Posts

Showing posts with the label කියාගන්න කවුරුත් නැති වෙලාවට

විර0ගි 004

Image
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න​ " ට්‍ර්න් ට්‍රීන්" ගෙදර බෙල් එක නාදවුනි... "පොඩී... පොඩී" මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත​. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද​.. මම මටම කියා ගැතිමි.. "වෙයිට් අ සෙකඩ්" ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි.. " මොනවද මනුස්සයො කර කර හිටියේ..." මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි... "සොරි පැටී" මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය​.. එය හුගාක් අහින්සකය​... පවිත්‍රය​... "එන්න ඇතුල ට​" වාඩිවෙන්න​... දකුනතින් කවිච්චිය පෙන්වීමි... "පොඩී.. පොඩී" "කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ??" "දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල​.." මම දක් මිටි කමින් පැවසීමි.. "මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ??" "තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න " "ඔයාගෙ කකුල රිදෙනවද ?? " "ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි." "තියාගන්න එහෙනම් .. කෝ...

මොනවා කියා කියන්නද??? කියවන ඔබ සමාව දේවිද??

අන්තර්ජාලයෙන් අහකට යන්න බැරුව හිටපු මට, බ්ලොග් එකෙන් ඈත්වෙන්න බැරුව හිටපු මට සිද්දවුනේ හතුරෙකුටවත් වෙන්න පතන දෙයක් නෙමෙයි...ලැප් එකෙ එන එන හැම ජනේලෙටම යෙස් දෙන මම මොකක්දෝ වින්නැහියක් වෙලා දැන් ජනෙල් 7න් මට අන්තර්ජාලයට එන්න දෙන්නෙ නැහැ.මේ එන්නෙත් නැන්දලගේ දිහා පරිගනකයෙන්.... මම දැන්නම් කොහොම හරි එනවා... ඔව් එනවාමයි.... මොකක්හරි ලියලාම යන්නම් එහෙනම්... "නිහඩයිද කෙතරම් සදපාන... නුබේ බැනුම් නැති රෑක... හිනාවෙන කනාමැදිරියනේ... උබත් තනිවෙච්ච දවසක....... කාත්කවුරුවත් නැති දවසක... නුබට දැනේවි ජීවිතේ කටුක බව......" ඉක්මනින්ම මම ආයෙත් එනවා...

සිහිනයක් අභියසදි ඇයි මේ තරම් වේදනා?????

Image
අවුරුදු ගානක් ඒ ලෙවෙල් පන්තියේ දුක් වින්ද මිලියනගානක් අතරින් සිහිනයය සැබෑකරගත්ත කිහිප දහසටත් මොකට සිහින සැබෑ වුනාද කියල හිතෙන කාලයක් මේ........ අනුන්ගේ අත්දැකීම් මොකටද අප්පා... මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්න හදන්නේ... ටිකක් ඇඩ් එකක් වේවි....ගනන් ගන්න එපා හොදෙයි.... පලවෙනි පාර ගනිත අංශයෙන් විබාගය ලියලා ගියා මම SLIIT එකට... ගිහින් සතියයි... රිසල්ට්ස් ආවා..... "SSF" හුටා.....මැත්ස් ෆේල්.... අම්මගෙන් ඇහුවා අම්මේ මොකද කරන්නේ?? අම්ම කියපි .... "වරෙන් පුතේ ගෙදර" මම ආවා....ආයෙත් ඒ ලෙවල්ස් කරන්න........ (ඒ ඇත්තෝ මම ගෙවපු ගානෙන් 90% ක් ආපහු ගෙව්ව එකට පින්....)  ඊට පස්සෙනෙ ආතල් වෙන්නේ.... "මොකද ලමයෝ වුනේ??" "පොඩි කාලෙ කොහොම හිටිය ලමයින්ද???" "වැටුනු යාලුවො හරි නෑ " "පන්ති ගියේ කා ගාවටද?" "කොහොම හරි මේ පාරවත් විබාගෙන් පාස් වෙන්න බලන්න" "මොන දේ කරන්නත් ඒ ලෙවෙල් තියෙන්න ඕන" ගෙදරට එන .. දකින හම්බවෙන..හැමෝම අහුවෙයි කිව්වෙයි විබාගෙ ගැනමනේ... සිංහයෙක් වුනත් ලෝම නැතුව දිවියෙක් වගේනේ කියන ඕන දෙයක් අහ...

!!කොන්ඩයට වුනු වින්නැහියක්!!!

Image
පොශ් කොල්ලෙක් වෙන්නට හිතාගෙන යසියා ඊයෙ උදයෙන් ගියාලු සැලෝන් එකකට.... ගිහින් ඇහුවම මොනරු තොගයක් ඉල්ලපි ... "හෙට එන්නාන් අයියා" කියාගෙන මම ආවා එන්න.. මගදි දන්න කියන බුවෙක් සෙට් වුනාලු නේ? "මචන් කොන්ඩේ ස්ට්‍රේට් කරන ක්‍රීම් එකක් දන්නවද" ඌ කියපි නමක්...මොනරබාගෙකින් ශේප් ගනනම්.. "අතන කඩේ තියෙනවා මගේ නම කියපන් අඩු කරලා දේවි" ගුටි කන්නත් හරි ගිහින් අල්ලුවා... ඌ මොකක්ද පෙට්ටියක් ගෙනත් දුන්නා.. ආහ් කියල මමත් ඕක අරගෙන ගෙදර ආවා... ඕන් කොල්ල ගෙදර දොරත් වහගෙන තුවායට බැස්සා.. (කැතවිදියට හිතන්නෙපා ඕයි) අර පෙට්ටියෙ තිබ්බ ටියුබ් එකකුයි තව මොකක්දෝ ක්‍රීම් පැකට් දෙකකුයි.. මුලින් කරන්න ඕන ටියුබ් එක ඔලුවේ උලලා ... මට ඕන විදියට කොන්ඩේ හදාගෙන හිටියා මිනිත්තු හතලිස් පහක්ම... ආන් කියන්න අමතක වුනා... ඒ විනාඩි පහේදි මම උනුවතුර බාල්දියක් හදාගත්තනේ... ඔන්න ඒකෙන් අර ටියුබ් එකෙන් ගාපු එව්වා හෝදලා, පිහිදාගත්තා,, ඊ ලගට අර ක්‍රීම් එකටත් ඔය වින්නැහියම කොලා.... "අඩේ එල එල" මම ඉතින් ඔය වීරක්‍රියාව සේරම කලේ කොන්ඩේ වගේද පන්සීය කියල බලාගෙන..  වැඩේ ගොඩ ...

!!යසියා නම් දාර්ශනිකයා මෙසේ පැවැසූ වගයි!!

Image
"ඔබ කවුරුන්දැයි දෙවියන් වහන්සේ තීරනය කර ඇතත් ලෝකයා නුබ කවුරුන්දැයි දැන ගන්නට නම් නුබ සතු දෙවියන් වහන්සේගේ දායාදය ලෝකයාට ප්‍රදර්ශනය කල යුතුය" පොඩි කාලෙ ඉදන් මට පුංචි පිස්සුවක් තිබුනා.. "මම හිතාගෙන හිටියෙ මම මනුශ්ය ස්වරූපයෙන් ඉන්න දෙවියෙක් කියලා" එහෙම හිතන්න හේතුවක් තිබුනා..මට පුන්චි කාලෙ ඉදන්ම පුරුද්දක් තිබුනා. මොකක් හරි පුංචි දෙයක් දැක්කම ඒදේ මගේ කරගෙන ඉන් ඉස්සරහට ඒදේ එක්ක සම්බන්ද කරලා හිතේ කතන්දර මවන එක.. "මනෝ ගහන එක කියන්නේ" ඒක සාමන්ය දෙයක් වුනාට මට ඒක ඕනවටත් වැඩිය තිබුනා.. නිදාගන්න ඉස්සෙල්ලා ඇස්දෙක පියාගෙන පොඩ්ඩක් මොකක්හරි පුංචි සිද්දියක් මතක් කලාම..ටිකවෙලාවකින් හීනෙන් වගේ මමත් දන්නේ නැතුව මහා දිග කතන්දරයක් මැවීගෙන යනවා...සමහර වෙලාවට පහුවෙනිදා උදේට නැගිටිනකන් එකම දිගට එකම කතාවක්... පොඩ්ඩක් හිතන්නකෝ ෆිල්ම් එකක බලන්න වගේ.. "මේ පුරුද්ද නිසා මම දුක් වෙච්ච වතාවල් අනන්තයි.." (වල් කමට හිතන්නෙපා හලෝ) ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හද...

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

Image
..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න.. මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා.. අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ.. නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා... "මොකෝ බන් උබට වෙලා තියෙන්නේ " කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි.. කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා    ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි.. මට ඕන කසිනයෙක් නෑ මම චැට් කරන්න ගියාම.. "සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ" පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා හිටපන් ඔහාටම වෙලා.. උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ.. සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්. මට අක්...

මගේ හීනය කවුද උස්සලා

Image
ඊයෙ පෙරේදා තිබුන කැම්පස් නොයෑමේ උන අඩුවෙමින් ඇත.නමුත්තවමත් කැම්පස් යාමට ප්‍රියක් නැත.advanced level results මෙතරම් හොදවෙතැයි සිහිනයකින් වත් නොසිතු මා B තුනක් ලැබුනායින් එදා සතුටු වුවද අද දුක් වෙමි. මන්ඳ එය මා මා දුටු සිහිනයෙන් ඈත් කරන නිසාවෙනි.. "නෑ නෑ මම campus යන්නෙම නෑ"

ආයුබෝවන් හැමෝටම..මම කාලෙකින් ආවෙ මේ පැත්තට.මම මේකට අලුත්. මම බ්ලොග් ගැන නම් වැඩිය දන්නෙ නෑ.. පුලුවන්ද කාටහරි කියලාදෙන්න?

Image
කොපි පොතක් අරගෙන කාඩ්බෝඩ් එකකින් කවරයක් හදලා හිතේ තියෙන දේවල් සේරම ඒකෙ ලිව්වත්,Blog කියන ජාතිය ගැන කියවලා දැකලා අහලා තිබුනා.. මම බයෙන් හිටියෙ මම නෝන්ඩි වේවි කියලා. ඒත් අද ඉදන් මම ලියන දේවල් සේරම මේකෙ ලියනවා. අනිත් අයගේ blog කියවනකොට පුදුම ආසාවක් හිතෙනවා. ආදරණීය කෝඩුකාරයටත් ඉස්සරහට එන්න අත දෙනව නේද යාලුවනේ?