෙලෝ" දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.. " ගෙදර ගියා ද බබා" " නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ" " මෙච්චර වෙලා" " ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ" " පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. " " ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි" " හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. ...

ප්‍රතම හාදුව ... first kiss

Image
කහ පාට සාරියට ගැලපෙන නාරි රූපය බස් නැවතුමෙහි බලා සිටින්නේ මා එනතුරා ය. උදයේ ගැල්වූ මේකප්  හිතක් පපුවක් නැති අවුවට සේදී ගොසිනි.. නමුත් මම ආසම සමන් පිච්ච සුවද නම් තවමත් ඇගෙන් විහිදෙනවා ඇත.. විටින් විට අතැදි ඔරලෝසුව දෙස බලමින්ද,  විටෙක උස් පාවැඩි සගලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් වට පිට බලමින්ද, ඈ සොයන්නේ මගේ රූපය යි.. මා සිටිනා තැනට ඇයව හොද හැටි පෙනුනත් ඇයට නම් මා නොපෙනෙයි... ඇය නමින් සෙව්වන්දිය.. ලොව දෙවනියට ගුනයහපත්ම කාන්තාවයි.. දෙවනි වන්නේ අම්මාට පමනය...  සිගරට්ටුවේ ඉතිරි ෆිල්ටර කොටය මා  පොලවේ අතුල්ලා නිවා දැමීමි.. නාල හඩනගමින් ඉගිල්ලී යන රතවාහන මැද්දෙන් මම පරිස්සමෙන් පාර පැන ගතිමි.. ඇගේ මුවගේ සිනාවක්  නැගුනි.. මමද ඇයව දිටි බව ඈ දැන ගත් සැනින් ඒ මුහුන තරහවෙන් සායම් කර ගත්තා ය. " මොනවද තරිදු කරන්නේ.. දන්නවද මම කීයටද ආවේ කියලා.." "ඔයා ආවේ හතරහමාරටනේ ?" " හ්ම්... එහෙනම් ඇයි පරක්කු වුනේ..." "මේ.. පිස්සි.. අපි කොහෙට හරි ගිහිල්ලා රන්ඩු වෙමුද... නැත්නම් අර පුන්චි උන් නරක් වේවි.." "කෝ බයික් එක .." " විනාඩියක් ඉන්න මම අරග...