Posts

Showing posts with the label හිත කියන දේ

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

යමින් ගමන් සටහන්

Image
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්‍රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා. ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු  මිනිස්සු එකතු කරනවා. මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක. යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න...

විර0ගි 004

Image
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න​ " ට්‍ර්න් ට්‍රීන්" ගෙදර බෙල් එක නාදවුනි... "පොඩී... පොඩී" මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත​. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද​.. මම මටම කියා ගැතිමි.. "වෙයිට් අ සෙකඩ්" ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි.. " මොනවද මනුස්සයො කර කර හිටියේ..." මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි... "සොරි පැටී" මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය​.. එය හුගාක් අහින්සකය​... පවිත්‍රය​... "එන්න ඇතුල ට​" වාඩිවෙන්න​... දකුනතින් කවිච්චිය පෙන්වීමි... "පොඩී.. පොඩී" "කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ??" "දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල​.." මම දක් මිටි කමින් පැවසීමි.. "මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ??" "තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න " "ඔයාගෙ කකුල රිදෙනවද ?? " "ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි." "තියාගන්න එහෙනම් .. කෝ...

විරංගි 003

Image
"සදරූ... සදරූ..." විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි... " ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී " " කකුල රිදෙනවද රත්තරං... " "නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ.." "ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්" "එපා" මා ඇගේ අතින් අල්ලාගතිමි... "මෙතනින් වාඩිවෙන්න පැටී" ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි.... " මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී" " කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...." කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය... " මේ මොනවටද... පිස්සි?" " නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න..." "මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ..." "මැට්ටෝ... කවුරුහරි ආවොත්... " " දොර වහලා එන්නකෝ" ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිස...

කවුද මේ ලෝකෙ මම දැකපු ලස්සනම කෙල්ල???

Image
 මේ ලෝකෙන්ම ලස්සන කෙල්ල කවුද? "ට්‍රිශා ක්‍රිශ්නන්" ඇයි එහෙම කිව්වෙ?.. ආහ්.. එයා මගේ ආසම නිලිය නිසානේ... එයා නෙමෙයි මගේ ඇස් දෙකට ලස්සනම කෙල්ල... එහෙනම් කවුද? "ආහ් එයා නෙමෙයිද?" "නෑ" "එයා නෙමෙයිද?" "නෑ" "එයා නෙමෙයිද?" "නෑ" " එහෙනම් කවුද?" " :D" " එහෙනම් මේ පින්තූරෙ ඉන්න Kristen Stewart ද?" "අනේ නෑ.. එයා නෙමෙයි" "එහෙනම් එයා මොනවගේ කෙනෙක්ද?" "ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තියෙන කොට මහත නාහයක් තියෙන.. යන්තමට තඹ ටිකක් දිග කෙස් තියෙන.. අහින්සකම අහින්සක යුවැතියක්" " අපෝ ඔච්චරම අහින්සකද?" "අනේ නෑ.. වෙලාවකට නපුරුයි" "එහෙනම් අර කිව්වේ අහින්සකායි කියලා" "ආහ් ඒ... ලෝකෙටම හොරා අමාරුවෙන් දුක හිතුනම ඒක හංගගෙන..තනියම පැත්තකට වෙලා..මූන කදුලෙන් පුරෝගෙන අඩන හින්දා.." "ආ ඒන් මේන් මට කියන්නත් අමතක වුනා... මම එයාට සින්දුවකුත් ලිව්වා...." කියන්නකෝ බලන්න" "දන්නවනේ මට සින්දු කියන්න බැහැයි කි...

සද නුබට ඇහෙනවාද??

Image
කාමරයේ කවුලුවෙන් එබිලා අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට මටත් නොදැනිම මගේ ඇස් දෙක රෑ අහසේ තනියම ඉන්න සද දිහාවට ඇදිලා යනවා.. වෙලාවකට නපුරුම නපුරු වලාකුලක් ඇවිල්ලා  මගේ ඇස්වලින් ඔයාව වෙන් කරනවා...... ඒත් ටික වෙලාවකින් ඔයා මගේ ඇස් ඉස්සරහට ආයෙමත් එනවා.... ඔව්.. හරියට මායාවක් වගෙයි... මම විතරද ඔයාට ආදරේ කරන්නෙ....?? මේ ලෝකෙ ඉන්න ගොඩක් දෙනා ඔයා ගැන වර්ණනා කරනවා..එච්චරම ලස්සන දේකට ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි නේද??? වෙලාවකට හීනයක් වගේ ලස්සනයි....තව වෙලාවකට ලස්සනයි.... හැන්දෑවට අහසට එනකන් කවුලුව ගාවට වෙලා මම බලාගෙන ඉන්නවා... ඒත් ඔයා නොයෙන අමාවක දවසට .. මගේ හිතට හුගාක් දුක් හිතෙනව..... අනිත් දවස් වලට මට පාලු කාමරයේ නින්ද යනකන් මගේ පාලුව නැතිකරන්න ඈත ඉදන් ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා....මගේ ලගට එන්න බැරිවුනත් ඔයාගෙ හද එලිය මගේ දිහාට එවනවා... ඒත්... උදේට මම නැගිටිනකොට ඇයි ඔයාව මට පෙන්නෙ නැත්තේ?... ඒ වෙලාවට කොහෙද හැන්ගෙන්නේ....?? ආදරිණීය සද..ඇයි හැමදාම මාව බලන්න න්ඓන්නේ......????

නමක් දෙන්නට නොහැකි බැදීමක් ගැන..

Image
හිත කියන්නෙ පුදුමාකාර දෙයක් නේද.. එක එක කාලෙට් එක එක මායාවලින් අපිව නොමග යවල ටික දවසකට පස්සෙ ආයෙමත් අපිව හරි මගට ගන්නවා...ඒ හිත කියන දේ අස්සෙම මොකක්දෝ තැනක මතකයන් ගබඩා කරලා තියාගෙන වෙලාවකට සංතෝසයකුත් වෙලාවකට වේදනාවකුත් ගෙනත් දෙනවා... ගැහැනියක් සහ පිරිමියෙක් අතර තියෙන්න පුලුවන් මොනවාගේ බැදීමක්ද? * යාලුකමක්? *සහෝදරකමක්? *ප්‍රේමයක්..??? ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ හැටි අනුව වෙනස් වෙනවා... කවමදාකවත් අපිට මෙච්චර ලන්වේවි කියල නොහිතපු අය පොඩි දිනගානකදි හිතේ ස්තිර පදින්චිය අරගෙන ඈත්වෙලා ගියාම පුදුමාකාර දුකක් ඇතිවෙනවා...ඒත් ඒ අන්තර් සම්බන්දතාවය මොකක්ද කියල නමක් දෙන්න නොහැකි වුනාම...අපි කොච්චරක් නම් අතරමන් වෙනවද??? පිරිමියෙක් එක ගැහැනියකගෙ තුරුලෙ තියෙන උනුහුමට ආසා කලාම.. රූපයක් දකින්න ලෝබ වුනාම... මත්ද්‍රවයක් වගේ අපේ ස්නායු පද්දතිය ඒව හොයාගෙන යන්න අපිව අසරන කරනව..සමහර වෙලාවට නොයෙකුත් හේතුන් හින්දා ඒ හැගීම හිත ඇතුලෙම හංගාගත්තට ඒ උත්තේජනයන් සිහිනවලින් අපිම ලබාගන්නවා. . නුපුරුදු මිනිස්සු මිතුරන් කරන්නත්...දන්න හදුනන උදවියව ආගන්තුකයන් කරන්නත් හිතක ඇතිවෙන හැගීමක් ප්‍රමානවත්. ඇස්දෙක දිහා බලාගෙන...