ආව එවුන්

Wednesday, June 17, 2015

විරංගි කෙටි කථාව ( එකම තැනකින් කියවන්න)

විර0ගි අවසානය

ට්‍රීන් ට්‍රීන්
,
හෙලෝ...

ආහ් මේහ්.. මම මේ ටවුමෙන් බස් එකට නැග්ගා.. ඔයා කොහෙද ඉන්නෙ


මම.... නෑ අපි තාම මග.... ඔයා එතන ඉන්නකොට මම එතන...

හා හා එනව හෙමින්... ඉගිල්ලෙන්නෙ නැතුව...

හා හා... එන්නම් හෙමින්... හැබැයි බොරුවට බනින්න එපා පරක්කු වුනා කියලා.. හොදද මැඩමි..


එනවා පිස්සා ඉක්මනට...

ඕකේ බායි...

මා තවමත් නිහාල් අයියාගේ කඩය අසලය... දුම් වැටියේ භාගයක් ඉතුරු ය.. නමුත් ..කරන්නට දෙයක් නැත. දැන්නම් යන්නට සිද්ධවෙනවා මය.... මම ඉතිරි කොටස පසෙක කානුවට විසික්කර ස්කූටරය පනගන්වා ගතෙමි...


**************************



මා කේඑෆ්සී එක ලගය.. නමුත් තවමත් ඇය එන පාටක් නැති ය.. මගේ හිතට පුන්චි ආනන්දයක් ඇදුනි.. ඒ අද බැනුම් අහන්නට ඕනා නැති නිසාය..
 ඈතින් බස් රියක් ඇවිත් නතරවී ය...

සුදු පැහැති සරසවියේ ටී ශර්ටය ඇයට වඩා නම් සුදු නැත.... එය හැදි නිල් ඩෙනිමට ද මැච් වෙයි... පිටු පසට බැදි කොන්ඩය මා වඩාත් පෙම් කරනා ඇගේ අහින්සක පෙනුම ඔපනන්වයි...

ට්‍රීන් ට්‍රීන්

හෙලෝ ... ඔයා කොහෙද... මම එහා පැත්තේ හෝල්ට් එකෙ..


මම පාරෙ අනිත් පැත්තෙ... පොඩ්ඩක් දකුනට හැරෙන්න...


හා හා දැක්කා දැක්කා... ඉන්න පොඩ්ඩක්... මාන්.


විර0ගී....


ඩෝන්..


වේගයෙන් විද ආ කලු පැහැති කැබ් රථය දෙපස් නොබලා පාර පනිනා ඇය උඩින් ගියේ ය.. මා ගල් ගැසී බලා සිටියෙමි...


******************************************************************




ඈ අද හුගාක් සුන්දරය... නමුත් නිහඩ ය... ඇගේ සුපුරුදු සිනහවද පෙනෙන්නට නැත.. ඇය ගල් ගැසී ඇත.. ගොලු ය.. ඇගේ මව  කදුලු පෙරා හඩන්නී ය.. වෙනදාක නම් ඇය එලෙස මවට හඩන්නට දෙන්නේ නැත..





Sunday, February 8, 2015

මන් මුලා වූ සැඩකි

"විදගන්න දෙනු මැනවි

සිනහවක් තුල සැගවි

පියබන්න මට අහිමි

වැජබෙන්න පින් පුරමි

පැන දුවපු මඩ කඩිති

කොහිබකද යැයි සොයති

මන් මුලා වූ සැඩකි

යලි යමුද සුදු පරෙවි#