ආව එවුන්

Tuesday, July 17, 2012

.. අසිහියෙන් ලියමි ..


<3 <3 <3 ..dear love.. <3 <3 <3

නුබට කෙසේ ද? මම නම් සුවෙන් සිටිමි. ඔහාට වහිනවාද ? සමාන්යෙන් එහෙම අසන නිසාවෙන් අසමි. මා මේ ලිපිය ලියන්නට හිටියේ මීට පෙරය. නමුත් it's better to be late than never ය. 
ඔබේ අතක රන් මුදුවක් පලදවන තුරු නුබේ අතකින් වත් අල්ලන්නට මට උවමනා නැත.නමුත් ඒ දිනය  සහ ඉන් පසු අපේ ජීවිත මා මෙලෙස සැලසුම් කලෙමි.(සැලසුම් කිරීම යනු මාගේ පුරුදු වලින් එකක් නොවන බව නුබ දන්නේ යැයි සිතමි.)
අවුරුදු විසි පහක් විසිහයක් වන විට මට බදින්නට ඕනෑ ය. නුබත් ඒ අදහසට කැමති යැයි සිතන්නෙමි.. අකැමති නම් කියන්න.. තව වසර කිහිපයක් බලාහිදීමේ හැකියාව මා තුල ඇත.නමුත් ඒ දිනය මට මැවි මැවී පෙනෙයි..
මංගල ශාලාව ලස්සනට සකසා තිබිය යුතු ය.නමුත් උඩරට සාරිය නුබට ගෙනෙන හැඩ පරදන්නට නම් එයට නොහැකි වනු ඇත.. නුබ නොදන්නවා වුනත් නුබගේ සිනහවත් සමග ඇස් වලින් අහින්සකත්වය ගලා බසි.ඒ අහින්සකත්වයට මම ප්‍රේම කලෙමි.. කරන්නෙමි..අපේ අම්මාගේ සහ මල්ලිගේ මුහුනු සතුටින් පිරෙනු ඇත.. නුබ තුල ඇති ගුන ඔවුන් දන්නෝ ය..තාත්තානම් හැගීම් ප්‍රකාශකිරීමට නොදනී.. සැර පරුශ පෙනුමක් තිබුනාට ඔහු තුල ඇත්තේ ගල් සිතක් නම් නොවේ..
උස කලු ජීප් රියකින් මා මංගල සබාවට පැමිනෙන්නෙමි.මල්ලී පදවාගෙන එනු ඇත..හෙට අනිද්දා ඔහු ලයිසන් ගනීවි..(එදින උදෑසන සිට අර විදියට සහ මේ විදියට චායාරූප වෙනුවෙන් විදිනා නවක වදය අපි off the record තබා ගනිමු) . මන්ද සිහිනයක් නම් සුන්දර විය යුතුම නිසාවෙනි..අපේ මංගල්යය රටම කතා කරනා අයුරින් වියයුතු ය.. කිසිවක් වැඩි වුවත් අඩුනම් නොවිය යුතු ය..මා ගැන කෙසේ වෙතත් නුබ සහ ශාලාවේ අනෙකුත් දේවල් ගැනනම් මිනිස්සු කතා කරාවි..weddings ගැන මට වඩා නුබ දනියි.. ඒ නිසා එදින සිදුවන සියල්ල මා නුබට පැවසිය යුතු නැත.. අවුරුදු දෙකකින් පමන මා නම් මංගල උත්සවයක් තිබුන දිහාවක ගියේ නැත..
සුභ මොහොතෙන් වතුර වීදුරුව බී හෝටලයෙන් පිටවන්නට සිදුවන්නේද ආ ජීප් රියෙන්ම ය..නමුත් හෝටලයෙන් එලියේදී කුඩා කාරයකට මාරු වෙමු..(මොකද කියනවානම් දිග ජීප් සහ තාප්ප මුලු අතර මාගේ සම්බන්දය අපේ සම්බන්දයටත් වඩා හුගාක් දුර දිව යන බැවිනි). drgree ය ඉවර වුනු ගමන් අම්මා මට පොඩි කාරයක් ගන්නට මුදල් දෙන බවට පොරොන්දු වූවා ය.. එය නොතිබුනොත් අපි නැන්දාගේ කාරය ඉල්ලාගෙන යමු..කමක් නෑ නේද??..
මිනිස්සු හනිමූන් යැයි කියා යන්නේ කොහේ හෝ තරු පහක හෝටලයක නැවතී දින කිහිපයක්  home coming දිනය තුරු කල්මැරීමයි.. අපිත් මිනිස්සු නේද..:D ඒ නිසා අපිත් එහෙම්මම කරමු..ඒත් මාසෙකට දෙකකට පස්සේ කොහේ හරි රටකට නිවිහැනහිල්ලේ ගිහිල්ලා එමු.. ඒ රටවල්වල හුලගත් සනීපයි.. ඔයා දෙවෙනි දවසට අදින්නේ සාරියක්ද ගවුමක්ද?..
බැන්දට පස්සේ අපි දෙන්න අපේ කොලබ ගෙදර පදිංචි වෙමු. අම්මයි තාත්තයි ගාල්ලේ ගෙදර නිසා අපිට කරදරයක් නෑ. අනික බැන්දට පස්සේ දෙමව්පියන්ගෙන් ඈත්වෙන්න කියල මතයක් තිබේ. නුබ සහ අපේ අම්මා අතරේ හුගක් ප්‍රශ්න ඇති විය හැකි ය.. මොකද දෙන්නාම එකම ගතිගුන වලට උරුමකම් කියන නිසාවෙනි... නුබ අපේ අම්මා වගේම ලස්සනය... ඒ වාගේ ම පන්ඩිතය... කිසිවෙකු කියන දෙයක් එකවර නොඅසයි..කාර් එකකට අමතරව මට 250 cc බයික් එකකුත් ගන්න ඕන..දන්නවා ඔයා බයික් වලට වෛර කරනවා කියලා ඒත් අපි දෙන්නා හෙමින් නේ යන්නේ..කොලබ ලොකු වාහන එලවද්දී ඔලුව රිදෙනවා අප්පා, අපි පොඩ් කාර් එකක් තියාගනිමු.. party එකක් wedding එකක් වෙලාවට අපේ තාත්තගේ ජීප් එක ඉල්ලගෙන යමු.. 
සතියකට ඇරයක්වත් කොහේ හරි නිස්කලන්ක තැනකට ගිහිල්ලා dinner අරන් එමු..මාසෙකට සැරයක් කොහේ හරි ඇවිදින්න යමු දුරකට.. ඔයා දන්නවානේ මම හරි ආසයි ඇවිදින්න..මට හරි ආසයි ඔයත් එක්ක බයික් එකේ කතරගම යන්න.. ඒක පස්සට දාමු අපි කොහොමත් මාස තුනකට සැරයක් කතරගම යනවානේ... වැස්සොත් ඔයාව තෙමෙනවා... යනවානම් පායන කාලෙක බයික් එකේ යමු..
අවුරුදු තිහේදි විතර අපි පුංචි එකෙක් හදමු..එතකන් අපි දෙන්නත් පුංචි උන් දෙන්නෙක් වගේ ඉදිමු.."තාම ලමයි නැත්ද ??"  "දැන් බැදලා කොයිකාලෙද??" ම්නිස්සු එක එක ඒවා අහවි.. ගනන් ගන්නෙ නැතුව ඉමු .. මිනිස්සුන්ට පිස්සුනේ..ඕන නැති දෙයක් නැහැ..ඔයා ඕවා ගනන් ගන්න එපා..
හිගාක් දේවල් ලිව්වට වඩා ලියවුනා.. අවුරුදු තුනකට කලින් මම මෙතනට වෙනකන් මේ ලියුම ලියලා තිබුනෙ..කොහෙද තැපැල් දෙපාර්තමේන්තුවක් තිබුනාට තැපැල් කරන්න මම ඔයාගේ අලුත් ඇඩ්‍රස් එක දන්න එකක්යැ..වැඩකරන තැනට එවලා ඔයාගේ රස්සාව නැතිවුනොත්. එයා හුගාක් හොද කෙනෙක්ද?.. පරිස්සමෙන් ඉන්න.. පුලුවන්නම් wedding card එකක් එවන්න..මම එහෙනම් නවතිනවා..දැන් ඔයාලගෙ අම්මගේ කොන්දේ අමාරුව කොහොමද?

බුදු සරනයි
මීට:
මම...

Monday, July 16, 2012

සොදුරු සැදෑව


"මොනවද කන්නේ?"
"ඔයාට මොනවද ඕන?"
"මටනම් ඕනම දෙයක්.. ඔයාගෙ චොයිස් එක.. සෙලෙක්ට් කරන්නකෝ"
"ඔයාගෙ අතේ කීයක් තියෙද සුරංග?"
"පිස්සි.. ඕන දෙයක් ඕඩර් කරන්න .. අද මගෙ අතේ සල්ලි තියෙනවා"
"ඔව් ඔව්. ඔයා ජොබ් එකක් කරනවනේ.. අම්මලගෙ සල්ලි නික බොරුවට නාස්ති කරන්න එපා සුරංග.. අනික මට අද ගෙදර උයලා.. අනේ අපි දෙන්නා පොඩි දෙයක් කමු."
"මල්ලි එග් ෆ්‍රයිඩ් රයිස් එකයි .. වෙගිටබල් චොක්සි එකයි ගේන්න.."
"ඇයි අද ඔයා චිකන් කන්නේ නැත්ද?"
"නෑ.. ඔය කන්නෙත් නැහැනේ.. ඒකයි"
"ඔයා කන්නේ මගේ කටින්යැ. කමක් නෑ ඔයා ඕඩර් කරන්න.."
"නෑ.. මම අද එජිටේරියන්"

ආඩම්බර මුහුන සිනහවෙන් බරවුනි. තවමත් නෙත් යුව මා නෙතු එල්ලයේය.. ලා නිල් සහ කලු දෙවර්ණයෙන් පැහැගත් බ්ලවුස් එක සහ නිල් ඩෙනිම ඇයට මැනවින් මැච් වීය.

" මොනවද බොන්නේ? කෝක්.. සෙවනප්.."
"කෝක් එකක්.. .. ඒකෙත් භාගයක් ඔයාටයි බොන්න වෙන්නේ.."
" ශ්.. ශ්.. මල්ලී..."
"ඔව් සර්.."
"කෝක් බඩි දෙකකුත්."

රාත්‍රී ආහාරයට වේලාවක් නොවූවත් කලුවරනම් යාන්තමින් වැටී තිබුනි.. තරු නොතිබුනද රෙස්ටුරන්ට් එක තුල පිරිසිදු කමක් සහ නිස්කලන්ක බවක් වී ය.. අහස අද ලස්සනය . නමුත් සද නම් දකිනට නැත.. නමුත් තරු මල් ගොන්න ආකාසයේ ලස්සන සිතුවමක් මැව්වේ ය...

" ඉතින් මොකද වුනේ අද.. ?"
"විශේශයක් නැහැ සුරංග.. මට දැන් මේ රස්සාව එපා වෙල තියෙන්නේ.. පාඩම් කරන්නයි ජොබ් එකක් කරන්නයි දෙකක් කරන්න බැහැ.. හරි මහන්සී අදනම්.. ඔයාට බෑ කියන්න බැරි නිසයි ආවේ.."
"සර්.. කෝක් "
"තැන්ක් යූ"
දෑතින්ම සිසිල් බීම බෝතලය දෑතින්ම අල්ලාගත් ඈ බීම බටය මුව තුලට ඔබාගෙන උගුරක් සෙමින් ඇද ගත්තා ය.
" අද සාරියට ලස්සනයි.. "
"ඇයි ඊයෙ ලස්සන නැත්ද?"
"නෑ.. ඊයෙට වඩා අද ලස්සනයි"
"මේ මම වැඩක් අහන්නද?"
"එකට දාහක් අහන්න.. මොකක්ද?"
"නෑ.. නෑ.. එක්කෝ ඕන නෑ..ඔයාගෙ දවස කොහොමද?"
"නෑ.. කියන්නකෝ මොකක්ද කියන්න ගියේ කියල.. ඔය වෙලාවට තමයි මට තරහ යන්නේ.. කියන්න ගිහිල්ලා නවත්තනවා.. එක්කෝ නොකියා ඉන්න ඕන"
"ඕන නැති නිසානේ ඕන නෑ කිව්වේ.. "
"එහෙනම් පස්සේ කියනවද?"
"බලමු"
"මම දෙයක් අහන්නද?"
"හ්ම්"
"මම හෙට මැරුනොත් මොකද කරන්නේ?"
"ඉස්සෙල්ලා එම්බාම් කරනවා.. ඔයාලගෙ ගෙදර ගෙනිහිල්ලා ඊට පස්සේ වලදානවා.."
"මාර විහිලුව ඒක..මම ඇත්තටම ඇහුවේ.."
"මෙච්චර පිස්සෙක් වගේ පස්සෙන් ඇවිත් මාව යාලු කරගත්තේ හෙට මැරිලා මාව තනි කරන්නද?"
ඇගේ ඇස් සහ ජපානයේ කාලගුනය අතර පැවැතුනේ කුඩා වෙනසකි.. ඕනම වේලාවක කලුකර වසින්න හැකි ය.. මම සුපුරුදු පරාජය පිලිගතිමි.
"I'm sorry"
"ආයෙත් කියන්න එපා ඔහොම ඒවා."

සැදෑ ආහාරය සාමාන්ය පරිදි අවසාන වී ය..

**********************************************************************************

"කොතනින්ද බස් එකට නගින්න ඕන"
"අනේ සුරංග මාව විලියම්ස් එක ගාවින් දාන්නකෝ"
"නැගලා පරිස්සමෙන් අල්ලගන්නකෝ"
"අනේ හෙමින් යන්න .."
"හයියෙන් අල්ලගන්නකෝ. මාව විස්වාස නැත්ද?"
*********************************************************************************

" යතුරු පැදියක ගමන් ගත් තරුනයෙක් අද සවස පානදුර සන්දියේදී ලොරි රතයක ගැටී ජීවිතක්ශයට පත්වි ය.."

රූපවාහිනියේ අටේ පුවත් වල හඩ නිවස පුරා ගලාගියේ ය..කෙතරම් උත්සාහ කලත් සුරංග ගේ ජංගම දුරකතනය විසන්දි හඩක් ලබා දෙන්නට වී ය...

********************************************************************************

ලිව්වේ යසියා 

Thursday, July 5, 2012

.. සුරන්ගනාවක් හීනෙන් ඇවිත් ..

"සංසාරේ පුරාවට ආදරේ පතාගෙන ආපුවාම කොහොමවත්ම එයාලව වෙන්කරන්න බැරිලු අසංක"
"ඇත්තට.. කවුද ඕවා දැන් ඔයාට කිව්වේ?"
"මම බ්ලොග් එකක කියෙව්වා"
"ඔයාට පොඩ්ඩක් පිස්සු කියල දැනගෙන හිටියා..ඔයා මෙච්චර බොලදයි කියලා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ දිනූ"
"එන්න එපා මට බොලදයි කියන්න හරිද?"
"එහෙම නොකියන්න එක හොද හේතුවක් දෙන්න.."
" හේතුවක්ද? හ්ම්... පොඩ්ඩක් ඉන්න.."
" මොනවද හිතන්නේ.. දැන් පන්ඩිතයා වගේ කිව්වේ මම බොලද නෑ කියලා.."
" මම බොරු පොරොන්දු දෙන්නේ නැති එක.."
"මොන වගේ පොරොන්දුද??"
"ඔයාට ගොඩක් දුක හිතෙයි ඒත් අහගෙන ඉන්න... හුගාක් කලක් ගියා මට ඔයාට මේ ටික කියන්න තරම් දහිරියක් හිතට ගන්න.."

මගේ මුලු ඇගම හීතල වෙලා තවම..නෑ ඇගට කිසිම දහිරියක්.. උත්සාහ කලත් බැරිවුනා ඇග හොලවන්න... ඇහිබෝල දෙක විතරක් එහෙ මෙහේ දුවනවා...හිරිගඩු පිපිලා...ඒත් සිද්ද වෙන්නේ කුමක්ද මේ ... හිත වේගෙන් එහා මෙහා දුවන්න පටන්ගත්තා...

"ඇයි හැමදාම ඇස් පියාගත්තාම මගේ නම කියලා කෑ ගහන්නේ?"

ලස්සන සුදු ගවුමක් ඇදගත්ත ඈ මගේ කකුල් දෙක ලගින් ඈදිගත්තා..හතරවටේ කරකැවෙන ෆෑන් එකට ඇගේ වරල සෙලවුනේ නෑ.. ඇයි මේ ලස්සන කෙස් මේ තරම් කීකරු?..

"මම ආසයි දිනූ ඔයත් එක්ක කතාකර කර ඉන්න.."

"ඔයා මේ කරන දෙයින් අන්තිමට වෙන්නේ ඔයා අකාලේ මැරිලා යන එක විතරයි අසංක. අතාත්වික මම ඔයාගේ යටිහිතේ ඇදපු චිත්‍රයක් විතරයි..ඔයා ටිකෙන් ටික වයසට යාවි.. ඒත් ඒකට මම හැමදාම මේ විදියට ඉදීවි.. හිම වැටෙන කාලෙට හීතල වැටේවි.ඒවෙලාවට මට ඔයාව තුරුලුකරගන්න බැරි වේවි.."

ඇහිපිය නොගැහෙන ඒ නිල්පාට ඇස් ගල්ගැහුන මගේ මූන දිහා බලාගෙන හිටියා..මොකක්ද මේ වෙන්න යන්නේ..

"ඉක්මනට හොද කෙල්ලෙක් බලලා යාලුවෙන්න. ජීවිතේ තව හුගාක් දුරයන්න තියෙනවා.. මොන පාරෙන්ද යන්න ඕන කියන එක තීරනය කරගන්න."

"එතකොට ඔයා? ඔයා මම ගාව ඉන්නවද?"

"නෑ.. මම ආයෙත් එන්නේ නෑ..කොච්චර කෑ ගැහුවත් ඔයා , මේ ඔයා මාව දකින අන්තිම දවස වේවි,.. අහසේ පාවෙන්න ඕනම නම් .. ඔය ජීවත් වෙන විදියට ජීවත් වෙන්න.. හැමදාම අහසේ පාවෙන්න පුලුවන්..මුකුත් උරන්න ඕන වෙන්නේ නෑ..මතක තියාගන්න දවසක ඔයාට හීන ලෝකයයි ඇත්ත ලෝකයයි දෙක හොයාගන්න බැරුව අතරමන් වේවි...."


"මට ඕන නෑ මේ ජීවිතය.. මා ඕන වීරයෙක් වගේ මැරෙන්න.. මට ඕන වටිනා මරනයක්"

"යන්න ඉස්සෙල්ල මම එක දෙයක් කියන්නම්. කවුරුවත් කොච්චර හීන මැවුවා කියලා වත්, කොච්චර කැපවීම් කලත් බලාපොරොත්තුවෙන කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.. ඒකට ලැබීම තියෙන්නත් ඕණ"


"මට දැන් ඔයා වගේ මනුස්සයෙක් එක්ක මේ බොරුවට රගපාලා ඇතිවෙලා. ඔයා මාව මවපු එක ඇත්ත අසංක ඒත්...තවදුරටත් ඔයා මාව පාලනය කරන්න දෙන එකෙන් වෙන්නේ ඔයාට පිස්සු හැදෙන එක විතරයි.."

"ඒත් අපි දෙන්න කොච්චර දේවල් මැවුවද?? කොච්චර නවකතා කොච්චර පරිච්චේද අපිදෙන්න එකතුවෙලා මැවුවද?"

"හැමදේකටම සීමාවක් තියෙනවා.. ඉස්සරහට නොයෑමයි එකතැන ඉදීමයි අතරේ ප්‍රායෝගිකව වෙනසක් නෑ..මම යනවා පරිස්සමට ඉන්න.. මම ආයෙත් දකින එකක් නැහැ.. එත් ඔයාට දවසක මේ ඔයාගේ ඇගිලි තුඩුවලින් ටයිප් කරපු විදියේ කෙනෙක් අහම්බෙන් මුනගැහෙනවා.. එදාට මේ මනංකල්පිත සියල්ල යතාර්තයක් වෙනවා... "

ඇය මගේ පපුව ආසන්නයේ යහනේ වාඩිවෙලා, ආදරෙන් මගේ නලල සිම්බා..ඒත් එක්කම දෙයක් කිව්වා.. මගේ ඇස් දෙකම පියවෙලා ගියා... කාමරේ කරකැවෙන්න වගේ ගත්තා...


"අපේ ජීවිතවලින් එක දෙයක් ඈත් වෙද්දී තවත් දහසක් බලාපොරොත්තු ජීවිතේට එනවා..ඒ හීන සැබෑ කරගෙන ඒ යතාර්තයට ආදරේ කරන්න.."


ලිව්වේ යසියා

Sunday, July 1, 2012

දවසක ආදරයේ හිරවෙනවාලු

"කොට්ටෝරුවත් කෙහෙල් කොටේට ඇන්න දවසට හොට පටලගන්නාවාලු"

ඕක අපි පුංචි කාලේ අපෙ ආච්චි සීයලාගෙන් අහපු පරණ කතාවක්.. නමුත් ඒකාලෙදි නම් ඔය කියන්නේ මම ගැන කියලා හය හතර නොතේරුන මට නම් හාන්කවිසියක අදහසක් තිබුනේ නෑ. කොටනවා කියලා කොලුකමට කියන කෙටීම නොකලත් , මම ඔය කෙටීම කියන එක මෙන්න මෙහෙම අර්තකතනය කරනවා. නව යොවුන් වියේ පසුවෙන තරුණ්යෙක්, පාරෙදි දකින ගැටිස්සියක් එක්ක පෙමින් බැදෙන එක එහෙමත්ම නැත්නම් ඇතිවෙන ආකර්ශණය කියනේ මනුශ්ය ලෝකෙට පොදු සාමන්ය දෙයක්.. ඔය වයසෙදී girl friend කෙනෙක් ඕනය කියලා හැගෙන්නේ තමන් දන්න කියන අයියා කෙනෙක්ට හරි , තමන්ගෙ යාලුවෙක්ට හරි ගෑණුලමයෙක් ඉන්න නිසා මිසක් තමන්ගේ පරපුර පවත්වා ගැනීම සදහා ශක්තිමත් සහකාරියක් හොයාගන්න ඕන කියන කාරණය නිසා නෙමෙයි.. එක කෙල්ලෙක් බෑ කිව්වම තවත් කෙල්ලෙක් ගෙන් කැමතිද අහපු කාලයක් ඉස්කෝලේ ගියපු නැති නැම ගැටයෙක්ගෙම අතීතයෙ තියෙනවා..ඔන්න ඔහොම දකින දකින කෙල්ලගෙන් කැමතිද අහන එකයි මම කොටනව කියපු එකෙන් දැක්කේ..

හැමගෑනු ලමයෙක්ගෙම ඔලුවෙ තියෙනවා හීනයක්. මොකක්ද මේ.. රන්සලු , රන් මාල ඇදලා දෝලාවකින් ගුන යහපත් කුමාරයෙක් එක්ක දීග යන එක..නමුත් ඔය හීනෙම ඕකේ අනිත් පැත්තට පිරිමි ලමයෙකුත් දකිනවා. ඒ ලස්සන කුල කුමරියක් එක්ක විවාහ වෙනවා කියන එක. ඉස්කෝලේ ඉවර වෙන කාලේ එනකොට බහුතරයක් කොල්ලන්ගේ හිත්වල අනාගතය ගැන උර හිස උඩ පැන නගින ප්‍රශ්න අතරින් විවාහය කියන දෙයත් දෙන්නේ පුදුමාකාර වදයක්. ජීව විද්යාව නොදන්නවා උනත් මම හිතෙන ආකාරයට ඕකට හෝමෝන වලත් බලපෑමක් තියෙන්න පුලුවන්..දැන් කොල්ලා කෙල්ලෙක් හොයන්නේ බදින්නම බලාගෙන...

අපේ ජීවිතවලට අහම්බෙන් හම්බවෙන, ඊට පස්සේ දුම් ගහලවත් එලවගන්න බැරි සමහර මතකයන් අයිති උදවියට , අවුරුදු දහනමයක් විස්සක් වෙන කොල්ලෙක්ගේ අනාගතයම වෙනස් කරන්න පුලුවන්..  ඒක හොද නරක කියන දෙපැත්තටම යන්න ඉඩ තියෙනවා..හැබයි එහෙම කොහේවත් ඉන්න කෙල්ලෙක් ඇවිලා මුලුජීවිතයම හොද මාවතකට තල්ලු කරලා ආයෙමත් හුලගේ අතුරුදහන් වෙලා ගියපුවාම මොකක්දෝ හිස්තැනක් හිතක ඉතුරුවෙනවා..ඒ හිස්තැන පුරවන්න වරින් වර ආදේශකයන් භාවිතාකරන්න 
අපි පුරුඩු වෙලා තියෙනවා.. ඒත් ආදේශකටක් හම්බ වෙනවද?? නෑ සිද්ද වෙන එකම දෙය තමයි අර තියෙන හිස්කම වැඩිවෙන එක.. Hollywood Bollywood ෆිල්ම්ස් වලවගේ ඔය යන උදවිය ආයෙත් එන එක නම් විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඒ අය වෙනත් ආදේශකත් එක්ක ජීවිතේ අරගෙනයනවා... සතුටක් එක්ක හෝ නැතුව..

අපේ හිත කියන්නේ පුදුමාකර දෙයක්.. ඒ හිතේ කවුරු හරි ඉන්නවද නැත්ද කියලා අපිවත් දන්නේ නෑ.ඒත් ජීවිතේ සමහර පරශ්න වලට උත්තරත් නෑ...
කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කල පලියට ඒ කෙල්ල ආපස්සට ආදරය කරන්න ඕනත් නෑ. 

ඒත්...

අනේ අපේ ජීවිත කතාවක් හින්දි ෆිල්ම් එකක තිර රචනයක් වුනානම්



ලිව්වේ යසියා