Posts

Showing posts with the label හඩන සුරංගනාවෙක්

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

Image
..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න.. මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා.. අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ.. නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා... "මොකෝ බන් උබට වෙලා තියෙන්නේ " කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි.. කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා    ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි.. මට ඕන කසිනයෙක් නෑ මම චැට් කරන්න ගියාම.. "සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ" පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා හිටපන් ඔහාටම වෙලා.. උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ.. සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්. මට අක්...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ...

හිටියානම් අද ඔයා මගේ ලගින්.. සමහර විට සුරන්ගනා ලෝකය මෙච්චර ලස්සන නොවෙන්න තිබුනා

Image
දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච නිසා මොකක් හරි කෙහෙල් මලක් සුරන්ගනා ලෝකෙට වඩම්මන්න තරම් යසියා දෙකේ කොලේට වැටිලා නෑ. අන්තිමට ලියපු පෝස්ට් තුනම එකම කතාවක් හැටියට ගියා වුනාට ඒක තනිකරම කුපාඩි කම පෙන්නන්න ලියවුන ඒවා.. මගේ බ්ලොග් එක වෙනසක් කලා කියලා ඔයාලට පේනවනේ... ඉතින් එහෙනම් මගේ හිත කාටහරි කියන්න ඕනය කියල කියන දේවල් හුගාක් දැන් මම සුරන්ගනා ලෝකයට ගොඩ බස්සන්න හදන්නේ...... ගොඩ කාලෙක ඉදන් මගෙ යාලුවො කියනවා යසියට  "නවකතාවක් ලියපන්...නව කතාවක් ලියපන්" දවස් ගානක් මම ටයිප් කරලා නෝට්ස් වල සේව් කලාට සේව් වෙන්නේ කුනුහර්ප නිසා මට සිද්ද වුනා ඒ අදහස අයින් කරන්න... හේතුව වුනේ සේව් කිරීමට තැනක් නැති කම.. මගෙ ටිකිරි මොලේ යොදාගෙන මම තීරනය කලා මගේ මේල් එකේ ඩ්‍රාෆ්ට්ස් වල නව කතාව තැන්පත් කරලා තියන්න... ඒක නිස මේ දවස් ටිකේම ටිකක් ඒව ගැන හිතන්න වෙලාව යොදවන්න වුනා.... "සන්දීපනී" ඔයා මේක කියවනවා නම් කරුනා කරලා සමාවෙන්න. මොකද මට අයිතියක් නැති ඔයාට අයිති මම ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන කතාවක් ලියනවා කියල මම ඔයට පොරොන්දු වෙනවා.... සමහරු කියනවා "නැතිවෙච්ච ආදරය සිතින් අමතක කරන්න ඕන...

අවාසනාවට ඇත්ත කතාවක්

Image
අද දවසට දාන්න පෝස්ට් එකක් ලියන්න මාර විදියට අමාරුවුනා. වෙනදානම් පෑන අතට ගත්තාම මොනොවාම හරි ලියවෙනවා මම දන්නේත් නැතුව."1st true love is unforgettable" කියල කවුරු හරි බූට් කාපු එකෙක් ඇත්ත කතාවක් කියල තියෙනවානේ..ආහ් අමතක වුනා ඕයි... මචන් රත්ගමයා නුබ මගේ මොන්ටිසෝරි කාලේ ඉදන් මිත්‍රයෙක්.. මාව බ්ලොග් එකට එක්කරන් ආවට උබට හුගක් පින් මචන්. දැන් බ්ලොග් එක මගේ ජීවිතය වෙලා... එයාව එක්කරගෙන ආව නගා ත් මට ඊයෙ බුකියෙදි හම්බ වුනා. ඕන් එහෙනම් කතා පොජ්ජ පටාන් ගන්නවා පින්වතුනී එහෙම නැත්නම් පව්කාරයිනි..:P මගේ බ්ලොග් එක මුලින්ම ඉදන් කියවපු අය දන්නවා ඇති මන් කොච්චර නාහෙන් අඩ අඩ කතා ලිව්වද කියලා. කෙල්ල වෙන කෙනෙක් බදින ඒවා නැත්නම් ඒ වගේ දුක හිතෙන ඒවා... ,මතකයි නේ ( ;) නෑ කියල මම දන්නවා). අන්න ඒ කෙල්ල වෙනුවෙන් මම ජීවත් වෙන්න හිතුවා. එයා මගේමයි කියල හිතුවා....මගුල තමයි.. එහෙම නෙමෙයි අන්තිමට දෙවෙනි වතාවටත් එයා මගෙන් ඈත් වුනා..මොනා කරන්නද හලො?.... ලෝකේ ඉන්නේ එක කෙල්ලද????? ඒත් ඒකිගෙන් බැනුම් අහන්නේ නැතුව මට ඉන්න බෑනේ... එයා ආයෙත් මගේ යාලුවෙක් වෙන්න නම් එයා කොන්දේසි දෙකක් දැම්මා.......ඒවත් ඕන...

අවන්හල

Image
ඒ අවන්හලමයි එදා මේසයමයි පුරුදු මාතෘකාවමයි ඒත් ඒ අපි නොවෙයි.... අතිනත ගන්නා දිනය කලින් සැලසුම් කල ලෙසම සුර කුමාරියක් වගේ තිබුන විදියටම නුබෙ හිතේ අපේ බලාපොරොත්තුව නුබට හැකිද තනිවම පුරවන්න කිසිම දෙයක් මම නැතිව නොකල ඔයා අපේ සිහිනය ඔයාගෙ විතරක් කරගෙන.... අවසර ගන්න නෙමෙයි ආවේ මම හොදට දන්නව ඒක මට දැකගන්න ආරාදනා කරන්නයි නුබේ සහ ඔහුගේ විවාහ උත්සවය........

මග බලාගෙන

Image
නුබේ තුරුලේ සැගවී සුදු මුහුන සිබින්නට.... අද සෙනසුරාදා එනවා නේද අදත් රෑට... වෙනදා වගේම මගේ ලස්සන හීනයට........ වෙනදා අපි හම්බ වෙ‍ච්ච නොදන්නා මිටියාවතේ අහි0සක තොටුපල මතකද? මම තාම එතන ඉන්නේ ඔයා එනකන් මග බලාගෙන.........

GooD FriendS GooD TimeS-----> යාලුවෝ

Image
අලිය ගෙදර (Elephant house ) ඇඩ් එකක් දාන්න නෙමෙයි ඕන් යසියගෙ වෑයම.දවස් ගානක් බිසී වෙච්ච යසියාට අද මොකක් හරි එකක් බ්ලොග් එකට ඔබන්න හිතිච්චි නිසා ඕන් ලියාගෙන ලියාගෙන යනවා...පජාත වෙවිද මන්දා... :P කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් (ඇත්තටම කීවොත් කෙල්ල එක්ක ආදරයක් තිබ්බ කියල දැනගත්තෙත් එයා ගියාම තමා...) සති ගනනක් මුහුනු පොතේ සහ මේ බ්ලොගේ නාහෙන් අඩපු යසියා අද වෙනකොට යතා තත්වයට පත්වෙල ඉන්නවා.(ඒ කියන්නෙ ආයෙත් පිස්සු) මාව ඒ තත්වෙට ගෙනිච්ච ඒ මගේ ෆ්‍රෙන්තෝ ටිකට තැන්ක්ස් කරන්න තමා මේක කොටන්නේ  හොදේ.. හැබැයි දුකින්දෝ සොමියෙන්දෝ මන්දා .... කියන්නේ ඒ එකෙක් වත් ඉස්කෝලේ යනකාලේ (ඔව් අවුරුදු දා හතරක්ම ගියානේ මමත් ඉස්කෝලෙකට) එක බත් එක කාගෙන හිටි උන් නෙමෙයි.. සේරම පාසලෙන් පස්සේ සෙට් වෙච්චි උන්.. අම්මපා මුන් එතකන් කොහේ හිටියද මන්දා... :P හොදට කොයිල් වෙච්ච සති දෙක තුනක කාලයක් පුරාවට මට උදව් කල එවුන්ට ස්තුති කොරන්නයි ඕන් මේ තනන්නේ ...... මුලින්ම මගේ තම්බි බොක්කට ඌ හෙනම ගේමක් දුන්න මාව ආයෙමත් අමාරුවෙ දාන්න.. හූ හූ හිකේ උබලා කොහෙද එහෙම මාව අමාරුවෙ දාන්නේ?? දැන්ම ආයෙත...

එනවානම් එන්න

Image
අහින්සක ආදරේ කඩුලු බින්දු ඉතිරීලා දෙනෙතගින් දෝරේ ගලනවා මොනවාදෝ මටත් මතක්කරවමින්...... මගේ මුලු ලෝකෙටම වැඩියෙන් නුබ මගේ පණටත් වඩා වටිනවා නුබට තාමත් මතකයිද මන්දා..... ආදරේට "මෝඩයා" කිව්වාම "එහෙනම් ඇයි මෝඩයෙක්ට ආදරේ මෙච්චර?" ගොලුවුනා මතකයිද දවසක්???? මිටියි, යාන්තම් මහතයි, සුදුයි. දැක්කාම කාටත් ආදරේ හිතෙයි..... ෆේස්බුකියෙන් නුබ මාව හමුවුනේ රුවට පෙර ගතිගුනට ආදරේ හිතුනේ මන් මුරන්ඩුයි දගකාරයි තමයි එත් හැමදාම මම නුබට ආදරේ කලා ඇයිද නුබ ඒක නොදන්නේ??? ආදරේ මට නම් භයානක හීනයක් එක එක විදියට එක එක දවසට පේන තවමත් අපි අපේමයි අපි දන්නවා තවමත් මම ඔය හදවතේ ඉන්නවද? ආයෙමත් ආදරය ඉස්සර වගේම හුවමාරු කරගන්ට තාමත් හදවතේ ඉන්නවා නුබ  එනවනම් එන්න.... ( one|zero|zero අඩවියට  යසියා විසින් ලියූවකි)

මා සතු ආයු ගෙන ඈ ජීවත් වේවා

Image
සිත තුල දග කරන ඔබගේ ආදරය කිසි දින ලැබේදෝ පැතු ඒ ජීවිතය යනු කෙලෙසකද මා තවමත් තනිකඩය ඔබ සතු මිහිරි වදනට මා කෑදරය පැය කිහිපයකි දෙනෙතින් පෙම් කලේ අපි ගනුදෙනු වුනා සිය ගනනක් ප්‍රේම වැකී මා සතු නොවූ වරදක් නුබෙ කනට එබී බැල්ලිගෙ පුතෙක් කවුරුන් හෝ කියන්නැතී හිරු සදු තිබෙන තුරු ආලය බැබලේවා යන එන සෑම තැන ඒ රුව සුරැකේවා සැමටම වඩා ඇය ඉසුරින් නැහැවේවා මා සතු ආයු ගෙන ඈ ජීවත් වේවා කදුලින් ඉපිද කදුලින් පරලොව යන්න මා ලද ප්‍රේමයට විරහව මුසුවන්න කාලය හොද නැත්ද මාගේ පවසන්න අපලය ඉවරවිය ආපසු පැමිනෙන්න වියලුනු සිතක පෙම් සිතුවිලි උපදේවී රිද්දන පපුව සදහට සුවපත් වේවී සුරගන ලෙසින් දිනයක ඈ සැරසේවී බවයෙන් බවේ ඈ සොද බිරිදක් වේවී ඉර හද තියෙන තුරු විශ්වය පවතීනම් ගහ කොල තිබෙන තුරු ජීවය පවතීනම් සසරින් සසර අප නිරතුරු හමුවේනම් පපුවේ උනුහුමින් නුඹ හ0ගාගන්නම්  

ආයෙත් එන්න රත්තරන්

Image
දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවාලු එයා දැන් මට අයිති නැතිලු මම ගාව තිබුනු ඔයාගෙ පින්තූර සේරම මම මකල දම්මා ඔයා වෙනුවෙන් පොතක් පුරවල ලියා තිබුනු කවි කතන්දර නිසදැස්  මම පිච්චුවා. ඔයා මට ආදරෙන් එව්ව  messeges සේරම මම delete කලා ඒත් තවම මගෙ මතකයේ ඔයා ජීවත් වෙනවා ඒ මේ phone එක නිසා වෙන්න ඇති.. මම ඒකත් විකුනලා දම්මා. තවම ඔයා මගෙ පපුවේ ජීවත් වෙනවා. මම හදවත ගලවලා එලියට ගන්න හැදුවා.. ඒත් ඔයා මාව ජීවත් කරන්න හදපු විදිය මතක් වුනා.. "අනේ plz මාව අමතක කරන්න​" කියලා ඔයා පොර ටෝක් දැම්මට අහසට වඩා පොලොවට වඩා ඔයාට ආදරය කරපු මට ඒක  simple plan නෙමෙයි රත්තරන් ඉස්සර වාගෙම මගෙ ලග ඉන්න පුලුවන්ඳ ආයෙත් ඔයාට​

ඇය

Image
"ට්‍රෑන් ට්‍රෑන් " මම ගේට්ටු කනුවක  සවිකර තිබු ස්විචය තද කලෙමි.කොල පැහැ ගේට්ටුවට එපිටින් වූ නිවසේ දොර විවරවන නාදයත් සමගම වයස 60 ක පමන සිරියාවන්ත කාන්තාවක් මා දෙසට පියනගන්නට වීය. "මේක විශ්මි නුගදෙනියලගේ ගෙදරද" මාගේ ස්වරය  නිසාදෝ ඈ සිනහවක් පා "ඔව් පුතා එහෙ තමයි. " "මට එයාව හම්බවෙන්න පුලුවන්ද ආන්ටි" "ආන්ටි එයාට ආවම මේ.." දුවනම් වැඩට ගිහින්.ඒත් මයෙ හිතේ මග එනගමන් වෙන්න ඕන. මා අතවූ මදක් විශාල පෙට්ටිය ඈයට දෙන්නට හදන වටම ඈ "තව ටිකකින් දුව ඒවි. හම්බවෙලාම යන්න පුතා" "දැන් ඒවි නේද" "ඔව් යන් පුතා ඇතුලට" ඈ පුතා යැයි ඇමතුවේ හදවතින්මය.මා නිවස හැරදා ගිය දින සිට මෙතුවක් කලක් කලක් එවන් අරුත්බරව  කිසිවෙකු මා අමතා නොතිබිනි. ඈ ගේට්ටුව විවරකර මා අඩි 30 ක් පමන එපිටින් බටර් පැහැයෙන් බිත්ති ආලේපිත මධ්‍යම ප්‍රමාණයේ නිවස දෙසට කැදවාගෙන ගියා ය. "එන්න පුතා ඇතුලට." පාවහන් යුවල ගලවා පා පිස්නෙන් පසක තැබු මම පාද පිසදමා නිවසට ඇතුලුවීමි. "ඉදගන්න" දොරට පිටුපා වු සුවපහසු ලෙදර් සෝෆාව  දෙසට අත යෙමී ය. මා හිදගන්නවාත් සමගම ඈ ...

යථාරතයත් මායාවක්ද?

Image
"hello" සද්දයක් නැති වුනාට line එකනම් clear "කථාකරන්න ජනනි, plz දෙයියන්ගෙනාමෙට කථාකරන්න." "එකපාරටම ඇයි යසිත මාව මතක්වුනේ?" "නෑ අද මගෙ හිත කිව්වා ඔයාට කථා කරන්නම ඕන කියලා." "කියන දෙයක් ඉක්මනට කියන්න යසිත මම phone එක කට් කරනවා." "plz" "ඉක්මනට කියන්න යසිත"   "හැබයි මම මේ ඔයාගෙන් අහන හැමදේටම ඔයා පපුව කොනිත්තල හදවතින් උත්තර දෙන්න පොරොන්දු වෙනවද?" "promis.මම ඔයාවගේ පොරොන්දු කඩන්නෙ නෑ කියල අමතකද මැට්ටෝ?" "ඔයා ඇයි ජනනි එකපාරටම මගේ ජීවිතෙන් ඈතටගියේ?" "ඈ දන්නෙම නැත්ද?රටේම ඉන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ල ආපු ඔයා දැන් මාව වැරදිකාරය කරනවද?" "මට වැරදුන බව ඇත්ත ජනනි,ඔයා මගේ ජීවිතේට හීනයක් වගේ ඇවිල්ලා එකපාරටම යන්න ගියා" "ඒවට හුගාක් හේතු තිබුන යසිත.plz මාව අඩවන්න එපා."  "මැරෙන්න ඉස්සෙල්ලා දෙයියන්ගෙ නාමෙන් මට හේතුව දැනගන්න පුලුවන්ද?" "ඔයාට හුගාක් ආදරේ හින්දා" "මොකක්?" "මගේ ආදරේ හින්දා ඔයා හුගාක් නරක්වුනා යසිත "මම ඔයාගේ ජී...

සමුගන්නද මම?

Image
"ඔයාට මේ ගමන යන්න ඕනමද රත්තරං?" මගේ වමත පපුවට තුරුල්කරගෙන සවින්දි පරිස්සමෙන් උරේට ඔලුව තියාගත්ත.  "අපිට තවත් ඉස්සරහට යන්න බෑ කෙල්ලේ.අපිට ආපස්සට හැරෙන්න බැරිවුනාට.අපි යන පාරවල් වෙනස් කරන්න වෙනවා" උණුම උණු කඳුලු කැටයක් මගේ අතට වැටිල සියොලඟම සීතල කලා.  "ඒත් ෆර්හාන් ඔයා මාව මෙච්චර දුරක් එක්කරගෙන ආවේ කවදහරි මාව අතරමන් කරන්න වෙනබව දැනගෙන නේද?"  ඕනදේකට දොඩවන මගේ දිව ඒ ප්‍රශ්නෙට ගොලුවුනා.තේරුමක් ගෑවිලාවත් නැතුව එදා කථාකරපු දේවල් කොච්චර සුන්දරද?  ඇයි මට මෙච්චර දුෂ්ඨ වෙන්න සිද්ධවුනේ?  "අනේ plz කථාකරන්න ෆර්හාන්"  ලපටි ඇගිලි තුඩින් සවින්දි මගේ අත හයියෙන් කෙනිත්තුවා.ඉස්සරනම් එහෙම වෙලාවට පරිස්සමට කම්මුලක් ඉඹිනවා.මම මොනවත් නොදැනිච්ච ගානට අහක බලාගෙන හිටියා.  "ආයේ කවදාවත් මාව බලන්න එන්න එපා මගෙ සුදු අයියේ." මට තුරුලුවෙලා හිටි කෙල්ල නැගිටලා බංකුවේ එහා කොනින් වාඩිවුනා. හරියට අපි දෙන්න මුලින්ම මෙතනට ආපු දවසේ වගේ.මම අමාරුවෙන් සවින්දිගේ මුන දිහා බැලුවා.සුදු කම්මුල් රෝසපාට වෙලා,අහිංසක ඇස් රතුවෙලා.  ඉස්සර මං මේ උනුහුමට කොච්චර ආදරෙයිද? කොච්චර ...