Posts

Showing posts from July 16, 2012

සොදුරු සැදෑව

Image
"මොනවද කන්නේ?" "ඔයාට මොනවද ඕන?" "මටනම් ඕනම දෙයක්.. ඔයාගෙ චොයිස් එක.. සෙලෙක්ට් කරන්නකෝ" "ඔයාගෙ අතේ කීයක් තියෙද සුරංග?" "පිස්සි.. ඕන දෙයක් ඕඩර් කරන්න .. අද මගෙ අතේ සල්ලි තියෙනවා" "ඔව් ඔව්. ඔයා ජොබ් එකක් කරනවනේ.. අම්මලගෙ සල්ලි නික බොරුවට නාස්ති කරන්න එපා සුරංග.. අනික මට අද ගෙදර උයලා.. අනේ අපි දෙන්නා පොඩි දෙයක් කමු." "මල්ලි එග් ෆ්‍රයිඩ් රයිස් එකයි .. වෙගිටබල් චොක්සි එකයි ගේන්න.." "ඇයි අද ඔයා චිකන් කන්නේ නැත්ද?" "නෑ.. ඔය කන්නෙත් නැහැනේ.. ඒකයි" "ඔයා කන්නේ මගේ කටින්යැ. කමක් නෑ ඔයා ඕඩර් කරන්න.." "නෑ.. මම අද එජිටේරියන්" ආඩම්බර මුහුන සිනහවෙන් බරවුනි. තවමත් නෙත් යුව මා නෙතු එල්ලයේය.. ලා නිල් සහ කලු දෙවර්ණයෙන් පැහැගත් බ්ලවුස් එක සහ නිල් ඩෙනිම ඇයට මැනවින් මැච් වීය. " මොනවද බොන්නේ? කෝක්.. සෙවනප්.." "කෝක් එකක්.. .. ඒකෙත් භාගයක් ඔයාටයි බොන්න වෙන්නේ.." " ශ්.. ශ්.. මල්ලී..." "ඔව් සර්.." "කෝක් බඩි දෙකකුත්." රාත්‍රී ආහාරයට වේල